Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවියට්_රුසියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝවියට්_රුසියාව

සෝවියට් රුසියාව දුටු මාර්ටින් වික්‍රමසිංහ

මීට දශක ගණනාවකට පෙර සෝවියට් රුසියානු සාහිත්‍ය කෘතීන් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය විය. සෝවියට් දේශය බිඳවැටුණ ද එම සාහිත්‍ය තවමත් ෙමරට සාහිත්‍යයට බලපෑම් කරයි. අතීතය විමසා බලන විට පෙනී යන්නේ සෝවියට් දේශයද ශ්‍රී ලංකාෙව් සාහිත්‍ය පිළිබඳව අවධානය යොමු කර ඇති බවය. විශේෂයෙන් මෙරට බිහිවූ මහා ලේඛකයා වන මාර්ටින් වික්‍රමසිංහයන් හා ඔහුගේ කෘතීන් පිළිබඳව උනන්දු වී ඇති බවය. පසුගියදා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී “මාර්ටින් වික්‍රමසිංහයන්ගේ රුසියානු සාහිත්‍ය සබඳතා ප්‍රත්‍යාවලෝකනය” යනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වුණි. පහත ලිපිය එහිදී පැවැත්වුණ දේශන ඇසුරෙන් සකස් කරන ලදී.

අතීතයේ සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර එක් එක් ක්ෂේත්රයන්හි, එමෙන්ම එක් එක් පුද්ගලයන් අතර සබඳතා පැවැතියත්, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ඇතිවූයේ මෙයට වසර පනස්හතකට ප්රථමයෙනි. ඒ 1957 පෙබරවාරි මස දහනමවන දින සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා පිහිටුවීමත් සමඟය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සෝවියට් තානාපතිවරයා වූයේ ව්ලදිමීර් ගියොර්ගියේවිච් යාකව්ලෙෆ්ය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ටික කලකින්ම ශ්‍රී ලංකාවේ අද්විතීය ලේඛකයා වූ මාර්ටින් වික්‍රමසිංහ දැන හඳුනාගෙන ඔහු සමඟ සබඳතාවයන් ඉතාමත් සමීපව පවත්වන ලදී.

“සමාජවාදී ශ්‍රමයේ වීරයො” යන රාජ්‍ය සම්මානයෙන් තෙවරක් ද, ලෙනින් සම්මානයෙන් සහ ජාත්‍යන්තර ලෙනින් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ප්‍රකට සෝවියට් කවියකු සහ ලේඛකයකු ද, උත්තරීතර සෝවියට් සභාවේ මන්ත්‍රීවරයකු ද, සෝවියට් සාම කමිටුවේ සභාපතිවරයා ද වූ නිකොලායි සිමියෝනවිච් තීහනොව් 1958 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ඒ, එවකට ලංකා සමාජවාදී ව්‍යාපාරයේ පුරෝගාමිකයකු වූ පූජ්‍ය උඩකැන්දවල සිරිසරණංකර හිමියන්ට ලෙනින් සාම ත්‍යාගය පිරිනැමීම සඳහාය.

එම ගමනේ දී මෙම සෝවියට් ලේඛකයා සෝවියට් තානාපති ව්ලදිමීර් ගියෝර්ගියේවිච් යාකව්ලෙෆ් සමඟ ගොස් මාර්ටින් වික්‍රමසිංහ මුණගැසුණේය. මේ හමුව සිදුවූයේ එවකට මාර්ටින් වික්‍රමසිංහයන් පදිංචිව සිටි බණ්ඩාරවෙල නිවසේදීය. සෝවියට් දේශය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික පාලම බිහිවූයේ එහිදීය.

එහිදී නිකොලායි තීහනොව් සෝවියට් ලේඛකයා ශ්‍රී ලංකාවේ අද්විතීය ලේඛකයා වූ මාර්ටින් වික්රමසිංහයන්ට සෝවියට් දේශයේ සංචාරය සඳහා ආරාධනා කළේය.

“මමත් කැමැතියි ඔබේ රට ගැන දැනගන්න. සංස්කෘතික ක්ෂේත්රයේ ක්‍රියාකාරීන් ලේඛකයින් මුණගැහෙන්න. සෝවියට් අත්දැකීම් විඳගන්නට.” මාර්ටින් වික්‍රමසිංහ මහතා ආරාධනය පිළිගනිමින් පැවසීය.

ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහයන් සිය බිරිය ද සමඟින් 1959 මැද භාගයේ සෝවියට් රුසියාවේ සංචාරයක යෙදුණේය. එහිදී ඔහු මොස්කව් නුවර පැවැති සෝවියට් ලේඛක සංගමයේ තුන්වැනි සැසිවාරයට ද සහභාගි විය. සති පහක් පුරා පැවැති එම සෝවියට් සංචාරයේ දී ඔහු මොස්කව් නුවර මෙන්ම ලෙනින්ග්‍රාද්, ටූලා යන නගරවල ද, උක්රේන් සමූහාණ්ඩුවේ කියෙව් නගරයේ ද කළු මුහුද ආශ්රිත යල්ටා නගරයේ ද, උස්බෙකිස්ථාන් සමූහාණ්ඩුවේ ටෂ්කන්ට් නගරයේ ද සංචාරය කළේය.

එම සෝවියට් සංචාරෙය් ආශ්වාදයත් සමඟින් මාර්ටින් වික්‍රමසිංහයන් “සෝවියට් දේශයෙහි නැඟීම” කෘතිය සම්ප්රදානය කළේය. රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෙරෙහි ඔහුගේ උනන්දුව සහ ළබැඳියාව ඔහු එම කෘතියෙහි ඉතාමත් හෘදයාංගම ලෙස සටහන් කළේය.

“ගිහි ජීවිතයත් මනුෂ්‍යාත්ම භාවයත් අරබයා පැරණි රුසියානු නවකථා කියවීමෙන් ලත් අත්දැකීමටත්, ජීවිත පරිඥානයටත් මානව භක්තියටත් සමකළ හැකි අත්දැකීමක් හා නුවණක් ප්රන්ස හා ඉංග්‍රීසි නවකථා කියවීමෙන් ලැබිණැයි මට නොහැඟිණ. රුසියානු නවකතා කියවූ මම අවුරුදු සියයක් ජීවත්වීමෙන් ගිහි ජීවිතය අරභයා ලබන අත්දැකීමත් නුවණත් ලැබූවෙක්මයි සිතුවෙමි. ජාතක කතාවලට මගේ ඇල්ම වැඩි වුයේ රුසියානු නවකථා නිසාය” මාර්ටින් වික්‍රමසිංහයන් රුසියානු නවකතා අරබයා “සෝවියට් දේශයේ නැඟීම” කෘතියෙහි එවැනි සටහනක් තැබීය.

එම කරුණු අනුව සෝවියට් දේශයට ගිය ප්‍රථම සිංහල ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහයන්ය. එමෙන්ම සෝවියට් රුසියානුවන්ට, රුසියන් භාෂාවෙන් මුලින්ම කියවීමට ලැබෙන්නේ ද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතීන්ය.

එයට පදනම ඇතිවූයේ ද 1958 මාර්තු මාසයේ ලංකාවට පැමිණි සෝවියට් ලේඛක නිකොලායි සිමියෝනවිච් තීහනොව්, සෝවියට් තානාපති ව්ලදිමීර් ගියෝර්ගියේවිච්, මාර්ටින් වික්‍රමසිංහයන් බණ්ඩාරවෙල, බිඳුණුවැව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවසේ දී මුණගැසුන අවස්ථාවේදීය.

නාඋකා නැමැති ප්‍රකාශන ආයතනයකින් ප්‍රකාශයට පත් කළ “ලිගෙන්දි ඉ ෂිස්න් ඔස්ත්රවා ලංකා” (ලක්දිව පුරාවත් හා දිවි පෙවෙත) නැමැති කෘතියේ රචකයා සෝවියට් තානාපති ව්ලදිමීර් ගියෝර්ගියේවිච්ය. 1977 දී ප්‍රකාශයට පත් එම ග්‍රන්ථයේ ඔහු එම අනුස්මරණීය මොහොත සටහන් කර ඇත්තේ මෙසේය.

“ඔබේ පොත් රුසියානු බසට පෙරළල සෝවියට් සංගමයේ පළ කරන්න ඕන. මේක කොහොමද පටන්ගන්නෙ කියල අපි කතා කරමු. ප්‍රශ්නෙ මේකයි. හොඳට සිංහල භාෂාව දන්න පරිවර්තකයො තාම මොස්කව් නුවර නැහැ” නිකොලායි සිමියෝනවිච් තීහනොෆ් පැවසීය. ඔහු ප්‍රකට සෝවියට් කවියකු හා ලේඛකයකු පමණක් නොව උත්තරීතර සෝවියට් සභාවේ මන්ත්‍රීවරයකු ද නිසා එවැනි රාජ්‍ය සංස්කෘතික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අධිකාරි බලයක් ද සතු අයෙකු විය.

