සොළොස්මස්ථාන

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    සොළොස්මස්ථාන වන්දනා ගාථාව


    මහියංගනං නාගදීපං
    කළ්‍යාණං පදලාංඡනං
    දිවාගුහං දීඝවාපී
    චේතියංච මූතියංගනං
    තිස්සමහා විහාරංව
    බෝධිමරිචවට්ටියං
    සොණ්ණමාලී මහා චේතියං
    ථූපාරාම භයාගිරං
    ජේතවනං සේලචේතියං
    තථා කාචරගාමකං
    ඒ‍තේ සෝළසඨානානි
    අහං වන්දාමි සබ්බදා.

     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    සොළොස්මස්ථානය‍ට අයත් ස්ථාන


    මහියංගන‍ය


    නාගදීපය


    කැළණිය


    ශ්‍රී පාදස්ථානය


    දිවා ගුහාව


    දීඝවාපිය


    මුතියංගනය


    තිස්ස මහා විහාරය


    ශ්‍රී මහා බෝධිය


    මිරිසවැටිය


    රුවන්වැලි සෑය


    ථූපාරාම‍ය


    අභයගිරිය


    ජේතවනාරාමය


    ශෛල චෛත්‍යය


    කතරගම කිරි වෙහෙර


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මහියංගනය

    ඌව පළා‍තෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි පළමුවරට තනවනලද ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිධන් කරනු ලැබූ දාගැබ්වහන්සේ මහියංගන දාගැබ නම් වේ.මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.


    Mahiyanganaya.jpg



    වන්දනා ගාථාව

    ලංකාය යත්ථ පඨමං භගවා නිසජ්ජ
    යක්ඛේ දමේසි කතමිද්ධි තස්මිං
    ගීවට්ටිධාතූ නිහිතඤ්චථ කේසධාතුං
    වන්දාමි සාධු මහියංගන ථූපරාජං
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    නාගදීපය

    තථාගත බුදූරජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී පස්වැනි වර්ෂයෙහි ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි,චූලෝදර නාරජු මහෝදර නාරජු අතර මිණිපළඟක් නිසා මහත් සටනක් ඇතිවන්නට විය. මෙම සටනේදී විශාල පිරිසකට ඇතිවන්නට ගිය දරුණු විනාශය වළක්වනු වස් උන්වහන්සේ ලක්දිවට වැඩම කර වර්තමාන නාගදීප දාගැබ ඇති ස්ථානයෙහි දම් දෙසූ සේක.නාග ගෝත්‍රිකයන් විසූ දිවයින හෙයින් මෙය නාගදීපය නම් වේ.

    Nagadeepaya_3.jpg


    වන්දනා ගාථාව

    භගිනීසුත මාතුලේහි දින්නේ
    මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,
    මුණිධම්ම මදේසයී මුනීනං
    සිරසා තං පණමාමි නාගදීපං
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කැළණිය

    ස්වාභාවික සෞන්දර්යයෙන් ‍ශෝභමාන වූ බැවින් මෙම ප්‍රදේශයට කළ්‍යණ හෙවත් කැළණි‍ය යැයි ප්‍රකට වන්නට ඇතැයි සිතිය හැක.බුදුරජාණන්වහන්සේ නාගදීපාගමනයෙන් තෙවසක‍ට පසුව මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩි සේක. දැනට චෛත්‍යය ඇති ස්ථානයෙහි රුවන් පළඟක වැඩ හිඳ 500 ක් සංඝ‍යා වහන්සේලා සමඟ දන් වැළදු බව කියවේ.

    Kelaniya_temple.JPG


    වර්තමාන කැළණිය රජමහා විහාරය ලෝක ප්‍රසිද්ධ කලාත්මක චිත්‍ර‍යන්ගෙන් විසිතුරුය. ඉදිරිපසින් ගලා බස්නා කැළණිග විහාරස්ථානයෙහි ශෝභමානත්වය තවත් වැඩි කරයි.

    Kelani_arts_1.JPG


    Kelani_arts_2.JPG


    වන්දනා ගාථාව

    ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස
    යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
    තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
    කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ශ්‍රී පාදය

    බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාංජනය පිහිටා ඇති බැවින් ශ්‍රී පාදය, ශ්‍රි පාද කන්ද යන නම් වලින් හදුන්වනු ලබයි. හින්දු භක්තිකයෝ ශිව ෙදවියන්ගේ පාදය යැයි සලකා ශිවනඩිපාදම් යයිද පෘතුගීසීහු ආදම්ගේ කන්ද යයි සලකා පීකෝ ඇඩෑම් යයිද , ඉංග්‍රීසීහු ඇඩම් ස්පීක් යයිද හදුන්වනු ලබයිගකෙසේ වෙතත් බෞද්ධ පිළිගැනීමට අනුව බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන දිව්‍ය රාජයා විසින් තමන්ගේ වාසභවනය වූ සමන්ගිර මුදුනෙහි සිරිපා ස‍ටහන පිහිටවනු මැනවැයි කරන ලද ආරාධන‍යෙන් බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිය පාද ලාංඡනය පිහිට වූ ‍‍සේක.

    Samanola_kanda.jpg


    වන්දනා ගාථාව

    කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා
    දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං
    ලංකාමහීවරවධු මකුටෝපමානං
    වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං




     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    දිවා ගුහාව

    සමනොළ ගල මුදුනෙහි සිරිපා සටහන් පිහිටවනු සඳහා එහි වැඩම කළ අවස්ථාවේ දිවා කල ගත කළ ගුහාව දිවා ගුහාව නම් වේ.මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

    වන්දනා ගාථාව

    ලංකා මහිවරවධු මකුටායමානේ
    අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ
    සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා
    වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    දීඝවාපී චෛත්‍යය

    දීඝවාපිය හෙවත් දිගාවැව ගමෙහි කරවන ලද බැවින් දීඝවාපිය යැයි කියනු ලැබේ. බු: ව: 407 හෙවත් ක්‍රි:පූ: 137 රජ පැමිණි සද්ධාතිස්ස රජතුමන් විසින් සර්වඥධාතූන් නිධන් කොට මෙම චෛත්‍යය කරවන ලදී. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහිදී බුදුරජාණන්වහන්සේ මෙම ස්ථානයට වැ‍ඩ මොහොතක් සමවත් සුවයෙන් ගතකල බව කියැවේ.

    වන්දනා ගාථාව

    නිසඡ්ඡ යස්මිං භගවා සසාවකෝ
    ඛණං සමාපත්තිසුඛං සමප්පයී
    සරීරධාතුං හි නිධාන කාරිතං
    නමාමි චේතිං සිරි දීඝවාපිකං
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මුතියංගනය

    මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දිගැබ මෙයයි.

    Muthiyangana.jpg


    වන්දනා ගාථාව

    සත්ථුනාධිවුසිතම්හි සමාධිනා
    ධාතුයත්තම්හ බෝධ්විරාජිතං
    ජෙට්ඨතිස්ස නරවාරණකාරිතං
    තං නමාමි මුතියංගන චේතියං
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    තිස්ස මහා විහාරය

    බු: ව: 315 හෙවත් ක්‍රි: පු: 228 වැන්නෙහිදී පමණ මාගම්පුර රජ පැමිණි කාවන්තිස්ස රජු විසින් ඉදිකල හෙයින් තිස්ස මහා වෙහෙර යයි නම් විය. මෙම චෛත්‍යයෙහි බුදුරජාණන්වහන්සේගේ ලළා‍ට ධාතුව නිධන් කර ඇති බව කියවේ.

    Thissamarama.jpg


    වන්දනා ගාථාව

    නිධාය සෝවණ්ණ මුනින්ද බිම්බේ
    පුණ්ණින්දු සංකාස ලළාටධාතුං
    අකාරයී තිස්ස නරිස්සරෝතං
    ථූපං ‍නමේ තිස්සමහාවිහාරේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

    දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රි: පු: 3 වැනි සියවසෙහිදීය. මෙය සිදුවුයේ මිහිදු මාහිමියන් මෙරටට බුදුසමය හඳුන්වාදීමෙන් පසුවය. දඹදිව ධර්මා‍ශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලංකාවේ දෙවන පෑතිස් රජතුමාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී මහා බෝධීන්වහන්සේ සඝමිත් තෙරණිය විසින් මෙරටට වැඩම කරන ලදී.

    Jayasri_maha_bodhi.jpg


    වන්දනා ගාථාව

    යස්ස මුලේ නිසින්නෝව
    සබ්බාරි විජයං අකා
    පත්තෝ සබ්බංඤුතං සත්තා
    වන්දේතං බෝධි පාදපං
    ඉමේ ඒතේ මහා බෝධී
    ලෝකනාතේන පූජිතා
    අහංපිතේ නමස්සාමී
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මිරිසවැටි වෙහෙර

    බු: ව: 383, ක්‍රි : පූ: 101 දී දුටුගැමුණු රජතුමා විසින් මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් ව්‍යාංජනයක් වැළදු එක් අවස්ථාවක් සිහිවූ රජතුමන් මහා සංඝයාට පිළිගැන්වීමට මෙය කරවූ බව කියැවේ. මෙහි දුටුගැමුණු රජතුමාගේ කුන්තා‍යුධය නිධන් කර ඇත.

