සේල් මාමලා හොඳටම කලබල වෙලා. සේල්ස් අඩු ඇති

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මහ බැංකුවෙන් පැහැදිලිවම සීමා දාන්නෑ කියල ප්‍රෙස් රිලීස් එකක් කරල තියෙද්දිත් මෙහෙම ඒවා කියනවා. මට පේන්නෙ EV සහ Agent ගෙන්වන වාහන වලට මිනිස්සු වැඩිපුර යන නිසා සේල් වලින් වාහන ගන්න මිනිස්සු ප්‍රමානෙ අඩු වෙලා වගේ.

    එදා නිවුස් වලිනුත් පෙන්නුවනෙ එක වාහනේකින් තියාගන්න ගාන මෙයාල.

    මෙහෙම කියල හරි මිනිස්සු බය කරලා ප්‍රී ඔ්ඩර් කරන්නෙ නැතිව ගෙන්නලා තියන වාහන සේල් වලින් ගන්න මිනිස්සු පොලඹවන්න ට්‍රයි එකක් වගේ.

    -----------------------------------------------------

    වාහන ආනයනය සඳහා වෙන් කර ඇති ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 200 සඳහා රජය කිසියම් කොන්දේසි පනවන්නේ නම්, දේශීය වාහන වෙළෙඳපොළේ මිල තියුණු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ප්‍රසාද් මානගේ මහතා අනතුරු අඟවයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් මානගේ මහතා කියා සිටියේ, මහ බැංකුවේ මෑත වාර්තා අනුව, මූල්‍ය ආයතන දැනටමත් වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 800 ක පමණ වටිනාකමකින් යුත් ණයවර ලිපි (LCs) විවෘත කර ඇති බවයි.

    වාහන ආනයනය යළි ආරම්භ කිරීම සඳහා මුලින් අමෙරිකානු ඩොලර් බිලියනයක් වෙන් කර තිබුණද, ඉතිරි අරමුදල් පරිහරණය කිරීම පිළිබඳව දැන් අවිනිශ්චිතතාවක් පවතින බව ඔහු සඳහන් කළේය.

    “ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 200 සැලසුම් කළ පරිදි ආනයනය සඳහා ලබා දෙන්නේද, නැතහොත් නව කොන්දේසි පනවන්නේද යන්න පැහැදිලි කර ගැනීම සඳහා අපි ඉක්මනින් රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. සීමාවන් පැනවුවහොත්, වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත රඳා පවතින බැවින් දේශීය වාහන මිල නැවතත් නොවැළැක්විය හැකි ලෙස ඉහළ යනු ඇතැයි” ඔහු පැවසීය.

    වත්මන් හිඟය පියවීම සඳහා වාහන 9,000 කට අධික ප්‍රමාණයක් මේ වන විටත් රටට ගෙනැවිත් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    වාහන එකලස් කිරීමේ කම්හල් සඳහා බදු සහනවලට ප්‍රමුඛත්වය දීමට රජය ගත් තීරණයද මැනේජ් මහතා විවේචනය කළේය. එමගින් සැබෑ ආර්ථික ප්‍රතිලාභ ලැබී නොමැති බව ඔහු කියා සිටියේය.

    “අපනයන සඳහා දායක නොවූ, ඉන්ධන කාර්යක්ෂම වාහන නිෂ්පාදනය නොකළ මෙම එකලස් කිරීමේ කම්හල් සඳහා වාහන කොටස් ආනයනය කිරීමට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය වුණා” ඔහු පැවසීය.

    ආරම්භයේදී අපනයන නැඹුරු මෙහෙයුම් සඳහා බදු දිරිගැන්වීම් පොරොන්දු වූ මෙම එකලස් කිරීමේ ව්‍යාපාර හරහා සැබෑ වාසියක් ලැබී තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස VIASL සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

    වාහන ආනයනය සඳහා වන අරමුදල් ඵලදායී ලෙස සහ අනවශ්‍ය සීමා කිරීම්වලින් තොරව කළමනාකරණය නොකළහොත්, වෙළෙඳපොළ නැවත වරක් අස්ථාවරත්වය සහ මිල ඉහළ යාමකට ලක්විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

    https://lankacnews.com/වාහන-ආනයනට-ඉතිරි-ඩොලර්-මි/
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,503
    47,641
    113
    ඕකුන්ට පුළුවන්නම් EV වලට පොඩි බෝම්බයක් අටවනවා 5-6ක් පුපුරවලා හරි මිනිස්සු බය කරවන්න..🤣..වාහන රටට ගේන ඵක නවත්තනවනම් ඔක්කොම නවත්තන්න ඕන.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    1500 CC අඩු වාහන විතරක් ගෙන්නන්න ඉඩ දෙන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවද මුදල් අමාත්‍යංශයෙන්
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    “ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 200 සැලසුම් කළ පරිදි ආනයනය සඳහා ලබා දෙන්නේද, නැතහොත් නව කොන්දේසි පනවන්නේද යන්න පැහැදිලි කර ගැනීම සඳහා අපි ඉක්මනින් රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. සීමාවන් පැනවුවහොත්, වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත රඳා පවතින බැවින් දේශීය වාහන මිල නැවතත් නොවැළැක්විය හැකි ලෙස ඉහළ යනු ඇතැයි” ඔහු පැවසීය.
    Pacha news ekak gahala hari sale kaarayonta one tawa tikak gaana wedi kara ganna.

    ඕකුන්ට පුළුවන්නම් EV වලට පොඩි බෝම්බයක් අටවනවා 5-6ක් පුපුරවලා හරි මිනිස්සු බය කරවන්න..🤣..වාහන රටට ගේන ඵක නවත්තනවනම් ඔක්කොම නවත්තන්න ඕන.

    EV ganna epa yakune 🤭🤭
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Fake news ho gala plant karanawa BYD Fan club eke ehema sahenna fake comments posts dagena yanawa dn. Sales adui math last saturday RA Lanka, Nalin, SIVAs wage gihin beluwa ehema loku crowd ekak nah vehicles tibbata
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඕකුන්ට පුළුවන්නම් EV වලට පොඩි බෝම්බයක් අටවනවා 5-6ක් පුපුරවලා හරි මිනිස්සු බය කරවන්න..🤣..වාහන රටට ගේන ඵක නවත්තනවනම් ඔක්කොම නවත්තන්න ඕන.

    ගරාජ් කාරයෝ අල්ලාගෙන මාද්‍ය සාකච්චා තියන්නත් පුළුවන් EV හදන්න බෑ ගිනි ගන්නවා අරව මේවා කියල
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    Fake news ho gala plant karanawa BYD Fan club eke ehema sahenna fake comments posts dagena yanawa dn. Sales adui math last saturday RA Lanka, Nalin, SIVAs wage gihin beluwa ehema loku crowd ekak nah vehicles tibbata
    ඒක තමා සීන් එක
    අනික මුන්ගෙ කෑදරකම බලපංකො නිවුස් වල පෙන්නුවෙ මුන්ගෙ කට් එක. එක වාහනේට ලක්ෂ තිහ විතර තියාගන්නවා සමහර ඒවට
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමා සීන් එක
    අනික මුන්ගෙ කෑදරකම බලපංකො නිවුස් වල පෙන්නුවෙ මුන්ගෙ කට් එක. එක වාහනේට ලක්ෂ තිහ විතර තියාගන්නවා සමහර ඒවට
    ආණ්ඩුව ලක්ෂ 50ක් විතර තියාගන්නවනෙ. බිස්නස් එක කරන එකා තියාගත්තම මොකද? 😅
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ආණ්ඩුව ලක්ෂ 50ක් විතර තියාගන්නවනෙ. බිස්නස් එක කරන එකා තියාගත්තම මොකද? 😅
    තියාගත්තට කමක් නෑ වාහන විකුණනගන්න බැරිව නිවුස් ප්ලාන්ට් කරන එකනෙ වැඩේ

    90days වලින් register කරේ නැති නම් තව case එකක් තියනවා මොකක්හරි
    ඔව් ඔව්.. ටැක්ස් එකක් වදිනවා. ඒක තමා මේ බීසනේ
    ------ Post added on Jul 9, 2025 at 9:36 AM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ආණ්ඩුව ලක්ෂ 50ක් විතර තියාගන්නවනෙ. බිස්නස් එක කරන එකා තියාගත්තම මොකද? 😅
    ආණ්ඩුවට යන්නේ ටැක්ස් නේ බන් , වැඩේ කියන්නේ වාහනේ හදන එකාගේ ලාබෙට වඩා වැඩි බන් මේ හුට්ටලා තියා ගන්න ලාබෙ . තූ ... කාල කන්නි . පර්සනල් ඉම්පෝර්ට් කරගනිව් පුලුවන් විදිහට .
     
    Similar threads