සෝර්බා නම් ග්‍රීකයා


සෝර්බා, සෝර්බා නම් ග්‍රීකයා ,සෝර්බා ද බුද්ධා,කසන්සාකිස් හා , වඩිගමංගාව





"හැමදෙනාටම බුද්ධත්වයට පත් වීමට නොහැකි වන්නේ සරල හේතුවක් නිසාය .
ඒ බොහෝ දෙනෙකුට සෝර්බා වීමට නොහැකිවීම නිසයි ."සතුට "සෝර්බා නම් "ප්‍රමෝදය" බුද්ධත්වයයි .මෙම ප්‍රමෝදය විසින් සතුට ප්‍රතික්ෂේප නොකරයි.ප්‍රමෝදය රැගෙන එන්නේ සතුටේ මාවතෙන්ය.
සෝර්බා හා බුද්ධ එකතු වුණොත් විතරයි පරිපූර්ණ මිනිසා ගොඩනැගෙන්නේ.
සෝර්බා ද බුද්ධ තමයි පිළිතුර
සෝර්බා ද බුද්ධ තමයි උසස්ම බලවේගය .
සරලවම කිව්වොත් සෝර්බා ද බුද්ධ කියන්නේ
"අලූත් නමක් අලූත් මිනිසෙකුට "
"අලූත් නමක් අලූත් යුගයකට"
"අලූත් නමක් අලූත්ඇරඹුමකට ."##
සෝර්බා හා බුද්ධ හමුවීම තමයි ඉතිරිව තිබෙන එකම ප්‍රාර්ථනාව.


සුප්‍රකට දේශක ඕෂෝ රාජ්නිෂ් සෝර්බා ද ග්‍රීකයා ගැන පවසන දාර්ශනික අදහස.




මෙය නිකොස් කසන්සාකිස් නම් වූ අග්‍රගන්‍ය දාර්ශනික ප්‍රබන්ධ කරුවා අතින් බිහිවන ලොව විශිෂ්ට සාහිත්‍යය කෘතිය Zorba The Greek පොතේ හරබර සිංහල කියවීම.




සෝර්බා නම් ග්‍රීකයා නිකම් නිනම් ප්‍රබන්ධයක් නොවේ හුදු නවකතාවකුත් නොවේ. එය දාර්ශනික බව කැටිවූ මහාත් ආන්දෝලනයකට ලක් වූ විශිෂ්ට ලෙස මනුෂ්‍ය චින්තාභ්‍යන්තරය කදිමට විග්‍රාහා කෙරෙන දාර්ශනික කාව්‍යයක් බදු ගීතමය ,මිහිරක් ගෙනෙනා කෘතියෙකි,.
මෙය ලිවීම නිසාම කසන්සාකිස් පල්ලියෙන් ද එළවා දැමීය
සෝර්බා නම් පතල් කම්කරුවකු හා ආකර හිමිකරුවෙකු මෙන්ම ලේඛකයකු වන "ලොක්කා"අතරින් ගලා යන මෙම දාර්ශනික කව, පිටුවෙන් පිටුව පාඨකයන් ආකර්ශනය කරමින් ඔහුනට සිතන්ට සළස්වමින් ඇදීයන අපූරුව.

සෝර්බා සහා ලේඛකයා ගමන් කිරීමත්, රැදී සිටීමත්, එකට වැඩ කිරීමත්,එකට විසීමත් ,පසුව වෙන්ව ජීවත් වීමත්, සෝර්බා ගේ නිදහස් පැවැත්මත්, මරණයත්, එකම දාර්ශනික හුයකින් බැදි අනගි ගෙත්තමක්මැ යි.


සෝර්බා හා ඔහුගේ "සන්තූරිය"මරණය දක්වාම එකට බැදී පවතින අතර ඔහුගේ ගැඔුරු ජීවන දර්ශනය ප්‍රතිමාන වන හැම අවස්ථාවක දීම සන්තූරියද නාද වන්නේ ඔහුගේ ජීවන ගීතේ වාදකයා ද වෙමින්ය.
සෝර්බා , වරෙක දාර්ශනිකයෙකු වෙමින්,සල්ලාලයකු වෙමින්, සුරා දූර්තයකු වෙමින් රසඥතාව පිරි වාදකයකු,ප්‍රතිභාපූර්ණ රංගධරකු වෙමින්, අයෙකුට එකවර බොහෝ දෙනෙකු බවට පත් වීමට හැකි බව පෙන්නවමින් මෙහි මහාත් ප්‍රහර්ශනාත්මක උත්කෘෂ්ටයෙන් පෙනී සිටී .

