සොල්දාදුවා

sudunone

Member
May 23, 2009
3,781
121
0
නුඹ මව පියාහට
පියඹටද,
ඇති සෙනෙහස,
උන් සිහි කරනවිට
නුඹේ වුවනින් මම දුටිමි.
ඒ ළබැඳි සෙනෙහස
හදවතින් උතුරා
නුඹ අවට හුන් සැවොම
වැළඳ ගන්නා අයුරු,
නුඹ හා දොඩන විට
ඔවුන් වුවනින් මම දුටිමි.

බොහෝ දුර සිටින,
කවුරුන්දෝ විසින්
නුඹ අතට දුන් ගිනි අවිය
නුඹට ගලපන්නේ කෙලෙසදැයි
මම සොයමි.
 
Last edited:
  • Like
Reactions: nwnbs

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක් යාළුවා..... සුභ පැතුම්, දිගටම ලියන්න
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හදවතක උපතින් තම ආත්මය විසින් තමන්ට හිමි කර දුන් සෙනෙහස හා ඊට පරිබාහිරව විවිධ සමාජ අනුභූතීන් මත එය උප කල්පනය වෙමින් හැසිරෙනා ආකාරය මැනවින් සිතා බලන්නට මෙම් නිර්මානය අපිට බල කරනවා..

කොහේවත් නැති බාහිර බලවේගයකට උපතින් ගෙනා එම තෙතමනය වියලී යන්නට මිනිස් සන්තානය ඉඩ දෙන අවස්ථා එමටයි...

එය හොඳ ප්‍රවනතාවයක්...නිර්මානකරුවෙක්ගේ වගකීම ඔබ හොඳින් ඉටු කර ඇති බවක් මෙම නිර්මානය කියවද්දී මට දැනුනා..

දිගටම ලියන්න ...ඔබට ජය!!
 
ස්තුතියි සහෝදරයා. මේකට වස්තු බීජය උනේ මම හඳුනන විශේෂ බලකායෙ සෙබලුන් පිරිසක්. ඔවුන් තුළින් මා දුටු උතුම් මිනිස් ගති නගරයට වෙලා ආරක්ෂිතව ඉඳගෙන යුද්ධයට කටින් විතරක් උදව් කරන පිරිස් තුළින් මම දැක්කෙ නැහැ. කොළඹට වෙලා ඉන්න ගමන් මමත් හැම වෙලේම හිටියෙ එක දිගට ගහල ඉවර කරන්න ඕනෙ කියන ස්ථාවරයෙ. ඒත් මගෙ අතට ආයුධයක් දීල කිව්වොත් ගිහින් රට බේර ගනින් කියල, මගෙ හිත ඉඩ දෙන්නෙ නැහැ ඒ අවිය පාවිච්චි කරන්න. මේ සෙබලුන් උදේ හවා පන්සිල් ගන්න ගැමි පවුල්වල ළමයින්. කොළඹ මිනිසුන්ට වඩා පව් පින් කෙරෙහි විශ්වාසය ඇති අය. ඒත් තමන්ගෙ ආදරනීයයන් වෙනුවෙන්, රට වෙනුවෙන් තමන් අකමැති දෙයක් කරන්න උනත් හිත හදා ගන්න තරම් ඔවුන් ශක්තිමත්. ඒත් එයට පුළුවන් වෙලා නැහැ ඔවුන්ගෙ මුදු ගති ගුණ නැති කරන්න. මට හිතුණෙ ඔවුන් බෝසත්වරුන් වගේ කියල. තමා අතින් වරදක් නොවෙන්න ඔවුන් හැම වෙලේම එළඹි සිහියෙන් ඉන්නව. ඔවුන්ගෙ කඳවුර තිබුණු ප්‍රදේශයෙ ජනයාට ඔවුන් සැළකුවෙ අපි අපේම ලෙයින් උපන් සහෝදරයින්ටවත් නැති තරම් ළෙන්ගතුකමකින්.
අපි කොච්චර ආත්මාර්ථකාමීද කියල මට හිතුණෙ එතකොට.