සෙන්ෂුයි වලින් පරිස්සම් වනු!

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අපේ බුදු හාමුදුරුවෝ ඉහත සඳහන්, සම්මා සම්බුදු වරුන්ට පමණක් සීමාව පහළ වන ලක්ෂණ 32කින් සමන්විත දේහ ධාරී වන සේක..දැන අර චීන පිළිමය දෙස බලන්න...සිනා උපදවන සුළු, සිල්ලර කඩේක මුදලාලි කෙනෙකු බඳු වූ මේ පෙනුමෙන් කළා කරුවෙකු බුදුන් දැක්කා විය හැකිද?..මුළාවේ නොවැටෙන්න...අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ඉහත පර්ණයෙහි වූ මහා තේජසින් යුක්ත විශ්ව නායකත්වයකි...අතීතය දැකිය හැකි සෘද්ධිමත් මහ රහතුන් වහන්සේලාගෙන් අසා දැන ගෙන "බුදු රදුන් නම් මේ යැයි" ඉන්දියාවේ කුෂාණ රාජ පරම්පරා විසින් නෙළවූ ලොව පළමු බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා ඒ ඇසුරෙන් සිරි ළක විශ්මිත ගල් වඩුවන් නෙළු අවුකන ආදී විජය ලීලා ඇති බුදු ප්‍රතිමා තුළින් වත් අපට සැබෑ ජීවමාන සම්මා සම්බුදු වරයෙකුගේ බුද්ධ තේජස මේ යැයි නිවැරදිව දැක බලා ගත නොහැක...බුදුන් වහන්සේ යනු ඒ සා සුපිරි පෞර්ෂයකි..

    ....විකාර ආවේ කොහෙන්ද?....


    අප රටේ එතරම් ජනප්‍රිය නොවූ මෙකී පිළිමය අප රටට පැමිණියේ "ෆෙන්ෂුයි" (Fengshui) නම් චීන සම්ප්‍රදායික විශ්වාස මාලාවද සමඟිනි..ඇත්ත වශයෙන්ම කියතොත් ෆෙන්ෂුයි යනු බුදු මඟින් බෙහෙවින්ම බැහැර වූ, ආත්මලෝභී විකාරයකි..එපමණක් නොව එහි ඇතැම් ඇදහිලි ඉතාම හාස්‍ය ජනකය..උදාහරණ ලෙස: වැලි පැකට් පසුම්බියේ දමාගෙන යාම, ගංඟා වලින් ඇහිඳින තිරුවානා ගල් බෙල්ලේ එල්ලා ගැනීම වැනි විසුළු වැඩ තුළින් තමාට යහපත් කාළයක් උදා වේ යැයි විශ්වාස කිරීමකි...


    බුද්ධිමත් බෞද්ධයිනි..මඳක් සිතා බලන්න..එක එක වැලි වර්ග ළඟ තබා ගැනීමෙන් වාසනාව උදාවනවා නම්, මෙලොව මහා ධන කුවේරයන් වන "බිල් ගේට්ස්, වොරන් බුෆේ, කාර්ලෝස් ස්ලිම්" වැනි අය අබිබවා, කැළණි ගඟේ වැළි ගොඩ දමන්නන් ධනවත් විය යුතු නොවේද?.. එසේ නම්"ෆෝබ්ස්, ද ඉකොනොම්ස්ට්"(Forbes & The Economist) බඳු ජාත්‍යන්තර වාණිජ සඟරා ලොව ධනවත්ම මිනිසුන් ලෙස නම් කළ යුත්තේ ජා-ඇල, වත්තල වැලි මුදලාලිලා නොවේද?...එහෙනම් නිතර වැළි සහිත මඩෙහි ගැවසෙන "කිරි ඉබ්බන්, කාවයියන්, දිය බරියන්, කබරයන්, ගෙම්බන්" ඊටත් වඩා ධනවත් වාසනාවන්තයන්ද?


    1949 දී චීනයේ මා ඕ සේතුං විසින් සන්නද්ධ කොමියුනිස්ට් විප්ලවය ජය ගැන්වීමෙන් පසුව, චෞ එන් ලායි (Chou- En - Lai) නම් විප්ලවීය නායකයා යටතේ ආ "සංස්කෘතික විප්ලවය" මඟින් මේ ෆෙන්ග් ෂුයි නම් මනෝ විකාරය තහනම් කොට රටින් අතු ගා දමන ලදී...රෝ බිය, මත් බිය, පර සතුරු බිය නිසා උපතේදී ආයු අපේක්ෂාව වසර 49 කට සීමා වී තිබූ චීනය ලෝක තලයේ යෝධයෙකු ව නැඟී සිටියේ මේ විහිළු වලින් එරට නිදහස් වීමෙන් පසුවය.."ෆෙන්ග්ෂුයි" ගෙන එන වාසනාවේ තරම ඔබට එයින් සිතා ගත හැකිය...දැන් මේ සමයම් වලින් නිදහස් වූ පසුව චීනයට හරි ගොස් ඇති සැටි පසුගිය ඔලිම්පික් (2008) සමාරම්භක උළෙලෙන්ම ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි...


    අවාසනාවක මහත! මේ මළ විකාර ඒවා උපන් රටවලින් අතු ගෑවී යද්දී, ඒවා උපන් රටවල් පවා මේවායින් බැහැරව දියුණුවේ හිනි පෙත්ත කරා යද්දී, පිට සක්වළ ජීවින් පවා සරණ ගිය මහා විද්‍යාවක් උපතින් උරුම කර ගත් අප, ඒ කුණු කසළ කෑමට සැදී, පැහැදී සිටින්නෙමු...


    ....මේවා ගෙනාවේ කවුද?....


    උපන් චීනයේ ජනතාව පවා බැහැර කළ මේ මිසදිටුව ලක්දිව ව්‍යාප්ත කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළේ, සෙල්ල කතරගම පැත්තේ අළුතින් ඉදිකළ "දේවාලයක්" ගජරාමෙට කාසි උණන "පිටකොටුව" බඳු බහු විධ ජාවාරම් පොළක් බවට පත් කර ගත්, විකිණෙන්නේ නැති ජෝතිෂ්‍ය පත්තරයක කළමණාකාරීත්වය විසිනි..(ඉහත දේවාලයට ඔබ ගොස් ඇත්නම් මා කියන දෙයම ඔබටත් වැටහී ඇතැයි සිතමි..)...මේ දේවාලයට ඔබ එක් වරක් හෝ ගොස් තිබෙනවාද?..මේ දේවාලය වනාහි බ්‍රහ්ම ජාල සූත්‍රයෙහි බුදු පියාණෝ කොටස් 64කට බෙදා ප්‍රතික්ෂේප කළ අන්ත "ශාස්වථවාදී" විශ්වාස අතර ඇති, "ක්‍රිෂ්ණා, හනුමාන්" ඇදහීම අපේ බෞද්ධයන්ට හුරු කර, ඒවායේ ඇති මිසදිටු අයිතමයන් විකුණා ගැනීමට සකසන ලද ජාවාරම් පොළකි....

    කිරට හඬන අසරණ බිළින්දන් සිටින රටක සිංහළ බෞද්ධයෝ බුරුතු පිටින්, උන් මඟ හැර ගොස්, මේ දේවාලය මැද්දේ තොටිල්ලක "ක්‍රිෂ්ණ බබා" ලෙස නම් කොට තබා ඇති ප්ලාස්ටික් බෝනික්කෙකුට රට කිරි පිටි පැකට්, ළදරු සුවඳ විළවුන්, සබන්, ආහාර පාන යහමින් පූජා කරනු මේ දේවාලය පුරා සැළකිල්ලෙන් ඇවිදින ඕනෑම අයෙකුට දැක බලා ගත හැක...මුලදී අළුතින් සෑදු නිවෙස් වල හට්ටි, මුට්ටි එල්ලා තබා ගන්නා ලෙස කියන විහිළුවකින් පටන් ගත් මොවුන් නිසා, අළුතින් සෑදූ නිවෙස් හිමියන්ට උදා වූ වාසනාවක් ගැන මා නම් අසා නැත...ඒ කෙසේ වෙතත්, උළුවහුවක එල්ලූ මෙවැනි මුට්ටියක සිර වූ අසරණ මීයෙකු නම් මිය පරළොව ගොස් සිටි අයුරු මගේ ඥාතියෙකුගේ නිවසකදී දුටුවෙමි...

    එක කාළයක් ශ්‍රී ලංකාවේ හන්දියක්, හන්දියක්, බෝක්කුවක්, බෝක්කුවක් ගානේ, පාළු පිටි, මඩ ගොහොරු ගානේ "විෂ්ණු-ලක්ෂ්මී" පූජා පැවැත්වූයේද මොවුහුය.."ලක්ෂ්මිට" බැරි නම්, "රාමා" ට බැරි නම්, "සීතා" ට බැරි නම්, ඔවුන්ගේ සේවකයා වන "හනුමන්තා" යැයි සිතා ගහක් උඩ ඉන්නා හැලි වඳුරෙකුට හෝ වඳින්නට ඕනෑ එකෙකුට වැඳ ගත්තාට අපට කමක් නැත...නමුත් දැන් පැමිණ ඇත්තේ ඔවුන්ගේ මිථ්‍යා ව්‍යාපාරයේ ඉතාම "බිහිසුණුම" අදියරයි..මේවා ඉවසා වැදෑරුවහොත්, තව ටික දවසකින් මුන් ඔය "බුදායි" (Budai) පිළිමය ඔවුන්ගේ දේවාලයේ ඇති එකම බුදු පිළිමය වෙනුවට තබා "ඒ ඉන්නේ බුදු හාමුදුරුවෝ" යැයි ඔබේ දූ පුතුන්ට කියනු ඇත...කාට, කාටත් තරු පන්ති පිටින් පේන්න ගන්නේ එවිටය..


    කරුණාකර මේ ගැන දැනුවත් වන ලෙස මම බුදුන් වඳින දෑත් ඔසවා ඔබ සැමගෙන් ඉල්ලමි..නො එසේ නම් අනාගත පරපුර "බුදු හාමුදුරුවෝ" යැයි කියනු ඇත්තේ මෙහි පෙනෙන වාමනාකාර රූපයටය..මේ රූපය දෙවියෙකුගේ හෝ වේවා, කාගේ හෝ වේවා, එය වරදවා ගැනීමෙන් විනාශ වන්නේ බෞද්ධ ශ්‍රද්ධාවයි..."බෞද්ධ ශ්‍රද්ධාව" යනු "ප්‍රඥාවේ" පීතෘත්වයයි...එය වැඩි දියුණු වන්නේ හෝ රඳා පවතින්නේ හෝ "බුද්ධ තේජස" ගැන අප දරුවන්ට උගන්වන දෙය අනුවය..."බුද්ධ තේජස" රැඳෙන බුද්ධ ප්‍රතිරූපය විනාශ වන්නේ නම්, එයින්ම ශ්‍රද්ධාවද සමඟ සමස්ථ බුද්ධ ශාසනයම කඩා වැටෙනු ඇත...මිසදිටුවන් බුදු රුවට ඔය තරම් නිගා කරන්නේත් එය දන්නා නිසාමය...දරුවන්ගේ නාමයෙන් දැනුවත් වන්න...


    (ඔය ෆෙන් ෂුයි විකාර වලට අපහාස කිරීම නිසා ශාපයක් වදී යැයි හෝ, නපුරක් වේ යැයි හෝ කාට හෝ අනියත බියක් ඇත්නම්, ඒ වෙන නරකක් හෝ වදින ශාපයක් මේ ලිපිය ලියූ මට වදීවායි පතා ඒ බිය දුරු කර ගන්න...බුදු දහමේ නිරවුල් භාවය වෙනුවෙන් ලැබෙන මරණයක් වෙතොත් මම ඊට කිසිදු පැකිළීමකින් තොරව මුහුණ දෙමි...)


    "පුන් සඳ මෙන් කඳු මුඳුනේ දිස්වෙන....

    රන් වන් සිවුරක් පොරවා රැස් දෙන.....
    තුන් ලොවටම මෙත් කරුණා වස්සන...
    අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන....."

    (Written by D.K. on 15-06-2010 at Cardiff of Wales, United Kingdom..එක්සත් රාජධානියේ, වේල්සයේ කාඩිෆ් හි සිට, 15-06-2010 වැනි දින ලියන ලදී..)

    ...මෙන්න අපේ බුදු හාමුදුරුවෝ...








    ...ෆෙන්ග් ෂුයි මිථ්‍යාව ප්‍රචලිත කරන "බුදායි" පිළිමය...


    Facebook group එකක ලිපියක් ඇසුරෙනි
     
    Last edited:
    Jun 18, 2010
    37
    5
    0

    අනුන්ගේ ගුද මාර්ගවල ඇඟිලි නොගහ හිටපන් පුත්තලම් බූරැවෝ. බැලුවානම් එක්කෝ හොඳක් කියපං. නැත්නම් කට පුක පියාගෙන පලයන්. තෝ මේ වගේ වැදගත් දේවල් කීයක් කරලා තියෙනවද , මී හරකා:angry::angry::angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නයි පටවන්නා;7683859 said:
    අනුන්ගේ ගුද මාර්ගවල ඇඟිලි නොගහ හිටපන් පුත්තලම් බූරැවෝ. බැලුවානම් එක්කෝ හොඳක් කියපං. නැත්නම් කට පුක පියාගෙන පලයන්. තෝ මේ වගේ වැදගත් දේවල් කීයක් කරලා තියෙනවද , මී හරකා:angry::angry::angry:
    kage daruwekda manda :P
    thaththa pissekda? :lol: