Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සොවාන් වනුයේ කෙසේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොවාන් වනුයේ කෙසේද ?

සොවාන් වනුයේ කෙසේද ?

සෝවාන් වනු වස්...

මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහරවිට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරිහැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නො දන්නා අපි තවමත් මෝහයෙන් මුලාවී මේ සසර සැරිසරනවා.

බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එසේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න.

බුදු සිරිත හා සම්බන්ධ විවිධ චරිත මේ සඳහා කදිම නිදසුන් සපයා තිබිය දීත් අප මේ කිසිවක් විමසා බලන්නේ නැති ව ඔහේ පසුතැවිලි වෙමින් පමා වෙනවා

* අංගුලිමාල තම දෑතින් මහා මිනිස් ඝාතනයක් කරලාත් සස රින් එගොඩ වුණා.

* පටාචාරා සිහිය විකල්වන තරම් අනාථ අසරණ පීඩිත තත්ත්වයකට පත් වෙලාත් සසරින් එගොඩ වුණා.

* සුනීත එදා පිළිගැනීමට අනුව කිසිදු වරප්‍රසාදයක් නො ලබන සමාජ පසුබිමක් සහිත ව ඉපැදිලාත් සසරින් එගොඩ වුණා.

* මළ මිනී කන සිවලුනට කා දමන්නට හැර දමා සිටි සෝපාකත් සසරින් එගොඩ වුණා.

* අම්බපාලි නගර සෝභිනියක් ලෙස කාමයෙහි ගැලී ඉඳලාත් සසරින් එගොඩ වුණා.

* කසී භාරද්වාජ බමුණා, පිඬු සිඟා වැඩි බුදු රජාණන් වහන්සේට, අනුන් ගෙන් යැපෙන්නේ නැති ව උපයා ගෙන කන්නැ’යි දෝෂාරෝපණය කරලාත් සසරින් එගොඩ වුණා.

ඒ කිසිවෙක් තමාට සිදු වූ දේ ගැන හෝ, තමා කළ කී දේ ගැන හෝ, පසුතැවිලි වෙමින් පමා වුණේ නැහැ. නිර්වාණයට අවශ්‍ය දේ සම්පාදනය කර ගත්තා. ඒ වාගේ අය නිර්වාණයට ළඟා වුණා නම්, අපට මාර්ග ඵල ලබන්නට හෝ නිර්වාණයට ළඟා වන්නට හෝ බැරි යැයි තීරණයක් ගන්නට, අපට ඇති අයිතිය මොකක්ද? අපට ඇති දැනුම මොකක්ද? අපට ඇති ප්‍රඥාව මොකක් ද? අපට ඇති වගකීම මොකක් ද? ඒ සියලු ම දෙනාට වඩා සමහර විට අප වරප්‍රසාද ලැබූවන් වන්නට ඇති. ඒත් බුදු දහම හරිහැටි විමසා නො බලමින්, අප මෙන්න මෙහෙම දේ කියමින් කාලය ගත කරනවා.

* අපට අද පිහිට වෙන්න බුදු හාමුදුරුවෝ නැහැ නේ?...

* අපට රහත් වෙන්න පින නැහැ නේ?...

* මේ කාලේ මාර්ග ඵල ලබන්න බැහැ නේ?...

* අපි ත්‍රිහේතුක ප්රතිසන්ධිය ලබලා නැහැ නේ?...

ඒ වාගේ ම මෙන්න මේ කාරණාවත් සලකා බලන්න.

* බුදු රජාණන් වහන්සේ ඇසුරු කරමින් මාර්ග ඵල ලබා සිටි මුත්, අරහත් තත්ත්වයට පත් නොවූ, විශාකාව, ධම්මික සිටුවරයා සහ තවත් විශාල පිරිසක් දැන් දෙව් ලොව පහළ වී සිටිනවා.

* බුදු රජාණන් වහන්සේ ඇසුරු නො කළත්, ධ්‍යාන ලබා සිටි අසිත තවුසා, උද්දකරාම පුත්ත, ආලාරකාලාම ආදීන් දැන් බඹ ලොව පහළ වෙලා සිටිනවා.

* මිනිස් භවයක් ලබා ඉපැදී බුදු රජාණන් වහන්සේ ඇසුරු කරන්නට ලැබුණත්, ඇසූ දහමට අනුගත වන්නට අකැමැති වුණු දේවදත්ත, අජාසත්ත, මාගන්දියා, චිංචිමානවිකා, සුප්රබුද්ධ, සුන්දරී, ආදීන් අපා ගත වෙලා අදත් එහි සිටිනවා.

අප ඉන්නේත්, ඒ අය ඉන්නේත්, මේ සසරේ ගමන් කරන සියලු සතුන් අතරේ ම යි. දෙවියන් – බඹුන් – මනුෂ්‍යයින් – තිරිසනුන් – පේ‍්‍රතයින් ආදී කවරකු වුවත් ඉපැදීම සිදු වන තාක්, සසර ගමනේ යනවා. සසරේ රැඳී සිටිනවා. සසරේ සිටින තාක්, විඳින්නේ දුක ම යි. ඇයි එහෙම කියන්නේ? ඉපැදුණු ඕනෑ ම සත්ත්වයෙක් තම පැවැත්ම සඳහා කළ යුතු රාජකාරි සමුදායකුත් නියම කර ගෙන ම යි ඉපැදෙන්නේ. ඉපැදුණාට පස්සේ පැවැත්ම සඳහා වෙහෙසෙන්නට වෙනවා. පැවැත්ම තුළ රැඳී සිටීම සඳහා නිරන්තර ව ම කටයුතු කරන්නට වෙනවා.

එ සේ ම රහත් භාවයට පත් නො වූ සත්ත්වයා, පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා විවිධ ඇලීම් නිර්මාණය කර ගන්නවා.

රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලෙනවා. ඇලෙනවා කියන්නේ මොකක්ද? යළි යළිත් ඉපැදීම සඳහා කර්ම සකස් කර ගන්නවා. මේ කර්ම අතර කුසල කර්මත් තිබෙනවා, අකුසල කර්මත් තිබෙනවා. මේ කවර කර්මයක් වුවත් විපාක දීම සඳහා සසර රැඳී සිටිය යුතු වෙනවා. ඒ කියන්නේ සසර ගමන දිගු කර ගන්නවා. අනේ මොන තරම් මුලාවක් ද? මොන තරම් අපරාධයක් ද?

ලබා ගැනීමට ඉතා දුෂ්කර යැයි බුදු වදනින් ම දේශනා කරන ලද මිනිස් භවයක් ලැබූ අප, ඇයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නො ගන්නේ? ආයෙත් කව දා නම් මිනිස් භවයක් ලැබේදැයි අනුමාන කරන්න පුළුවන් ද?

මෙන්න බලන්න අප පෙර කළ පින් නිසා ලබා ගෙන ඇති සම්පත... මාර්ග ඵල හිමි කර ගැනීම උදෙසා ලබා ඇති මූලික සුදුසුකම...

