සෝමසිරි මැදගෙදර
ඔන්න උදේ පාන්දරම ගෙනාව ලස්සනම ලස්සන හිතට වදින ගීයක්. සෝමසිරි මැදගෙදර කියන තරුණ ගායකයා 1980දි තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමට බැඳෙනවා. 1984 වර්ෂයේ ජූලි මාසයේදී ඔහු සහකාර තරුණ සේවා නිලධාරියෙක් වශයෙන් තරුණ සේවා සභාවේ සේවයට බැඳුණා. එදා ඉඳන් අද වෙනකල් සේවය කරන්නේ තරුණ සේවා සභාවේ. දැන් මම ගීතය ගැන කියන්නම්කෝ දැන්. ජාතික තරුණ සේවා සභාව ආරම්භ කල පසුව ජාතික තරුණ සේවා (සංගීත) සමාගම බවට පත්වූ යොවුන් ගී කණ්ඩායමේ ස්වර්ණතම යුගය ෂර්ලි වෛජයන්ත් ගුණසිංහ යුගයයි. සෝමසිරි මැදගෙදර එහි පළමු කණ්ඩායමටම අයත් වූ ශිල්පියෙකි. ධම්මිකා කරුණාරත්න එහි දෙවන කණ්ඩායමට එක්වූ දක්ෂ ශිල්පිණියකි. මේ දෙදෙනා එක්ව ගායනා කල " මංගල යහන" කැසට් පටයට ඇතුළත් වුණු " අසා ඉමු අපි " වූ නම් යුග ගීතය එකල අතිශයින්ම ජනප්‍රියත්වයට පත් විය. දැනුදු සමාජයේ වෙසෙන බොහෝ ජනයා මෙම ගීතයට ඇලුම් කරනවා යන්න මාගේ මතයයි. ගීතයේ පද නිමල් ඉන්ද්‍රසිරි ගිල්පියාගෙනි. ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළේ එම කණ්ඩායමේ ඕගන් වාදකයා වූ මහේන්ද්‍ර ජයසේකර විසිනි. ෂර්ලි වෛජයන්ත් ගුණසිංහයන්ගේ ඉවත්වීමත් සමග යොවුන් ගී කණ්ඩායමේ කඩාවැටීම ඇරඹුනා යයි කිවහොත් නිවැරදිය. අපගේ අවාසනාවකට මෙන් ධම්මිකා කරුණාරත්න ගිල්පිණියගේ හඬ දැන් අපට ඇසෙන්නේ නැත.
https://www.facebook.com/Ananmanan.fanpage/videos/10153573119342546/

)