සෝර්බා නිතරම "ලොක්කා" ලෙසින් ඇමතූ මේ පූර්වකයා ට ඔහු පැවසුවේ ,
"මං රටෙනුත් පූජකයන්ගෙනඅත් පල්ලි වලින් වලිනුත් බේරුණා. මං තවත් හුඟක් දේවල් වලින් බේරී බේරී ආවා. ඒ විදියට තමයි මගේ බර හෑල්ලු කර ගත්තේ. මම කොහොමද ඒක තේරුම් කරන්නේ මගේ විමුක්තිය මං හොයා ගත්තා. මම මිනිහෙක් වුණා."!!!

අප්‍රහතිහත ධෛර්යයකින් හෙබි මහාත් සමාජ හා සිය කාර්යය පිළිබඳව දැනුමැති ජීවිතය විදවීමක් නොව විදීමට ඇත්තක් යන ආප්තෝපදේශ අනුවම කටයුතු කළ සෝර්බා මියෙන තුරුම සිය දාර්ශනික ජීවන ප්‍රභාව එකලෙසම ආරක්ෂා කරගත හැටි අපූරු ය.

සෝර්බා තැනක සිටියේ නැත.සිටියේ නැත්තේ ද නැත. සෝර්බා දෙයක් කීවේය. කීව් දෙයක් ද නැත.සෝර්බා යමක් කළේද නැත. යමක් නොකළේ ද නැත.සෝර්බා ඇත. එමෙන්ම සෝර්බා ඇත්තේ ද නැත .
මෙම විශිෂ්ට කතාවේ එන තවත් අපූර්වතම සංසිද්ධියක් වන්නේ මේ ලේඛකයා වන ලොක්කා ගෞතම බුදුන්ගේ දර්ශනය හොඳින් හදාරන්නකු වීමයි. ඔහු නිරන්තරයෙන් බුද්ධ තුළින් සෝර්බා දැකීමට වෑයම් කරයි සෝර්බා හමුවන විට ලිවීම ආරම්භ කර තිබූ ඔහුගේ ලේඛනයේ මුලය වුයේ ගෞතම බුදුන්ගේ දර්ශනය යි.අප කවුරුත් දන්නා බෞද්ධ දර්ශනය තුළ එන දාර්ශනික කතිකාවක් වන ධනිය ගෝපාල හා බුදුන් වහන්සේ අතර ඇති වූ ප්‍රකට දාර්ශනික කතා බහා කසන්සාකිස් ලේඛකයා හරහා සෝර්බා මගින් ප්‍රතිනිර්මාණය කර සෝර්බා නම් ග්‍රීකයා පොත ඔස්සේ සාකච්ඡාවට බඳුන් කරන්නේ, අප ලේඛකයන් අතරින් ද මඟ හැරී ගිය බෞද්ධ දර්ශනයේ එන සුවිශේෂීම වූ කතිකාවතක් ඉතා මැනවින් කතාව තුළ හැසිරවීමෙන්ය.


ක්‍රීටයේ කළක් පතල් කම්කරුවෙකු ලෙසින් කටයුතු කරමින් "ලොක්කා" සමග දාර්ශනික කතා බහක යෙදෙමින් නිරන්තර රස ගුලාවක් ද වෙමින් විටෙක කාමුක සුරා සොඩෙකු මෙන් නිරන්තරයෙන් හැසිරී එක්වරම ලොක්කා අතහැර යන සෝර්බා ලොක්කා ව ද එතැන් සිට දාර්ශනිකු බවට පත් කරයි .
ලේඛකයා එවක් පටන් සෝර්බා ගැන සිතයි. ඔහු අවබෝධ කර ගැනීමට පටන් ගනී. සෝර්බා ගේ මරණය දක්වාම ඉන් මතු වත් ඔව් සෝර්බාව ඉගෙන ගනිමින් සිටියි .



