සොබා සිරි

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    සොබා සිරි

    දිලෙන හිරු සඳු තාරකා
    ගලන ගඟුලැලි දියඇලි
    නිලන කඳු රැලි හෙල්වැටි
    නෙතට සිසිලකි සුවයකි ..


    හමන මඳනල හා එතී
    සැලෙන තුරුපත් ගුම් දිදී
    සුපිපි වනමල් සුවඳැති
    සුවඳ විහිදයි ලොබ නොවී ..


    සරන විහඟුන් නිදහසේ
    ගයති ගී බෝ මිහිරැති
    නිහඬ වනපෙත් පාඩුවේ
    සඟවා හිඳී රූ සිරි ලොවෙන් ..


    හිස් අහස සරසන නෙක වළා
    එක ගෙත්තමක් දෙවරක් නොලා
    හැම විටම නව ගෙත්තම් වියා
    හිස් අහසේ හැඩ මවනා ..


    අහස පොළොවට දුර නිසා
    මිහිලියට පාළුව නොම තියා
    වැහි බින්දු වල සඟවා හොරෙන්
    ආදරේ එවලා .....
     
    • Like
    Reactions: sudu pusa