සෞදියේ_අනාගැනීම

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    සෞදියේ_අනාගැනීම

    සෞදි අරාබිය විසින් තුර්කි කොන්සල් කාර්යාලය තුළදී අමු අමුවේ සාහසික ලෙස මරා දැමූ ලෝ ප්‍රකට මාධ්‍ය වේදියා ජමාල් ඛෂෝගි වැනිම පුද්ගලයෙක්, ජමාල් කොන්සල් කාර්යාලය තුළට ඇතුල් වීමෙන් මද වේලාවකට පසුව පිටව ගොස් ඇත!

    %E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%B6%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%A9%E0%B7%9A-%E0%B6%A2%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9B%E0%B7%82%E0%B7%9D%E0%B6%9C%E0%B7%92.jpg



    සෞදිය බොරු ජමාල් ඛෂෝගි කෙනෙක් මවලා!


    මේ පුද්ගලයා ‘body double’ එකක්, එහෙමත් නැතිනම් ජමාල් ඛෂෝගි වැනි ම අයෙක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. සමහරවිට, සෞදි අරාබිය වෙත ජමාල්ගේ ඉරණම ගැන ප්‍රශ්න කරමින් ලෝකය මෙතරම් හඬ නොනැගුවා නම් සෞදි අරාබිය තමන් අහිංසක බව කියාසිටීමට මේ පුද්ගලයා යොදාගැනීමට ද ඉඩ කඩ තිබුණේය. Khashoggi’s ‘body double’ is pictured leaving Saudi consulate

    සීසීටීවී කැමරාවලින් පෙනී ගිය අන්දමට මෙසේ පිටවී යන පුද්ගලයා හැඳ සිටින්නේ, ජමාල් විසින් හැඳ සිටි ඇඳුම්ම, එනම් ජමාල්ගේ කමිසය, සූට් ජැකට්ටුව සහ කලිසම වේ.

    5552.jpg


    මෙය කලින්ම සැලසුම් කර තිබූ දෙයක් බව පෙන්නුම් කරමින් මේ අබිරහස් පුද්ගලයා, ජමාල් ට තිබූ රැවුලට සමාන බොරු යටි රැවුලකින් ද යුක්ත වේ. නමුත් මේ පුද්ගලයා ගුවන් තොටුපොළේදී සහ තානාපති කාර්යාලයට ඇතුල් වන විට ඔහුට තිබී ඇත්තේ උඩු රැවුලක් පමණක්ය.

    5279508-0-image-a-38_1540209979835.jpg


    මේ වන විට විශ්වාස කරන්නේ සෞදි බුද්ධි අංශ නිලධාරීන් විසින් ජමාල් ඛෂෝගි ව මරා දැමූ බවයි. ජමාල්ගේ බොඩි ඩබල් ලෙස හැඳ පැළඳගෙන යන්නේ බුද්ධි අංශ නිලධාරියෙක්ම බවට සැක පළ වේ.

    අහස පොළොව නූසුළන ලෙසට ජමාල් ව මරාදැමීමෙන් පසු, ජමාල් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වීදි දිගේ කිසි දෙයක් නොවුණා වගේ බ්ලූ මොස්ක් අවට ප්‍රදේශයේ ඇවිද යන්නේ මේ අනුව වේ. මේ කෙනා මෙසේ ඇවිද යන්නේ ජමාල් අවසන් වරට ජීවතුන් අතර සිටිනු දුටු අවස්ථාවෙන් පැය කිහිපයකට පසුව වේ.

    පසුව ටැක්සියකින් බ්ලූ මොස්ක් ප්‍රදේශයට යන ඔහු පොදු වැසිකිළියකට ඇතුල් වී තමන්ගේ සුපුරුදු ඇඳුම ට මාරු වී, බොරු යටි රැවුල ද ගළවා දමා ඇවිද ගොස් තිබේ.

