සේයා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,166
    4,553
    113
    පොන්සි ආණ්ඩුව
    සේයා රුව

    ඩිපෙන්ඩරේ කතාව යන අතර ගලා
    තවත් දෙයක් සිදුවිය ලක් දෙරණ තලා
    සියළු දෙනා කර දෙලොවක් අතර මුලා
    සේයා නිරුවතින් පඳුරක් යටදි මළා

    මාධ්‍යයට මෙය රස වෑහෙන පුවතක්
    මුල් පිටු සැරසුවා පත්තර මල් කැකුළක්
    වෙබ් එක පුරා දිස්විය නිරුවත් දැරියක්
    මිනිසුන් නැරඹුවා මරුවගෙ නෙතු කඳුළක්

    මව් පියො නෙතඟ වියළුණ කඳුලක් දුටුවා
    ඊිටත් වඩා වට පිට ජනයා හැඬුවා
    හරියට සොයා ගන්නට ඇය මැරු මරුවා
    ෂර්ලොක් නුඹට ලක්දිව නෑවිත් බැරුවා

    නුඹ මිය ගියා අද හෙට තව මිය යාය
    මරුවා සොයා ගන්නට තව කල් යාය
    මැරුණා නොවේ මැරුවේ ඉටු දෙවියාය
    එක එක පොඩි වේය සුවඳැති මල් යාය

    කිසිදා දුමක් නොනගී ගින්නකින් තොර
    මිරිකන විටදි ගෙල හැඬුවද භයෙන් මර
    සේයා දුවේ නැගිටල මේ අතර තුර
    කියපන් කව්ද මැරුවේ මගෙ කනට කර

    නිවන් සුව පතන්නට තව වෙලා තිබේ
    මලින් සුවඳ පැතිරෙයි තව ගුවන් ගැබේ
    කළින් ඊිට කියපන් හැර නුවන් ඔබේ
    නැතොත් හෙටත් නුඹ නිරුවත් කරයි සබේ
    -------------------------------------