සෙන්ට්‍රල් ලොක්‌ස් Vs මහෞෂධ පඬිතුමා
සෙන්ට්‍රල් ලොක්‌ස් සඳහා පේටන්ට් බලපත්‍රය ගැනීමට නොහැකි වූ මහෞෂධ පඬිතුමා
අපේ කාලේ සිංහල සාහිත්‍ය සඳහා නිර්දේශ වී තිබුණු පොතකි, උම්මග්ග ජාතකය. අප කිව්වේ උම්මග්ගේ කියලයි. ඕකේ තියෙන භාෂා විලාසය, අලංකාර උපමා උපමේයන්, සාහිත්‍ය රසාස්‌වාදය අපුරුවට උගත්තෙමු. ඉගෙන නොගත්තේ උමං කර්මාන්තය ගැන පමණි. ඒ, එය අපට අදාළ නොවන නිසාය. ඒ, අපට උගන්වපු ගුරුවරුන් නිකම්ම නිකම් සාහිත්‍ය ගුරුවරුන් නිසාය. ඒ, ඔවුන් සිවිල් ඉංජිනේරුවන් නොවූ නිසාය.
ඔන්න මෙහෙමයි උමංදාවේ බ්‍රහ්මදත්ත උමගට වැදීම කියන 42 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පෙළේ සඳහන් වන්නේ.
ඉක්‌බිති බෝධිසත්වයන් වහන්සේ එක් සියයක් ශ්‍රී යහන් ගබඩා දැක්‌වූ සේක. ඉන් එක ගබඩාවකැ දොර හළ කලෑ මුළු ගබඩාවලැ මැ දොර හැරුණේයෑ. එකක් පිහි කලෑ මුළු දොර පිහි යන්නේයෑ. මෙසේ ආශ්චර්යමත් උමගේ විස්‌තර බලමින් රඡ්ජුරුවෝ පළමු වැ යන්නාහ. පණ්‌ඩිතයන් වහන්සේ පසු වැ යෙති. එක සියයක් රජ දරුවන් හා රඡ්ජුරුවන්ගේ අගම්පඩි සේනාව උමගට වන්නාහ. මහා උමග දෙගව්වක් පමණ ගෙවා-ගෙනැ ගොස්, රඡ්ජුරුවෝ උමං දොර එළිපතින් පිටත් වූහ. බෝධිසත්ත්වයන් වහන්සේ රජහු පිටත් වූ බව දැනැ, තමන්වහන්සේ පිටත් වන සේක් අනිකක්‌හු පිටත් වියෑ නොදී උමග දොර පියන සේක් නො හඟවා එක් ඇණයක් මැඩලු සේක. ඒ ඇසිල්ලෙහි අසූවක් මහා දොරයෑ සූසැටක් සුළු දොරයෑ එක් සියයක් ශ්‍රී යහන් ගබඩාවලැ දොරයෑ සිය දහස් ගණන් පහන් ගබඩාවලැ දොරයෑ යන සියලු ඒ ක්‌ෂණයෙහි පිහි අගුළු හී ගියේයෑ. ඒ සියලු මැ උමග ලෝකෝත්තරීක නරකය මෙන් වීයෑ. මහා ජනයෝ භයින් තැති ගෙන ගියෝයෑ. උමගැ හසු වූවෝ ඔවුනොවුන්ගේ ශබ්දය මුත්, මූ මූ යෑඬයි නො දන්නාහ.
42 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි කොටසේ මෙසේ ඇත. සකල ජනානන්ද කර වූ, තිලෝගුරු වූ, අනාථනාථ වූ, කරුණා නිධාන වූ මාගේ ස්‌වාමි දරුවාණෝ එවෙලෙහි දොර හළ සේකැ. සියලු උමග හිරු නැංගා සේ ඒකාලෝක වීයෑ.