    5278824-6302861-image-m-28_1540208091052.jpg


    ජමාල් ඛෂෝගි මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සෞදි ජාතිකයන් 15 දෙනෙක් සැක කරනු ලබයි. මේ පුද්ගලයා ද එයින් එක් අයෙකි. ඔහුගේ නිල නම මුස්තාෆා අල්-මදනි (Mustafa al-Madani) බව සීඑන්එන් පුවත්සේවය පවසන්නේය.

    59 හැවිරිදි ජමාල් ඛෂෝගි ව මරා දැමීමට පෙර ඔහුට වධ දුන් ක්‍රම පිළිබඳ සාක්ෂිද මේ වන විට රැසක් ලැබී තිබේ. ඒවාට අනුව ඔහුව කොන්සල් කාර්යාලය එනම් තානාපති කාර්යාලය වෙත කැඳවන සෞදි බලධාරීන් ඔහුගේ ඇඟිලි කපා දමමින් වද දී මරා දමා තිබේ. පසුව ශරීරය ද කොටස්වලට කපා දමා ඇත.

    තුර්කි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සෞදි අරාබියේ ඔටුන්න හිමි ‘කුමාරයා‘ මොහොමද් බින් සල්මන් ගේ පිරිවර විසින් ජමාල් ඛෂෝගි ව මරා දැමූ දවස ඇතුළත ඉස්තාන්බුල් නුවර පිහිටා තිබෙන සෞදි කොන්සල් කාර්යාලයට 4 වතාවක් දුරකථන ඇමතුම් ලබාදී ඇති බවයි. මේ අතර ඔටුන්න හිමි කුමාරයාගේ නිල කාර්යාලයේ ප්‍රධානියා වෙත සහ ඇමරිකාව වෙත ද දුරකථන ඇමතුම් දෙකක් කොන්සල් කාර්යාලයෙන් ලැබී ඇත.

    ජමාල් ඛෂෝගි ගේ ඝාතන විමර්ශනය සහ එහි ප්‍රතිඵල

    තුර්කියේ ප්‍රධාන පෙළේ දේශපාලකයෙක් ඛෂෝගිගේ ඝාතනය ‘ම්ලේච්ඡ අන්දමින්‘ සැලසුම් කර සිදුකළ එකක් බව පැවසුවේය.

    සෞදි කොන්සල් කාර්යාලයට අයත් මෝටර් රථයක් ඉස්තාන්බුල් නගරයේදී පරීක්ෂාවට ලක් වන්නේ මාධ්‍ය වේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් හෝඩුවාවක් සොයාගැනීම සඳහා ය. ඛෂෝගිගේ ඝාතනය රටේ ඉහළම මට්ටමෙන් අනුමත කළ එකක් බව බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් ජැක් ස්ට්‍රෝ පවසයි.

    තුර්කි ජනපති තායිප් එර්දොගන්ගේ උපදේශකයෙක් ඛෂෝගි ‘fist fight’ හෙවත් මුෂ්ටි ඇල්ලීමකදී මිය ගිය බවට පළ වන වාර්තා අසත්‍ය බව පවසයි.

    ඛෂෝගිගේ ඝාතනය ට අදාළව පළවන වාර්තා පිළිබඳ බ්‍රිතාන්‍යය හදිසි පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියි.

    ‘Davos in the Desert’ යනුවෙන් හැඳින්වෙන, ලෝකයේම අවධානය දිනාගත් සෞදියේ ආයෝජන සම්මේලනයෙන් ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාර ආයෝජකයෝ සහ සමාගම් ඉවත් වෙති.

    සෞදි ඔටුන්න හිමි කුමාරයා මොහොමද් සහ සෞදි රජු සලමන්, ඛෂෝගිගේ පුතා, සලා අමතා සිය කණගාටුව ප්‍රකාශ කරති.

