සෙනරත් පරණවිතාන

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සෙනරත් පරණවිතාන

    20 වැනි සියවසේ ලාංකේය අධ්‍යාපනය හා සෙනරත් පරණවිතාන
    එම්. පී. ඒකනායක
    ඇතාබැඳිවැව, ත්‍රිකුණාමලය

    paranavithana.jpg
    ඉතිහාසය යනු කුමක්‌ද? යන්න සම්බන්ධයෙන් නූතනයේ දක්‌නට ලැබෙනුයේ අදහස්‌ සමූහයකි. නොයෙකුත් වූ ප`ඩුවන් විසින් තමා පිළිගන්නා දේශපාලනික, සමාජ, සංස්‌කෘතික හා ආර්ථීක දර්ශනයන්ට අනුව එය විවරණය කරති. අටුවා සපයති. එහෙයින් ඉතිහාසය යන්නෙන් හඳුන්වනුයේ සත්‍යය ලෙසම කුමක්‌ද යන්න පිළිබඳ නිවැරදි නිශ්චිත අරුතක්‌ එකහෙළා වැහැරීම ඉතා අසීරුය. නමුත් මේ සම්බන්ධයෙන් නොයෙක්‌ පර්යේෂණයන්හි නියුතු වූවන්ගේ උපන්‍යාසයන් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් හා අධ්‍යයනයෙන් ඒ පිළිබඳව යම් අදහසක්‌ ගොඩන`ගාගත හැකිය.

    උක්‌ත පර්යේෂකයන්ගේ විචාරයන් පරීක්‌ෂා කාරීව අධ්‍යයනයේදී දක්‌නට ලැබෙන පොදු තත්ත්වයක්‌ වනුයේ යම් පුද්ගල මූලිකත්වයකින් යුතුව ලියෑවෙන ඉතිහාසය එකහෙළා පිළිගැනීමට පෙරාතුව අදාළ රචකයා හෙවත් ඉතිහාසඥයා අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වන බවයි. ලොව ඉපැදෙන ඕනෑම සත්ත්වයෙකු සතු ජීවන දර්ශනය සැකසෙනුයේ හෙතම ජීවත්වෙන සමාජ වටපිටාවෙනි. ඉන් ලැබෙන අද්දැකීමෙනි. එහෙයින් යම් පුද්ගලයෙකු=ගේ ශාස්‌ත්‍රීය නිෂ්පාදනයන්ද බොහෝ විට එකී සමාජ දර්ශනය ආශ්‍රේය කොට උත්පාදනය වීම ස්‌වභාවිකවම සිදු වන්නකි. උක්‌ත සමාජ බලපෑම අධ්‍යයනය මත ඉතිහාසඥයා හා ඔහුගේ දෘෂ්ටියද වටහාගත හැකිය. එහෙයින් සෙනරත් පරණවිතානයන්ගේද අධ්‍යයනයන් විමර්ෂණයට පෙර ඔහු දිවිගෙවූ සමකාලීන සමාජය හා අර්ථක්‍රමය තේරුම් ගැනීම වනාහී එක්‌ පසෙකින් පරණවිතානයන් තේරුම් ගැනීමද වන්නේය. එමෙන්ම ඕනෑම පර්යේෂකයකුගේ චින්තනය හා එහි සැකැස්‌ම බොහෝ විට සමකාලීන සමාජ තත්ත්වයන් විෂයෙහි තදනුබද්ධ වන හෙයින් පරණවිතානයන්ගේ ඉතිහාසකරණ දෘෂ්ටියෙහි පසුබිම අවබෝධ කරගැනීම ස`දහා එම තත්ත්වයන් පිළිබ`දව යම් පමණක අවබෝධයකින් පසුවීම අත්‍යවශ්‍ය කාරණයකි.

