සොත්ති උපාලිගේ පුතා නිදොස් කර නිදහස් කරයි.....ohomao lake pankawe neethiya

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ලවී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සොත්ති උපාලිගේ පුතා නිදොස් කොට නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා අද (08) නියම කළේය.

    මොරටුව තුඩුවන්මුල්ල ප්‍රදේශයේ පදිංචි අරඹගේ දොන් ප්‍රසන්න ලක්ෂිත නමැති 45 හැව්රිදි පුද්ගලයකු මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි.

    නිදොස් කොට නිදහස් කෙරුණු සැකකරු, හිටපු පාතාල කල්ලි නායක ගොඩ් ෆාදර් හෙවත් සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයා බවද අනාවරණයවේ.

    පැමිණිල්ල වෙනුවෙන් සාක්කිෙකරුවන් දහතුන් දෙ‍ෙකු කැදවා තිබූ නමුත්, පළමු සාක්කිකරු වන පොලිස් පරීක්ෂක සමන් පත්මලාල් මහතගේ සාක්කිය විමසීමෙන් පසුව විනිසුරවරයා නියෝගය නිකුත් කළේය.
     
    • Haha
    Reactions: shenat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    තාත්ත ගිය අඩි පාරේ නොගියොත් උෟ නොට්ටිගෙ පුතාලු නේ..
     

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    තාත්ත ගිය අඩි පාරේ නොගියොත් උෟ නොට්ටිගෙ පුතාලු නේ..
    උබ නොට්ටියගෙ පාරෙද යන්නෙ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    ලංකාවෙ නීතිය නෙවෙයි බන් කේස් එක..
    පොලිසිය හරියට පරික්ශන කරලා, හරි ටෙක්නික් එකට නඩුව ගෙනියන්නෙ නැ...

    පරස්පර රිපොට්ස්,
    වෙනස් වෙන සාක්ශි,
    වැරදි වෙලාවල් සටහන් කරලා,

    හිතාමතා හරි, නොසලකිල්ල නිසා තමයි කෙලවිලා යන්නෙ...
    ----------

    කුඩු කිලො 200 ගනන් එක්ක අහු උන සෙට් එකත් නිදහස් උනෙ ලඟදි,
     
    • Like
    Reactions: SLK_sri