* නිරය – තිරිසන් - පේ‍්‍රත – අසඤ්ඤ තල ආදියෙන් මිදී මිනිස් භවයක් ලැබීම

* බුදු දහම ඇති රටක බෞද්ධයකු වී, මිථ්‍යා දෘෂ්ටික නො වන ජනතාව අතර ඉපැදෙමින්, මිථ්‍යා දෘෂ්ටික නො වන ආත්මභාවයක් ලැබීම

* විකෘති හෝ මන්දබුද්ධික හෝ නොවීම – යමක් වටහා ගන්නට සමත් බුද්ධියක් තිබීම

* කියවන්නටත් අහන්නටත් දහස් ගණනින් දහම් කරුණු තිබෙන, බුද්ධෝත්පාදක කාලයක උත්පත්තිය ලැබීම

ඒත් බලන්න... ඒ සියලු දේ ලැබිලාත්, ඒ ලද මහා පුණ්‍ය ශක්තියේ පල ප්‍රයෝජනයක් නො ලබා, සෝවාන් ඵලයට වත් නො පැමිණ, අනේ, අප නිකම් ම නිකම් එදිනෙදා කා බී ඔහේ මැරිලා යන්නට හදන හැටි?

සමහර අය මෙහෙම කියනවා.

‘අපි ජීවිතය රස විඳිනවා. ඇයි හැම තිස්සේ ම අසුභවාදී ව ම හිතන්නේ? මේ ලැබිච්ච ජීවිතය ගැන සුභවාදී ව හිතන්න කෝ. අපි කාලා - බීලා - ඇඳලා, හොඳ රස්සාවක් කරලා, යහපත් දරු පිරිසක් හදලා රටට දීලා, කාටවත් වරදක් නො කර ජීවත් වෙලා, මැරිලා ගියා ම ඒකත් පිනක් නේ ද?’

ඔවුන් ගැන අපට මොකක් ද කියන්න තියෙන්නේ? ඔවුන් මුළා වෙලා ද, නැද්ද? ඔවුන් මේ සමාජයේ මානව හිතවාදී පුද්ගලයින් තමයි. ඔවුන් ගේ ජීවිතය තුළ දී ඔවුන් යම් යම් පින්-කුසල් කර තිබෙනවා තමයි. ඒත් ඔවුනුත් ඔවුන්ගේ පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා විවිධ ඇලීම් නිර්මාණය කර ගෙන නේද? කෑම්බීම්, ඇඳුම්වලට ඇලිලා - රසවලට ඇලිලා - දරුවන්ට ඇලිලා - රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලිලා. එහෙම නේද? යළි යළිත් ඉපැදීම සඳහා කර්ම සකස් කර ගෙන, සසරට ඇලිලා, සසර ගමන දිගු කර ගෙන නේද?

එහෙම කියපු සමහර අය ම ජීවිතයේ විවිධ අවස්ථාවල දි මෙන්න මෙහෙමත් කියනවා.

‘අනේ මගේ එක ම දරුවා නැති වුණා. මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ...’

‘මං කවදාවත් හිතුවේ නැහැ මට මේ විදියේ ඉරණමක් උදා වෙයි කියලා. මං මගේ දරුවන්ට උගන්නලා ලොකු මහත් කළේ බොහොම දුක සේ. එයාලා ලොකු ලොකු තනතුරුවලට එන කොට මට හිතුණා මීට වඩා සතුටක් මොකට ද කියලා. ඒත් අද එයාලා රටරාජ්ජවල ගිහිල්ලා. මං මැරෙන මොහොතට වත් එයාලා මෙ තැන නැහැනේ? මොකක් ද ඉතින් මං කරපු ජීවිත සටනින් ඇති වැඩේ?’

‘දැන් නම් කොහොමටවත් ඉවසන්න බැහැ. මීට වඩා හොඳයි මැරෙනවා නම්. මං මොන තරම් සැප සම්පත් මැද රජෙක් වාගේ හිටියාද? මේ කරුම ලෙඩේ හැදිලා මං එක තැන් වුණා, නේ?’

‘මට රස්සාව නැති වුණේ පෙර කරුමෙකට ම වෙන්න ඕනේ. ඇත්තෙන් ම ඔය වංචාවට මං සම්බන්ධ නැහැනේ? දෙයියනේ දැන් මේ ගෙවල් හදන්න, වාහන ගන්න, ගනිපු ණයතුරුස් ගෙවා ගන්නේ කොහොම ද?’

‘අපේ කුරුලු කැදැල්ල කැඩිලා ඉහිරුණේ මගේ බිරිඳ නෝක්කඩු වෙලා ළමයිනුත්, මාත් දාලා ගියාට පස්සෙ යි.’

අපි යළිත් ඔවුන් ගැන විමසා බලමු. ඔවුන් ඔවුන් ගේ පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා නිර්මාණය කර ගත් විවිධ ඇලීම් තුළ ම ගැටීම් ද, ඇති වී ඇති ආකාරය බලන්න. රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලී ගත් දේම ඔවුන්ට වේදනාවත්, දුකත් ගෙන දී ඇති සැටි බලන්න.

පරම සත්‍යය නම්, කවර ශ්‍රී විභූතියක් ඇති භවයක ඉපැදී සිටියත්, අපට ඕනෑ විදියට, අප අපේක්ෂා කරන විදියට, අප පතන විදියට, අප ආශා කරන විදියට, සියල්ල සිදු නො වන බව යි. ඉපැදීම දුක යි කියන්නේ ඒක නො වෙයි ද? ඒක ම තමයි.

මේ ලෞකික වූ සියල්ල අනිච්ඡ යි, දුක්ඛ යි, අනත්ත යි. අප ගේ ඉච්ඡාවට/කැමැත්තට අනුව සිදු නො වන නිසා අනිච්ඡ යි. ඒ හෙයින් ම දුක ගෙන දෙන නිසා දුක්ඛ යි. එ හෙයින් ම අනර්ථවත්/අර්ථ ශුන්‍ය නිසා අනත්ත යි.

අපේ හදවත්වලට දැඩි ලෙස අවධාරණය කර පෙන්විය යුතු කාරණය මෙන්න මේක යි. මේ සසර ගමන් මඟේ ආරක්ෂිත හෝ පී‍්‍රතිමත් හෝ වන කවර ම තැනක් වත් නැති බව... සමස්ත ලෝකය ම පාලනය කරන සක්විති රජටත්, මහා බල සම්පන්න යැයි කියන මහා බ්‍රහ්මයාටත්, සියලු දිව්‍ය ලෝකවලට අධිපති ශක්‍රයාටත්, අපායට ඇද වැටීමේ අවදානම තිබෙනවා නම්, මනුෂ්‍ය වූ අපට කොහේ ද ආරක්ෂාවක් තියෙන්නේ? කොහේ ද සැනැසීමක් තියෙන්නේ?

අප මේ තත්ත්වය තේරුම් ගන්නට – පිළිගන්නට කැමැති වුවත් නැති වුවත් සැබෑව නම් ඒක ම තමයි. අපේ කැමැත්තට/ඉච්ඡාවට භව ගමන පාලනය වන්නේ නැහැ. අනිච්ඡ යි. අප මේ තත්ත්වය තේරුම් ගන්නට – පිළිගන්නට කැමැති නැත්නම් එතැන ජය ගෙන ඇත්තේ මෝහය බව තේරුම් ගන්න.

අපට එදිනෙදා ඇසෙන්නට දකින්නට ලැබෙන තවත් සංසිද්ධි කිහිපයක් ;මන්න බලන්න.