    ශ්‍රී ලාංකේය ශාස්‌ත්‍රීය ශික්‌ෂණයේ නිම් වළලු පුළුල් කළ සෙනරත් පරණවිතානයන් එය නිමා කරලුයේ එතෙක්‌ මෙතෙක්‌ ලාංකේය ශාස්‌ත්‍රීය ක්‍ෂේත්‍රයේ වූ දැවැන්ත හිඩැස්‌ රාශියක්‌ පුරවාලීමෙනි. එහෙයින් ශ්‍රී ලාංකේය ඵෙතිහාසික ක්‍ෂේත්‍රය හා පරණවිතාන අතර ඇත්තේ අවියෝජනීයය බැඳීමකි. යටත් පිරිසෙන් ශ්‍රී ලංකාවේ කුමන විෂය ක්‍ෂේත්‍රයක්‌ සම්බන්ධයෙන් වුව ඵෙතිහාසික අධ්‍යයන සිදුකිරීමේදී නිසැක ලෙසම අදාළ පර්යේෂකයාට පරණවිතානයන්ගේ ශාස්‌ත්‍රීය අනාවරණයන් භාවිත කිරීමට සිදුවෙයි. සිංහල හා ඉංග්‍රීසි යනාදී උභය භාෂා ම`ගින් පමණක්‌ නොව ඇතැම් අවස්‌ථාවන්හි දමිළ භාෂා මාධ්‍යයෙන් පවා පරණවිතානයන්ගේ ශාස්‌ත්‍රීය ලේඛන රචනා වී ඇති අතර එම`ගින් ශාස්‌ත්‍රීය ලෝකයට සිදු වූ හා සිදුවන සේවාව හා බලපෑම සුළුපටු නොවේ.2 යටත් පිරිසෙන් ආගම, කලා ශිල්ප, භාෂාව, සාහිත්‍ය හා ඉතිහාසය යනාදී ක්‍ෂේත්‍රයන්හි පරණවිතානයන්ගේ මෙකී බලපෑම වඩාත් කැපී පෙනේ. පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූත් ලක්‌දිව පුරාවිද්‍යා කොමසාරිස්‌ ධූරයට පත් ප්‍රථම ලාංකිකයා වූත් සෙනරත් පරණවිතානයන්3 අඩ සියවසක පමණ කාලය තුළදී දිවයිනේ සංස්‌කෘතිය ශාස්‌ත්‍රලෝකයාට අවබෝධ කරදීම විෂයෙහි සිදුකරනු ලැබූ සේවාව අනෙකෙකුගේ සේවාවකට දෙවැනි නොවේ. එහෙයින් මේ සා විශාල සංඛ්‍යාවක්‌ ශාස්‌ත්‍රීය කෘති බිහි කළ හෝ වෙනත් කිසිදු ශාස්‌ත්‍රඥයෙකු මෑතකදී මෙරට පහළ වූයේ නැතැයි කීම පදනම් විරහිතද නොවේ. පරණවිතානයන්ගේ යථෝක්‌ත ක්‍රියාදාමයෙහි බලපෑම කෙතරම්ද යත් පසුකාලීන විද්වතුන් එය පශ්චාද් පරණවිතාන යුගයක්‌ ලෙසින් පවා හැඳින්වීමට පෙළඹුණි. එපමණක්‌ නොව අන්තර්ජාතිකව ලාංකේය පුරාවිද්‍යාව සඳහා ඉඩක්‌ වෙන් කිරීමටද පරණවිතානයන්ගේ අධ්‍යයන ඉවහල් විය. මේ තත්ත්වය නිසාවෙන් උක්‌ත අවධිය ලාංකේය පුරාවිද්‍යාවේ මෙන්ම ඉතිහාස කතාවේ ස්‌වර්ණමය යුගයක්‌ ලෙසින් හඳුන්වනු ලබයි. මේ තත්ත්වය කෙතරම්ද යත්, නූතනයේ ලියෑවෙන බොහොමයක්‌ ඓතිහාසික ලේඛනයන් පරණවිතානයන්ගේ අධ්‍යයනවලින් බැහැරව නොලියෑවෙන තරම්ය. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන සේනක බණ්‌ඩාරනායකයන් මෙවැන්නක්‌ පවසයි.

    "ඕනෑම විද්‍යාඥයකුගේ වැඩවලින් ඔහු ඉදිරිපත් කරන්නේ අවසාන තීරණයක්‌ නොව සමකාලීන අවබොAධය දියුණු කර එය ඉදිරි පියවරකට ගෙන යැමකි. පරණවිතාන ශූරීහු විද්‍යාත්මකව යෝධයෙකු මෙන් මේ කාර්යභාරය ඉෂ්ට කළහ. අද අපේ අරමුණ හා වගකීම විය යුත්තේ ඔහුගේ වැඩ පදනම් කරගෙන ඉදිරි පියවර කරා ගමන් කිරීමයි.

