Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේනා බත් පතටත් විදීද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේනා බත් පතටත් විදීද

(විනීතා එම්. ගමගේ)

රටින් ගෙන්වන ආහාර වර්ග සීමා කිරීමට කෘෂිකර්ම අමාත්යංශය ගත් තීරණයේ පළමු ඇරඹුම වූයේ බඩඉරිඟු ගෙන්වීම සීමා කිරීමයි.

මෙරට බඩඉරිඟු අවශ්යතාවය මෙට්රික් ටොන් 250,000කි. එසේ වුවත් රට තුළ වගා කරනුයේ මෙට්රික් ටොන් 150,000ට ආසන්න ප්රමාණයක් පමණි.

එබැවින් මෙරටට අවශ්ය බඩඉරිඟු ප්රමාණය වගාකරන්නට සැලසුම් සකස් කෙරිණි. බඩඉරිඟු වගා කරන ප්රධානතම ප්රදේශ වූ අම්පාර, අනුරාධපුර,

මොනරාගල කුරුණෑගල ආදී දිස්ත්රික්කයන්හි බඩඉරිඟු වගා කලාප ද ඇති කරන ලදී. ඒ අනුව ඉදිරි කන්නයේ බඩඉරිඟු අස්වැන්න රටේ මුළු

අවශ්යතාවය සපුරන බැවින් ඒවා රටින් ගෙන එන්නට අවශ්යතාවයක් නොවන බව හිටපු කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පෙන්වා

දුන්නේය. යහපාලන ආණ්ඩුවේ කෘෂි ඇමතිවරයා ආරම්භ කළ මේ කටයුත්ත (ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩුවේ කෘෂි ඇමතිවරයා ද ඔහු ම

වූ බැවින්) වෙනස්කම් කිසිවක් නොමැතිව ඉදිරියට ගෙන යන ලදී.

තත්ත්වය මෙසේ තිබියදී බඩඉරිඟු වගාව ‘සේනා’ දළඹු ප්රහාරයට ලක්විය.

සේනා දළඹුවා Spodoptera frugiperda යන විද්යාත්මක නාමයෙන් හඳුන්වයි. සලබයෙකු වන මේ දළඹුවා 2016 වසරේ දී බටහිර හා මධ්යම

අප්රිකානු රටවලින් (විශේෂයෙන් සැම්බියාවෙන්) හා සිම්බාබ්වේ දේශයෙන් සොයා ගනු ලැබූ නොසන්සිඳෙන කුසගින්නක් ඇති කෑදරයෙකි. වර්ග

හෙක්ටයාර් සිය ගණනක වගාවක් වුවත් මේ දළඹුවන් රංචුවකට එක රැයකින් කා දැමිය හැක.

මේ වසරේ ඉන්දියාවෙන් සොයා ගනු ලැබූ සේනා වසර අවසන් කාර්තුව වනවිට ශ්රී ලංකාවට ද සංක්රමණය වී තිබේ. ශ්රී ලංකාවට සේනා පැමිණියේ

කෙසේ දැයි සොය බැලිය යුතුව තිබේ.

මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් කළ විමසීමේ දී ඔවුන් කියාසිටියේ සලබයෙකු වූ පසුව එම දළඹුවාට කිලෝමීටර්

100ක් පමණ දුරක් පියාඹා යා හැකි බවය. ඒ අනුව සේනා මෙසේ පියාඹා පැමිණියා විය හැකි බව ඔවුන්ගේ මතයයි. ගොඩ බිමෙන් පියාඹා ආ හැකි

වුවත් සලබයෙකුට මුහුදු කලාපය ඔස්සේ පියාඹා ආ හැකි දැයි සැක මතුවේ. සුළං ධාරා ඔස්සේ පාවී ආවාදැයි හෝ එසේ එන්නට හැකි දැයි තවම

සොයා ගෙන නැත.

මේ වනවිටත් සේනා අම්පාර දිස්ත්රික්කයේ හෙක්ටයාර් 25,000 ක් ද අනුරාධපුර දිස්ත්රික්කයේ හෙක්ටයාර් 10,000 ක් ද වගා කර තිබූ බඩඉරිඟු කා

දමා අවසන්ය. මොනරාගලෙ, කුරුණෑගල ප්රදේශවල ද සැලකිය යුතු වගා ප්රමාණයකට හානි කර තිබේ.

රටේ සමස්ත බඩඉරිඟු වගාවම කා දමන්නට සේනාට වැඩි කලක් ගත නොවනු ඇත. එබැවින් වගා බේරා ගන්නට බැරි තැන ගොවියන් බඩඉරිඟු

වගාවෙන් ඉවත්වනු ඇත. එදාට මෙරට සම්පූර්ණ බඩඉරිඟු නැවත ආනයනය කෙරෙනු ඇත. ප්රශ්නය එය නොවේ. එදා සිට සේනා ආහාරයට තෝරා

ගන්නේ මොනවාද යන්නය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහ ඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ සහකාර අධ්යක්ෂිකා කේ. එන්. සී. ගුණවර්ධන මහත්මියගෙන්

මේ ගැන විමසූ අවස්ථාවේ දී ඇය කියා සිටියේ මෙම දළඹුවා ඉදිරියට ධාන්ය වර්ගවලට විශේෂයෙන් වී වගාවට වුවද හානි කරනු ඇති බවයි.

බඩඉරිඟු යනු වැඩි වශයෙන් කෘෂි රසායනික භාවිත නොකරන භෝගයකි. එසේම සුරක්ෂිත ආහාර රටාවකට ඉතා ගැළපෙන වස විස නැතිව වගා

කරන බෝගයකි. එය ද විනාශ කර සේනා බත්පතට පනින්නට පෙර ශ්රී ලංකාවෙන් මෙම දළඹුවා තුරන් කිරීමට දේශීය පර්යේෂණ කණ්ඩායම් සුදානම් ද?

මේ වනවිට කෘෂිකර්ම අංශ සේනා මර්දනයට කෘමිනාශක හතරක් හඳුන්වා දී ඇතත් ඒ ගැන බොහෝ ගොවීන්ට දැනුමක් නැත. සමහර පළාත්වල

ගොවීන් රසායනික වර්ග 11 ක් පමණ දළඹු හානියෙන් වගාව විනාශවීම නවතාලීම සඳහා යොදා ඇතැයි හෙළි වී තිබේ. මෙහි ඇති භයානක තත්ත්වය

වන්නේ පළිබෝධ නාශකවලට ඔරොත්තු දෙමින් ඉක්මණින් ඊට අනුවර්තනය වීමේ හැකියාවක් ද සේනා දළඹුවාට තිබීමයි. එබැවින් කෙටි කාලයක්

තුළ මේ පළිබෝධකයා දේශීය වගාවෙන් ඉවත් කර නොගතහොත් සේනාට කන්නට දී අපට හාලුත් රටින් ගෙන්වීමට සිදුවනු ඇත.

(ඡායාරූපය - කාංචන ආරියදාස)