උමංදාව ලියවුණේ දඹදෙණි යුගයේය. එදා මේ ග්‍රන්ථය පරිශීලනය කළ අයට කිසිවක්‌ම සිතා ගැනීමට නොහැකි වූවාට අප ඔවුනට සමාව දිය යුතුයි. එහෙත් දැනුත් අපට එසේ නොසිතා සිටිය හැකිද? මම වරක් ඉතිහාසය ගැන සාකච්ඡා වූ සුප්‍රසිද්ධ රුපවාහිනී වැඩසටහන් මාලාවකට සම්බන්ධ වූවෙමි. එහිදී එක්‌තරා මහාචාර්යවරයකුගෙන් මෙසේ ඇසුවෙමි.
'මැතිතුමනි, ඒ කාලෙත් තිබුණා නේද බොත්තමක් තද කළා ම ලයිට් පත්තු කරන්න නිවන්න පුළුවන් ක්‍රම වේදයක්?' (උමංදාව) එක් ඇණයක් මැඩලු සේක. ඒ සියලු මැ උමග ලෝකෝත්තරීක නරකය මෙන් වීයෑ. උමගැ හසු වූවෝ ඔවුනොවුන්ගේ ශබ්දය මුත්, මූ මූ යෑඬයි නො දන්නාහ.)
'මේ මොන පිස්‌සු කතාවක් ද? එහෙම තියෙන්න පුලුවන්ද?'
'හා තිබුණේම නෑ කියමුකෝ. ඒ උනාට අද තියෙන තාක්‍ෂණය ඒ විදියටම විස්‌තර කරන්න දඹදෙණි යුගයේ හිටපු සාහිත්‍යකරුවෙකුට පුළුවන් වුණේ කොහොමද?'
මහාචාර්යතුමා නිරුත්තර විය. එසේ විදුලි බුබුල නිපදවීමේ කීර්තිය මහෞෂධ පඬිතුමාට නොගොස් තෝමස් අල්වා එඩිසන්ට ගියේය.
මේ මා අවුරුදු කීපයකට පෙර ලැබූ අත්දැකීමකි. එනම් සුද්දා දොරවල් හතරේ වාහනවලට සෙන්ට්‍රල් ලොක්‌ස් සවිකර එවූ කාලයේය. දිනක් මා පාරේ යමින් සිටියදී, එක වරම තිගැස්‌සුණේ, අසල නවතා තිබු කාරයක් එක්‌වරම දොරගුල් වැටී ගිය හෙයිනි. තම කාරයෙන් බැස ගත් තරුණයෙක් මදක් ඉදිරියේ සිටිමින් උඩඟු සිනහවකින් යුතුව තම යතුරු රඳවනයේ ඇති හම් කැබැල්ලේ එක් ඇණයක් මැඩලමින් සිටියේය. ඊට ටික කාලයකට පෙර නයිට් රයිඩර් රුපවාහිනී කතා මාලාව දැක තිබූ නිසා හිත සන්සුන් විය.
එදා මගේ සිහියට නාවද, නැවත උමංදාව කියවපු දිනක මහෞෂධ පඬිතුමාගේ සෙන්ට්‍රල් ලෝක්‌ස් සිහියට නැගුණි. (උමංදාව - ඉක්‌බිති බෝධිසත්වයන් වහන්සේ එක් සියයක් ශ්‍රී යහන් ගබඩා දැක්‌වූ සේක. ඉන් එක ගබඩාවකැ දොර හළ කලෑ මුළු ගබඩාවලැ මැ දොර හැරුණේයෑ. එකක් පිහි කලෑ මුළු දොර පිහි යන්නේයෑ.)
ශ්‍රී යහන් ගබඩා 100 ක්? සුද්දා හදපු සෙන්ට්‍රල් ලොක්‌ස් දාපු වාහනයක දැන් ඔබට උජාරුවෙන් යා හැකිද?
divaina - 14-08-2016

Last edited: