rep ++(රේප්++) දීල යන්න හොදේ...............................
සෙනසුරුගේ ෂඩාස්‍රාකාර උතුරු ධ්‍රැවය නැවතත්..
සෙනසුරුගේ උතුරු ධ්‍රැවයට නැවත සූර්යාලෝකය ලැබෙන තෙක් වසර ගණනාවක් බලාහිඳීමෙන් අනතුරුව සෙනසුරුගේ උතුරු ධ්‍රැවයේ මෙතෙක් ලබාගත් පැහැදිලිම ඡායාරූපය ලබාගැනීමට කැසිනි යානය සමත් වී ඇත.
මෙම ඡායාරූපයේ දැක්වෙන ෂඩාස්‍රයට හේතුව ධ්‍රැවයේ ඉහලින් වායුගෝලයේ ඇති ජෙට් ධාරාවකි. මීට පෙර මෙවැනි ඡායාරූපයක් ලබාගැනුනේ මීට වසර 30කට පමණ පෙර වොයෙජර් යානය විසිනි. සූර්යාලෝකය මෙම ප්‍රදේශයට නැවත ලැබෙන තෙක් විද්‍යාඥයින්ට වසර 15ක් ඉවසා සිටීමට සිදු විය.
1980 දී වොයෙජර් යානය විසින් ලබා ගන්නා ලද ඡායාරූපය
සෙනසුරුගේ ෂඩාස්‍රය ප්‍රථමයෙන්ම සොයාගනුලැබුවේ 1980දී පමණ වොයෙජර් යානයෙන් ලබාගත් ඡායාරූප නිරීක්ෂණයේදී ය. එය සෙනසුරුගේ උතුරු ධ්‍රැවයේ උතුරු අක්ෂාංශ 77ක් පමණ වන ප්‍රදේශයක් දක්වා පැතිරී ඇත. මෙය බ්‍රහස්පතිගේ රතු ලපය ලෙසින්ම සෙනසුරු භ්‍රමණය වීමත් සමඟම සෙනසුරුගේ අක්ෂයට සමාන්තරව භ්‍රමණය වේ.
මෙම ප්‍රදේශය පිළිබඳව මීට පෙර තාප සංවේදී කැමරා මගින් කරන ලද නිරීක්ෂණ වලින් පෙනී ගියේ ෂඩාස්‍රය වායුගෝලයේ අභ්‍යන්තරයටම විහිදී ඇතිබවයි. එපමණක්ද නොව ඒ අසලින්ම පිහිටා ඇති උෂ්ණඅධික කලාපයක් සහ කුණාටුවක්ද හමුවිය. වායුයෝධයින් ගණයට අයත් ග්‍රහයෙක් වන සෙනසුරුගේ මෙවැනි වායුගෝලීය ලක්ෂණ පිළිබඳ හැදෑරීමෙන් අප පෘථිවිය සහ වෙනත් ග්‍රහලෝක වල වායුගෝලයේ කැළඹීම් ඇතිවන ආකාරය පිළිබඳව අවබෝධකරගත හැකිය
සෙනසුරුගේ ටයිටන් මත ද්‍රව හයිඩ්‍රොකාබන්..
නාසා ආයතනයේ කැසිනි යානයට සෙනසුරුගේ ටයිටන් උපග්‍රහයාගේ ඡායාරූපයක් ලබාගැනීමට හැකිවූ අතර එහි ඇති විශේතාවය වන්නේ ටයිටන් මත ඇති විලක් මගින් සූර්යාලෝකය පරාවර්තනය වී පෙනීමයි.
මෙවන් ඡායාරූපයක් ලබාගැනීමට විද්‍යාඥයින් උත්සාහ කරනු ලැබුවේ කැසිනි යානය සෙනසුරු වටා කක්ෂගතවූ 2004 වසරේ සිට ය. නමුත් මෑතක් වනතුරුම ටයිටන්ගේ උතුරු අර්ධගෝලය පැවතියේ අඳුරු වළාකුළු වලින් වැසී ය.
ටයිටන් සහ පෘථිවිය අතර ඇත්තේ විශාල සමානකමකි. විශාල වායුගෝලය, ද්‍රව මුහුදු සහ විල් පෘථිවියේ මෙන්ම ටයිටන් මත දක්නට හැකි ය. මීට වසර 20කට පමණ පෙර සිටම ටයිටන් මත ද්‍රව හයිඩ්‍රොකාබන් ඇතැයි විද්‍යාඥයින් සැක පහළ කලෝ ය. මේ අනුව පෘථිවිය හැර ද්‍රව පවතින එකම ග්‍රහලොව ටයිටන් ය.
වර්ණගන්වන ලද, ටයිටන්ගේ රේඩාර් සිතියමක්.