‘හරි ම රසවත් කෑම වේලක්. මට මතක ඇති කාලෙක ඔච්චර ගොඩක් කෑවේ නැහැ.’

‘බලන්න, හරි ම ප්‍රසන්න සුවඳක් නේ ද? මං අන්තිම සතයත් එකතු කරලා කොහොම හරි මේ සුවඳ විලවුන් බෝතලය ගත්තා.’

‘මං ආස ම කරන ගායක ගායිකාවන් තමයි ඔක්කොම හිටියේ. හැම සිංදුවක් ම එකකට එකක් පරාද නැහැ. මට දැනුණේ මං සිහින ලෝකෙක ඉන්නවා වාගේ යි.’

‘මට ඕනෑ වුණේ මේ භූමියට, මේ මන්දිරයට, ඇතුළු වුණා මා කාගේ වුණත් නෙත් සිත් සුන්දර දර්ශනවලින් මුසපත් වෙනවා දකින්න යි.’

‘බැහැ, විදුලි පංකා සීයක් තිබුණත් බැහැ. මොකට ද දුක් විඳින්නේ? වායු සමනය කළා ම ඇඟට වෙහෙසක් නැහැ නේ?’

‘අපි දවස් දහයක් විනෝද වුණා. දවල් වෙනවා - රෑ වෙනවා දැනුණේ නැහැ. කෑවා, බිව්වා, නැටුවා, ගැයුවා, සෙල්ලම් කළා, වැවේ මාළු ඇල්ලුවා, අපේ ගමන මතක් වෙන්න හැඳි - ගෑරුප්පු ටිකකුත් පන්නා ගත්තා. කොහොම වුණත් කරන්න තියෙන හැම දෙයක් ම කළා. මේ ජීවත් වෙන්න තියෙන පොඩි කාලෙට මොනවාට ද, දුකක් ගැන හිතන්නේ?’

ඉහත කියමන්වලින් විවිධ පුද්ගලයින් පංච ඉන්ද්රිය පිනවමින් තම ජීවිතයේ වින්දනාත්මක ලෙස අත්දැකීම් ලබා ඇති ආකාරය යි පෙන්නුම් කෙරෙන්නේ. සය වන ඉන්ද්රියය වන මනසත් ඒ හැම අවස්ථාවකට ම සම්බන්ධ යි. සමහර අවස්ථාවල දී ප්‍රාණ ඝාතය, සොරකම පවා කරන්නට ඔවුන් පසුබට වෙලා නැහැ. මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අය සතුටු වෙනවා කියා හඳුන්වා ගන්නා විශේෂ අවස්ථා කිහිපයක් තමයි ඒ. මෙසේ ඉන්ද්රිය පිනවමින් දේවලින් සතුටු වීම කෙබඳු ද? ඉන්ද්රිය පිනවීමේ අවස්ථා සම්පාදනය කර ගැනීමට වෙහෙසෙන්නට ඕනෑ. වියදම් කරන්නට ඕනෑ. කාලය වැය කරන්නට ඕනෑ.

අපි හිතමු, එය එසේ වැය කිරීම් කරමින් කවුරුන් හෝ සතුටු වුණා කියා. එහි දී හොඳින් හා නරකින්, අන් අයට කරදරයක් වෙමින් හා නො වෙමින්, කවර ආකාරයට පුද්ගලයා සතුට සොයා ගියත්, එයින් ඒ තැනැත්තාට කර්මානුරූප ව ලැබුණු ප්‍රතිලාභය කුමක්ද?

* ඇලීම – තෘෂ්ණාව පෙරදැරි කර ගත් මෝහය මත තව දුරටත් සසරෙහි රැඳී සිටීම සඳහා කුසල හෝ අකුසල හෝ කර්ම සකස් කර ගැනීම යි.

* කවර වේලාවක අලාභයක් සිදු වේ දැයි නො දන්නා, කවර වේලාවක අපකීර්තියට පත් වේ දැයි නො දන්නා, කවර වේලාවක නින්දාවට ලක් වේ දැයි නො දන්නා, කවර වේලාවක දුකට පත් වේදැයි නො දන්නා,

තව දුරටත් විමසා බලන විට...

කවර ආකාරයක දුක්ඛිත භවයක ඉපැදේ දැ යි නො දන්නා, කිසිදු වගකීමක් නැති – කිසි දු වගවීමක් නැති කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි...

මේ මහා භයානක සංසාර ගමන දික් කර ගැනීම යි...

සසරින් මිදීමේ වැඩසටහන කල් දැමීම යි...

සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්, යන නිර්වාණයට සපැමිණෙන පරම සුවදායී මාවතෙන් ඉවතට තල්ලු වීම යි... නිවනෙහි පමා වීම යි.

ඒවාගේ ම යි, මේ ලෝකයේ ඉහත ආකාරයට විනෝද වෙනවා කියන බොහෝ අවස්ථාවල දී කුඩා ම හෝ අතපසු වීමකින්, මුලින් සඳහන් කළ විනෝදය වෙනුවට විශාල චිත්ත පීඩාවක් වුවත් සිදු විය හැකි යැයි බලාපොරොත්තු වන්නට ඕනෑ. සමහර අවස්ථාවල දී ගැටුම් ඇති වන්නටත්, ජීවිත හානි පවා සිදු වන්නටත් ඉඩ තිබෙනවා.

ඔය මොන ආකාරයට තම ඉඳුරන් පිනැවීම කළත්, අවසානයේ ඒ සියලු ඉන්ද්රිය සහිත වූ ශරීරය පොළොව මත තබා මේ භවයෙන් නික්ම යනවා.

ඉතිරි වන්නේ කිළිටි වූ චේතනා නිසා රැස් කර ගත් කර්ම සමුහයකුත්, ඊළඟ භවය කෙබඳු වේ ද යන්න ගැන විශාල බියකුත්, පමණ යි.

එහෙම නම් අප ජීවිතය රස යි රස යි කියමින් විනෝද වීම තිත්ත රසට තලු මැරීම වාගේ දෙයක් නො වේද?

මෙන්න මේ කතා පිළිබඳ විමසා බලන්න.

‘මේ දරුමල්ලන් ගේ වැඩ කටයුතුත් එක්ක මගේ සංසාර ගමන ගැන හිතන්න වෙලාවක් නැහැ. එයාලාගේ කටයුතු ඉවර වෙලා තමයි, මං ඒ ගැන හිතන්නේ.’ ‘කොහේ ද, පණම් හතරක් හොයා ගන්න තියෙන වෙලාවේ පින් දහම් කරන්න පුළුවන්ද?’

‘බණ අහන්න ඕනෑ තමයි, ඉතින් බණ ම අහ අහ ඉන්න පුළුවන් යැ? කොයි දේට වුණත් අන්තවාදී වෙන්න හොඳ නැහැ. පුළුවන් කාලෙට ඒක කරගන්න බැරියැ?’

‘මං හිතා ගෙන ඉන්නේ විශ්‍රාම ගියාට පස්සේ ධර්ම මාර්ගයට පිවිසිලා සසර කෙටි කර ගන්න යි.’

‘වගකීම් පැහැර හරින්න බැහැ. ඒවා ඉටු කරලා තමයි, පෞද්ගලිකත්වය ගැන හිතන්නේ.’

‘මේ දවස්වල වැඩ ඉවරයක් නැහැ. ඔය ධර්ම සාකච්ඡාවට නම් එන්න බැරි වෙයි. මං ඊ ළඟ එකට එන්නම්.’

‘ඉක්මනට ම කර ගන්න දෙයක් කර ගන්න ඕනෑ කියලා මටත් ඉතින් හිතෙනවා. වයසට ගියා ම ධර්මය අවබෝධ කර ගන්නත් අමාරු යි නේ?’

‘මාත් මේ හිතහිතා ඉන්නේ සසරින් එගොඩ වෙන මාර්ගයට ඇතුළු වෙන්න තමයි.’

ඉහත පුද්ගලයින් මේ භවය තුළ පමා වෙමින් කල් ගෙවන ආකාරය බලන්න.

දැන් ම මරණය සිදු නො වෙතැයි ඔවුන් දැඩි විශ්වාසයකින් සිටින ආකාරය බලන්න.

ඒ එසේ විශ්වාස කරන්නට ඔවුන්ට ඇති හැකියාව කුමක්ද? තව මොහොතකින් මරණය සිදු නො වෙතැ යි තීරණයකට එළැඹෙන්නට ඔවුන්ට ඇති වගකීම කුමක් ද?

බුදු සිරිතේ එන පේෂකාර දියණිය නම් චරිතයත්, බාහිය දාරුචීරිය නම් චරිතයත්, සලකමු. මරණය ඔන්න මෙන්න තියා, පේෂකාර දියණිය මාර්ගඵල කරා එළැඹෙන්නට තරම් භාග්‍යවන්ත වුණා. මරණය කොයි මොහොතේ සිදු වේ දැයි නො දැන සිටියත්, මරණය සිදු වන මොහොත මී ළඟ මොහොත වුවත් විය හැකි බව දැඩි ලෙස සිතේ දරා ගනිමින්, අප්‍රමාද ව කටයුතු කළ නිසා ම දාරුචීරිය තම මරණයට මොහොතකට පෙර අරහත් ඵලයට ළඟා වුණා.

එහෙත් අප ගේ ජන සමාජයේ සමහර පුද්ගලයන් තම මරණය මෑතක දී සිදු නො වෙතැ යි විශ්වාස කරමින් අලස වෙනවා, ප්‍රමාද වෙනවා. හැම දා මත් මොනවා හරි නිදහසට කාරණාවක් ඔවුන්ට තිබෙනවා. සමහර විට ඔවුන්ට මරණය තෙක් ම ධර්ම මාර්ගයට එළැඹෙන්නට වේලාවක් නැහැ. මේ අතර තුර හදිසියේ මරණය සිදු වන අවස්ථාත් තිබෙනවා. සමහර අය තම පමා වීම ගැන ශෝක වෙමින් මිය යනවා. තවත් සමහර අය තමා පමා වූ බව වත් නො දැන ම මිය යනවා.

අප තුළින් පැන නැඟිය යුතු ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට අදාළ පිළිතුරු මෙන්න බලන්න.

* ප්රශ්නය - අප තෝරා ගත යුත්තේ මේ සසරෙහි තව දුරටත් රැඳී සිටීම ද? භව ගමන නවතා ලමින් සසරින් ඉවත් වීම ද?

පිළිතුර - භව ගමන නවතා ලමින් සසරින් ඉවත් වීම

පැහැදිලි කිරීම - මීළඟට කවර භවයක ඉපැදේ දැයි කිසි විටෙකත් නිශ්චිත වශයෙන් දැන ගන්නට බැහැ. එ සේ ම කවර ම භවයක ඉපැදුණත් එහි දී නියත වශයෙන් ම දුක් විඳින්නට සිදු වෙනවා ම යි. කවර ම තත්ත්වයකින් හෝ ජීවත් වන පුද්ගලයෙක් තමන් සැබෑ වශයෙන් ම, ස්ථිර ලෙස ම, සැනැසිල්ලේ සිටිනවා දැ යි තමන් ගේ හදවතින් අවංක ව විමසා බැලුව හොත් පිළිතුර වන්නේ ‘නැත, නැත, නැත’ යන්න ම යි.

* ප්රශ්නය - භව ගමන නවතා ලීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර - ආර්ය මාර්ගයට පිවිසීම... මාර්ග ඵල ලබා ගැනීම... අවම වශයෙන් සෝවාන් ඵලයට වත් පැමිණීම

පැහැදිලි කිරීම - අවම වශයෙන් සෝවාන් ඵලය හෝ ලබා ගත්තේ නම් නිශ්චිත වශයෙන් ම අපායක ඉපැදීම වැළැකී යනවා. ඒ සේ ම සසර ගමන භව හතකට සීමා වෙනවා. ධ්‍යාන ලබනවාටත් වඩා, සක්විති රජ කම ලබනවාටත් වඩා, සෝවාන් වීම උතුම් යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ එ හෙයින් ම යි.

ප්රශ්නය - කාර්ය බහුල ගිහි ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු කරන අතරේ ම අපට මාර්ග ඵල ලැබිය හැකි ද?

පිළිතුර - ඔව්. නිසැක වශයෙන් ම ඔව්.

පැහැදිලි කිරීම - විශාඛාව සෝවාන් වූයේ හත් වැනි වියේ දී යි. ඇය විවාහ වන විටත් සෝවාන් වෙලා යි හිටියේ. ඇය අවුරුදු එකසිය විස්සක් ජීවත් වුණා. ඇයට දරු මුණුබුරන් විශාල සංඛ්‍යාවක් හිටියා. ඇය ගත කළේ අතිශයින් ම කාර්යබහුල ජීවිතයක් බව බුදු සිරිත ඇසුරින් ඕනෑ ම කෙනකුට වටහා ගත හැකි යි.

එ එසේ ම ඒ යුගය තුළ රජවරුන්, සිටුවරුන් ඇතුළු ප්‍රභූ මට්ටමේ අයත්, දැසිදස්සන් වැනි පහළ සමාජ ආර්ථික පසුබිමක් තිබූ අයත්, බාල – තරුණ – මහලු යන සියලු ම වයස්වල අයත්, සෝවාන් පමණක් නො වෙයි, සකෘදාගාමි, අනාගාමි යනාදී මාර්ග ඵලවල සිටිමින් ගහි ජීවිත ගත කළා. ඔවුන් ඒ ඒ තත්ත්වවලින් තමතමන්ට අදාළ වූ එදිනෙදා කටයුතු කකරමින් තමයි ජීවත් වුණේ. අපේ ඇති බලවත් ම වරද තමයි, එ දා අයට පුළුවන් වුණා නම් ඇයි අපට වැරි කියා සිතන්නේ නැති කම. අප අමතක නො කළ යුතු යි, එ දා සමාජයේත් අද වාගේ ම මිනී මරන්නන්, සොරුන්, බේබද්න්, සල්ලාලයන්, මසුරන්, මස් වැද්දන්, සිටි බව. එහෙම නම් ඇයි අපට බැරි? නෑ, අපටත් පුළුවන්. දැන් ම ම අපි පටන් ගනිමු.

