සෙනසුරු අපලයෙන් මිදීම??????

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    සෙනසුරු අපලයෙන් මිදීම??????


    source: Mawbima
    ජේ‍යාතිර්විද්‍යානිධි රොහාන් දයාරත්න

    සෙනසුරු අපලයෙන් මිදීම සඳහා විවිධ වත් පිළිවෙත් අතර මැණික් පැලඳීමද සිදු කරයි. සෙනසුරු අපලයට මැණික් පැලඳීමේදී තමන් උපතේදී සෙනසුරු තැන්පත්ව ඇති රාශිය, නවාංශකය, අංක විද්‍යාවට අනුව සෙනසුරුගේ බලපෑම, යෝගකාරකත්වය පිළිබඳ සොයා බලා මැණික් වර්ගයක් තෝරාගෙන පැලඳීම සුදුසුයි.
    නිල් මැණික්, ඉන්ද්‍රනීල, තද නිල් වැනි මාණික්‍ය සෙනසුරු අපල සඳහා පැලඳිය හැකිය. නමුත් සෙනසුරු අපලයෙන් මිදීමට මැණික් පැලඳීමේදී මැණික් වර්ගයක් තෝරා ගැනීමේදී තමන්ගේ පෞද්ගලික ජන්ම පත්‍රය පරීක්ෂා කළ යුතුමයි. "කාක නිල්" වශයෙන් මැණික් වර්ගයක් නොමැති අතර එය ච්චපඬ ඕතභඥ ඉචනනඩඪපඥ තද නිල් මැණික ලෙස වෙනස් විය යුතුය.


    ආලෝක වර්ෂ ගණනාවක් අෑතින් වූ සෙනසුරුගේ අපලයක්, කෙනකුට විපාක දෙනුයේ ජන්ම පත්‍රයේ උපතින් පෙන්වන සංසාරික පලදීම් අනුවය.

    එවැනි අයකුට මෙවැනි මැණිකක් නිසි පරිදි පරීක්ෂා කර බලා පැලඳීමෙන් සුබ වේ. එවැනි දෙයකින් සුබ පල උදා කරනුයේ ආමිස සහ ප්‍රතිපත්ති සුරකින අයවලුන්ටය. දන්දිය යුතුය. සිල් රැකිය යුතුය. භාවනා වැඩිය යුතුය. බුදු, පසේ බුදු සහ මහ රහතුන්ට දන් දීම මෙලොව විපාක දෙන කාරණාවකි. දන් ලබා ගන්නා තැනැත්තා සිල්වත් වූ තරමට දානයෙහි නියම ආනිශංස ලැබේ. බෞද්ධයන්ගේ නිත්‍ය ශීලය ආරක්ෂා කිරීම සිල් රැකීමයි. මෙය බෞද්ධ නොවන අයට වුවත් රැකිය හැකිය.


    සෙනසුරුගේ අපල මඟහැර ගැනීමට මේ වන විට මැණික් පලඳින අයකු නම් එය නැවැත අලුතින් පැලඳීමක් අවශ්‍ය නොවේ. පැලඳ සිටින මැණිකම නැවැත බලාත්මක කොට පැලඳිය හැකිය. පලඳිනුයේ ශරීරයේ ක්ෂය වන රසායනික ශක්තිය ලබා ගැනීමට නිසා රසායනික ප්‍රතිකාරයත් කළ යුතුය. මේ සෙනසුරු මාරුව තුළ ඇතිවන අහිතකර පල මඟහරවා ගැනීමට නම් තම තමන්ගේ ආගම තුළ වෙනදාටත් වඩා ප්‍රතිපත්ති රැකිය යුතුය. සොබාදහමේ නීතියට හා යුක්තියට එකඟව කටයුතු කළ යුතුය.


    ?????????????????????????
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D උබ මෙතන පෙන්නලා තියන දේ සමහර කෙන්ක්ට තේරිලා නැහැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    :D උබ මෙතන පෙන්නලා තියන දේ සමහර කෙන්ක්ට තේරිලා නැහැ

    ඔය කියල තියෙන දේ කාටවත් තේරුම් ගන්න බැරි අපබ්‍රන්ශයක්