[QUOTE="thinking_guy, post: 24062879, member: 351690"] [b]සේනා බත් පතටත් විදීද[/b] [SIZE="3"](විනීතා එම්. ගමගේ) රටින් ගෙන්වන ආහාර වර්ග සීමා කිරීමට කෘෂිකර්ම අමාත්යංශය ගත් තීරණයේ පළමු ඇරඹුම වූයේ බඩඉරිඟු ගෙන්වීම සීමා කිරීමයි. මෙරට බඩඉරිඟු අවශ්යතාවය මෙට්රික් ටොන් 250,000කි. එසේ වුවත් රට තුළ වගා කරනුයේ මෙට්රික් ටොන් 150,000ට ආසන්න ප්රමාණයක් පමණි. එබැවින් මෙරටට අවශ්ය බඩඉරිඟු ප්රමාණය වගාකරන්නට සැලසුම් සකස් කෙරිණි. බඩඉරිඟු වගා කරන ප්රධානතම ප්රදේශ වූ අම්පාර, අනුරාධපුර, මොනරාගල කුරුණෑගල ආදී දිස්ත්රික්කයන්හි බඩඉරිඟු වගා කලාප ද ඇති කරන ලදී. ඒ අනුව ඉදිරි කන්නයේ බඩඉරිඟු අස්වැන්න රටේ මුළු අවශ්යතාවය සපුරන බැවින් ඒවා රටින් ගෙන එන්නට අවශ්යතාවයක් නොවන බව හිටපු කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය. යහපාලන ආණ්ඩුවේ කෘෂි ඇමතිවරයා ආරම්භ කළ මේ කටයුත්ත (ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩුවේ කෘෂි ඇමතිවරයා ද ඔහු ම වූ බැවින්) වෙනස්කම් කිසිවක් නොමැතිව ඉදිරියට ගෙන යන ලදී. තත්ත්වය මෙසේ තිබියදී බඩඉරිඟු වගාව ‘සේනා’ දළඹු ප්රහාරයට ලක්විය. සේනා දළඹුවා Spodoptera frugiperda යන විද්යාත්මක නාමයෙන් හඳුන්වයි. සලබයෙකු වන මේ දළඹුවා 2016 වසරේ දී බටහිර හා මධ්යම අප්රිකානු රටවලින් (විශේෂයෙන් සැම්බියාවෙන්) හා සිම්බාබ්වේ දේශයෙන් සොයා ගනු ලැබූ නොසන්සිඳෙන කුසගින්නක් ඇති කෑදරයෙකි. වර්ග හෙක්ටයාර් සිය ගණනක වගාවක් වුවත් මේ දළඹුවන් රංචුවකට එක රැයකින් කා දැමිය හැක. මේ වසරේ ඉන්දියාවෙන් සොයා ගනු ලැබූ සේනා වසර අවසන් කාර්තුව වනවිට ශ්රී ලංකාවට ද සංක්රමණය වී තිබේ. ශ්රී ලංකාවට සේනා පැමිණියේ කෙසේ දැයි සොය බැලිය යුතුව තිබේ. මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් කළ විමසීමේ දී ඔවුන් කියාසිටියේ සලබයෙකු වූ පසුව එම දළඹුවාට කිලෝමීටර් 100ක් පමණ දුරක් පියාඹා යා හැකි බවය. ඒ අනුව සේනා මෙසේ පියාඹා පැමිණියා විය හැකි බව ඔවුන්ගේ මතයයි. ගොඩ බිමෙන් පියාඹා ආ හැකි වුවත් සලබයෙකුට මුහුදු කලාපය ඔස්සේ පියාඹා ආ හැකි දැයි සැක මතුවේ. සුළං ධාරා ඔස්සේ පාවී ආවාදැයි හෝ එසේ එන්නට හැකි දැයි තවම සොයා ගෙන නැත. මේ වනවිටත් සේනා අම්පාර දිස්ත්රික්කයේ හෙක්ටයාර් 25,000 ක් ද අනුරාධපුර දිස්ත්රික්කයේ හෙක්ටයාර් 10,000 ක් ද වගා කර තිබූ බඩඉරිඟු කා දමා අවසන්ය. මොනරාගලෙ, කුරුණෑගල ප්රදේශවල ද සැලකිය යුතු වගා ප්රමාණයකට හානි කර තිබේ. රටේ සමස්ත බඩඉරිඟු වගාවම කා දමන්නට සේනාට වැඩි කලක් ගත නොවනු ඇත. එබැවින් වගා බේරා ගන්නට බැරි තැන ගොවියන් බඩඉරිඟු වගාවෙන් ඉවත්වනු ඇත. එදාට මෙරට සම්පූර්ණ බඩඉරිඟු නැවත ආනයනය කෙරෙනු ඇත. ප්රශ්නය එය නොවේ. එදා සිට සේනා ආහාරයට තෝරා ගන්නේ මොනවාද යන්නය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහ ඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ සහකාර අධ්යක්ෂිකා කේ. එන්. සී. ගුණවර්ධන මහත්මියගෙන් මේ ගැන විමසූ අවස්ථාවේ දී ඇය කියා සිටියේ මෙම දළඹුවා ඉදිරියට ධාන්ය වර්ගවලට විශේෂයෙන් වී වගාවට වුවද හානි කරනු ඇති බවයි. බඩඉරිඟු යනු වැඩි වශයෙන් කෘෂි රසායනික භාවිත නොකරන භෝගයකි. එසේම සුරක්ෂිත ආහාර රටාවකට ඉතා ගැළපෙන වස විස නැතිව වගා කරන බෝගයකි. එය ද විනාශ කර සේනා බත්පතට පනින්නට පෙර ශ්රී ලංකාවෙන් මෙම දළඹුවා තුරන් කිරීමට දේශීය පර්යේෂණ කණ්ඩායම් සුදානම් ද? මේ වනවිට කෘෂිකර්ම අංශ සේනා මර්දනයට කෘමිනාශක හතරක් හඳුන්වා දී ඇතත් ඒ ගැන බොහෝ ගොවීන්ට දැනුමක් නැත. සමහර පළාත්වල ගොවීන් රසායනික වර්ග 11 ක් පමණ දළඹු හානියෙන් වගාව විනාශවීම නවතාලීම සඳහා යොදා ඇතැයි හෙළි වී තිබේ. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ පළිබෝධ නාශකවලට ඔරොත්තු දෙමින් ඉක්මණින් ඊට අනුවර්තනය වීමේ හැකියාවක් ද සේනා දළඹුවාට තිබීමයි. එබැවින් කෙටි කාලයක් තුළ මේ පළිබෝධකයා දේශීය වගාවෙන් ඉවත් කර නොගතහොත් සේනාට කන්නට දී අපට හාලුත් රටින් ගෙන්වීමට සිදුවනු ඇත. (ඡායාරූපය - කාංචන ආරියදාස)[/SIZE] [URL="http://www.lankadeepa.lk/features/%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%AF/2-542806"][IMG]http://www.lankadeepa.lk/assets/images/lankadeepa-logo-r.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom