සේවකයන්ගේ_නිවාඩු_අයිතිය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සේවකයන්ගේ_නිවාඩු_අයිතිය


    ඔෆිස් එකේ වැඩ කර කර ඉද්දි නිවාඩු ලබා ගැනීම පිළිබඳ පොඩි ගැටළුවක් ආපු පාර ගූගල් පාරක් දැම්මා . එකෙන් කියල නිම කරන්න බැරි තරම් දේවල් ටිකක් කම්කරු නීතිය, කාර්යාල හා කඩ සාප්පු සේවක පනත ගැන ඉගෙන ගත්තා. ඔන්න එළකිරි එකේ ඔෆිස් වල වැඩ කරන උන්ටත් දැන ගන්න ඒක ශෙයාර් කලා.




    ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එහි කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සේවක සේවිකාවන් යොදවා ගැනීම සිදුවේ. මෙහිදී ආයතනයක සේවයේ යෙදෙන්නා සේවාදායකයා (Employee) ලෙස සැලකෙන අතර සේවාවෙහි යොදවන්නා සේවා යෝජකයා (Employer) ලෙසද හැදින්වේ.

    මෙම ලිපිය මගින් රාජ්‍ය නොවන අනෙකුත් ආයතනවල සේවයේ යෙදෙන සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු සම්බන්ධව ඉතා වැදගත් කරැණු රැසක් ඉදිරිපත් කෙරේ. මෙම කරැණු සම්බන්ධව සලකන විට ප්‍රධාන වශයෙන් නීතිමය පණත් දෙකක් අදාල වේ. එනම්,

    සාප්පු හා කාර්යාල සේවක පණත
    පඩිපාලක සභා ආඥා පණත
    සාප්පු හා කාර්යාල පණතට අදාලව ගත්කල සාප්පු වශයෙන් සැලකෙන්නේ තොග සහ සිල්ලර වෙළද ව්‍යාපාර, ආහාරපාන අලෙවි සැල්, බේකරි, සිනමා ශාලා, කොණ්ඩා කපන සහ රෑපලාවන්‍යාගාර, නේවාසික හෝටල්, ඇදුම් මසන සාප්පු, ඛණ්ජ තෙල් විකුණුම් ස්ථාන, විවිධ අලෙවිසැල් සහ ගනුදෙනුකරැවන් සදහා භාණ්ඩ හෝ සේවා සපයන ගබඩා හෝ මධ්‍යස්ථාන සදහන් කල හැක.

    කාර්යාල ලෙස සැලකෙනුයේ ව්‍යාපාරික කාර්යයන් සදහා පවත්වාගෙන යනු ලබන කාර්යාල, හෝටල්, සමාජශාලා, සිනමා ශාලා, පාසැල්, කර්මාන්තශාලා ආදිය වේ.

    ඉහත සදහන් කල පණත් දෙකට අනුව සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු මොනවාද යන්න දැන් විස්තර කරමු.



    ව්‍යවස්ථාපිත නිවාඩු (Statutory Holidays)


    ඉහත දැක්වු පණත් දෙකම යටතට අයත් සේවක සේවිකාවන් රජය විසින් වර්ෂයක් සදහා ප්‍රකාශයට පත්කල විශේෂ වෙළද නිවාඩු 08 කට හිමිකම් ලබයි. මේ යටතේ සැලකෙන නිවාඩු වනුයේ,

    ජාතික නිදහස් දිනය
    දෙමළ තෛපොන්ගල් දිනය
    මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
    සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනට පෙර දිනය‍
    සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනය
    මැයි 01 දින කම්කරැ දිනය
    වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
    නත්තල් දිනය
    ඉහත සදහන් ව්‍යවස්ථාපිත නිවාඩු සති නිවාඩු දිනයකට යෙදී තිබුණි නම් එම දිනයට හිලව් ලෙස නිවාඩු දිනයක් හෝ දින ½ ක් ලබාදිය යුතුය (පඩි පාලක සභා පණත යටතට ගැනෙන සේවක සේවිකාවන්ට අදාල නොවේ.)

    පුර පසලොස්වක පොහොය දින නිවාඩු (Full Moon Poya Holidays)

    සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම නිවාඩු දිනයක් ලෙස සලකා නිවාඩු ලබාගැනීමට ඉහත පණත් දෙක යටතට අයත් සේවක සේවිකාවන්ට හැකියාව පවතී.

    වාර්ෂික නිවාඩු (Annual Leave)

    සෑම කැලැන්ඩර් වර්ෂයකටම අදාලව මෙම වාර්ෂික නිවාඩු දින 14 ක් සේවක සේවිකාවන්ට ලබා ගැනීමට හැක. මෙම අනුමත වාර්ෂික නිවාඩු දින 14 න් 07 ක් අඛන්ඩව ලබා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂික නිවාඩු ලබාගැනීමේදී දෙපාර්ශවයේ එකගතාවෙන් සිදු කල යුතුය.

    අළුතින් සේවයට බැදුණු සේවක සේවකාවන් සදහා මෙම වාර්ෂික නිවාඩු හිමිවනුයේ ‍දෙවැනි ලිත් වර්ෂයේ සිට වන අතර නිවාඩු ගණන සේවයට බැදුණු කාලය අනුව වෙනස් වේ.

    සේවයට බැදුණු කාල වකවානුව 2වැනි ලිත් වර්ෂයේදී හිමි වාර්ෂික නිවාඩු ගණන

    ජන. 01 සිට මාර්තු 31 දක්වා 14
    අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා 10
    ජුලි 01 සිට සැප්. 30 දක්වා 07
    ඔක්. 01 සිට දෙසැ. 31 දක්වා 04


    අනියම් නිවාඩු (Casual Leave)

    සේවකයා හෝ සේවිකාවකගේ හදිසි අවශ්‍යතා සදහා ලබා ගැනීමට ඉඩ ප්‍රස්තා පවතී. එක් ලිත් වර්යක් වෙනුවෙන් දින 07 අනියම් නිවාඩු ලෙස ලබාගත හැක. නමුත් සේවයට බැදුණු පළමු ලිත් වර්ෂය තුලදී එක් මාසයකට දින ½ ක් වශයෙන් ලබාගත හැක.

    උදාහරණ වශයෙන් සිසිර කුමාර නමැති තරැණයා එක්තරා වෙළද ආයතනයකට රැකියාව සදහා 2012 වසරේ ජුනි මස 10 දින ඇතුළු විය. ඔහුට නිවාඩු ලබා ගැනීමට හැකිවනුයේ මෙම ලිත් වර්ෂය තුළදී සෑම වැඩකරන මාසයක් සදහාම දින ½ බැගින් හෝ දෙමසකට වරක් 01 දිනක් බැගින් අනියම් නිවාඩු වේ. ඔහු සාර්ථකව සේවා කටයුතු ඉදිරි ලිත් වර්ෂයේදී (2013 වර්ෂය) ද සිදුකරන්නේ නම් එම 2 වැනි ලිත් වර්ෂය සදහා වාර්ෂික නිවාඩු 10 ක් සහ අනියම් නිවාඩු 07 ක්ද ලබාගත හැක.



    සති (අන්ත) නිවාඩු (Weekly Holidays)


    සාප්පු හා කාර්යාල සේවක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සාමාන්‍ය සේවයේ එක් සතියක් තුළදි අවම පැය 28 ක් වැඩ කර ඇත්නම් සතියකට දින 1 ½ ක ගෙවීම් සහිත සති නිවාඩු හිමිවේ. නමුත් පඩි පාලක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සදහා මෙය දින 01 කි. බොහෝමයක් පඩි පාලක සභා යටතේ පාලනය වන ක්ෂේත්‍රවල දී ඉරිදා දිනය මෙලෙස නිවාඩු දිනය ලෙස සැලකේ. නමුත් සමහර ක්ෂේත්‍ර සදහා මෙය සතියේ වෙනත් ඕනෑම දිනයක් විය හැකි අතර උදාහරණ වශයෙන් සිනමාශාලා සේවකයින් සදහා මෙය සදුදා සිට සිකුරාදා දක්වා වන ඕනෑම දිනයකින් එකක් විය හැක.


    source:
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BUMP!!!-!!!PMUB
    thumbs_up.gif

    REP 7+
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපේ ඔෆිස් එකේ නම් මට ගිය මාසෙටත් කලින් ඔක්කොම නිවාඩු ඉවරයි කිව්වනේ......
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අපේ ඔෆිස් එකේ නම් මට ගිය මාසෙටත් කලින් ඔක්කොම නිවාඩු ඉවරයි කිව්වනේ......


    ඩ්‍රයි සිසන් නිස වෙන්න ඇති මචෝ