[QUOTE="polwattacom, post: 18801082, member: 114075"] [b]සොවාන් වනුයේ කෙසේද ?[/b] [SIZE="4"][COLOR="Purple"]සොවාන් වනුයේ කෙසේද ? සෝවාන් වනු වස්... මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහරවිට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරිහැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නො දන්නා අපි තවමත් මෝහයෙන් මුලාවී මේ සසර සැරිසරනවා. බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එසේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න. බුදු සිරිත හා සම්බන්ධ විවිධ චරිත මේ සඳහා කදිම නිදසුන් සපයා තිබිය දීත් අප මේ කිසිවක් විමසා බලන්නේ නැති ව ඔහේ පසුතැවිලි වෙමින් පමා වෙනවා * අංගුලිමාල තම දෑතින් මහා මිනිස් ඝාතනයක් කරලාත් සස රින් එගොඩ වුණා. * පටාචාරා සිහිය විකල්වන තරම් අනාථ අසරණ පීඩිත තත්ත්වයකට පත් වෙලාත් සසරින් එගොඩ වුණා. * සුනීත එදා පිළිගැනීමට අනුව කිසිදු වරප්‍රසාදයක් නො ලබන සමාජ පසුබිමක් සහිත ව ඉපැදිලාත් සසරින් එගොඩ වුණා. * මළ මිනී කන සිවලුනට කා දමන්නට හැර දමා සිටි සෝපාකත් සසරින් එගොඩ වුණා. * අම්බපාලි නගර සෝභිනියක් ලෙස කාමයෙහි ගැලී ඉඳලාත් සසරින් එගොඩ වුණා. * කසී භාරද්වාජ බමුණා, පිඬු සිඟා වැඩි බුදු රජාණන් වහන්සේට, අනුන් ගෙන් යැපෙන්නේ නැති ව උපයා ගෙන කන්නැ’යි දෝෂාරෝපණය කරලාත් සසරින් එගොඩ වුණා. ඒ කිසිවෙක් තමාට සිදු වූ දේ ගැන හෝ, තමා කළ කී දේ ගැන හෝ, පසුතැවිලි වෙමින් පමා වුණේ නැහැ. නිර්වාණයට අවශ්‍ය දේ සම්පාදනය කර ගත්තා. ඒ වාගේ අය නිර්වාණයට ළඟා වුණා නම්, අපට මාර්ග ඵල ලබන්නට හෝ නිර්වාණයට ළඟා වන්නට හෝ බැරි යැයි තීරණයක් ගන්නට, අපට ඇති අයිතිය මොකක්ද? අපට ඇති දැනුම මොකක්ද? අපට ඇති ප්‍රඥාව මොකක් ද? අපට ඇති වගකීම මොකක් ද? ඒ සියලු ම දෙනාට වඩා සමහර විට අප වරප්‍රසාද ලැබූවන් වන්නට ඇති. ඒත් බුදු දහම හරිහැටි විමසා නො බලමින්, අප මෙන්න මෙහෙම දේ කියමින් කාලය ගත කරනවා. * අපට අද පිහිට වෙන්න බුදු හාමුදුරුවෝ නැහැ නේ?... * අපට රහත් වෙන්න පින නැහැ නේ?... * මේ කාලේ මාර්ග ඵල ලබන්න බැහැ නේ?... * අපි ත්‍රිහේතුක ප්රතිසන්ධිය ලබලා නැහැ නේ?... ඒ වාගේ ම මෙන්න මේ කාරණාවත් සලකා බලන්න. * බුදු රජාණන් වහන්සේ ඇසුරු කරමින් මාර්ග ඵල ලබා සිටි මුත්, අරහත් තත්ත්වයට පත් නොවූ, විශාකාව, ධම්මික සිටුවරයා සහ තවත් විශාල පිරිසක් දැන් දෙව් ලොව පහළ වී සිටිනවා. * බුදු රජාණන් වහන්සේ ඇසුරු නො කළත්, ධ්‍යාන ලබා සිටි අසිත තවුසා, උද්දකරාම පුත්ත, ආලාරකාලාම ආදීන් දැන් බඹ ලොව පහළ වෙලා සිටිනවා. * මිනිස් භවයක් ලබා ඉපැදී බුදු රජාණන් වහන්සේ ඇසුරු කරන්නට ලැබුණත්, ඇසූ දහමට අනුගත වන්නට අකැමැති වුණු දේවදත්ත, අජාසත්ත, මාගන්දියා, චිංචිමානවිකා, සුප්රබුද්ධ, සුන්දරී, ආදීන් අපා ගත වෙලා අදත් එහි සිටිනවා. අප ඉන්නේත්, ඒ අය ඉන්නේත්, මේ සසරේ ගමන් කරන සියලු සතුන් අතරේ ම යි. දෙවියන් – බඹුන් – මනුෂ්‍යයින් – තිරිසනුන් – පේ‍්‍රතයින් ආදී කවරකු වුවත් ඉපැදීම සිදු වන තාක්, සසර ගමනේ යනවා. සසරේ රැඳී සිටිනවා. සසරේ සිටින තාක්, විඳින්නේ දුක ම යි. ඇයි එහෙම කියන්නේ? ඉපැදුණු ඕනෑ ම සත්ත්වයෙක් තම පැවැත්ම සඳහා කළ යුතු රාජකාරි සමුදායකුත් නියම කර ගෙන ම යි ඉපැදෙන්නේ. ඉපැදුණාට පස්සේ පැවැත්ම සඳහා වෙහෙසෙන්නට වෙනවා. පැවැත්ම තුළ රැඳී සිටීම සඳහා නිරන්තර ව ම කටයුතු කරන්නට වෙනවා. එ සේ ම රහත් භාවයට පත් නො වූ සත්ත්වයා, පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා විවිධ ඇලීම් නිර්මාණය කර ගන්නවා. රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලෙනවා. ඇලෙනවා කියන්නේ මොකක්ද? යළි යළිත් ඉපැදීම සඳහා කර්ම සකස් කර ගන්නවා. මේ කර්ම අතර කුසල කර්මත් තිබෙනවා, අකුසල කර්මත් තිබෙනවා. මේ කවර කර්මයක් වුවත් විපාක දීම සඳහා සසර රැඳී සිටිය යුතු වෙනවා. ඒ කියන්නේ සසර ගමන දිගු කර ගන්නවා. අනේ මොන තරම් මුලාවක් ද? මොන තරම් අපරාධයක් ද? ලබා ගැනීමට ඉතා දුෂ්කර යැයි බුදු වදනින් ම දේශනා කරන ලද මිනිස් භවයක් ලැබූ අප, ඇයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නො ගන්නේ? ආයෙත් කව දා නම් මිනිස් භවයක් ලැබේදැයි අනුමාන කරන්න