    සෞදියේ විදේශ ඇමතිවරයා ඛෂෝගි ව මරාදැමූ බව පිළිගනියි. නමුත් ඔහු පවසන්නේ එය හදිසි ගැටුමකදී සිදුවූ ‘දැවැන්ත අත්වැරදීමක්‘ බවයි.

    අද (22) සීඑන්එන් පුවත්සේවය, ඛෂෝගි වැනිම පුද්ගලයෙක් ඛෂෝගිගේම කලිසම් ඇතුළු ඇඳුම් ඇඳගෙන තානාපති කාර්යාලයෙන් පිටව ගිය අයුරු දැක්වෙන වීඩියෝ ලබාගෙන ඒවා මුදා හරියි.


    මේ වන විටත් සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙන්නේ 15 දෙනාගේ කණ්ඩායමෙන් එක් අයෙක් ඛෂෝගිගේ ඇඳුම් ඇඳගෙන, ඛෂෝගි තානාපති කාර්යාලයෙන් පිටත්ව ගිය ආකාරයට පිටවී ගිය බවයි. මදානි නමැති මේ අනුකාරකය, ඛෂෝගිගේ උපැස් යුවළ පමණක් නොව, ඛෂෝගි පාවිච්චි කළ ඇපල් අත් ඔරලෝසුව ද පැළඳගෙන පිටුපස දොරෙන් පිටවී ගොස් තිබේ.

    සෞදියේ රඟපෑම දිගටම

    මේ වන විට ෆිස්ට් ෆයිට් එකකදී එනම් අතින් පයින් පහර දීමකදී වැරදීමකින් මිය ගිය බව බලධාරීන් කී ඛෂෝගිගේ සිරුරේ කොටස් ද හමු වී තිබේ. මෙසේ සිදුවන්නේ සෞදි විදේශ අමාත්‍යවරයා, ‘‘අවාසනාවකට වගේ ශරීරය තිබෙන තැන අපි දන්නෙ නෑ‘ යැයි බොරු කතා කියා තිබියදී ය. සෞදිය මේ ඝාතනය සිදුවූ බව පිළිගැනීමෙන් නොනැවතී ඒ ගැන විමර්ශනයක් ද දියත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහළ පෙළේ සෞදි නිලධාරීන් 5 දෙනෙක් සේවයෙන් පහ කර ඇති අතර, තවත් 18 දෙනෙක් අත්අඩංගුවට ද ගෙන ඇත.

    මේ මොහොත වන විටත් සෞදි අරාබිය හැසිරෙන්නේ ‘අත්වැරදීමකින් ඛෂෝගි මිය ගිය බව‘ තහවුරු කරමින් තමන් අහිංසක බව නැවත නැවතත් කියා සිටිමිනි.

    5277564-0-image-m-4_1540205643726.jpg


    නමුත් තුර්කි බලධාරීන් චෝදනා කරන්නේ ඛෂෝගිගේ සිරුරේ කොටසක් සෞදියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමද් බිල් සල්මන්ගේ ශරීරාරක්ෂකයෙකු විසින් රටෙන් ද යවා ඇති බවට ය. එයට සාක්ෂි ද තිබේ. Middle East Eye පවසන ආකාරයට ඛෂෝගි ව දඩයම් කිරීම සඳහා යොදාගත් 15 දෙනාගේ කණ්ඩායමෙන් එක් අයෙක් ඛෂෝගිගේ සිරුරෙන් කොටසක් බෑගයක දමා ගෙන ගොස් ඇති බවට සැක පහළ වේ. මේ බුද්ධි අංශ නිලධාරියා මහර් අබ්බුද්ලාසීස් මුත්රෙබ් යනුවෙන් හඳුනාගෙන ඇත. ඔහු ඛෂෝගි අබිරහස් ලෙස ‘නැති වූ දා‘ එනම් ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවරින් ජෙට් යානාවක නැග තිබෙන්නේ සවස 6.20ට පමණ වේ. එම පුද්ගලයා ‘මහත් හදිස්සියකින්‘ පසු වූ බවට ද ඇසින් දුටු සාක්ෂි පවසයි. මොහොමද් කුමාරයා ඇමරිකාව, ප්‍රංශය සහ ස්පාඤ්ඤය වෙත මේ වසරේ සංචාරයට පැමිණි අවස්ථාවලදී කුමාරයා අසලින්ම සිටි, ඔහුගේ පරිවාර නිලධාරියෙකු වශයෙන් මේ තැනැත්තා හඳුනාගෙන තිබේ.