    මහාචාර්ය සෙනරත් පරණවිතාන ජ්‍යෙෂ්ඨතම ලාංකික පුරාවිද්‍යාඥයා ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදු මතභේදයක්‌ ඇතිවිය නොහැකිය. අපේ රටේ ඕනෑම ගමක, ගෙයක පන්සලක හෝ සභාවක "පුරාවිද්‍යාව" යන වචනයත් සමගම පරණවිතාන මහතාගේ නමත් නිතැතින්ම සිහියට නැෙ`ගනු ඇත. මීට වඩා අමරණීය අනුස්‌මරණ ස්‌මාරකයක්‌ විද්‍යාඥයෙකුට හෝ ලේඛකයෙකුට අවශ්‍ය නොවේ. ලංකාවේ පැරණි සමාජයේ හැම අංශයක්‌ පිළිබඳවම පරණවිතාන මහතා කර ඇති පර්යේෂණ හා වැඩ කටයුතු නැවත විමසා බලා අද පවතින විද්‍යාත්මක සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඒවා තව ඉදිරියට ගෙන යැම හා නූතන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් යොදා ගැනීම අද අපට පැවරී ඇති වගකීමයි."

    සෙනරත් පරණවිතානයන්ගේ උක්‌ත ව්‍යායාමය පිළිබඳව අදහස්‌ දක්‌වනු ලබන රණවීර ලෙස්‌ලි ගුණවර්ධනයන් පවසන්නේ මෙවැන්නකි.

    "පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූත් එමෙන්ම ලක්‌දිව පුරාවිද්‍යා කොමසාරිස්‌ තනතුරට පත් ප්‍රථම ලාංකිකයා වූත් සෙනරත් පරණවිතාන මහතා අඩසියවසක්‌ පමණ වූ කාලයක්‌ තිස්‌සේ දිවයිනේ සංස්‌කෘතිය ශාස්‌ත්‍රලෝකයාට අවබෝධ කරදීම සඳහා ඉටු කළ ශාස්‌ත්‍රීය සේවය අනුපම බව ඒ මහතාගේ ඇතැම් මත තියුණු ලෙස විචාරයට ලක්‌කරන්නවුන් පවා පිළිගන්නා කරුණකි. 1970 වර්ෂය අවසන් වන විට පරණවිතාන මහතා අතින් ශාස්‌ත්‍රීය ලිපි ලේඛන 386 කට නො අඩු සංඛ්‍යාවක්‌ බිහිවුණු බව මෙම සංග්‍රහයෙහි අවසානයේ එන ඔහුගේ කෘති නාමාවලියෙන් පෙනී යයි. මේ සා විශාල සංඛ්‍යාවක්‌ ශාස්‌ත්‍රීය කෘති බිහි කළ හෝ මෙතරම් විවිධ ක්‍ෂේත්‍ර පිළිබඳව පර්යේෂණ පැවැත්වූ හෝ වෙනත් ශාස්‌ත්‍රඥයෙකු මෑතක මෙරට පහළ වූයේ නැතැයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ."

    එමෙන්ම පරණවිතානයන් අතින් ශාස්‌ත්‍රීය ලෝකයාට දායාදිත ඔහුගේ අග්‍රගණ්‍යම කෘතිය වන Sigiri Graffiti ග්‍රන්ථය සීගිරි කුරුටු ගී නමින් සිංහල බසට න`ගනු ලබන සුචරිත ගම්ලතුන් තම කතානායකයාගේ පර්යේෂණය පිළිබඳව දක්‌වන්නේ මෙවන් අදහසකි.

    "අපගේ සදාදරණීය ගුරුදේව පරණවිතානයන්ගේ අප්‍රකට පද බහුල ඉංග්‍රීසි රීතිsය ගාඪ ද පෞඪ ද වන අතර සංස්‌කෘතයේ ගෞඩ§ රීතිය සිහි ගන්වයි. එහි තථ්‍ය ජීවගුණය සිංහලයෙහි සපුරා රඳවා ගැනීම සුදුෂ්කරය. එහෙත් මෙහිදී ඊට සමීප වීමට තැත් කරන ලදී."

