සේවක අර්ථසාධකයට වින කැටූ රාජපක්ෂලා

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,943
    113
    සේවක අර්ථසාධකයට වින කැටූ රාජපක්ෂලා

    රාජපක්ෂ රෙජීම පාලන සමයේ සේවක අර්ථක සාධක අරමුදල සතු රුපියල් බිලියන 5 ක මුදලක් හයට් (Hyatt) හෝටල් සමූහයේ ඉදිකිරීම් වෙනුවෙන් විනාශ කර ඇති බව විගණනයේදී අනාවරණය වී ඇත.

    hytta_epf.jpg


    ටිරන් කුමාර බංගගමආරච්චි

    අධිවේගයෙන් දින කිහිපයක් තුළදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණ පිහිටුවීමත් බාලගිරි දෝෂය මෙනි. එය අද නොව හෙට සිදුවන්නකි. අද අද වෙතැයි රජයේ මාධ්‍ය ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන්නද ඒ බලාපොරොත්තුවත් පුස්ස බින්ද ගාණය. කෙසේ වෙතත් විශේෂ මහාධිකරණයෙන්ද විශේෂ යමක් නොවන බව නම් ස්ථිරවම කිව හැකිය. මේවා හුදෙක් දේශපාලන සංදර්ශනවලට එහා නොයන දේ බව දැනටමත් තහවුරුය. යහපාලනයේ අසාර්ථක වැඩ ලැයිස්තුවට මෙයද එක්වනු නියතය. ආණ්ඩුවේ මාධ්‍යය මෙය මහා වික්‍රමයක් ලෙස නොබෝදා අර්ථ දැක්වූ අතර එම විශේෂ අධිකරණය මුලින්ම ගනු ලබන නඩුව ගැනද ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේට එරෙහිව ඇති පැමිණිල්ල විභාග කිරීම මෙම විශේෂ අධිකරණයේ පළමු රාජකාරිය බව ප්‍රසිද්ධ කැරිණි. එය වුවද නොවූවද ගාමිණී සෙනරත්ලා අද යෙහෙන් වැජඹීම නම් පුදුමයකි. එයින් ගම්‍යවන්නේ මේ රටේ ඕනෑම කාබාසිනියාවක් කර අපූරුවට සැඟවිය හැකි අපූරු රටක් බවය. නීතියක් නැති රටක් බවය. මේ ඊට කදිම නිදසුන්ය. ගාමිණී සෙනරත් නම මතුවූ නිසා මේ ඒ ගැන කියන්නට නියම කාලයය.

    2015 මැද භාගයේදීය. සේවක අර්ථක සාධක අරමුදලේ මුදල් හයට් (Hyatt) හෝටල් සමූහයේ ඉදිකිරීම් වෙනුවෙන් විනාශ කළ ආකාරය එම වසරේ නිකුත් කරන ලද විගණන වාර්තාවක් මගින් එළියට පනී. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුපෙන් කපා ගන්නා ලද මුදලින් සැදුණු සේවක අර්ථසාධක අරමුදලේ මුදල් බලධාරීන් විසින් Grand Hyatt Regency හෝටල් සමාගම වෙනුවෙන් වැයකර ඇත්තේ නැවත ප්‍රතිලාභ හිමිකර ගැනීමේ හෝ හදිසියෙන් සිදුවන අලාභයකට අදාළ කිසිදු ආරක්ෂණයක් නොමැතිව බව එම වාර්තාවේ සඳහන්.

    සේවක අර්ථසාධක අරමුදල පිහිටවනු ලැබුවේ 1958 අංක 15 දරන අර්ථසාධක අරමුදල් පනත යටතේය. එම පනතට අනුව මෙම අරමුදලේ මුදල්වල භාරකාරත්වය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. සේවකයන්ගේ වැටුපෙන් මුදල් කපාගෙන අරමුදලට බැර කිරීමෙන් අරමුදල සතු මුදල් නිශ්චිත ආරක්ෂණ සහතිකයක් යටතේ ආයෝජනය කිරීමේත් අරමුදලේ ප්‍රතිලාභ සේවකයන්ට ගෙවීමේත් නිසි පරිදි ගිණුම් පවත්වාගෙන යාමේත් වගකීම ඇත්තේ මහ බැංකුවටය. ඒ බව පනතේ සඳහන්ය. එසේ නම් මෙහිදී ගැටලුව පැන නගින්නේ අර්ථසාධක අරමුදලේ මුදල්වලින් රුපියල් බිලියන 5ක ඉහත සඳහන් හෝටල් ව්‍යාපෘතිය සඳහා Canwill Holdings නම් රාජ්‍ය සමාගමකට ලබාදීමට එවකට සිටි මහ බැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කිරීමත් සමගය. මෙහි තවත් ප්‍රශ්නයක් නම් මෙතරම් මුදලක් ආයෝජනය කරද්දීත් එම මුදලේ ප්‍රතිලාභ යළි ලබාදීමට පවා අදාළ සමාගම සමග එකඟතාවකට නොපැමිණීමය. අඩුම තරමේ මෙම මුදල් සමාගමට ලබාදී ඇත්තේ හෝටලය ඉදිකිරීම් ආරම්භ කළ පසු නොව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වූ දින සිටය. අද මහ බැංකුව ගැන පුරසාරම් ඇද බාන එවකට හිටපු මහ බැංකු සභාපති මේ අභිරහස ගැන අදටත් හෙළි නොකරන්නේ මන්ද? සාමාන්‍ය ක්‍රමය නම් හෝටලයක් ඉදිකිරීම සඳහා මුදල් අවශ්‍යවන්නේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ පසුවය. එහෙත් මෙම මුදල් ලබාදී ඇත්තේ හෝටලය සැලැස්මක්ව තිබියදීය.

    රාජපක්ෂ ආණ්ඩුවේ කෙරුවාව

    මෙය පසුගිය ආණ්ඩුව සිදුකළ තවත් මගඩියකි. 2015 ජූනි මාසයේදී එස්.ජේ.එම්.එස්. ඇසෝසියේට්ස් නමැති වරලත් විගණන සමාගම කළ දළ විගණනයකට අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ මුදල නැවත කිසිදු හේතු දැක්වීමකින් තොරව දෙගුණයක් ලෙස දක්වා ඇත. ආරම්භයේ පිරිවැය රුපියල් බිලියන 13කි. එහෙත් එක්වරම එය නැවත රුපියල් බිලියන 27 දක්වා ඉහළ ගොස් ඇත. රුපියල් බිලියන 14ක වැඩිවීමක් එකවර සිදුවූයේ කෙසේද?
    2012 මාර්තු 12 වැනි දින මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් අදාළ හෝටල් සමූහය අයිති සමාගමේම අනුබද්ධ කොටසක් වන Ceylinco Leisure Properties සමාගම මිලට ගැනීමට අවසර ඉල්ලා ඇත. ඒ පාඩු ලබන සහ අකාර්යක්ෂම ආයතනවල වගකීම රජයට පවරා ගැනීමට අදාළව ඇති නීතිය යටතේය. එයින් දෙදිනකට පසු එනම් මාර්තු 14 වැනිදා කැබිනට් මණ්ඩලය මෙම කාබාසිනි යෝජනාවට අනුමැතිය ලබාදී ඇත. මෙම හෝටලය ඉදිකළ භූමිය මුලින් සෙලින්කෝ සමාගම සතුව තිබූ ඉඩමකි. එය ආණ්ඩුව විසින් 99 බදු යටතේ කල්බදු ක්‍රමයට පවරාගෙන තිබූ එකකි. එහෙත් පසුව එය නැවත හෝටලය ඉදිකරන සමාගමේ අනුසමාගමක් වන Sinolanka Hotel and Spa වෙත යළි 99 අවුරුදු බද්දකට පවරා ඇත. තමන් බද්දට ගත් ඉඩමක් තවත් සමාගමකට බද්දට දෙන්නේ කෙසේද? එසේ නම් එවකට ආණ්ඩුවද මුලසිටම මේ යටිකූට්ටු වැඬේ නියැළි බව පැහැදිලිය. එම සමාගම පිළිබඳ ගැටලු ගණනාවක් තිබියදීත් එනම් Canwill Holdings නම් මෙම සමාගම සඳහා රක්ෂණ සංස්ථාවද සිය මුදලින් මුලින් රුපියල් බිලියන 5ක් හා පසුව රුපියල් බිලියන 3.5ක් ලෙස රුපියල් බිලියන 8.5ක් යොදවා ඇත. එය මෙම සමාගමේ සමස්ත කොටස් වටිනාකමෙන් 45.94%කි. සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 5ක් යෙදවූ බැවින් ඔවුන් සතු කොටස්වල වටිනාකම 27.03%කි. මීට අමතරව තවත් රාජ්‍ය සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම මුලින් රුපියල් බිලියන 2ක් සහ පසුව රුපියල් බිලියන 3ක් ලෙස රුපියල් බිලියන 5ක් ලබාදී ඇත. ඒ අනුව කොටස්වලින් 27.03% ඔවුන් මිලට ගෙන ඇත. මෙලෙස රාජ්‍ය ආයතනවලින් ලද මහජන මුදල් මෙම සමාගම විසින් Sinolanka Hotel and Spa (Pvt) Ltd සහ Helanco Hotels and Spa (pvt) Ltd යන අතුරු සමාගම් දෙකක ආයෝජනය කර ඇත. මෙයින් මුල් සමාගම කොළඹ හයට් හෝටලයත්, දෙවන සමාගම හම්බන්තොට තරුපහේ සුඛෝපභෝගී හෝටලයකුත් ඉදිකිරීමට සූදානම්ව තිබියදීය.

    – සෙනරත්ලාගේ ආගමනය

    හොරු ටික මල්ලෙන් එළියට පනිනුයේ දැන්ය. එනම් 2015 වනවිට මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වනුයේ හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පියදාස කුඩාබාලගේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක අධ්‍යක්ෂ නීල් හපුහින්න, ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපති මොහාන් ද අල්විස්, මහා භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරියකු වන ආර්. සමරසිංහ සහ මහ බැංකුවේ නිලධාරියකු වන සී.එම්.ඩී.එන්.කේ. සෙනෙවිරත්න යන අය ඊට අයත් විය. මින් කැපී පෙනෙන වැඩ කොටස කර ඇත්තේ ගාමිණී සෙනරත් සහ පියදාස කුඩාබාලගේය.

    ඉඩම් ගැනීම

    මොවුන් දෙදෙනා මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් තුනක් මිලදී ගෙන ඇති අතර ඒ හරහා විශාල වංචාවක් කර ඇත. එලෙස මිලදී ගත් ඉඩම් නම් 1. රන් මුතු හෝටලය, 112 ගාලු පාර, කොළඹ 03 (පර්චස් 22.7) 2. ජේ.සී. රාමනායක, 108, ගාලු පාර, කොළඹ 03 (පර්චස් 15) 3. සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම, 134, ගාලු පාර, කොළඹ 03. (පර්චස් 20.1).
    මෙම වංචාවේ අපූරු ස්වභාවය හෙළිවනුයේ ඉන්පසුවය. එනම් මෙම ඉඩම් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වරින් වර විස්මයජනක ලෙස තක්සේරු වටිනාකම් වෙනස් කිරීමත් සමගය. නිදසුනක් ලෙස සෙලින්කෝ සමාගමේ ඉඩමට තක්සේරු වාර්තා තුනක් ඇත. 2013 ජනවාරි 9 වැනි දින කරන ලද තක්සේරුව රුපියල් මිලියන 191.5යි. 2013 ඔක්තෝබර් 22 දින කරන ලද දෙවන තක්සේරු වටිනාකම රුපියල් මිලියන 253කි. 2013 නොවැම්බර් 22 වැනි දින නැවත තක්සේරු කරන අතර එවර එනම් තුන්වන තක්සේරුව රුපියල් මිලියන 260යි. දෙවන සහ තෙවන තක්සේරු අතර ගෙවී ගිය මාසයක කාලය තුළ රුපියල් මිලියන 7කින් ඉඩමේ වටිනාකම ඉහළ ගොස් ඇත. මෙය පැහැදිලි වංචාවක් නොවේද? කෙසේ වෙතත් මෙම ඉඩම මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 270කටය. ඉතිරි ඉඩම් සම්බන්ධයෙන් ඇත්තේද මෙවැනිම තත්ත්වයකි. රන්මුතු හෝටල් ඉඩමට 2013 ජූනි 13 දෙන තක්සේරුව රුපියල් මිලියන 500යි. එහෙත් සති හයකින් කරනු ලබන දෙවන තක්සේරුවේදී වටිනාකම රුපියල් මිලියන 680කි. ඒ 2013 ජූලි 30 වැනිදාය. සති හයට රුපියල් මිලියන 180කින් වටිනාකම ඉහළ ගොස් ඇත. අවසානයේ එම ඉඩම මිලදී ගෙන තිබුණේ රුපියල් මිලියන 689.071කටය. ජේ.සී. රාමනායකගේ ඉඩමක් 2013 අගෝස්තු 23 තක්සේරු කරන විට රුපියල් මිලියන 120කි. එහෙත් එය මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 130කටය. එනම් මිලියන 10ක් වැඩියෙනි. මේ ඉඩම් මිලදී ගැනීමෙන් පමණක් සිදුව ඇති නාස්තියය. මෙම ගනුදෙනුවලදී කිසිදු ලිඛිත ගිවිසුමකින් තොරව නීතිඥයාට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 10කි.

    තවත් වංචා

    මෙම ගනුදෙනුව හරහා සිදුව ඇති වංචාවන් අපමණකි. ගොඩනැගිලි ඉදිකිරීමේදී යකඩ මිලදී ගන්නා විට මිල අඩුම විකුණුම්කරුගෙන් නොගෙන මිල අධික විකුණුම්කරුගෙන් යකඩ මිලදී ගෙන ඇත. ඒ නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 16.426කි. අඩුම මිල ගණන වන යකඩ ටොන් එකක මිල රුපියල් 110.160කි. ඉදිරිපත් කර තිබුණේ මෙල්වා කම්බි නිෂ්පාදකයන් වන මෙල්වයර් සමාගමය. දෙවැනි අඩුම මිල වන යකඩ ටොන් එකක් රුපියල් 114.897 ඉදිරිපත් කර ඇත්තේ ලංවා කම්බි සඳහා ලංකා වානේ සංස්ථාවය. එහෙත් තාක්ෂණ කමිටුවේ අනුමැතියකින් තොරව කුඩාබාලගේ 2013 මාර්තු 21 වැනිදා රුපියල් මිලියන 9,753ක යකඩ මිලදී ගැනීම සඳහා වානේ සංස්ථාවට ලිපියක් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව යකඩ මිලදී ගෙන තිබෙන්නේ වැඩි මිලට වානේ සංස්ථාවෙනි.

    හම්බන්තොට හෝටලය සඳහා රුපියල් මිලියන 300ක ආරම්භක මුදලක් නිකුත් කර ඇතත් එහි මුල්ගලවත් තබා නැත.

    අද අර්ථසාධක අරමුදල ගැන කිඹුල් කඳුළු හෙළන ඒකාබද්ධ විපක්ෂය එදා බලයේ සිටින විට අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිත කර ඇත්තේ මෙසේය. මේවාට විධිමත් පරීක්ෂණ අවශ්‍ය නැද්ද? මෙම අරමුදලේ මුදල් අවභාවිත කළවුන්ගේ දේපළ රාජසන්තක කළයුතු නොවේද? මේ සම්බන්ධයෙන් 2015 අගෝස්තු 27 වැනිදා හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් වගඋත්තරකරුවන් කරමින් මීට අදාළව පවරා තිබූ නඩුව පෙත්සම්කරුවන් විසින්ම ඉල්ලා අස්කර ගැනීමත් සමග ඒ ගැන කවර කතාද?

    යහපාලන ආණ්ඩුවේ වසර තුනහමාරක් ගෙවී අවසන් තැන මේ හොරුන්ට දුන් දඬුවම් මොනවාද? එහෙව් තත්ත්වයක් තුළ ඉතිරි අවුරුදු එකහමාර තුළ අධිවේගී නොව මොන මට්ටමේ හෝ අධිකරණ ඇති කොට දඬුවම් දෙතැයි මිථ්‍යාවේ ජනතාව ගිලිය යුතුද? මේ බොහෝ කාරණා දේශපාලන උප්පරවැට්ටිය. රාජපක්ෂ හොරුන් හොරුන් කළ හැකිව තිබූ කාලය කල් ඉකුත් වී ඇත. මන්ද දැන් ඒ හොරුන් වුව හොරුන් යැයි විශ්වාස නොකරන තැනට සියල්ල සිද්ධ වී ඇත. එහෙව් කලෙක අධිවේගී අධිකරණවලට කළ හැකි දෙයක් ඉතිරි වේද? අද මේවාට එරෙහිව සාක්ෂි දෙන්නට මිනිස්සු ඉදිරියට ඒද? ඒ තබා නඩු අහන්නට විනිසුරුවන් වුව ඉදිරියට එතැයි සිතිය නොහැකිය. ගෝඨාභය සම්බන්ධ නඩු ඇහිල්ලෙන්ම ඒ බව සනාථය. දැන් අපට බලා සිටීමට ඇත්තේ අධිවේගයෙන් මේ කාලය ගෙවී යන තෙක්ය.


    - http://ravaya.lk/?p=172651
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අල්ලල හිරේ දාපන් බන් ඔච්චර සාක්කි තියෙන එකේ..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    අල්ලල හිරේ දාපන් බන් ඔච්චර සාක්කි තියෙන එකේ..


    ඔක්කොම එකයි බන්... බොරුවට කගහනවා... හැමෝම කරන්නේ අපු ගමන් ඉතුරු වෙලා තියෙන දෙයක් කන එක.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,943
    113
    2010 මුදල් මණ්‌ඩලයේ අනුමැතියක්‌ නැතිව ඊපිඑෆ් ඩොලර් මිලියන 4 ක්‌ ශ්‍රී ලංකන්හි ආයෝජනය කරලා: මේ දක්‌වා කිසිදු ලාභාංශයක්‌ ගෙවා නැත.

    p1-1.jpg


    ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන සේවක අර්ථසාධක අරමුදල විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්‌වල ඇමෙරිකානු ඩොලර් මිලියන හතරක මුදලක්‌ ආයෝජනය කර ඇති අතර එම ආයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ අනුමැතියක්‌ද ලැබී නැතැයි එම සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර්Êමහත්මිය ඊයේ (06 දා) ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා සාක්‍ෂි විභාගයේදී අර්ථසාධක මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනය කිරීමට මහ බැංකුවේ මුදල් මණ්‌ඩල අනුමැතිය ලබා ගෙන තිබේ දැයි ප්‍රශ්න කළ අවස්‌ථාවේදී ඊට පිළිතුරු වශයෙන් තිරුකුමාර් මහත්මිය මේ බව කීවාය.

    එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්‌වල ආයෝජනය කළ අර්ථසාධක අරමුදලේ මුදල් සඳහා 2013 සැප්තැම්බර් 01 වැනිදා සිට මේ දක්‌වා කිසිදු ලාභාංශයක්‌ ගෙවා නැතැයි ද ඇය ප්‍රකාශ කළාය.

    එදිනට පෙර අර්ථසාධක අරමුදලේ ආයෝජනය සඳහා ලාභාංශය ගෙවා තිබේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කළත් ඊටද නිශ්චිත පිළිතුරක්‌ ලබාදීමට අපහසු බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලේකම්වරිය කීවේ ඒ සඳහා තම ලිපි ගොනු පරීක්‍ෂා කර කොමිසමට පසුව පිළිතුරක්‌ ලබා දෙන බවයි.

    2010 අගෝස්‌තු 18 දින ලංකා බැංකුවේ සභාපති ගාමිණී වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත යොමු කරන ලද ලිපියකට අනුව සේවක අර්ථසාධක අරමුදල විසින් ඇමරිකානු ඩොලර්Êමිලියන 4 ක වටිනාකම සඳහා කොටස්‌ 1,863,676 ක මුදල් ආයෝජනය කර තිබූ බව කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තිරුකුමාර් මහත්මිය කීවාය.

    එසේම අර්ථසාධක අරමුදලට අමතරව 2010.08.18 දින වන විට ලංකා බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 28.6 ක්‌ වටිනා කොටස්‌ ද, මහජන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන දහයක්‌ වටිනා කොටස්‌ ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන දහයක්‌ වටිනා කොටස්‌ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් මිලට ගෙන තිබූ බවත් ඒ අනුව එහි මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 53ක්‌ පමණ වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම්වරිය කියා සිටියාය.

    2010 වසරේ රුපියලේ වටිනාකම අනුව ගණන් බැලූ විට මෙය අති විශාල මුදලක්‌ බවත් ඒවා මහජනයාට අයිති මුදල් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සාක්‍ෂිකාරිය පිළිගත්තාය.

    එහෙත් මෙම මහජන මුදලින් කරන ලද ආයෝජනයන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලාභාංශ ගෙවා තිබේ දැයි අසන ලද ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක්‌ දීමට අපොහොසත් වූ තිරුකුමාර් මහත්මිය ප්‍රකාශ කළේ ඒ ගැන පරීක්‍ෂා කර බලා පසුව පිළිතුරක්‌ ලබාදෙන බවයි.

    කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදේ 10.00 ට කොමිසම රැස්‌ විය.


    - http://divaina.com/daily/index.php/main-news/15299-2018-08-05-16-18-50
     
    • Like
    Reactions: dhanuka1990