සොදුරු_ලොවක

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොදුරු ලොවක තරු අහසක
    පැතුම් විමානය දකින්න...
    පියවර මැන පෙරමුනටම..
    පරිස්සමෙන් ඇවිද යන්න...
    ලස්සන තරු රටා මැදින්...
    මියුරු හඩින් ගී කියන්න...
    සිහින දකින තරු කැටයට...
    හිතේ ටිකක් ඉඩ තියන්න...


    කදුළු ගගේ පරිස්සමෙන්
    පිහිනාගෙන උඩට එන්න....
    සදළුතලේ සිහින තුලින්...
    එක රෑනක පියාඹන්න....
    අවසන් තරුකැට අහසින්...
    එක දෙක ගිලිහී වැටෙන්න...
    පවසන් මට තවත් වරක්...
    ආයෙත් නම් බෑ හැරෙන්න...

    සොදුරු ලොවක තරු අහසක

    කවුළු පියන්පත් අතරින්...
    ගී රාවය ඉගිල යන්න...
    මිදුළු පවා ඒ මිහිරෙන්...
    දැහැනක් වී සමවැදෙන්න....
    වරම් නැතත් උස් අහසේ...
    තරුවක් වී හිනා වෙන්න...
    කිරුළු මොටද හදවත් මල්...
    ගී නාදෙන් මත් කරන්න....

    සොදුරු ලොවක තරු අහසක..


    66171127752316268550.jpg

    මෙවර දෙරණ dreamstar වේදිකාවෙන් ඉවත් වූ මාගේ මිතුරියක වෙනුවෙනි
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වරම් නැතත් උස් අහසේ...
    තරුවක් වී හිනා වෙන්න...
    කිරුළු මොටද හදවත් මල්...
    ගී නාදෙන් මත් කරන්න....

    11.gif
    11.gif
    11.gif
    11.gif