    ශාස්‌ත්‍රඥයෙකු අතින් සිදුවන යථෝක්‌ත කාර්ය සාධනයෙහිලා අවැසි මුල් පදනම සැකසීමේදී වඩා වැඩි වැඩ කොටසක්‌ ඉටු කරනු ලබන්නේ ඔවුන්ගේ මුල් අධ්‍යාපනයයි. ගොඩනැ`ගිල්ල ශක්‌තිමත් හා විශ්වාසවන්ත වනුයේ පදනම ශක්‌තිමත්a වන තරමටය. එහෙයින් පරණවිතාන වැනි ශේ්‍රෂ්ඨයෙකු බිහිකිරීමෙහිලා ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ක්‍රියාකාරී වැඩ කොටසක්‌ ඉටු කරන ලදැයි කීම සාවද්‍ය නොවේ. ඒ බව පරණවිතානයන්ගේ මුල් අවධිය හෙවත් ප්‍රාථමික අධ්‍යාපන අවධිය විමසුමේදී මැනැවින් පැහැදිලිs වේ. මේ පිළිබඳව අදහස්‌ දක්‌වනු ලබන ආනන්ද ගුරුගේ මහතා පරණවිතානයන්ගේ ශාස්‌ත්‍රීය ශ්‍රේෂ්ඨත්වයට එක හෙළාම හේතු වූයේ ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය බව දක්‌වා සිටින්නේ පහත පරිදිය.

    "එකල දකුණු පළාතෙහි වැදගත්, ධනවත්, බලවත් බොහෝ දෙනාගේ ළමුන් උගැනීම සඳහා යවනු ලැබුවේ බොනවිස්‌ටා උසස්‌ පාසලටය.7 පරණවිතාන ශිෂ්‍යයාද එහි ගොස්‌ ඉංග්‍රීසි හදාළේය. එහෙත් සිය දෙමාපියන්ගේ දූරදර්ශී ජාතිමාමකFවය නිසා පරණවිතාන කුල දරුවා තමාගේ සමකාලිකයන් වැටුණු ප්‍රපාතයට නොවැටුනේය. එකල ඉංග්‍රීසියට ඇබ්බැහි වූ සමාජය සිංහලය කෙරෙහි දැක්‌වූයේ අල්ප වූ උනJදුවකි. ඉංග්‍රීසිය මැනැවින් ව්‍යවහාර කිරීමටත් බටහිර ඉතිහාසය හා සංස්‌කෘතිය පිළිබඳ සෑම කරුණක්‌ම සවිස්‌තර ලෙස ඉදිරිපත් කිරීමටත් විශේෂ ශක්‌තියක්‌ ගෙන හැර පෑ බුද්ධිමත් උගතුනට පවා සිංහල පද කීපයක්‌ නොවරදවා ගැළපීමට නොහැකි වූයේ ඒ හේතුවෙනි. එසේම ලංකා ඉතිහාසය හෝ සාහිත්‍යය ඔවුනට අවිෂය විය. විසිවන සියවසෙහි මුල් භාගයේ අධ්‍යාපනය ලැබූ දරුවනට මුහුණ පාන්නය සිදුවී තිබුණු මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් පරණවිතාන ශිෂ්‍යයා මිදුනේ එකල මෙරට විශාල ආන්දෝලනයක්‌ ඇති කරමින් ජාතික ආගමික පුනරුද්දීපනයකට ම`ග පෑදූ මිගෙට්‌ටුවත්තේ ගුණානJද, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල යනාදී මාහිමිවරුන්ගේත්, අනගාරික ධර්මපාල, කර්නල් ඕල්කොට්‌, පියදාස සිරිසේන යනාදී වීරවරයන්ගේත් උද්ඝෝෂණයෙන් පරණවිතාන පවුලෙහි වැඩිමහල්ලන්ගේ ජාතික හැ`ගීම් තියුණු වී තිබුණු බැවිණි.