    මරා දැමූ ඛෂෝගිගේ සිරුර, කොන්සල් කාර්යාලයේම කළාලයක ඔතා කොන්සල් කාර්යාලයේම වාහනයක දමාගෙන යම්කිසි අයෙකුට භාර දී ඇති බවටත්, වෝහාරික විශේෂඥයෙකු ලවා මෙම අපරාධයේ සාක්ෂි මකා දමන්නට කොන්සල් කාර්යාල බලධාරීන් උත්සාහ ගත් බවට ද වාර්තා තිබේ.

    සෞදියේ පාලකයන් දැඩි සේ විවේචනය කළ ජමාල් ඛෂෝගි, මෙයට අවුරුද්දකට පමණ පෙර ඇමරිකාවේ වොෂින්ටන් නුවර විප්‍රවාසයට ගියේ තමන්ගේ ජීවිතය බේරාගැනීමේ අරමුණිනි. ඔහු නැවත සෞදි අරාබිය බලා යාමට අදහස් කර තිබෙන්නේ විසම්මුතිකයන් වෙනුවෙන් සිදුකරන සමාජ ව්‍යාපාරයක කොටස් කරුවෙකු වීම සඳහා ද වේ.

    නමුත් තමන් එන තෙක් සෞදි අරාබිය, වෘකයෙකු මෙන් කුරුමාණම් අල්ලමින් බලා සිටි බව ජමාල් ඛෂෝගි දැන සිටියේ නැත.

    ඛෂෝගිගේ අවසන් වචන

    ජමාල් ඛෂෝගිගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව මේ වන විට සෞදි ඝාතකයන් විස්තර රැසක් හෙළි කර ඇත.

    මහර් මුත්රෙබ් නමැති 15 දෙනාගේ කණ්ඩායමෙන් එක් අයෙක්, ඛෂෝගි විසින් සෞදියේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම උල්ලංඝනය කර ඇති බව පවසද්දී ජමාල් ඛෂෝගි එයට විරුද්ධත්වය පල කර ඇත්තේ, ‘‘නුඹලා මට මොනවද කරන්න හදන්නෙ? මාව කිඩ්නැප් කරන්නද යන්නෙ?“ යනුවෙන් අසා තිබේ.

    එවිට, ‘‘ඔව්. අපි නුඹට බෙහෙතක් දීලා කිඩ්නැප් කරනවා‘ යැයි මහර් කියා ඇත්තේ තර්ජනාත්මක ස්වරයෙනි.

    මෙයට විරුද්ධව ඛෂෝගි උස් හඬින් කතා කරන්නට ගත් විට එම කණ්ඩායම කලබල වූ බවත්, ඛෂෝගිගේ කට වැසීම සඳහා පහර දුන් බවත්, හුස්ම හිර කර මුව වැසූ බවත් මේ අපරාධයට සම්බන්ධ වූවන් පවසා තිබේ. තවද ඛෂෝගි ගේ ගෙළ කපා මරාදැමූ බවට පළ වන මත සනාථ වී නැති බව ද විමර්ශන කණ්ඩායම් පවසයි.

    තුර්කි බලධාරීන් පවසන්නේ මේ සෞදි ඝාතකයන් විසින් ජමාල්ගේ සිරුරේ කෙටස් ඉස්තාන්බුල් නුවර බෙල්ග්‍රාඩ් කැලෑවටත්, ඉස්තාන්බුල් නුවරට සැතපුම් 55 ක් දුරින් පිහිටා තිබෙන යලෝවා නුවර අසල ස්ථානයකටත් විසි කර දමන්නට ඇති බවයි.

