Boman said:මම මගේ අදහස් මේකට එකතු කරනව කියුවට ඒක කරන්න බැරි උනා එක එක හේතු නිසා(පුද්ගලික හේතු)
මට මේ හුයට ලැබුණු ප්රතිචාර හැම එකක්ම කියවන්නත් බැරි උනා සමහරවිට මම මේ එකතු කරන්න යන අදහස් ඔයාල දැන් ඉන්න තැනින් ආපස්සට ගෙනි යන්නත් පුලුවන්
මමනම් හිතන්නෙ සොයන්න නම් අපි අපේ ඔලුවෙ තියන බහුබූත අපි අදහන විශ්වාස කරන්න කියල අපේ ඔලු වලට කවපු හැම දෙයක්ම මකල දාල හිස් කොලයක් වගේ අපේ මනස තියාගන්න ඕනෙ කියලයි
බුදුන් වහන්සේ උනත් විවිධ ඇදුරුවරුන් යටතේ විවිධ දේ හැදෑරුවා නමුත් එතුමාට අවසනදි පිහිට උනේ ස්වාධීන චින්තනය මගින ලබා ගත් ප්රඥාව
අනිත් දෙය තමයි පිළිතුරු 100කට වඩා අපිට වැදගත් වෙන්න පුලුවන් 1 ප්රශ්න නැගීමක් ඒ මගින තමයි අපේ සිතුවිලි අවකාශය පුලුල් වෙන්නෙ අපි හිතනව කියන්නෙ බොහෝ වෙලාවට අපි සිතන්න පුරුදු වෙලා අපිට පුරුදු කරල තියන වටපිටාවක් අතුලෙ අපි කරන ක්රියාවක් නමුත් ප්රශ්න නැගීමක් කියන්නෙ අපි තුලින්ම සෙවීමක් අපි අපට කවල තියන අපි ගොඩ නගන් ඉන්න පදනම් කඩල අලුතින් ඒ සිතුවිලා මායිම් පුලුල් කරගන්න ක්රියාවලියක්
බොබ් මාලෙ කිව්ව වගේ Emancipate your selves from mental slavery නේද?

monada me Words?? mata penne,,,kotu,,kotu vagei ne