    එම අවධිය ශ්‍රී ලංකාව සමබන්ධයෙන් ගත් කල ලංකාවේ වඩාත් පරිවර්තනීය අවධියක්‌ ලෙස ගිණිsය හැක. විශේෂයෙන් යටත් විජිතවාදී පාලනයට විරුද්ධව සක්‍රීය වෙමින් පැවති දේශීය ජනරළ වඩා සක්‍රීය තත්ත්aවයට පත් වන්නේ යථෝක්‌ත අවධියේ වීම මෙයට හේතුවයි. බෞද්ධාගමික පුනරුදය, මේ අතරින් වඩාත් කැපීපෙනේ. වාද විවාද ඇති වෙමින් මිෂනාරී අධ්‍යාපනය ප්‍රශ්න කළ මෙම අවධිය බෞද්ධ අධ්‍යාපනය පිළිබ`දවද විශේෂ වූවකි.

    දේශපාලනික වශයෙන් මෙම අවධිය, 1848 නිදහසින් පසුව ශ්‍රී ලාංකේය ජනයා බටහිර අධ්‍යාපනය ලත් උගත් පිරිසකගේ සහය ඇතිව ව්‍යවස්‌ථාමය ප්‍රතිසංස්‌කරණ වෙත ගමන් කරමින් තිබූ අවධියක්‌ වන අතර, ඒ සඳහා පදනම සැකසූ ක්‍රියාකාරී කණ්‌ඩායම් ලෙස අමද්‍යප ව්‍යාපාරය, වාමාංශික ව්‍යාපාරය ආදියෙහි ක්‍රියාකාරීත්වය හා භූමිකාව සුවිශේෂී වෙයි. එසේම සංස්‌කෘතිය මෙන්ම සමාජය විශාල විපරිවර්තන රාශියකට ලක්‌වෙමින් තිබූ අතර, එය වේගයෙන් බටහිරකරණයට ලක්‌වීම මෙකී අවධියෙහි වූ පැවති මූලිකම ලක්‍ෂණයන්ගෙන් එකකි. ඊට එරෙහිව නැවත ශ්‍රී ලාංකික සංස්‌කෘතිය ප්‍රතිෂ්ඨාපනයෙහිලා ධර්මපාල ප්‍රබෝධයද මෙකල සුවිශේෂී ව්‍යාපාරයක්‌ වූ අතර එහි බලපෑම ඇතැම් සාහිත්‍ය කෘතිවල පවාද දක්‌නට ලැබේ. මේ හේතුව නිසාවෙන් යථෝක්‌ත අවධිය දේශපාලන සමාජීය සංස්‌කෘතික වශයෙන් පැවති තත්ත්වයනට වඩා වෙනස්‌ ගතිකතා රැසකට මුහුණදුන් කාල පරිච්ඡේදයක්‌ වන බව පැහැදිලිsය.

    මේ නිසාවෙන් සෙනරත් පරණවිතානයන්ගේ අධ්‍යයන හා ඒවායෙහි හරයන් විමර්ශනයට පෙර නිසැක ලෙසම ඔහුගේ මුල් අවධිය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පැහැදිලිsය. සෙනරත් පරණවිතානයන් උපත ලබන්නේ දකුණු පළාතට අයත් ගාලු දිස්‌ත්‍රික්‌කයේ මැටරඹ ගමේ මාබොටුවන නම් වත්තේ පිහිටි නිවෙසකය. පරණවිතානයන්ගේ පියා ඒබ්‍රහම් පරණවිතාන වූ අතර මව ලෝරා හෙට්‌ටිගේ ගිමාරා නම් විය. දරුවන් පස්‌දෙනෙකුගෙන් යුත් පවුලේ බාලතම දරුවා වූයේ පරණවිතානයන්ය. ඔහුගේ පුද්ගලික වාර්තාවන්ට අනුව ඔහුට එම නම තබා ඇත්තේ එම ප්‍රදේශයෙහිම පිහිටි යටගල පන්සලේ වැඩ විසූ කලහේ ශ්‍රී රතනජෝති ගුණරතන නායක හිමියන්ය.

