සෝවාන් වෙන්ඩ අමාරුද? මොකක්ද ක්‍රමය?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සෝවාන් වෙන්ඩ අමාරුද? මොකක්ද ක්‍රමය?

    ගොඩක් කට්ටිය සෝවාන් වෙන එකට try කරන ඒක නවත්තල තියෙන්නේ එක එක හාමුදුරු වරු එක එක එව්වා කියන හින්ද කරන්ඩ ඕන මොකක්ද කියල හරියට දන්නේ නැතුව වැඩේ අත ඇරලා දානවා.

    ඇත්තටම මොකක්ද සෝවාන් වෙනවා කියන්නේ?
    සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ටිය නැති කරන ඒක. ඒ කියන්නේ මම කියන ඒක නැති කරන එක. සෝවාන් වෙච්ච කෙනෙක් මම කියන එක දකින්නේ ධර්මතා ගොඩක් විදියට.

    ඒ කිව්වේ?
    දැන් අපි (ගොඩක් වෙලාවට කෙල්ලෝ) Car එකක් දකින්නේ කොහොමද? මේකට petrol ගහල start කරලා gear දාල යන්ඩ පුළුවන් තනි දෙයක් විදියට. මුළු car එකම තනි දෙයක් විදියට දකින්නේ. සුවපහසු භාණ්ඩයක් විදියට.
    එත් ගරාජ් කාරයෙක් ඕක දකින්නේ කොහොමද? engine එකේ දැති රෝද. බැටරි. ඉන්දන දහනය වෙන කොට එකේ බලයෙන් යන විදිය. වැරදියට පාවිච්චි කරොත් කැඩෙන දෙයක් විදියට. කල් ගියහම කෑලි ගෙවිල දිරල විනාශ වෙන දෙයක් විදියට. උන් අපේ car එක පාවිච්චි කරන විදියයි අපි අපේ car එක පාවිච්චි කරන විදියයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. උන් ඒක දකින්නේ හේතු පල විදියට. මේක ගෙඋනොත් මේක කෙලවෙනවා. තනි car එකක් දකින්නේ නෑ අපි වගේ.

    තව අපි බලමු doctor කෙනෙක් අපේ ඇග දිහා බලන විදිහ. එයාල බලන්නේ ඒක ඒක අවයව වල තියෙන ක්‍රියාකාරිත්වය. අපි වගේ තනි ශරීරයක් දකින්නේ නෑ (අපිත් ඉගෙනගෙන තියෙනවා නම් එහෙම තමා).

    ඔන්න ඔහොම හැම දෙයකම ක්‍රියාකාරිත්වය හරියට දැක්කොත් දැකල මම කියන එක ක්‍රියාකාරිත්වයක් විදියට හරියට දැක්කොත් සක්කාය දිට්ටිය නැති වෙනවා.
    හැබැයි මම ඉස්සර ගත්තේ උදාහරණ. ගරාජ් කාරයෙක් වත් doctor කෙනෙක් වත් ඒක හරියට දකින්නේ නෑ. ඒ දෙගොල්ලොම රුපය පොඩ්ඩක් දුරට ක්‍රියාකාරිත්වයක් විදියට දැක්කට නාමය (සිත) ක්‍රියාකාරිත්වයක් විදියට දකින්නේ නෑ. විද්‍යාවෙන් නාම රූප පිරිසිද දකින්ඩ බෑ. තරමක් දුරට විතරයි පුළුවන්.
    ඔතනදි තමා බුද්ධාගම ඕන වෙන්නේ. බුද්ධාගමේදි රූප පරමාණුව ටත් එහා ගිහින් ශුද්දාෂ්ටක දක්වා කියල තියෙනවා. ඒක ඇති වෙන නැති වෙන හැටි, එක කොච්චර සුළු මොහොතකින් වෙනස් වෙනවද කියන ඒක ගැන කියල තියෙනවා. ඉගාවට නාමය වෙනස් වෙන හැටි කියල තියෙනවා. හිත නැවත් නැවත් ඇති වෙමින් නැති වෙමින් යන විදිය පෙන්නනවා.
    ඒක ලොකු දීර්ග විස්තරයක්. අපිට ඒක ඒක එව්වා හිතෙන හැටි. අපි ප්‍රතිචාර දක්වන විදිය . එව්වට කුසල් අකුසල් සකස් වෙන විදිය. අරව මෙව්වා ඔක්කොම තියෙනවා.
    ඉතින් ඔය ටික හරියට දැනගෙන භාවනා කරොත්, ඒක අපේ ඇගෙනුත් අත් දැක්කොත් අපේ සක්කයදිටිය නැති වෙන ඒක නවත්ත්නද කාටවත් බෑ. එතනින් සෝවාන් වෙනවා.