පුළුවන් ද? මෙන්න බලන්න අප පෙර කළ පින් නිසා ලබා ගෙන ඇති සම්පත... මාර්ග ඵල හිමි කර ගැනීම උදෙසා ලබා ඇති මූලික සුදුසුකම... * නිරය – තිරිසන් - පේ‍්‍රත – අසඤ්ඤ තල ආදියෙන් මිදී මිනිස් භවයක් ලැබීම * බුදු දහම ඇති රටක බෞද්ධයකු වී, මිථ්‍යා දෘෂ්ටික නො වන ජනතාව අතර ඉපැදෙමින්, මිථ්‍යා දෘෂ්ටික නො වන ආත්මභාවයක් ලැබීම * විකෘති හෝ මන්දබුද්ධික හෝ නොවීම – යමක් වටහා ගන්නට සමත් බුද්ධියක් තිබීම * කියවන්නටත් අහන්නටත් දහස් ගණනින් දහම් කරුණු තිබෙන, බුද්ධෝත්පාදක කාලයක උත්පත්තිය ලැබීම ඒත් බලන්න... ඒ සියලු දේ ලැබිලාත්, ඒ ලද මහා පුණ්‍ය ශක්තියේ පල ප්‍රයෝජනයක් නො ලබා, සෝවාන් ඵලයට වත් නො පැමිණ, අනේ, අප නිකම් ම නිකම් එදිනෙදා කා බී ඔහේ මැරිලා යන්නට හදන හැටි? සමහර අය මෙහෙම කියනවා. ‘අපි ජීවිතය රස විඳිනවා. ඇයි හැම තිස්සේ ම අසුභවාදී ව ම හිතන්නේ? මේ ලැබිච්ච ජීවිතය ගැන සුභවාදී ව හිතන්න කෝ. අපි කාලා - බීලා - ඇඳලා, හොඳ රස්සාවක් කරලා, යහපත් දරු පිරිසක් හදලා රටට දීලා, කාටවත් වරදක් නො කර ජීවත් වෙලා, මැරිලා ගියා ම ඒකත් පිනක් නේ ද?’ ඔවුන් ගැන අපට මොකක් ද කියන්න තියෙන්නේ? ඔවුන් මුළා වෙලා ද, නැද්ද? ඔවුන් මේ සමාජයේ මානව හිතවාදී පුද්ගලයින් තමයි. ඔවුන් ගේ ජීවිතය තුළ දී ඔවුන් යම් යම් පින්-කුසල් කර තිබෙනවා තමයි. ඒත් ඔවුනුත් ඔවුන්ගේ පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා විවිධ ඇලීම් නිර්මාණය කර ගෙන නේද? කෑම්බීම්, ඇඳුම්වලට ඇලිලා - රසවලට ඇලිලා - දරුවන්ට ඇලිලා - රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලිලා. එහෙම නේද? යළි යළිත් ඉපැදීම සඳහා කර්ම සකස් කර ගෙන, සසරට ඇලිලා, සසර ගමන දිගු කර ගෙන නේද? එහෙම කියපු සමහර අය ම ජීවිතයේ විවිධ අවස්ථාවල දි මෙන්න මෙහෙමත් කියනවා. ‘අනේ මගේ එක ම දරුවා නැති වුණා. මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ...’ ‘මං කවදාවත් හිතුවේ නැහැ මට මේ විදියේ ඉරණමක් උදා වෙයි කියලා. මං මගේ දරුවන්ට උගන්නලා ලොකු මහත් කළේ බොහොම දුක සේ. එයාලා ලොකු ලොකු තනතුරුවලට එන කොට මට හිතුණා මීට වඩා සතුටක් මොකට ද කියලා. ඒත් අද එයාලා රටරාජ්ජවල ගිහිල්ලා. මං මැරෙන මොහොතට වත් එයාලා මෙ තැන නැහැනේ? මොකක් ද ඉතින් මං කරපු ජීවිත සටනින් ඇති වැඩේ?’ ‘දැන් නම් කොහොමටවත් ඉවසන්න බැහැ. මීට වඩා හොඳයි මැරෙනවා නම්. මං මොන තරම් සැප සම්පත් මැද රජෙක් වාගේ හිටියාද? මේ කරුම ලෙඩේ හැදිලා මං එක තැන් වුණා, නේ?’ ‘මට රස්සාව නැති වුණේ පෙර කරුමෙකට ම වෙන්න ඕනේ. ඇත්තෙන් ම ඔය වංචාවට මං සම්බන්ධ නැහැනේ? දෙයියනේ දැන් මේ ගෙවල් හදන්න, වාහන ගන්න, ගනිපු ණයතුරුස් ගෙවා ගන්නේ කොහොම ද?’ ‘අපේ කුරුලු කැදැල්ල කැඩිලා ඉහිරුණේ මගේ බිරිඳ නෝක්කඩු වෙලා ළමයිනුත්, මාත් දාලා ගියාට පස්සෙ යි.’ අපි යළිත් ඔවුන් ගැන විමසා බලමු. ඔවුන් ඔවුන් ගේ පැවැත්ම සාරවත් කර ගැනීමට යැයි සිතා නිර්මාණය කර ගත් විවිධ ඇලීම් තුළ ම ගැටීම් ද, ඇති වී ඇති ආකාරය බලන්න. රස යි, සැප යි, කියා හිතා ගෙන ඇලී ගත් දේම ඔවුන්ට වේදනාවත්, දුකත් ගෙන දී ඇති සැටි බලන්න. පරම සත්‍යය නම්, කවර ශ්‍රී විභූතියක් ඇති භවයක ඉපැදී සිටියත්, අපට ඕනෑ විදියට, අප අපේක්ෂා කරන විදියට, අප පතන විදියට, අප ආශා කරන විදියට, සියල්ල සිදු නො වන බව යි. ඉපැදීම දුක යි කියන්නේ ඒක නො වෙයි ද? ඒක ම තමයි. මේ ලෞකික වූ සියල්ල අනිච්ඡ යි, දුක්ඛ යි, අනත්ත යි. අප ගේ ඉච්ඡාවට/කැමැත්තට අනුව සිදු නො වන නිසා අනිච්ඡ යි. ඒ හෙයින් ම දුක ගෙන දෙන නිසා දුක්ඛ යි. එ හෙයින් ම අනර්ථවත්/අර්ථ ශුන්‍ය නිසා අනත්ත යි. අපේ හදවත්වලට දැඩි ලෙස අවධාරණය කර පෙන්විය යුතු කාරණය මෙන්න මේක යි. මේ සසර ගමන් මඟේ ආරක්ෂිත හෝ පී‍්‍රතිමත් හෝ වන කවර ම තැනක් වත් නැති බව... සමස්ත ලෝකය ම පාලනය කරන සක්විති රජටත්, මහා බල සම්පන්න යැයි කියන මහා බ්‍රහ්මයාටත්, සියලු දිව්‍ය ලෝකවලට අධිපති ශක්‍රයාටත්, අපායට ඇද වැටීමේ අවදානම තිබෙනවා නම්, මනුෂ්‍ය වූ අපට කොහේ ද ආරක්ෂාවක් තියෙන්නේ? කොහේ ද සැනැසීමක් තියෙන්නේ? අප මේ තත්ත්වය තේරුම් ගන්නට – පිළිගන්නට කැමැති වුවත් නැති වුවත් සැබෑව නම් ඒක ම තමයි. අපේ කැමැත්තට/ඉච්ඡාවට භව ගමන පාලනය වන්නේ නැහැ. අනිච්ඡ යි. අප මේ තත්ත්වය තේරුම් ගන්නට – පිළිගන්නට කැමැති නැත්නම් එතැන ජය ගෙන ඇත්තේ මෝහය බව තේරුම් ගන්න. අපට එදිනෙදා ඇසෙන්නට දකින්නට ලැබෙන තවත් සංසිද්ධි කිහිපයක් ;මන්න බලන්න. ‘හරි ම රසවත් කෑම වේලක්. මට මතක ඇති කාලෙක ඔච්චර ගොඩක් කෑවේ නැහැ.’ ‘බලන්න, හරි ම ප්‍රසන්න සුවඳක් නේ ද? මං අන්තිම සතයත් එකතු කරලා කොහොම හරි මේ සුවඳ විලවුන් බෝතලය ගත්තා.’ ‘මං ආස ම කරන ගායක ගායිකාවන් තමයි ඔක්කොම හිටියේ. හැම සිංදුවක් ම එකකට එකක් පරාද නැහැ. මට දැනුණේ මං සිහින ලෝකෙක ඉන්නවා වාගේ යි.’ ‘මට ඕනෑ වුණේ මේ භූමියට, මේ මන්දිරයට, ඇතුළු වුණා මා කාගේ වුණත් නෙත් සිත් සුන්දර දර්ශනවලින් මුසපත් වෙනවා දකින්න යි.’ ‘බැහැ, විදුලි පංකා සීයක් තිබුණත් බැහැ. මොකට ද දුක් විඳින්නේ? වායු සමනය කළා ම ඇඟට වෙහෙසක් නැහැ නේ?’ ‘අපි දවස් දහයක් විනෝද වුණා. දවල් වෙනවා - රෑ වෙනවා දැනුණේ නැහැ. කෑවා, බිව්වා, නැටුවා, ගැයුවා, සෙල්ලම් කළා, වැවේ මාළු ඇල්ලුවා, අපේ ගමන මතක් වෙන්න හැඳි - ගෑරුප්පු ටිකකුත් පන්නා ගත්තා. කොහොම වුණත් කරන්න තියෙන හැම දෙයක් ම කළා. මේ ජීවත් වෙන්න තියෙන පොඩි කාලෙට මොනවාට ද, දුකක් ගැන හිතන්නේ?’ ඉහත කියමන්වලින් විවිධ පුද්ගලයින් පංච ඉන්ද්රිය පිනවමින් තම ජීවිතයේ වින්දනාත්මක ලෙස අත්දැකීම් ලබා ඇති ආකාරය යි පෙන්නුම් කෙරෙන්නේ. සය වන ඉන්ද්රියය වන මනසත් ඒ හැම අවස්ථාවකට ම සම්බන්ධ යි. සමහර අවස්ථාවල දී ප්‍රාණ ඝාතය, සොරකම පවා කරන්නට ඔවුන් පසුබට වෙලා නැහැ. මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අය සතුටු වෙනවා කියා හඳුන්වා ගන්නා විශේෂ අවස්ථා කිහිපයක් තමයි ඒ. මෙසේ ඉන්ද්රිය පිනවමින් දේවලින් සතුටු වීම කෙබඳු ද? ඉන්ද්රිය පිනවීමේ අවස්ථා සම්පාදනය කර ගැනීමට වෙහෙසෙන්නට ඕනෑ. වියදම් කරන්නට ඕනෑ. කාලය වැය කරන්නට ඕනෑ. අපි හිතමු, එය එසේ වැය කිරීම් කරමින් කවුරුන් හෝ සතුටු වුණා කියා. එහි දී හොඳින් හා නරකින්, අන් අයට කරදරයක් වෙමින් හා නො වෙමින්, කවර ආකාරයට පුද්ගලයා සතුට සොයා ගියත්, එයින් ඒ තැනැත්තාට කර්මානුරූප ව ලැබුණු ප්‍රතිලාභය කුමක්ද? * ඇලීම – තෘෂ්ණාව පෙරදැරි කර ගත් මෝහය මත තව දුරටත් සසරෙහි රැඳී සිටීම සඳහා කුසල හෝ අකුසල හෝ කර්ම සකස් කර ගැනීම යි. * කවර වේලාවක අලාභයක් සිදු වේ දැයි නො දන්නා, කවර වේලාවක අපකීර්තියට පත් වේ දැයි නො දන්නා, කවර වේලාවක නින්දාවට ලක් වේ දැයි නො දන්නා, කවර වේලාවක දුකට පත් වේදැයි නො දන්නා, තව දුරටත් විමසා බලන විට... කවර ආකාරයක දුක්ඛිත භවයක ඉපැදේ දැ යි නො දන්නා, කිසිදු වගකීමක් නැති – කිසි දු වගවීමක් නැති කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි... මේ මහා භයානක සංසාර ගමන දික් කර ගැනීම යි... සසරින් මිදීමේ වැඩසටහන කල් දැමීම යි... සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්, යන නිර්වාණයට සපැමිණෙන පරම සුවදායී මාවතෙන් ඉවතට තල්ලු වීම යි... නිවනෙහි පමා වීම යි. ඒවාගේ ම යි, මේ ලෝකයේ ඉහත ආකාරයට විනෝද වෙනවා කියන බොහෝ අවස්ථාවල දී කුඩා ම හෝ අතපසු වීමකින්, මුලින් සඳහන් කළ විනෝදය වෙනුවට විශාල චිත්ත පීඩාවක් වුවත් සිදු විය හැකි යැයි බලාපොරොත්තු වන්නට ඕනෑ. සමහර අවස්ථාවල දී ගැටුම් ඇති වන්නටත්, ජීවිත හානි පවා සිදු වන්නටත් ඉඩ තිබෙනවා. ඔය මොන ආකාරයට තම ඉඳුරන් පිනැවීම කළත්, අවසානයේ ඒ සියලු ඉන්ද්රිය සහිත වූ ශරීරය පොළොව මත තබා මේ භවයෙන් නික්ම යනවා. ඉතිරි වන්නේ කිළිටි වූ චේතනා නිසා රැස් කර ගත් කර්ම සමුහයකුත්, ඊළඟ භවය කෙබඳු වේ ද යන්න ගැන විශාල බියකුත්, පමණ යි. එහෙම නම් අප ජීවිතය රස යි රස යි කියමින් විනෝද වීම තිත්ත රසට තලු මැරීම වාගේ දෙයක් නො වේද? මෙන්න මේ කතා පිළිබඳ විමසා බලන්න. ‘මේ දරුමල්ලන් ගේ වැඩ කටයුතුත් එක්ක මගේ සංසාර ගමන ගැන හිතන්න වෙලාවක් නැහැ. එයාලාගේ කටයුතු ඉවර වෙලා තමයි, මං ඒ ගැන හිතන්නේ.’ ‘කොහේ ද, පණම් හතරක් හොයා ගන්න තියෙන වෙලාවේ පින් දහම් කරන්න පුළුවන්ද?’ ‘බණ අහන්න ඕනෑ තමයි, ඉතින් බණ ම අහ අහ ඉන්න පුළුවන් යැ? කොයි දේට වුණත් අන්තවාදී වෙන්න හොඳ නැහැ. පුළුවන් කාලෙට ඒක කරගන්න බැරියැ?’ ‘මං හිතා ගෙන ඉන්නේ විශ්‍රාම ගියාට පස්සේ ධර්ම මාර්ගයට පිවිසිලා සසර කෙටි කර ගන්න යි.’ ‘වගකීම් පැහැර හරින්න බැහැ. ඒවා ඉටු කරලා තමයි, පෞද්ගලිකත්වය ගැන හිතන්නේ.’ ‘මේ දවස්වල වැඩ ඉවරයක් නැහැ. ඔය ධර්ම සාකච්ඡාවට නම් එන්න බැරි වෙයි. මං ඊ ළඟ එකට එන්නම්.’ ‘ඉක්මනට ම කර ගන්න දෙයක් කර ගන්න ඕනෑ කියලා මටත් ඉතින් හිතෙනවා. වයසට ගියා ම ධර්මය අවබෝධ කර ගන්නත් අමාරු යි නේ?’ ‘මාත් මේ හිතහිතා ඉන්නේ සසරින් එගොඩ වෙන මාර්ගයට ඇතුළු වෙන්න තමයි.’ ඉහත පුද්ගලයින් මේ භවය තුළ පමා වෙමින් කල් ගෙවන ආකාරය බලන්න. දැන් ම මරණය සිදු නො වෙතැයි ඔවුන් දැඩි විශ්වාසයකින් සිටින ආකාරය බලන්න. ඒ එසේ විශ්වාස කරන්නට ඔවුන්ට ඇති හැකියාව කුමක්ද? තව මොහොතකින් මරණය සිදු නො වෙතැ යි තීරණයකට එළැඹෙන්නට ඔවුන්ට ඇති වගකීම කුමක් ද? බුදු සිරිතේ එන පේෂකාර දියණිය නම් චරිතයත්, බාහිය දාරුචීරිය නම් චරිතයත්, සලකමු. මරණය ඔන්න මෙන්න තියා, පේෂකාර දියණිය මාර්ගඵල කරා එළැඹෙන්නට තරම් භාග්‍යවන්ත වුණා. මරණය කොයි මොහොතේ සිදු වේ දැයි නො දැන සිටියත්, මරණය සිදු වන මොහොත මී ළඟ මොහොත වුවත් විය හැකි බව දැඩි ලෙස සිතේ දරා ගනිමින්, අප්‍රමාද ව කටයුතු කළ නිසා ම දාරුචීරිය තම මරණයට මොහොතකට පෙර අරහත් ඵලයට ළඟා වුණා. එහෙත් අප ගේ ජන සමාජයේ සමහර පුද්ගලයන් තම මරණය මෑතක දී සිදු නො වෙතැ යි විශ්වාස කරමින් අලස වෙනවා, ප්‍රමාද වෙනවා. හැම දා මත් මොනවා හරි නිදහසට කාරණාවක් ඔවුන්ට තිබෙනවා. සමහර විට ඔවුන්ට මරණය තෙක් ම ධර්ම මාර්ගයට එළැඹෙන්නට වේලාවක් නැහැ. මේ අතර තුර හදිසියේ මරණය සිදු වන අවස්ථාත් තිබෙනවා. සමහර අය තම පමා වීම ගැන ශෝක වෙමින් මිය යනවා. තවත් සමහර අය තමා පමා වූ බව වත් නො දැන ම මිය යනවා. අප තුළින් පැන නැඟිය යුතු ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට අදාළ පිළිතුරු මෙන්න බලන්න. * ප්රශ්නය - අප තෝරා ගත යුත්තේ මේ සසරෙහි තව දුරටත් රැඳී සිටීම ද? භව ගමන නවතා ලමින් සසරින් ඉවත් වීම ද? පිළිතුර - භව ගමන නවතා ලමින් සසරින් ඉවත් වීම පැහැදිලි කිරීම - මීළඟට කවර භවයක ඉපැදේ දැයි කිසි විටෙකත් නිශ්චිත වශයෙන් දැන ගන්නට බැහැ. එ සේ ම කවර ම භවයක ඉපැදුණත් එහි දී නියත වශයෙන් ම දුක් විඳින්නට සිදු වෙනවා ම යි. කවර ම තත්ත්වයකින් හෝ ජීවත් වන පුද්ගලයෙක් තමන් සැබෑ වශයෙන් ම, ස්ථිර ලෙස ම, සැනැසිල්ලේ සිටිනවා දැ යි තමන් ගේ හදවතින් අවංක ව විමසා බැලුව හොත් පිළිතුර වන්නේ ‘නැත, නැත, නැත’ යන්න ම යි. * ප්රශ්නය - භව ගමන නවතා ලීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? පිළිතුර - ආර්ය මාර්ගයට පිවිසීම... මාර්ග ඵල ලබා ගැනීම... අවම වශයෙන් සෝවාන් ඵලයට වත් පැමිණීම පැහැදිලි කිරීම - අවම වශයෙන් සෝවාන් ඵලය හෝ ලබා ගත්තේ නම් නිශ්චිත වශයෙන් ම අපායක ඉපැදීම වැළැකී යනවා. ඒ සේ ම සසර ගමන භව හතකට සීමා වෙනවා. ධ්‍යාන ලබනවාටත් වඩා, සක්විති රජ කම ලබනවාටත් වඩා, සෝවාන් වීම උතුම් යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ එ හෙයින් ම යි. ප්රශ්නය - කාර්ය බහුල ගිහි ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු කරන අතරේ ම අපට මාර්ග ඵල ලැබිය හැකි ද? පිළිතුර - ඔව්. නිසැක වශයෙන් ම ඔව්. පැහැදිලි කිරීම - විශාඛාව සෝවාන් වූයේ හත් වැනි වියේ දී යි. ඇය විවාහ වන විටත් සෝවාන් වෙලා යි හිටියේ. ඇය අවුරුදු එකසිය විස්සක් ජීවත් වුණා. ඇයට දරු මුණුබුරන් විශාල සංඛ්‍යාවක් හිටියා. ඇය ගත කළේ අතිශයින් ම කාර්යබහුල ජීවිතයක් බව බුදු සිරිත ඇසුරින් ඕනෑ ම කෙනකුට වටහා ගත හැකි යි. එ එසේ ම ඒ යුගය තුළ රජවරුන්, සිටුවරුන් ඇතුළු ප්‍රභූ මට්ටමේ අයත්, දැසිදස්සන් වැනි පහළ සමාජ ආර්ථික පසුබිමක් තිබූ අයත්, බාල – තරුණ – මහලු යන සියලු ම වයස්වල අයත්, සෝවාන් පමණක් නො වෙයි, සකෘදාගාමි, අනාගාමි යනාදී මාර්ග ඵලවල සිටිමින් ගහි ජීවිත ගත කළා. ඔවුන් ඒ ඒ තත්ත්වවලින් තමතමන්ට අදාළ වූ එදිනෙදා කටයුතු කකරමින් තමයි ජීවත් වුණේ. අපේ ඇති බලවත් ම වරද තමයි, එ දා අයට පුළුවන් වුණා නම් ඇයි අපට වැරි කියා සිතන්නේ නැති කම. අප අමතක නො කළ යුතු යි, එ දා සමාජයේත් අද වාගේ ම මිනී මරන්නන්, සොරුන්, බේබද්න්, සල්ලාලයන්, මසුරන්, මස් වැද්දන්, සිටි බව. එහෙම නම් ඇයි අපට බැරි? නෑ, අපටත් පුළුවන්. දැන් ම ම අපි පටන් ගනිමු. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom