සොසේජස්‌

aruna47

Well-known member
  • සොසේජස්‌ කන්නේ බලාගෙනයි

    1239905_615105991874821_1701666949_n.jpg


    සෑම සොසේජස්‌ කරල් 10 කින් එකක සෙංගමාල වෛරසය අඩංගු විය හැකි බව බ්‍රිතාන්‍ය විශේෂඥයන් කළ පරීක්‌ෂණයකදී අනාවරණය වී තිබේ.

    ඌරු මස්‌ අඩංගු සොසේජස්‌ වල මෙය බහුලව අඩංගු වන බව එම පරීක්‌ෂණයේදී අනාවරණය වී ඇත.

    ඌරු මස්‌ අඩංගු සොසේජස්‌ අනුභවය නිසා රෝගී වන පුද්ගලයන් වැඩිවීම නිසා සිදුකළ පරීක්‌ෂණ අනුව කරුණු අනාවරණය වී ඇත.

    සොසේජස්‌ කරල් සෙන්ටි්‍රගේ්‍රඩ් 70 වේ උණුසුමක විනාඩි 20 ක්‌ පුරා පිසිය යුතු වුවත් බොහෝ බ්‍රිතාන්‍යයන් එවැනි කාලයකට අඩුවෙන් මේවා පිසින නිසා වයිරසය ශරීරයට ඇතුළුවන බව වෛද්‍යවරු පවසති.

    ගැබිනි කාන්තාවන්ට මේ වෛරසය ඇතුළු වුවහොත් රෝගී වන සෑම ගැබිනි කාන්තාවන් පස්‌දෙනකුගෙන් එක්‌ අයකු මියයන බවත් හෙළිවී ඇත.

    මෙම වෛරසය නිසා රෝගී වන සෑම 50 දෙනකුගෙන්ම එක්‌ අයකු මරණයට පත්වේ