    5282656-6302861-image-a-2_1540216591557.jpg


    මළ සිරුර රැගෙන ගිය බවට සැක කරන්නේ මේම වාහනයේ ය.

    ‘Davos in the Desert’ පුස්සක් වෙයි.

    මේ වන විට සෞදියේ මහා ආයෝජන සමුළුව වන ‘Davos in the Desert’ පුස්සක් බවට පත් කරමින් ලෝකයේ ප්‍රධාන පෙළේ ආයෝජකයන් ඇතුළු සමාගම් රැසක් එයින් ඉවත් වී ඇත. සෞදි අරාබිය අවසානයේ ගෝලීය සමුළුවක් වෙනුවට පවත්වන්නේ හුදෙකලා සන්දර්ශනයක් වේ.

    5282644-6302861-image-a-3_1540216789616.jpg

    සෞදි කුමාරවරුන් ඩාවෝස් සමුළුවේ තනි වී

    ඇමරිකානු, යුරෝපියානු බලධාරීන් රැසක් ඛෂෝගිගේ ඝාතනය සහ අතුරුදන් වීම කෙරෙහි සිය බලවත් අප්‍රසාදය පළ කරමින් මෙයින් ඉවත් වී තිබේ. මෙම ආයෝජන සමුළුව පැවැත්වීමෙන් සෞදිය බලාපොරොත්තු වූයේ තමන්ගේ ගෝලීය ප්‍රතිරූපය නගා සිටුවන්නට ය. නමුත් ඛෂෝගිගේ ඝාතනයේ ඇත්ත තතු හෙළිවීමත් සමග ඒ සියල්ලම දැන් බුල්ඩෝසර් වී තිබෙන බව කිව හැකිය. ලෝකයේ ව්‍යාපාරික ප්‍රභූ පැළැන්තිය ඒකරාශී කර ගනිමින් ඔවුන් සැලසුම් කර තිබුණේ ලෝක ආර්ථික සංසදයට සමාන අරාබි බලවේගයක් නිර්මාණය කර ගැනීමයි. ඩාවෝස් හි වර්ෂයකට වතාවක් පැවැත්වෙන ලෝක ආර්ථික සංසදය සමග මෙහි කිසිදු සම්බන්ධයක් නොමැති වුවත්, ‘කාන්තාරයේ ඩාවෝස්‘ යනුවෙන් මෙයට නම් දීම මගින්ම ඒ බව පැහැදිලි වන්නේය. මේ යටතේ පුනර්ජන්‍ය බලශක්තියේ නව සොයාගැනීම් ඇතුළත්ව කාන්තාරය තුළ සම්පූර්ණයෙන්ම අලුත් පුරවරයක් නිර්මාණය කිරීම සම්බන්ධ සැලසුම් හෙළිදරව් කිරීමට සෞදි අරාබිය සැදී පැහැදී සිටියේ පසුගිය වසරේ පටන්ය.

    කෙසේ නමුත් මේ වන විට මෙම සමුළුවට සහභාගි වීම් අවලංගු කර ඇති ලැයිස්තුව පහත දැක්වේ.

    -U.S. Treasury Secretary Steven Mnuchin;
    -JPMorgan Chase CEO Jamie Dimon;
    -Blackrock CEO Larry Fink;
    -MasterCard CEO Ajay Banga;
    -HSBC CEO John Flint;
    -Siemens CEO Joe Kaeser;
    -Standard Chartered CEO William Winters;
    -London Stock Exchange CEO David Schwimmer;
    -Ford Executive Chairman Bill Ford;
    -Uber CEO Dara Khosrowshahi;
    -Los Angeles Times owner Patrick Soon-Shiong;
    -New York Times Columnist Andrew Ross Sorkin;
    -Google Cloud CEO Diane Greene;
    -Former AOL CEO Steve Case;
    -International Monetary Fund Managing Director Christine Lagarde;
    -Virgin Group founder Richard Branson;
    -Thrive CEO Arianna Huffington;
    -World Bank President Jim Yong Kim;
    -French Finance Minister Bruno Le Maire;
    -Dutch Finance Minister Wopke Hoekstra;
    -Britain’s trade minister, Liam Fox;