ටයිටන් මත මුලින්ම හයිඩ්‍රොකාබන් විල් පවතින බව සොයගැනුනේ 2009දී ය. නමුත් මෙම සොයාගැනීමට ප්‍රමාණවත් සාධක හමුවන තෙක් විද්‍යාඥයින් ඉවසා සිටියෝ ය. ඡායාරූපය පිරික්සීමෙන් අනතුරුව මෙම දිලිසෙන ප්‍රදේශය "ක්‍රකෙන් මුහුද" (Kraken Mare) බව සොයාගෙන ඇත.
ටයිටන්ගේ වායුගෝලය ඉතා ක්‍රියාකාරී චක්‍රයක් වන අතර මෙහි ප්‍රධාන සංඝටකය වන්නේ මීතේන් ය. (පෘථිවියේ නම් ජලය). මෙම සියලු කරුණු දෙස බැලූවිට පෙනී යන්නේ අප සෞරග්‍රහමණ්ඩලය තුල ටයිටන් කෙතරම් වැදගත් ස්ථානයක සිටිනවාද යන්නයි
සූර්යග්‍රහණ නිරීක්ෂණයෙන් සොයාගත් කරුණු

සූර්යග්‍රහණ අවස්ථා වලදී සූර්යයා නිරීක්ෂණය කිරීමෙන් සූර්යයාගේ පිටත වායුගෝලය පිළිබඳව තොරතුරු අලුත් කරගැනීමට සූර්ය භෞතිකවිද්‍යාඥයින් කණ්ඩායමකට හැකිවී ඇත.
2006, 2008 සහ 2009 සූර්යග්‍රහණ වලදී ලබාගත් ඡායාරූප නිරීක්ෂණයේදී ලබාගත් වර්ණාවලියෙහි, අධිකලෙස අයනීකරණය වූ යකඩ හෙවත් Fe XI 789.2 nm විමෝචන රේඛා දැකගත හැකි විය. මෙම පර්යේෂණය නාසා ආයතනයට අයත් ගොඩාර්ඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ හවායි තාරකාවිද්‍යා ආයතනයේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.
මෙම නිරීක්ෂණ තවදුරටත් හැදෑරීමේදී එම රේඛා සූර්යයාගේ අරය මෙන් තුන් ගුණයක් පමණ දුරක් පිටතට යනතෙක්ම විමෝචනය වන බව පෙනිණි. මේ අනුව සූර්යයාගෙන් පිටතට ඉලෙක්ට්‍රෝන උෂ්නත්වය වෙනස් වන ආකාරය අඩංගු සිතියමක් නිර්මාණය කර ඇත.
ඉහළ ඡායාරූපයේ දැක්වෙන්නේ 2008 සූර්යග්‍රහණයේ එලෙස සකසා ඇති සිතියමයි. එහි රතට හුරු වර්ණයෙන් Fe XI 789.2 nm කලාපද, නිල් වර්ණයෙන් Fe XIII 1074.7 nm කලාපද, කොළ පැහැයෙන් Fe XIV 530.3 nm කලාපද පෙන්නුම් කරයි.
මෙම තොරතුරු ඇසුරින් සූර්යයාගේ සූර්ය සුළං වල හැසිරීම් රටාව සහ අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අදහසක් ලබාගත හැකි අතර අභ්‍යවකාශ කාලගුණය පෘථිවියට බලපාන ආකාරයය සෙවිය හැකි ය
සූර්ය නිරීක්ෂණයට නාසා වෙතින් අළුත් දුරේක්ෂයක්
සූර්යයා නිරීක්ෂණය පිණිස නාසා ආයතනය විසින් අළුත් දුරේක්ෂයක් නිර්මාණය කර ඇත. Solar Dynamics Observatory (SDO) ලෙස හඳුන්වන මෙය පසුගිය දිනකදී ඇස්ට්‍රොටෙක් ආයතනයේ සිට දුරේක්ෂය අභ්‍යවකාෂයට ගෙනයාමට භාවිතා කරන රොකට්ටුව වෙත ගෙනයාම සිදුවිය.
දුරේක්ෂයේ වටිනාකම ඩොලර් මිලියන 848කි. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ දුරේක්ෂය සමන්විත විශේෂ කුටිය දොඹකර ආධාරයෙන් ඇට්ලස් V රොකට්ටුවේ මුදුනට ගෙනගිය ආකාරයයි.
SDO දුරේක්ෂය පෙබරවාරි 9වන දින අභ්‍යවකාශගත කිරීමට නාසා බලධාරීන් සූදානම් ය. මේ අතර SDO දුරේක්ෂය පිළිබඳව කරුණු විස්තර කෙරෙන නවතම වීඩියෝවක් නාසා ආයතනය විසින් නිකුත් කර ඇත. තවත් විස්තර SDO වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය

Last edited: