සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පාඩු ලබන ආයත&#3505

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පාඩු ලබන ආයත&#3505

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පාඩු ලබන ආයතනවල ආයෝජනය කළ නිලධාරීන්ට එරෙහිව ගන්නා පියවර මොනවාද?
    - අනුර කුමාර අසයි

    අජිත් අලහකෝන් - අකිත පෙරේරා

    පාඩු ලබන ආයතනවල සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීමට තීරණය කළ නිලධාරින්ට එරෙහිව ගනු ලබන පියවර කවරක්‌දැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

    ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

    සාමාජිකයන් මිලියන 2.5 ක්‌ සාමාජිකත්වය දරන සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් මේ වන විට පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

    ලංකාවේ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ විශාලතම අරමුදල සේවක අර්ථසාධක අරමුදලයි. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් මෙය ස්‌ථාපිත කරනු ලැබුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම කාලය සුවයෙන් ගත කිරීම සඳහා ප්‍රතිලාභ ලබාදෙන්නක්‌ ලෙසයි. ඊට අමතරව කායික සහ මානසික බෙලහීනතාවයක්‌ ඇති වුවහොත් සේවා වියුක්‌තියේදී ප්‍රතිලාභ ලබාගැනීමටත්, සේවකයා මියගියහොත් ඔහුගේ උරුමකරුවන්ට යෑපීම සඳහා ප්‍රතිලාභ ලබාගැනීමටත් මෙම අරමුදල භාවිත කෙරෙනවා. එසේම පසුකාලීනව ශ්‍රමිකයකුට නිවසක්‌ ඉදිකිරීම සඳහා ණය මුදලක්‌ ලබාගැනීමේදී ඇපයට තබා ගැනීමටද මෙම අරමුදල ප්‍රයෝජනවත් වුණා. මේ ආදී වශයෙන් සේවක අර්ථසාධක අරමුදල පෞද්ගලික අංශයේ ශ්‍රමිකයකුගේ ජීවිතය සමග විශාල බැඳීමක්‌ පවතිනවා. ඔවුන් අරමුදලේ පරිපාලනයට සම්බන්ධ නොවූවත් අරමුදලේ පරිපාලනය පිළිබඳව ඔවුන් අතිශය සංවේදී වෙනවා. විශේෂයෙන් සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබාගෙන විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ස්‌ථාපිත කිරීමට එරෙහිව බලවත් කම්කරු විරෝධතා පැනනැග්ගේත් කටුනායකදී රොෂේන් චානක තරුණයාට දිවි පිදීමට සිදුවූයේත් මෙබඳු අවාසනාවන්ත තත්ත්වයක්‌ තුළයි.

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ආණ්‌ඩුව විසින් ගනු ලැබූ තීරණයට කම්කරුවන්, වෘත්තීය සමිති ඇතුළු දේශපාලන පක්‍ෂ දැඩි විරෝධය පළ කළා. එහෙත් ආණ්‌ඩුව දිගින් දිගටම පැවසුවේ මෙය කම්කරුවන්ට වාසිදායක තීරණයක්‌ බවයි. එමගින් ඔවුන්ගේ ප්‍රතිලාභ සුරක්‍ෂිත වන බවත් ප්‍රතිලාභ ඉහළ යන බවත් ඒ මොහොතේ ආණ්‌ඩුව පවසනු ලැබුවා. එහෙත් අද වන විට ලැබී ඇති තොරතුරුවලින් හෙළිදරව් වන්නේ ආණ්‌ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු පුරාඡේරු කතා සියල්ල බොරු බවට පත්වෙමින් ඇති බවයි.

    අරමුදල සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති එච්. ඒ. එස්‌. සමරවීර මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද 2011 විගණකාධිපති වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා.

    සේවක අර්ථසාධක අරමුදල විසින් පෞද්ගලික ආයතන 58 ක කරන ලද ආයෝජනවලින් 2011 වසරේ එම අරමුදල ලබා ඇති පාඩුව බිලියන 11.7 ක්‌ වේ.

    එම අරමුදලේ සාමාජිකයන් වන මිලියන 2.5 ක සේවකයන් හට ලැබෙන ප්‍රතිලාභ 2010 වසරට සාපේක්‍ෂව 2011 වසරේ සියයට 01 කින් පහළ යැමට මෙය හේතු වී තිබේ. 2013 ජනවාරි 15 වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කෙටි කාලීනව සහ දිගුකාලීනව රුපියල් බිලියන 63 කට අධික (63,169,398,923) මුදලක්‌ කොටස්‌ වෙළෙඳපොළෙහි සමාගම් 76 ක ආයෝජනය කර තිබේ. එයින් සමාගම් 58 ක කරන ලද රුපියල් බිලියන 54 කට අධික (54,006,955,606) මුදලකට අදාළ පාඩුව රුපියල් බිලියන 11.7 ක්‌ (11,737,841,979) ඉක්‌මවා තිබෙනවා.

    2010 වසරේ ගුවන්යානා සමාගමක කොටස්‌ 1,863,676 මිලදී ගැනීම සඳහා කරන ලද රුපියල් මිලියන 500 ක මුදලින් මේ දක්‌වා කිසිදු මුදලක්‌ උපයා නැත.

    එසේම 2007 දී විදුලිබල සමාගමක ආයෝජනය කරන ලද මුදල්වලින්ද 2011 වසරේ පාඩු ලබන මූල්‍ය සමාගමක කරන ලද ආයෝජනවලින්ද සේවක අර්ථසාධක අරමුදලට බලවත් ලෙස පාඩු සිදුවී ඇත. එසේ ආයෝජනය කර ඇත්තේ 2011 වසර අවසානයේ රුපියල් බිලියන 03 කට වැඩි පාඩුවක්‌ ලබා ඇති සමාගමකය.

    මේ අනුව පෙනී යන්නේ කම්කරුවන් දුකසේ උපයාදුන් මුදල් සමග ආණ්‌ඩුව සූදු කෙළිමින් සිටින බවයි. එම මුදල් කොටස්‌ වෙළෙඳපොළේ යොදවා ලාභ ඉපයීම කෙසේ වෙතත් එම මුදල් යොදා බංකොලොත් ගුවන් සමාගම්, පාඩු ලබන මූල්‍ය ආයතන පවත්වාගෙන යැමට නාස්‌තිකාරී ලෙස යොදාගෙන තිබෙනවා. විගණකාධිපතිවරයාගේ කරුණු අනුව පෙනී යන්නේ ඇතැම් මූල්‍ය ආයතනයක්‌ පාඩු ලබන බව දැන දැනම එහි කොටස්‌ මිලදී ගැනීමට ආණ්‌ඩුව කටයුතු කර ඇති බවයි. එමගින් ආණ්‌ඩුවේ අනුදැනුම මත අරමුදලේ පරිපාලනය එතරම් අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇත්ද යන්න හෙළිදරව් වෙනවා.

    මේ තත්ත්වය තුළ පැනනඟින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා මෙම සභාව හමුවේ තබනු ඇතැයි සිතනවා.

    පාඩු ලබන ආයතනවල අරමුදලේ මුදල් ආයෝජනය කළ යුතු බවට තීරණය කර ඇත්තේ කවුරුන් විසින්ද?

    අරමුදලට එතරම් පාඩු ලැබීමට සැලැස්‌වූ නිලධාරීන්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද?

    අරමුදලේ මුදල් කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ ආණ්‌ඩුවේ තීරණය නැවත සලකා බැලීමට ලක්‌ නොකරන්නේද? නොඑසේනම් ඒ මන්ද?

    සේවක අර්ථසාධක අරමුදල සුරක්‍ෂිත කිරීමට ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

    [http://www.divaina.com/2014/04/25/news22.html[

    ආණ්ඩුවට කඩේ යන එවුන් බලපල්ලා
     
    • Like
    Reactions: Shadow.Walker

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    bump..lankawa inna maha horu tikaka politics karanna..
    manna mawa thami prasna nikan boru jathiwada randu wena unta barida mawata katha karanna :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකත් සක්විතියම තමා. පව් අහින්සක උන්ගේ සල්ලි.. කැසිනො බිලත් සම්මත වෙලාද බන්..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔකත් සක්විතියම තමා. පව් අහින්සක උන්ගේ සල්ලි.. කැසිනො බිලත් සම්මත වෙලාද බන්..

    ඔව් ඔව් අන්න ඊයේ පත්තරේ දාලා තිබ්බේ ජනතා විරෝදය දක්වන්න තිබ්බ කාලේ ගියා ,ජනතාවගෙන් කිසි අවුලක් නැති නිසා වැඩේ පටන් ගන්නවා කියලා .මචන් ඕවා හීන් නූලෙන් දෙන්නේ .මෙහෙන් world cup දිනනකොට අරහෙන් උන්ගේ මඩිය තව තර කරගන්න වැඩ 10 විතර කරගන්නවා .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙව්වා හෙන ගහන අපරාද . අහින්දක මිනිස්සු අවුරුදු 60 වෙනකම් වැඩ කරලා කරලා ඒ මිනිස්සුන්ගේ දරු මල්ලෝ දීග දෙන්න තියන තුට්ටු දෙකටත් මුන් ලන්සු තියල සුදු ගහන්න අරන් එහෙමනම්.

    තවත් මහරජතුමාට චන්දෙ දීල චිරාත් කාලයක් රට කරවන්න ආවඩා ආයුබෝවේවා කිව්වලු....:no::no::no::no:
     

    Similar threads