    සෙනරත් පරණවිතානයන්ගේ ශාස්‌ත්‍රීය දිවියෙහි ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පියවර දමා දුන්නේද ඔහුට සෙනරත් යෑයි නම තැබූ ශ්‍රී රතනජෝති හිමියන්මය. ඒ පරණවිතානයන්ට මුල් අකුරු කියෑවීමෙනි. එමෙන්ම මෙම අවධියෙහිදී පරණවිතානයන්ට රතනජෝති හිමියන් විසින් ප්‍රාචීන භාෂා පිළිබඳ මුල් අඩිතාලම දමා දුන් බවද දක්‌නට ලැබේ. පසුකාලීනව පරණවිතානයන්ගේ අධ්‍යයන සඳහා මහත් ශක්‌තියක්‌ වූ මෙම භාෂා දැනුම නිසැක ලෙසම පන්සලේ නායක හිමියන්ගේ බලපෑම මත ලැබුණු බව පැහැදිලිsය. ගුණරතන හිමියන්ද ප්‍රාචීන භාෂා පිළිබඳ ප්‍රාඥයෙකු වූ හෙයින් මෙම බලපෑම පරණවිතානයන්ගේ ප්‍රාචීනභාෂාභිවෘද්ධිය සඳහා නිසැක ලෙසම හේතුවන්නට ඇත. මෙම අවධියෙන් පසුව 1901 වර්ෂයේදී හෙතෙම අන්නාසි හෙට්‌ටිගොඩ මෙතෝදිස්‌ත සිංහල පාසලෙහි ශිෂ්‍යයෙකු වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අරඹනු ලබයි. මෙම අවධියෙහි උක්‌ත සිංහල පාසලට ඇතුළු වුවත් සෙනරත් පරණවිතානයන් දිගින් දිගටම යටගල පන්සලේ නායක හිමියන් හමුවී තම ප්‍රාචීන භාෂා දැනුම වර්ධනය කර ගැනීමට කටයුතු කරනු ලැබීය. බොහෝ අවස්‌ථාවන්හිදී නායක තෙරුන් හමුවන හෙතෙම සංස්‌කෘත ශ්ලෝක කටපාඩම් කරමින් එA සඳහා මහත් උදෙද්‍යාaගයකින් කටයුතු කරන ලද බවක්‌ කියෑවේ. පසුකාලීනව ප්‍රාචීන භාෂා පිළිබඳ පරණවිතානයන්ගේ එළඹුම් දෙස බැලීමෙන් මේ බව වඩාත් හොඳින් තහවුරු කොට ගත හැකිය.