,
සෝර්බා යනු ඔහු තුලම වූ සෞන්දර්යෙන් අනුන අයෙක්.නිකොස් කසන්සාකිස් අතින් පණ ලද දාර්ශනික චින්තාවක්,ඓතිහාසික පුද්ගලයෙකු නොවූ ප්‍රබන්ධයක් වූ මෙම සෝර්බා නිසා නිකොස් කසන්සාකිස් ට පල්ලියෙන් ඔහුබනෙරපා හැරියා. පොත ඉල්ලා අස්කරගන්නා ලෙසට ඔහුට පල්ලියෙන් කළ නියෝගය ඔහු පයිසෙකටවත් මායිම් නොකර සිටියා මේ නිසාම පල්ලිය ඔව් අසූචි ගොඩක් ලෙස සළකා පල්ලියෙන් පලවා හැරියා .
එහෙත් එවක් පටන් ලෝකෙ කෝටි සංඛ්‍යාත මිනිසුන් අතරේ සෝර්බා සමගින් කසන්සාකිස් ජීවත්වන්න පටන් ගත්තා .

මෙවන් වූ දාර්ශනික කෘතියක් වෙනත් බසකට පරිවර්තනය කිරීම අතිශය අසීරු මෙන්ම සුළු අත් වැරද්දකින් හෝ එම සාහිත්‍ය කෘතිය ද මහත් අගතියක් වීමට බොහෝ ඉඩ ප්‍රස්ථා ඇති අතර එවන් කෘතියක් පරිවර්තනය කිරීම සැබැවින්ම අභියෝගයකි .


එහෙත් එම අභියෝගය දේශපාලකයෙකු වශයෙන් බොහෝ දෙනෙකු හඳුනාගෙන සිටී නමුත් මහා සාහිත්‍යය ලෝලියෙක් හා විදග්ධ පරිවර්තකයෙක් ඇඟ තුළ සැඟව සිටි සද්ධාතිස්ස වඩිගමංගාව මෙවන් වූ අසීරු කාර්යයට අත තබන්නේ ලාංකික පාඨකයන් හට අති විශිෂ්ඨ කෘතියක් සිංහලෙන් සමීප කරවීමට ලොකු උපකාරයක් වෙමිනි .

සෝර්බා නම් ග්‍රීකයා නිසා නිකොස් කසන්සාකිස් මිනිසුන් අතර සදාතනික ජීවත් වීම ද පටන් ගත් අතර එවන් වූ කෘතියක් පරිවර්තනය කිරීම නිසා දේශපාලකයෙක් පමණක් ව ඉතිහාසයට එක් වන්නට පමණක් තිබූ මිනිසෙක්, ජන හද තුළ ජීවමාන වන සදාතනික සාහිත්‍යයවේදියෙක් ද වුණා . ඔහුට තව ටික කාලයක් ජීවත්වන්නට තිබුනානම් තවත් මෙවන් විශිෂ්ඨ කෘති රැසක් සිංහල පාඨකයන් වෙත ලැබීමට ද තිබුණා .



සෝර්බා නම් ග්‍රීකයා ගැන වචන රචනා කිරීම අනවශ්‍ය වන අතර එය මනසින් මෙන්ම මසැසින් ම විඳ, එහි ඇති ගුණ සුවඳ හඳුනා ගැනීමට අවැසිම ගතක් වන්නේමය.
මෙම පොතෙන් වාක්‍ය පේළි උපුටනයන් කොතෙක් අරන් මේ ලියා පළ කළත්,එය මුල් කෘතියේ ම කියවීමක් නොවන අතර මගේ ඇසින් නොව ඔබේ මසැසින් හා මනැසින් මෙම විශිෂ්ට කෘතිය අත් විඳින්න . 
"ලොක්කා ,මිනිස්සුන්ට ඉන්න හැටියට ඉන්න දෙන්න. ඔවුන්ගේ ඇස් අරවන්න එපා ඇස් ඇරෙව්වොත් මොනවද දකින්නේ? අඳෝනාවල්!!! ඔවුන්ට ඔහේ හීන දැක දැක ඉන්න ඉඩ දෙන්න" 
"අපි යමු ,ඒත් දෙවියන් වහන්සේ වැඩිය සතුටු වෙන්න තිබුණා ඔබ රාත්‍රී කාලයේ දී වැන්දඹුව ළඟට ගියා නම්,. අති උත්තම ගේබ්‍රියල් දේවදූතයා වගේ. දෙවියන් වහන්සේ ඔබ ගිය මඟ අනුගමනය කළා නම් ලොක්කා ඔහුත් මේරි ළඟට යන්නේ නෑ.ක්‍රිස්තුස් වහන්සේ කෙනෙක් උපදින්නෙත් නෑ.! දෙවියන් වහන්සේ මොන මඟද අනුගමනය කරන්නේ කියලා ඔයා මගෙන් ඇහුවොත් මං කියන්නේ මේරි හමු වීමට ඇති මග.මේරි තමයි වැන්දඔුව."