    Mirisawetiya.jpg


    වන්දනා ගාථාව

    අභයරාජ වරේන සධාතුකං
    සුනිධහිත්ව කතං සකුන්තං
    සකල සත්ත හිතං පණමේ සදා
    මරිචවට්ටික චේතිය මුත්තමං
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    රුවන්වැලි මහා සෑය

    බු: ව: 383 , ක්‍රි :පූ: 161 දී රජ පැමිණි දුටුගැමුණු රජු විසින් කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදී. අඩි 180 ක් උසවූ මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමණය අඩි 1000 ක් වේ. කකුසඳ , කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරයන් මෙහි වැඩ විසූ බැවින් සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද හෙයින් ස්වර්ණමාලී යන නම ප්‍රකට වූ බව කියවේ.

    Ruwanwei_se_Dageba.jpg


    Eth_pawra.jpg


    වන්දනා ගාථාව

    අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
    තං ගාමිණී රාජ කතං නමාමි
    සුවණ්ණමාලී වරථූපරාජං
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ථුපාරාමය

    මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදී.උස අඩි 63 ක් හා ව‍ට ප්‍රමාණය අඩි 194 කි. මෙහි අලංකාරය හා ආරක්ෂා‍ව පිණිස වටිනා වටදාගෙයක්ද සාදවා ඇත.ථූපය පෙරටු කොට සාදවා ඇති හෙයින් ථූපාරාමය නම් වේ. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුවද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතුනද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසා‍ටිකාවද තැන්පත්කර සාදවා ඇත.

    Thuparama_sthupa.jpg


    වන්දනා ගාථාව

    පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
    නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
    දේවාදිතිස්සේන කතං හි ථූපා
    රාමාභිධානං පණමාමි භත්‍යා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අභයගිරි චෛත්‍යය

    වළගම්බා රජතුමන් විසින් ගිරි නම් නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාශ්‍රමය තිබූ තැන්හි ඉදිකල හෙයින් අභයගිරිය යන නමින් හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන්ද, රන්පත් ඉරුවල ලියන ලද දහම් පොත්ද, මිණිකම් කරන ලද සුරම්‍ය ධාතුද තැන්පත් කර ඇති බව කියැවේ.

    Abhayagiri_Dageba.jpg


    වන්දනා ගාථාව

    කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ
    කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව
    විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා
    අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ජේතවනාරාම චෛත්‍යය

    බු: ව: 819 , ක්‍රි:ව: 334 දී රජ කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද මෙම චෛත්‍යය උස අඩි 231 ක්ද වට ප්‍රමාණය අඩි 1100 ක්ද වේ. ජොතිවන නම් උද්‍යානයෙහි ඉදිකළ හෙයින් මෙනමින් හදුන්වයි. බුදුරදුන් ලක්දිව වැඩම කල තෙවැනි වර මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සි‍ට ඇති බව කියැවේ. උන් වහන්වහන්සේගේ පටීධාතුව තැන්පත් කර මෙය සාදවා ඇත.

    Jethawanarama_sthupa.JPG


    වන්දනා ගාථාව

    පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
    ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
    මහාමහාසේන නරින්දකාරිතං
    සුචේතියං ජේතවනං නමාමි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ශෛල චෛත්‍යය

    මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත

    Mihinthale.jpg


    වන්දනා ගාථාව

    සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා
    වරං සමාපත්ති සුඛං පවින්දි
    ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං
    සිලාමහාථූපමහං නමාමි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කතරගම කිරිවෙහෙර

    මහාසේන රජු විසින් සාදවා ඇති මෙම වෙහෙර තුල බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩම කර වැඩ සිටි ස්වර්ණමය ආසනයත්, සිද්ධාර්ථකුමරු පැවිදිවන අවස්ථාවේ කේශච්ඡේදනය කල මඟුල් කඩුවත් හා උන්වහන්සේගේ කේශධාතූන් තැන්පත්කර ඇති බව කියැවේ.කිරි ගස් බහුලව ඇති උයනක කරවු හෙයින් ඛදිර විහාර හෙවත් කිරි වෙහෙර යැයි ව්‍යවහාර කර ඇත.

    Kiri_Vehera.jpg


    වන්දනා ගාථාව

    යහං සමාධිං ගතවා තහිං මුනී
    නිසින්න සොණ්ණාසන කේස ධාතුකං
    ලද්ධා මහාදසේන නරින්ද කාරිතං
    නමාමහං කාචරගාම චේතියං