    මෙම සමුළුවට මාධ්‍ය ආවරණය ලබාදීම එක හෙළා ප්‍රතික්ෂේප කළ මාධ්‍ය සමාගම් පහත දැක්වේ.

    -New York Times;
    -Financial Times;
    -CNN;
    -Bloomberg;

    ජමාල් ඛෂෝගිගේ ඝාතනයත් සමග සෞදි අරාබිය සමග සබඳතා සම්පූර්ණයෙන් කපා දැමූ ආයතන ද ගණනාවකි. වොෂින්ටන් තින්ක් ටෑන්ක් වැනි බුද්ධිමය සංවිධාන, සෞදි අරාබියෙන් ආධාර අරමුදල් ලබාගැනීම නිල වශයෙන් නවතා දමා ඇත. වොෂින්ටනයේ සිට අරාබි හිමිකම් වෙනුවෙන් වැඩ කළ ආයතන, තවදුරටත් සෞදි අරාබිය වෙනුවෙන් පෙනී නොසිටින බව ප්‍රකාශ කර ඇත.

    තායිප් එර්දෝගන්ගේ නිරුවත

    තුර්කි ජනපති රිසෙප් තායිප් එර්දොගන් පැවසුවේ, හෙට දිනය වන විට ඛෂෝගි ඝාතනයේ ‘නිරුවත් සත්‍යය‘ තමන් හෙළි කරන බවයි. ඛෂෝගිගේ ඝාතනය හෙළිදරව් කිරීම මගින් ලකුණු දමා ගන්නට උත්සාහ කළත් එර්දොගන් ද Fist fightsවලදී මිය ගිය බව පවසමින් සිය විරුද්ධවාදීන් ගණනාවක් ඝාතනය කළ බවට තොරතුරු රාශියක් තිබෙන බව මෙහිදී අමතක නොකළ යුතුය.


    Update October 23, 2018

    10395416-3x2-700x467.jpg


    මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තුර්කියේ පිහිටා තිබෙන සෞදි තානාපති කාර්යාලයේදී අමු අමුවේ, මහ දවාලේ මරා දමන ලද, මරාදැමීමෙන් පසුව කඩ කඩවලට කපා කැලයකට සහ තවත් තැනකට විසි කර දැමූ ලෝ ප්‍රකට මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ සිරුරේ කොටස් ය. ඡායාරූපය - අල් ජසීරා

    මේ වන විට තුර්කි ජනාධිපති තායිප් එර්දොගන් පාර්ලිමේන්තුව අමතමින් සිටියි. ඔහු කතා කරන්නේ ජමාල් ඛෂෝගි ගේ ඝාතනය ගැන ය. මේ පිළිබඳ තමන් දන්නා දේ හෙළිකරමින් ‘නිරුවත් සත්‍යය‘ ලොවට කියන බව එර්දොගන් ඊයේ කීවේය.

    අද දිනයේ පාර්ලිමේන්තුව අමතමින් එර්දොගන් කියා සිටියේ, සෞදි බලධාරීන්ගේ ‘වර්ෂන්‘ එක වන, ජමාල් ‘ෆිස්ට් ෆයිට්‘ එකකදී මිය ගිය බව සම්පූර්ණ අසත්‍යයක් බවයි.

    එය, ජමාල් කොන්සල් කාර්යාලයට පැමිණෙන්නට පෙර සිටම සැලසුම් කරන ලද ඝාතනයක් බව එර්දොගන් පවසයි.

