නුඹ මව පියාහට
පියඹටද,
ඇති සෙනෙහස,
උන් සිහි කරනවිට
නුඹේ වුවනින් මම දුටිමි.
ඒ ළබැඳි සෙනෙහස
හදවතින් උතුරා
නුඹ අවට හුන් සැවොම
වැළඳ ගන්නා අයුරු,
නුඹ හා දොඩන විට
ඔවුන් වුවනින් මම දුටිමි.
බොහෝ දුර සිටින,
කවුරුන්දෝ විසින්
නුඹ අතට දුන් ගිනි අවිය
නුඹට ගලපන්නේ කෙලෙසදැයි
මම සොයමි.
පියඹටද,
ඇති සෙනෙහස,
උන් සිහි කරනවිට
නුඹේ වුවනින් මම දුටිමි.
ඒ ළබැඳි සෙනෙහස
හදවතින් උතුරා
නුඹ අවට හුන් සැවොම
වැළඳ ගන්නා අයුරු,
නුඹ හා දොඩන විට
ඔවුන් වුවනින් මම දුටිමි.
බොහෝ දුර සිටින,
කවුරුන්දෝ විසින්
නුඹ අතට දුන් ගිනි අවිය
නුඹට ගලපන්නේ කෙලෙසදැයි
මම සොයමි.
Last edited:

