සොබාදහමට ආදරය කරමි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දහ අට වංගුවේ උඩ පොඩි නවා තැනේ
    නැවතී බලං හිටියා සිරි මහියංගණේ
    සොර බොර හැඩ ද නැත හොත් මාදුරුවේ ඔයේ
    බුලතා මතක් කර ඇදුනා අප බිබිලේ...
    එක් කෙලවරක දික් හැඩ ඇති දිඹුලා ගලේ
    වලාකුළු මැදින් පෙනුණා තොප්පි ගලේ
    වන්නිලා ඇත්තෝ නොපෙනුනාට වස්ගමුවේ
    ඈතට හොඳට පෙනුණා ගඟ මහවැලියේ
    හෙල් මළු රටාවට වැපිරූ කෙත් යායේ
    අපිට සෙවණ දුන් සීතල වලාකුලේ
    මේ කඳු මැදින් හමනා මුදු පවන් පොදේ
    මොහොතක් නතර වූවා හිත මටත් හොරේ
    පැතුම්
    May be an image of 1 person, standing, cloud and mountain