    ඔක්තෝබර් 2 වැනිදා, සිය සහකාරිය කොන්සල් කාර්යාලයෙන් පිටත රඳවා ජමාල් ඛෂෝගි කොන්සල් කාර්යාලය තුළට යන්නේ තමන් පෙර විවාහයෙන් දික්කසාද වූ බව හඟවන ලියකියවිලි භාරදීම සඳහා ය. නමුත් එසේ ගිය ඔහු නැවත ආවේ නැත.






    හොඳනම් rep+++ දාගෙනම යන්න :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිටියේ. දැන් තමයි වෙලාවක් ලැබුනේ.

    මෙතන මෙහම දෙයකුත් තියෙනවා. මැරුණයි කියන හාදයා සවුදිකාරයෙක්. මිනිහට ඇමරිකන් පුරවැසිකමත් තිබ්බා. මිනිහා සවුදි වල වගේම එහෙං ගිහිං ඇමරිකාවේ මාධ්‍යවලත් වැඩ කරා.හැබැයි මිනිහ සවුදියට විරුද්ධව තමයි නිවුස් ලිව්වේ. සවුදි ඔටුන්න හිමි කුමරුව විවේචනය කරලත් තිබ්බා. ඒ වගේම මිනිහා මිට අවුරුදු තුන හතරකට කලින් සවුදියේ චැනල් එකක වැඩ කරන දවස් වල ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප්ව විවේචනය කරලා නිවුස් දැම්මා කියලා, සවුදි ආණ්ඩුව මිනිහව ඒ චැනල් එකෙන් එලෙව්ව. ඉතිං සවුදිය එහෙම කරේ ඒ තරම් උන් ට්‍රම්ප්ට හිතවත් නිසා.

    ඕක අපේ රටට ගත්තොත් අපේ රටේ ඉන්න මාධ්‍යවේදියෙක් වෙන රටක ඉන්න ජනාධිපතිකෙනෙක් විවේචනය කරලා අපේ රටේ නිවුස් එකක් ලිව්වා කියලා, අර මාධ්‍යවේදීයාව අපේ ආණ්ඩුව විසින් ගෙදර යවනවා වගේ වැඩක්.

    ඉතිං ඔය අස්සේ මේ මැරුණයි කියන හාදයා සවුදියේ සහ ඇමරිකාවේ පස මිතුරු රටක් වන තුර්කියට පලා යනවා. එහෙදි තමයි මේ මරණය වෙන්නේ.මේ අස්සේ සවුදිය එක්ක කේස් දාගෙන ඉන්න කටාර්වල මාධ්‍ය ආයතනයක් වල අල්ජසිරා එක මේ නිවුස් එක හිට් කරනවා.ඒ අස්සේ මේක ලෝක දේශපාලනයේ පසමිතුරු ඇමරිකාව සහ රුසියාව අතර ගැටුමකුත් බවට පත් වෙනවා.මොකද වර්ථමානයේ සවුදිය කියන්නේ ඇමරිකාවේ ලගම මිතුරෙක්. ට්‍රම්ප් ජනාධිපතිඋන ගමන් හා හා පුර කියලා ගියෙත් සවුදියට. සවුදිය එක්ක ඩොලර් කෝටි ගණනක ගනුදෙයි ඉදිරියේ සිදුවීමට නියමිතයි. ඒ වගේම ට්‍රම්ප්ගේ බෑනා සවුදි කුමාරයාගේ ව්‍යාපාරික සගයා.

    ඉතිං ඒ නිසා දැන් සවුදිය මේ මනුස්සයා මැරුවත් ඇමරිකාවට පොඩ්ඩක් මොනව හරි කියලා නිකං ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ට්‍රම්ප් උනත් ඒකයි කිව්වේ 'ඒ අය හරි හොද මිනිස්සු, අපිට සල්ලි ගොඩක් දේවි' කියලා සවුදිය ගැන.