    සෙනරත් පරණවිතානයන්ගේ අධ්‍යාපනයේ තවත් වැදගත් සන්දිස්‌ථානයක්‌ ලෙස 1903 වර්ෂය හඳුනාගත හැකිය. මීට මූලික හේතුව වනුයේ හෙතෙම 1903 දී අන්නාසි හෙට්‌ටිගොඩ රජයේ සිංහල පාසැල අතැර ගාලු දිස්‌ත්‍රික්‌කයේ උණවටුන ප්‍රදේශයේ පිහිටි බොනවිස්‌ටා විදුහලට ඇතුළු වීමය.21 මෙය ඉංග්‍රීසි මාධ්‍ය පාසලක්‌ වූ හෙයින් ඉන් පරණවිතාන ලද භාෂා ඥානය පසු කාලීනව හෙතෙම අන්තර්ජාතික තලයේ පිළිගත් ශාස්‌ත්‍රධරයෙකු මෙන්ම පර්යේෂකයෙකු කළ බවට සැක නැත. පෙරදිග, ඈත පෙරදිග මෙන්ම යුරෝපීය පර්යේෂණ ග්‍රන්ථවල පරණවිතානයන්ගේ ශාස්‌ත්‍රීය ලේඛන දක්‌නට ලැබීමෙන් මේ බව වඩාත් හොඳින් තහවුරු කොට ගත හැකිය.22 සෙනරත් පරණවිතානයන්ගේ අධ්‍යාපනයෙහි තවත් වැදගත් කඩයිමක්‌ ලෙස හෙතෙම හීනටිගල රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙනෙහි ශාස්‌ත්‍ර ලාභය ලැබීම ඇරඹීමේ අවස්‌ථාව පෙන්වාදිය හැකිය.23 පරණවිතානයන් පිළිබදව තොරතුරු ගෙනහැර දැක්‌වෙන ලේඛනයන්හි හෙතෙම උණවටුන ප්‍රදේශයේ පැවති ඉංග්‍රීසි පාසලට ගොස්‌ හවස්‌ වරුවේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා යොමු වූ බවක්‌ කියෑවේ. පසු කාලීනව අභිලේඛන කියෑවීම හා අර්ථ විවරණය ඔහුගේ ප්‍රධානතම පර්යේෂණ ක්‍ෂේත්‍රය වූ බැවින් පිරිවෙන් අධ්‍යාපනයෙන් ලත් පාලි, සංස්‌කෘත හා සිංහල භාෂාවන්හි පරිචය ඒ සඳහා මහ`ගු පිටිවහලක්‌ වූවාට සැක නැත. මීට අමතරව උක්‌ත පිරිවෙන් අධ්‍යාපනය නිසාවෙන් පරණවිතාන මහතාහට ලැබුණු තවත් අගනා දායාදයක්‌ විය. පසුකාලීනව පැවිදි වී වැලිවිටියේ සෝරත නමින් තවකෙකුට නොදෙවෙනි ධර්ම ශාස්‌ත්‍රීය සේවාවක්‌ කළ චන්ද්‍රදාස කුමාරසිරි ජයවර්ධන ශිෂ්‍යයා පරණවිතානයන්ගේ සමීපතම යහළුවෙකු ලෙසින් හැඳිනගැන්ම එම දායාදයයි.24 මෙම සම්බන්ධතා නිසාවෙන් පරණවිතානයන්ගේ ප්‍රාචීන භාෂා ඥානය ඉතා තියුණු ලෙස වර්ධනය වී ගිය බව ආනන්ද ගුරුගේ මහතා පවසන්නේ පහත පරිදිය.

    "මෙකල ඔහු හා සේවය කළ අය මෙන්ම ඔහුගෙන් උගත් අයද සිහි කරන එක්‌ කරුණක්‌ ඇත. එනම් විදුහලේ විෂය මාලාවට බාහිර ලෙස ප්‍රාචීන භාෂා අධ්‍යයනය කෙරෙහි ඔහු දැක්‌වූ උනන්දුවයි. වෙසෙසින්ම සංස්‌කෘත සාහිත්‍යය කෙරෙහි ඇල්මක්‌ පළ කළ පරණවිතාන මහතා කාලිදාස, කුමාරදාස ආදීන්ගේ කාව්‍යයන් කට පාඩමින් දැන සිටි බැවින් අවස්‌ථාවට අනුරූප වූ ශ්ලෝක කීමෙන් සිය මිතුරන් විනෝදයට පත් කිරීමෙහිලා රුසියෙක්‌ විය. පරණවිතාන මහතා සංස්‌කෘත භාෂාව පිළිබඳව මෙසේ ලබාගත් හසළ දැනුම පුරාවිද්‍යාඥයෙකු වශයෙන් සංස්‌කෘත අභිලේඛන රාශියක්‌ ගැන ලියූ විග්‍රහාත්මක ලිපිවලින්ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු බහුලව තිබූ අවධියක පවා විවේක කාලය යොදමින් ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුරේ සමග සකස්‌ කොට පළ කළ ජානකීහරණ සංස්‌කරණයෙන්ද මනාසේ ප්‍රකට වෙයි."25

    සෙනරත් පරණවිතාන වර්ෂ 1910 දී බොනවිස්‌ටා විද්‍යාලයෙන් (E. S. L. C.) හෙවත් ඉංග්‍රීසි පාසල් හැරයාමේ සහතික විභාගයට පෙනී සිටිමින් ඉන් සමත් විය. සමකාලීනව මෙම විභාගයෙන් සමත් වූවෙකුට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා පරිචයක්‌ ලද හැකි විය.
     
    • Like
    Reactions: donkosala

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    [SIZE=5[COLOR="Blue"][/COLOR]]20 වැනි සියවසේ ලාංකේය අධ්‍යාපනය හා සෙනරත් පරණවිතාන [/SIZE]

    :rofl::rofl::rofl: