සෙලාන් බැංකුවත් හාන්සියි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සෙලාන් බැංකුවත් හාන්සියි

    සල්ලි දාලා තියෙන එවුන් දැන්ම ගනිල්ලා නැත්තම් උද්ගොෂන කරලා බෙල්ල වැල දාල නඩු කියලා තමයි තමන්ගේ සල්ලි ගන්න වෙන්නේ.

    ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව අවලංගු කිරීමත් සමඟ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානම මතුව තිබෙන්නේ අදාළ කොටස් මිලදී ගත් ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයා වන මොටොහිකෝ හොම්මා (Motohiko Homma) සිය ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් ඔහු සතුව සෙලාන් බැංකුවේ තැන්පත් කර තිබූ තවත් රුපියල් කෝටි 350 (අමෙරිකානු ඩොලර් මිලියන 25) කට ආසන්න තැන්පත් මුදල ඉවත් කර ගැනීමට ගෙන ඇති තීරණය නිසාය.

    මේ පිළිබඳව වාර්තා කරමින් මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එකවර මෙතරම් මුදලක් සෙලාන් බැංකුව වෙතින් ඉවත් කර ගතහොත් එය බැංකුවට දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇති බවය.

    ජපන් ව්‍යාපාරික හොම්මා අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි. හොම්මා මෙම ගනුදෙනුව සඳහා ඉදිරිපත් වී ඇත්තේ සෙලාන් බැංකුවේ ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවකු වන පී. ගුණසේකර නම් මෙරට ව්‍යාපාරිකයකුගේ ඉල්ලීම පරිදිය. ගුණසේකර නම් ව්‍යාපාරිකයා හොම්මාගේව්‍යාපාරික සහකරුවකු වන අතර ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ව්‍යාපාරයක් වන පැසිපික් ටර්බයින් බිස්බන් සමාගමේ 19%ක කොටස් හිමිකරුවෝ ද වෙති. ඒ අනුව සිය ව්‍යාපාරික සගයාගේ ඉල්ලීම මත මෙම කොටස් මිලදී ගැනීම සඳහා හොම්මා යොමු වී ඇත්තේ ඔහුට අයත් අසීර් ඇන්ඩ් නෙක් (පෞද්) සමාගම හරහාය. එම සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි කර ඇති සමාගමකි.

    අප වෙත වාර්තා වන අන්දමට ඉදිරියේදී තවත් ආයෝජන කිහිපයක් වෙනුවෙන් ද මැදිහත් වීමට අපේක්ෂා ඇතිව හොම්මා මහතා අදාළ ගනුදෙනුව සඳහා ඉදිරිපත්ව ඇති අතර ඊට අමතරව සෙලාන් බැංකුවේ කොටස් හිමිකාරීත්වය ගැනීමේ පෞද්ගලික ළැදිකමක් ද ඔහුට තිබී ඇත. ගුණසේකර නම් ව්‍යාපාරිකයා ද සිය සගයාට කොටස් වෙළෙඳපොළේ ඇති ලංකා බැංකුවට අයත් 7.5% කොටස් පිළිබඳ දැනුම් දී ඇත්තේ ඒ අනුවය.

    කෙසේ වුවත් මේ ගනුදෙනුව අවලංගු කරන ලෙස දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර එහි දී වැඩිදුරටත් කියවුණේ ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 විකුණා දැමීමට අදාළ ගනුදෙනුවේ දී බරපතළ වංචාවක් සිදුව ඇති බවට ලැබුණු ආරංචියකට අනුව අග්‍රාමාත්‍යවරයා අදාළ තීරණය දැනුම් දුන් බවය.

    එහි දී ලංකා බැංකුවේ අංක 1 ගිණුම යටතේ පැවැති සෙලාන් බැංකු කොටස් හිමිකාරීත්වය පසුගිය 16 දා විකුණා දමා ඇත්තේ විෂයභාර අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවට සඳහන් කර ගනුදෙනුව නවතන ලෙසට දැනුම් දීම සිදුකර ඇත. එසේම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්පවත්වන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ද නියෝග කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ විය. ඊට අදාළ පසුබිම වාර්තා වන්නේ අදාළ කොටසක් වෙනුවෙන් අධි මිලක් ගෙවීමට ජපන් ජාතික ව්‍යාපාරිකයා කටයුතු කර ඇති නිසාය.

    ජපන් ජාතික හොම්මා මෙම කොටස් මිලදී ගැනීම සිදු කරන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර එය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් වී ඇත. ඒ තුළ ලංකා බැංකුව සෙලාන් බැංකුවේ 6 වන විශාලතම කොටස් හිමිකරුවා ද විය. අදාළ මිලදී ගැනීම සිදු වන විට ඒ එක් කොටසක මිල රුපියල් 85.00ක් වන ලෙස සටහන්ව තිබී ඇත. ඒ අනුව හොම්මා මෙම මිලදී ගැනීම සිදුකර ඇත්තේ එක් කොටසක් රුපියල් 100 බැගින් වෙළෙඳපොළ ගනුදෙනු මිලට වඩා රු. 15.00 ක වැඩි මිලකටය.

    ඒ අනුව එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම ගනුදෙනුවෙන් වාර්තා වූ අතර එය මුළුමනින්ම නීත්‍යනුකූලව සිදු වූ ගනුදෙනුවක් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වුවත් අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම අනුව අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඊට පහසුකම් සපයනු ලැබූ කොටස් තැරැව්කාර සමාගමෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති අතර කොටස් වෙළෙඳපොළ නීති රීතිවලට අනුව එවැනි ඉල්ලීමක් කිරීමට කොටස් තැරැව්කාර සමාගමට අවස්ථාව ඇත. ඒ අනුව එම මැදිහත්වීම ද නීත්‍යනුකූලය. එහෙත් ගැටලු‍ව වන්නේ ඒ පසුබිමේ ඇසෙන අතුරු කතා සමඟ අදාළ ගනුදෙනුව වැළැක්වීමට ගත් පියවර කෙතරම් දියුණු තීන්දුවක්ද යන්න සැලකීමේදීය.

    ඒ අනුව මෙම ගනුදෙනුව අවලංගු කරවීම සඳහා අග්‍රාමාත්‍යවරයාට කරුණු දැක්වූ පාර්ශ්ව මෙම ගනුදෙනුවේ යථා තතු ඔහුට ලබා දී නොමැති බව ද වාර්තා වෙයි. ආණ්ඩුවේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ එම ව්‍යාපාරිකයා මේ වන විටත් සෙලාන් බැංකුවේ ප්‍රබල කොටස් හිමියකුගේ ඉත්තෙක් ලෙස දක්වා අදාළ ගනුදෙනුව වැළැක්වීමට අග්‍රාමාත්‍යවරයා උනන්දු කළ පාර්ශ්ව කටයුතු කර ඇති බවය. එහි දී අදාළ ව්‍යාපාරිකයා සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු ව නැති අතර අවම වශයෙන් දෙසැම්බර් 22 සහ 23 යන දිනවල අදාළ ගනුදෙනුව ගැන පැහැදිලි කරදීමට අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හමුවීමේ අපේක්ෂාවෙන් හොම්මා නැවත ශ්‍රී ලංකාවට පැමිණියත් ඒ අවස්ථාවවත් සලසා නැත.

    එසේම මෙම කොටස් ගනුදෙනුව වැළැක්වීම පිටුපස පසුගිය සමයේ මූල්‍ය සමාගම් කිහිපයක කොටස් ආන්දෝලනාත්මකව ලබා ගත් ව්‍යාපාරිකයකු සිටින බවත් ඔහු සිය දේශපාලන හිතවත්කම යොදාගෙන මෙම ගනුදෙනුව පිළිබඳ විකෘති අදහසක් අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ගවලට අනුව අදාළ ව්‍යාපාරිකයා ද මෙම කොටස් කෙරෙහි අවධානයෙන් සිට ඇති නමුත් ඔහුට එම අවස්ථාව අහිමිව ගොස් ඇත්තේ ජපන් ජාතික ව්‍යාපාරිකයා කොටසක් වෙනුවෙන් අධි මිලක් ඉදිරිපත් කළ නිසාය.

