නංගිට බබා ලැබුනෙත් ප්‍රිය බිරිය මගේ
සති දෙකකට ගියා සහයට ලගට ඇගේ
පාළුව කාංසිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදන් බොන්නට වුණා වගේ
කළ විට සීනි බැදුනේ මුඩිය විවර
කොළයක් දුටිමි මතකයි ඇගෙ අත් අකුර
“මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර “
ලියලා තිබුණි පැන්සලකින් මගෙ සොදුර
ඇර තේ පෝච්චිය බැලූ විට තිබුණි ලියා
“පාළුයි වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා “
ප්රිජ් එක ගෙදර බෝ තැන් ඇස ගැටෙන නිසා
අලවා තිබුණි මුදු ආදර වදන් එයා
හිමි ගැන නිතර සොයනා බිරිදක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටි විට අගේ ගුණ වයමින් හද තුළිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරිණි
දින පහ ගෙවී අවසන වැඩ නැති ශනිදා
දවල් දවස ගත කර ඇද උඩම නිදා
මිතුරන් දෙදෙනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය හිතින් බදා
උරුවම් බබා ඇර අල්මාරියෙ පියන
ඇදුමක් සොයා ගත්තෙමි ඇය මැද තිබුණ
“මා නැති අතර තෝ මූසල ගල් බමුණ”
“බොන්ඩද? යන්නේ “ කොළයක අමුණා තිබින....



(මේකත් ඉතින් උස්සපු එකක් තමා..)
බලමු කිරියෙ ඉන්න කවිකාරයො මෙකට තව ටිකක් එකතු කරයි ද කියල....


සති දෙකකට ගියා සහයට ලගට ඇගේ
පාළුව කාංසිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදන් බොන්නට වුණා වගේ
කළ විට සීනි බැදුනේ මුඩිය විවර
කොළයක් දුටිමි මතකයි ඇගෙ අත් අකුර
“මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර “
ලියලා තිබුණි පැන්සලකින් මගෙ සොදුර
ඇර තේ පෝච්චිය බැලූ විට තිබුණි ලියා
“පාළුයි වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා “
ප්රිජ් එක ගෙදර බෝ තැන් ඇස ගැටෙන නිසා
අලවා තිබුණි මුදු ආදර වදන් එයා
හිමි ගැන නිතර සොයනා බිරිදක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටි විට අගේ ගුණ වයමින් හද තුළිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරිණි
දින පහ ගෙවී අවසන වැඩ නැති ශනිදා
දවල් දවස ගත කර ඇද උඩම නිදා
මිතුරන් දෙදෙනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය හිතින් බදා
උරුවම් බබා ඇර අල්මාරියෙ පියන
ඇදුමක් සොයා ගත්තෙමි ඇය මැද තිබුණ
“මා නැති අතර තෝ මූසල ගල් බමුණ”
“බොන්ඩද? යන්නේ “ කොළයක අමුණා තිබින....



(මේකත් ඉතින් උස්සපු එකක් තමා..)
බලමු කිරියෙ ඉන්න කවිකාරයො මෙකට තව ටිකක් එකතු කරයි ද කියල....



Last edited:
