... මුල් ළිපියක, සූර්ය පැනල් සහ අදාළ යන්ත්ර 2020 වසරේ, 50% කින් අඩු වේ යයි ලීවෙමි. එය ඇමරිකාවේ ගණනය කරන ලද අනාවැකියකි. [Calculated prediction.] මා දන්නා පරිදි නම්, ලංකාව වැනි රටක මේ පැනල් සහ යන්ත්ර ඇමරිකාවට වඩා මිළ අඩු වේ. විශේෂයෙන් මේ පැනල් සහ යන්ත්ර තනන චීන සමාගම් ඒ ඒ භාණ්ඩ විකුණන මිළ, රට අනුව වෙනස් කරති ... කෙසේ හෝ 50% ක අඩුවක් ඇතිවනු යයි සිතමු ...
... එවිට ගණනය කල විට ලැබෙන මුළු මුදල වන්නේ රුපියල් 82, 500 කි . {අඩු වුනු ප්රමාණය සමාන වන්නේ (1,55,000 – 82,500) රුපියල් 72,500 කි.} රුපියල් 3000 මුළු විදුළි බිල දිගටම එසේ පැවතුන හොත්, [82,500/ 3000 = මාස 27.5], අවුරුදු දෙකක් සහ මාස 3 කින් ඔබට වියදම් වූ මුළු මුදල පියවේ ...