    මේ අතර ජපන් ව්‍යාපාරිකයාට ඔහුගේ ව්‍යාපාරික උපදේශකයන් විසින් තවදුරටත් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු නොකරන ලෙසත් දැනට ඇති ආයෝජන ඉවත් කර ගැනීමටත් උපදෙස් ලබා දී ඇති බව ද දැනගන්නට ඇත. සෙලාන් බැංකුවේ තැන්පත් මුදල් ඉවත් කර ගන්නට හොම්මා කටයුතු තීරණය කර ඇත්තේ ද ඒ අනුවය.

    කෙසේ වුවත් රජයේ මෙවැනි තීරණ හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කඩා වැටීමක් සිදු වෙමින් ඇති බවත් එසේම එන්න එන්නම විදේශීය ආයෝජනවල අඩු වීමක් මෙන්ම රජය කෙරෙහි ආයෝජකයන් විශ්වාස නොකරන තත්ත්වයකට රජය පත් වෙමින් සිටින බවත් මේ සම්බන්ධව අදහස් පළ කරන මූල්‍ය විශේෂඥයෝ පවසති.

    – සංජය ලියනගේ
    සත්හඬ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ජපන් කාරයෙක් අරං තියෙන්නේ... මම මුලිං හිතුවේ මහ බැංකු හොරාගේ තවත් වික්‍රමයක් කියලා :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජපන් කාරයෙක් අරං තියෙන්නේ... මම මුලිං හිතුවේ මහ බැංකු හොරාගේ තවත් වික්‍රමයක් කියලා :lol:

    මහ මොල කාරයා කැන්සල් කරේ ඩීල් එකක් දාන්නද දන්නේ නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජපන් කාරයෙක් අරං තියෙන්නේ... මම මුලිං හිතුවේ මහ බැංකු හොරාගේ තවත් වික්‍රමයක් කියලා :lol:
    ඒ වුනාට කියන විදිහට බෑන්කු හොරා තමා අගමෑතිට විශබීජ දාලා තියෙන්නේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ වුනාට කියන විදිහට බෑන්කු හොරා තමා අගමෑතිට විශබීජ දාලා තියෙන්නේ.

    පර්පචුවල් එක වාණිඡ බැංකුවක් මිලදි ගන්න යන්නේ කුනු කොල්ලයට ගන්න මුලික පියවර.:yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නළුවාගේ මොලේ... යන යකා යන්නේ කොහරත් බිදගෙන...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    how_to_troll_with_gif.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ දැන් ඉතුරුවෙලා තියෙන්නේ බැංකු ටික විතර්ටයි .එකටත් කෙලින්න යන්නේ .මුන් නම් මහා කාලකන්නි ටිකක් ..
    මන් දැක්ක ඔන්න ලංකා බන්ජ්කුවටත් ෂොට් එක ලැබෙන කතාවක් :no:
    :growl:

    ලංකාවේ හෙනහුරා තමා පබයයි බැංකු හොරයි හවුලේ හොරාකනවා :no:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    කෙසේ වුවත් මේ ගනුදෙනුව අවලංගු කරන ලෙස දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර එහි දී වැඩිදුරටත් කියවුණේ ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 විකුණා දැමීමට අදාළ ගනුදෙනුවේ දී බරපතළ වංචාවක් සිදුව ඇති බවට ලැබුණු ආරංචියකට අනුව අග්‍රාමාත්‍යවරයා අදාළ තීරණය දැනුම් දුන් බවය.

    තව විදිල්ලකට තමා