සෝර්බා වයෝවෘද්ධයි ,එහෙත් ඔහු තරුණයි. ඔහු අතෘප්ත යි,එහෙයින් ම ඔහු සංතෘප්ත යි,.ඔහුගේ වදන් සරලයි .ඒ තරමටම ගැඹුරුයි,.සරළ කම ඉක්මවා ගිය සංකීර්ණත්වය නිසාවෙන් ඔහු සෞන්දර්යෙන් ද අණූනයි. !!!! 
මෙය ඇසුරින් විශිෂ්ට චිත්‍රපටයක් ද බිහාවන අතර එය ද මෙහි දාර්ශනික කතිකාව ඉස්මතු වන ආකාරයේම විශිෂ්ට ම සිනමා කෘතියක් ලෙස ලොව පිළිගනී.






Zorba The Greek
Nikos Kazantakis
සෝර්බා නම් ග්‍රීකයා
පරිවර්තනය සද්ධාතිස්ස වඩිගමංගාව
සම ප්‍රකාශනයක්
ලලිත් රවීන්ද්‍ර බෝපිටිය 
2020/05/08
ඒ බොහෝ දෙනෙකුට සෝර්බා වීමට නොහැකිවීම නිසයි ."සතුට "සෝර්බා නම් "ප්‍රමෝදය" බුද්ධත්වයයි .මෙම ප්‍රමෝදය විසින් සතුට ප්‍රතික්ෂේප නොකරයි.ප්‍රමෝදය රැගෙන එන්නේ සතුටේ මාවතෙන්ය.
සෝර්බා හා බුද්ධ එකතු වුණොත් විතරයි පරිපූර්ණ මිනිසා ගොඩනැගෙන්නේ.
සෝර්බා ද බුද්ධ තමයි පිළිතුර
සෝර්බා ද බුද්ධ තමයි උසස්ම බලවේගය .
සරලවම කිව්වොත් සෝර්බා ද බුද්ධ කියන්නේ
"අලූත් නමක් අලූත් මිනිසෙකුට "
"අලූත් නමක් අලූත් යුගයකට"
"අලූත් නමක් අලූත්ඇරඹුමකට ."##
සෝර්බා හා බුද්ධ හමුවීම තමයි ඉතිරිව තිබෙන එකම ප්‍රාර්ථනාව.
සෝර්බා නම් පතල් කම්කරුවකු හා ආකර හිමිකරුවෙකු මෙන්ම ලේඛකයකු වන "ලොක්කා"අතරින් ගලා යන මෙම දාර්ශනික කව, පිටුවෙන් පිටුව පාඨකයන් ආකර්ශනය කරමින් ඔහුනට සිතන්ට සළස්වමින් ඇදීයන අපූරුව.
සෝර්බා , වරෙක දාර්ශනිකයෙකු වෙමින්,සල්ලාලයකු වෙමින්, සුරා දූර්තයකු වෙමින් රසඥතාව පිරි වාදකයකු,ප්‍රතිභාපූර්ණ රංගධරකු වෙමින්, අයෙකුට එකවර බොහෝ දෙනෙකු බවට පත් වීමට හැකි බව පෙන්නවමින් මෙහි මහාත් ප්‍රහර්ශනාත්මක උත්කෘෂ්ටයෙන් පෙනී සිටී .
ලේඛකයා එවක් පටන් සෝර්බා ගැන සිතයි. ඔහු අවබෝධ කර ගැනීමට පටන් ගනී. සෝර්බා ගේ මරණය දක්වාම ඉන් මතු වත් ඔව් සෝර්බාව ඉගෙන ගනිමින් සිටියි .
,
2020/05/08