    එතකොට අපිට ඒක ඒක හාමුදුරු වරු ඒක ඒක එව්වා කියනවා. ඒවා හරිද කියල බලාගන්නේ කොහොමද?
    හරිම සරලයි. ඕන බණක් අහද්දී තියෙන බැදීම් වැඩි වෙනවා නම්, මම කියන ඒක පෝෂණය වෙනවා නම් ඒක වැරදි මාර්ගයක්.
    ඕන බන කින් බැදීම ලිහිල් වෙනවා නම් මම කියන එකට පහර වදිනවා නම් ඒක හරි මාර්ගය.
    උදාහරණයක් විදියට දැන් බලන්ඩ ඔය අම්මලාගේ පපු වලට දරුවන්ට අත තියන්ඩ කියල ඒක ඒක එව්වා කියවල අඩවන එකෙන් වෙන්නේ බැදීම වැඩි වෙන ඒක නේ. ඒක වැරදි මාර්ගය. දෙමව්පියන්ගේ ගුණ තියෙනවා කියල පිළිගන්න ඕන නමුත් එකෙන් බැදීම වැඩි කරගන්ඩ නරකයි.
    කව්රු හරි හාමුදුරු කෙනෙක් නාම රුප වල අනිත්‍ය බව කියනවනම් ඒක හරි මාර්ගය.

    බුද්දගමේදී වෙනත් ආගම් වල වගේ කවුරුත් කියන දෙයක් පිළිගෙන කරන්ඩ ඕන නෑ. මොකද බුද්ධාගමේ ප්‍රතිපල ලැබෙන්නේ මේ ආත්මේ. ලබන ආත්මේ නෙමේ. ඒක හින්ද අපිට ඇහැට පෙන්ඩ ප්‍රතිපල නත්හ්ටම් පිළිගන්ඩ එපා.
    වෙන්ඩ ඕන මම කියන ඒක නැතිවෙන එකනම්, ඒක වෙන්නේ නැත්තම් ඒක වැරදි, ඒක වෙනවා නම් හරි. අය අර පොතේ තිබ්බ මේ පොතේ තිබ්බ TV එකේ කිව එව්වා වැඩක් නෑ.
    මෙන්න මේ බන අහන්ඩ, මම කියන කෙනාට පහර වැදෙයි:
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    තෙරුවන් සරණයි
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලොකික ජිවිතේට වැදගත් වෙන ත්‍රෙඩ් කිහිපයකුත් දාන්න කියලා ඉල්ලීමක් කරනවා...
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේගේ සබ්බාවස සුත්‍රය අහන්න .ඔය ඔක්කොම ගැටළු වලට විසදුම තියනවා
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේගේ සබ්බාවස සුත්‍රය අහන්න .ඔය ඔක්කොම ගැටළු වලට විසදුම තියනවා

    කවුරුත් විශ්වාස කරයිද දන්නැහැ, මම අවුරුදු 3ක් එක දිගටම පිටිගල හාමුදුරුවන්ගේ සබ්බාසව සූත්‍රය ඇහැව්වා. හාමුදුවෝ ඇත්තටම මොකද්ද මේ පැහැදිලි කරන්න හදන්නේ කියලා. උදේ/හවස, ඔෆිස් එකේ/ගෙදර. අන්තිමට කාරණාව තේරුනා. හරිම සරල දෙයක් තියෙන්නේ, හැබැයි සියුම්.
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේගේ සබ්බාවස සුත්‍රය අහන්න .ඔය ඔක්කොම ගැටළු වලට විසදුම තියනවා

    adala link eka denna puluwanda..
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඉතාමත් අමාරු කාර්යයකි !!!

    ස්තුතියි , හොදලිපියක් !!!:yes:

    :nerd:මේ කාරණය ගැන මගේ පුද්ගලික අදහස කියන්නම්:

    සෝවාන් වීම පවා ඉතා අමරුකාර්යක් ද ?:confused::confused:

    අද සමාජයේ ජිවත් වන මම ඔබ වගේ පුද්ගලයෙකුට ඉතාමත් අමාරු කාර්යයකි !!!

    තනිකරම ද්‍රව්‍ය-මුලික (Objective ) සමාජයක ලොකුමහත්වූ, ආලක්ප මේරූ අපට ලෝකෝත්තර තත්වයන් ලගකරගැනීම හෝ එවන් මගකට පිළිපන් වීමට මනස සකසගැනීම පවා ලෙහෙසි පහසු කාරයක් නොවේ... මක්නිසාදයත් සැබෑ උත්සහයකින් මෙය ලගකරගැනීමට පවා ක්‍රියාකරන බොහෝදෙනෙක් මෙවැනි කාර්යයන් තෙරුම් ගැනීමට උත්සහ කරන්නේ අපි දැනට අත්විදින ලෝකයේ පවතින "ඉන්ද්‍රීය -ගෝචර " ප්‍රත්‍යක්ශයෙනි. එයට හොදම උදහරනයනම් මෙමෙ ලිපිය ලියන සහෝදරයා පවා එය පැහැදිලිකිරීමට යොදාගන ඇති උදාහරණ සියල්ල ගෙන ඇත්තේ අපගේ පන්චේන්ද්රියන්ට දැනෙන හා පවතින ලෝකයේ පවතින දේ අනුසාරයෙනි. ලෝකෝත්තර දෙයක් ලෞකික උදාහරණයන් ගෙන් තෙරුමගනිමට යාමම අරුත් සුන් උත්සාහයකි. :(:(

    මෙමෙ අදහස ගෙනාවිට ඔබ මගෙන් අස්වි "එසේනම් මෙමෙ පවතින ලෝකයේ ජිවත් වෙන අපි ලෝකෝත්තර තත්වයක් ලගාකරගැනීමට උත්සහ ගන්නේ කෙසේද? කියා ..

    නමුත් එයට මටද උත්තරයක් නොමැත !! මක්නිසාද යත් බුද්දදර්මය එතරම්ම සංකීර්ණ බැවිනි.

    **සංකීර්ණ හා ඉතා අපහසුයි යන වචන දෙකේ අර්ථය කෙසේවත් කලනොහැකිය යන්න නොවන බවද සදහන් කලයුතුය !
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපි කියන්න දන්නේ අනෙක් මිනිස්සුන්ගෙන් අහලා දැනගෙනනේ. උබ සෝවාන් වෙච්ච කෙනෙක්ගෙන්ම අහගත්තා නම් තමයි හොද එළකිරියේ උන්ගෙන් අහනවට වඩා.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සොවන් වෙනව කියන්නෙ මොකක්ද කියල නම් දන්නෙ නැහැ. හැබැයි ඔය කියන දෙ තමයි මනුශ්ශයා කියන කෙන තුල සිදු වෙන්න ඔනි, මම කියන්නෙ සන්කල්පයක් විතරයි. යම් කිසි සිදු වීමක් තියනව එ සිදු වීම දැකිමයි අවශ්ය. මම කියන සන්කල්පය නිර්මානය වෙන්නෙ වර්දනය වෙන්නෙ අපි එකතු කර ගන්න දෙවල් වලින්. ශරිරයක් තියනව මනසක් තියනව දෙකම ජීවිතය කියන දෙයට ආම්පන්නයක් විතරයි. මෙ දෙවල් දකින්න පුලුවන් තැනකට ආවොත් හිගා කැවත් එ මනුස්සය ඉන්නෙ සතුටින්.
     

    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කවුරුත් විශ්වාස කරයිද දන්නැහැ, මම අවුරුදු 3ක් එක දිගටම පිටිගල හාමුදුරුවන්ගේ සබ්බාසව සූත්‍රය ඇහැව්වා. හාමුදුවෝ ඇත්තටම මොකද්ද මේ පැහැදිලි කරන්න හදන්නේ කියලා. උදේ/හවස, ඔෆිස් එකේ/ගෙදර. අන්තිමට කාරණාව තේරුනා. හරිම සරල දෙයක් තියෙන්නේ, හැබැයි සියුම්.

    සාදු සාදු ..! තෙරුවන්සරණයි .අවුරුදු 3 කින් හරි අවබෝධ කරගන්න ලැබීමම භාග්‍යක්‌ :yes::yes:
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    විනාඩි දෙකක් අහන්න, ඔබ අප්‍රමාදී වේවි...

    බුදු සසුන බැබලේවා .. !!!



     

    chamara0123

    Member
    Jul 4, 2016
    13
    3
    0
    සෝවාන් මාර්ගය | සෝතාපන්න වීමට කල යුත්තේ කුමක්ද?



    අභිධර්මයේ මූලික කරුණු,





    https://www.facebook.com/NivanaBohoDuraNowe/
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1