    මොකද මේ දක්වා අනාවරණය කැර ගෙන තියෙන භූගත ෆොසිල ඉන්ධන සංචිතවලින් 18% ඇත්තේ සෞදි භූමියේ. සවුදිය තමයි ලොකේ වැඩිම තෙල් අපනයනකරු වෙනෙක. සම්බාධක පැනෙව්වොත් වසරක් හෝ ඊට වැඩි කාලයක් වුවත් ගෝලීය වෙළෙඳපොළට ඉන්ධන නිකුත් නොකර සිටින්නට සවුදියට පුළුවන්. එහෙම උනොත් සමහරවිට බොරතෙල් බැරලයක මිල ඇඩො 200ක් පවා වෙන්නත් පුළුවන්.ඒ අස්සේ සෞදි අරාබිය අමෙරිකා එක්සත් ජනපදය සමග ඇඩො බිලියන 110ක අවි මිලට ගැනීම සඳහා ගිවිසුම් අත්සන් තියලා තියෙන්නේ. 2030 වනවිට මෙය ඇඩො 350 දක්වා ඉහළ නංවන්නට දෙරට ම කැමැත්ත පළ කරලත් තියෙනවා.

    අනික තමයි මැදපෙරදිග කලාපයේ සාමය පවත්වා ගෙන යන්නේ සෞදි අරාබියයි. අමෙරිකාව ප්‍රධාන බටහිර ඇලිය ඒ සම්බන්ධව සෞදියට බොහෝ ප්‍රශංසා කරනවා හැමදාම. සිය රටේ ජනයාට නිදහසේ වීදි බැස යන්නට අවස්ථාව ලබා දීම ගැන තෙරේසා මේ අගමැතිනිය සෞදි අරාබියට ස්තුතියිත් කරානි.අනික් වැදගත් දේ තාමයි අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පවත්වා ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවලට උදව් කරන්නේ සෞදි අරාබිය. සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් එලවන්න කැරලිකාර කණ්ඩායම් දරන උත්සාහයේ දී සෞදි රජය ඔවුන්ට ආධාර කරනව. ඉරානය සහ රුසියාව එක්ව සිරියා රජයට ආධාර කරනවා. මෙහි තියෙන්නේ සුන්නි – ෂියා යුද්ධයකි. අමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනෙව්වොත් එවිට සෞදි අරාබිය රුසියාව සමග සන්ධාන ගතවනු වෙනවා කියලා දැන් තර්ජනයකුත් කරනවා.සෞදියේ සමස්ත ආනයනවලින් අටෙන් එකක් පමණ අමෙරිකා එක්සත් ජනපදයෙන් ගේන්නේ.

    ඉතිං ඔන්න ඔය කාරනා නිසා බැලුවම හිතෙන්නේ මේ නිවුස් එක මෙච්චර උලුප්පන්නේ සවුදියේ මානව හිමිකම් කැඩුන එක ගැන දුකෙන් නෙමේ, සවුදියට සල්ලි තියෙන නිසා ඒ රට ඇමරිකාවට හිතවත් කම පලුදු කරලා, රුසියාව, චීනය සමග එක්කාසු කරන්නද කියලා.
     
    Last edited:

    Escarbo

    Member
    Oct 22, 2018
    28
    4
    3
    Karma is a Bitch

    Ai bnz me lnagadi mun Qatar dupathak karanna one kiyala mokakdo alak kapnnath giyanee...
    Saudi ewunta thibbe jela Qatar lath ekka..
    Ape giyapu hkuse maid lata dunna wada hinsa walata ape lankawe minissu illapu henamath athi okunta kelwela yanna .:D:angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    සෞදි අරාබියෙන් ආධාර අරමුදල් ලබාගැනීම නිල වශයෙන් නවතා දමා ඇත.

    Sahenna padu weyi ehenam.

    :lol:
     

    Similar threads