“එහෙම නම් ද්විත්ව පරිවර්තනයක් කරන්න වෙනවා. ඉස්සෙල්ලා සිංහලෙන් ඉංග්‍රීසියට ඊට පස්සෙ රුසියානු බසට”. මාර්ටින් වික්‍රමසිංහයන් පිළිතුරු දුන්නේය. පසුව ඔවුහු එසේ කිරීමට ගිවිසගත්හ. ටික කලකින්ම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණවල ඉංග්‍රීසි පරිවර්තන ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලය වෙත ලැබෙන්නට විය. මේ පිළිබඳව සෝවියට් තානාපති ව්ලදිමීර් ගියෝර්ගියේවිච් සටහන් කරන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකථා සහ කෙටිකතා කියවූ ප්‍රථම රුසියානු පාඨකයා තමන් බවය.

ඒ අනුව 1958 දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෝරාගත් කෙටිකතා කීපයක්, මොස්කව්හි විදේශ සාහිත්‍ය ප්‍රකාශන මන්දිරය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. “රස්කාසි” (කෙටිකතා) යන හැඳින්වීම යටතේ ප්‍රකාශයට පත්විය. එය පිටු එකසිය පහළොවකින් යුක්ත විය. ඒ, තල්මූද් නැමැති ප්‍රකට රුසියානු සාහිත්‍ය විචාරකවරිය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මෙම කෙටිකතා සංග්‍රහයට ඉතාමත් අගනා පෙරවදනක් ද එකතු කළේය.

එයින් වසරකට පසුව එනම් 1959 දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “මඩොල්දූව” රුසියානු භාෂාවට පරිවර්තනය කරන ලදී. ඒ මාර්ටින් වික්‍රමසිංහයන් සැපයූ ඉංග්‍රීසි පරිවර්තනයක ආශ්රයෙනි. යූරි අක්සියානොව් විසින් රුසියානු භාෂාවට පරිවර්තනය කළ මඩොල්දූව “සර්ප දූවේ අබිරහස” යන අරුත ඇති “තායිනා ස්ෙත්රායිනෆෝ ඔස්ත්රාව” යනුවෙන් නම් කෙරිණි. එවකට මොස්කව් නුවර ජාත්‍යන්තර සබඳතා අංශයේ සිංහල භාෂාව හදාරමින් සිටි ඔහු පසු කාලයක ශ්‍රී ලංකාවට පැමිණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව සහ සාහිත්‍ය ප්‍රගුණ කළේය. යූරි අක්සියානොව් 1970 - 80 දසකවල කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වශයෙන් ද සේවය කළේය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතීන් රුසියානු භාෂාවට පරිවර්තනය වීම පමණක් නොව අනිකුත් ශ්‍රී ලාංකික ලේඛකයන්ගේ කෘතීන් රුසියන් භාෂාවට පරිවර්තනය වීම සඳහා මූලික පදනම සැකසූ පුද්ගලයකු වශයෙන් සෝවියට් දේශයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාට සුවිශේෂ ස්ථානයක් හිමිවෙයි.

සෝවියට් දේශයේ ශ්‍රී ලංකා තානාපති ධූරය ලබා සෝවියට් දේශයට ගොස් ටික කලකින්ම මහාචාර්ය ගුණපාල මලලසේකර එරට ඉහළම ශාස්ත්‍රීය පර්යේෂණ ආයතනය වූ සෝවියට් විද්‍යා ඇකඩමියට අනුබද්ධ ප්‍රාචීන භාෂා ආයතනයේ බෞද්ධ හා පාලි අධ්‍යයනය දියුණු කිරීමට මැදිහත් විය. එපමණක් නොව එතුමා මොස්කව්හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආයතනයේ සිංහල භාෂාව ඉගැන්වීම ආරම්භ කළේය. මෙනිසා එහි ඉගෙනුම ලැබූ ලේඛකයන්ට අපේ ලේඛකයින්ගේ කෘතීන් සිංහල භාෂාවෙන්ම කියවා තේරුම් ගැනීමේ හා රසවිඳීමේ අවස්ථාව හිමිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වී.විහුහොලෙෆ් සහ ඊ.ශෛවලියේවා විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සුවිශේෂ සාහිත්‍ය නිර්මාණ වූ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන තුන් ඇඳුතු නවකථා සිංහල භාෂාවෙන්ම රුසියානු භාෂාවට පරිවර්තනය කරන ලදී. ඒ 1965 දීය. අවසන් යුගය යන අදහස ඇති “පස්ලේද්නි ෙවක්” යන නමින් පළවූ එම කෘතිය පිටු 366 යුක්ත වූ එකක් විය. තනි පොතක් ලෙස මොස්කව්හි ප්‍රගති ප්‍රකාශන මන්දිරය මඟින් ප්‍රකාශයට පත් කළ “පස්ලේද්නි වියෙන්” එම කාලයේම පිටපත් ලක්ෂයකට වඩා අලෙවි වී ඇත.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බේගල් කතාව 1968 දී ඒ බෙල්කොවිච් විසින් සිංහල භාෂාවෙන්ම රුසියානු භාෂාවට පරිවර්තනය කර ඇත. එය හඳුන්වා තිබුණේ කයිවාරුකාරයා යන අරුත ඇති ‘බල්තූන්’ යන රුසියානු වචනයෙනි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතීන් වැඩිපුර ප්‍රමාණයක් සෘජුව සිංහල භාෂාවෙන් රුසියානු භාෂාවට පරිවර්තනය කළ අය අතරින් මහාචාර්ය නීතා ක්රස්නදේම්බිස්කයාට සුවිශේෂ ස්ථානයක් හිමිවෙයි. සතොළොස් හැවිරිදි වියේදී රුසියාවේ ලෙනින් ග්රෑඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයට ඇතුළු වූ ඇය සිංහල භාෂාව සහ ලංකාවේ සංස්කෘතිය පිළිබඳ හදාරමින් අපේ ඉතිහාසය සාහිත්‍ය හා සිරිත් විරිත් පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදුණාය. 1972 දී ඇය ලියූ ‘සිංහල භාෂාවේ අපුද්ගල ක්රියාරූප” යන නිබන්ධනයට ඇයට ආචාර්ය උපාධිය හිමිවිය. “සිංහලයන්ගේ සංස්කෘතිය - සම්ප්රදාය හා නූතනත්වය” යන ඇයගේ නිබන්ධයට 1999 දී සාහිත්‍ය සූරී උපාධිය හිමිවිය.

1968 දී ඇය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හඳ සාක්කි කීම, වහල්ලු, නරක්වූ පිටි බඳුන, මීයාගේ මරණය ආදී නිර්මාණ සිංහල භාෂාවෙන් රුසියානු භාෂාවට පරිවර්තනයට පත්කර ප්‍රකාශයට පත්කළාය. ඇය “ලංකාවේ නූතන ලේඛකයින්ගේ කෙටි නවකථා” සංග්‍රහයට ඒවා ඇතුළත් කළාය.

ටී.නෙම්ට්සෝවා 1979 දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විනෝදවීම “රස්ව්ලිවේනියා’ යනුවෙන් රුසියානු භාෂාවට පරිවර්තනය කළාය.

එවකට සෝවියට් සංගමයේ විද්‍යා ඇකඩමියේ ප්‍රාචීන භාෂා අංශයේ උපාධි අපේක්ෂිකාවක් වූ වයි.අස්තනෝවා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “පව්කාරියට ගල්ගැසීම” රුසියානු භාෂාවට පරිවර්තනය කළාය.

[QUOTE="Anti BBS, post: 17932579, member: 525431"] [b]සෝවියට්_රුසියාව[/b] [B][SIZE=5]සෝවියට් රුසියාව දුටු මාර්ටින් වික්‍රමසිංහ[/SIZE][/B] [SIZE=4][COLOR=#800080]මීට දශක ගණනාවකට පෙර සෝවියට් රුසියානු සාහිත්‍ය කෘතීන් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය විය. සෝවියට් දේශය බිඳවැටුණ ද එම සාහිත්‍ය තවමත් ෙමරට සාහිත්‍යයට බලපෑම් කරයි. අතීතය විමසා බලන විට පෙනී යන්නේ සෝවියට් දේශයද ශ්‍රී ලංකාෙව් සාහිත්‍ය පිළිබඳව අවධානය යොමු කර ඇති බවය. විශේෂයෙන් මෙරට බිහිවූ මහා ලේඛකයා වන මාර්ටින් වික්‍රමසිංහයන් හා ඔහුගේ කෘතීන් පිළිබඳව උනන්දු වී ඇති බවය. පසුගියදා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී “මාර්ටින් වික්‍රමසිංහයන්ගේ රුසියානු සාහිත්‍ය සබඳතා ප්‍රත්‍යාවලෝකනය” යනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වුණි. පහත ලිපිය එහිදී පැවැත්වුණ දේශන ඇසුරෙන් සකස් කරන ලදී.[/COLOR][/SIZE] [IMG]http://www.silumina.lk/2014/10/26/martin-wickramasinghe.jpg[/IMG] [SIZE=4]අතීතයේ සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර එක් එක් ක්ෂේත්රයන්හි, එමෙන්ම එක් එක් පුද්ගලයන් අතර සබඳතා පැවැතියත්, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ඇතිවූයේ මෙයට වසර පනස්හතකට ප්රථමයෙනි. ඒ 1957 පෙබරවාරි මස දහනමවන දින සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා පිහිටුවීමත් සමඟය.[/SIZE][SIZE=4] ශ්‍රී ලංකාවේ ප්‍රථම සෝවියට් තානාපතිවරයා වූයේ ව්ලදිමීර් ගියොර්ගියේවිච් යාකව්ලෙෆ්ය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ටික කලකින්ම ශ්‍රී ලංකාවේ අද්විතීය ලේඛකයා වූ මාර්ටින් වික්‍රමසිංහ දැන හඳුනාගෙන ඔහු සමඟ සබඳතාවයන් ඉතාමත් සමීපව පවත්වන ලදී.[/SIZE] [SIZE=4] “සමාජවාදී ශ්‍රමයේ වීරයො” යන රාජ්‍ය සම්මානයෙන් තෙවරක් ද, ලෙනින් සම්මානයෙන් සහ ජාත්‍යන්තර ලෙනින් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ප්‍රකට සෝවියට් කවියකු සහ ලේඛකයකු ද, උත්තරීතර සෝවියට් සභාවේ මන්ත්‍රීවරයකු ද, සෝවියට් සාම කමිටුවේ සභාපතිවරයා ද වූ නිකොලායි සිමියෝනවිච් තීහනොව් 1958 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ඒ, එවකට ලංකා සමාජවාදී ව්‍යාපාරයේ පුරෝගාමිකයකු වූ පූජ්‍ය උඩකැන්දවල සිරිසරණංකර හිමියන්ට ලෙනින් සාම ත්‍යාගය පිරිනැමීම සඳහාය.[/SIZE] [SIZE=4] එම ගමනේ දී මෙම සෝවියට් ලේඛකයා සෝවියට් තානාපති ව්ලදිමීර් ගියෝර්ගියේවිච් යාකව්ලෙෆ් සමඟ ගොස් මාර්ටින් වික්‍රමසිංහ මුණගැසුණේය. මේ හමුව සිදුවූයේ එවකට මාර්ටින් වික්‍රමසිංහයන් පදිංචිව සිටි බණ්ඩාරවෙල නිවසේදීය. සෝවියට් දේශය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික පාලම බිහිවූයේ එහිදීය.[/SIZE] [SIZE=4] එහිදී නිකොලායි තීහනොව් සෝවියට් ලේඛකයා ශ්‍රී ලංකාවේ අද්විතීය ලේඛකයා වූ මාර්ටින් වික්රමසිංහයන්ට සෝවියට් දේශයේ සංචාරය සඳහා ආරාධනා කළේය.[/SIZE] [SIZE=4] “මමත් කැමැතියි ඔබේ රට ගැන දැනගන්න. සංස්කෘතික ක්ෂේත්රයේ ක්‍රියාකාරීන් ලේඛකයින් මුණගැහෙන්න. සෝවියට් අත්දැකීම් විඳගන්නට.” මාර්ටින් වික්‍රමසිංහ මහතා ආරාධනය පිළිගනිමින් පැවසීය.[/SIZE] [SIZE=4] ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහයන් සිය බිරිය ද සමඟින් 1959 මැද භාගයේ සෝවියට් රුසියාවේ සංචාරයක යෙදුණේය. එහිදී ඔහු මොස්කව් නුවර පැවැති සෝවියට් ලේඛක සංගමයේ තුන්වැනි සැසිවාරයට ද සහභාගි විය. සති පහක් පුරා පැවැති එම සෝවියට් සංචාරයේ දී ඔහු මොස්කව් නුවර මෙන්ම ලෙනින්ග්‍රාද්, ටූලා යන නගරවල ද, උක්රේන් සමූහාණ්ඩුවේ කියෙව් නගරයේ ද කළු මුහුද ආශ්රිත යල්ටා නගරයේ ද, උස්බෙකිස්ථාන් සමූහාණ්ඩුවේ ටෂ්කන්ට් නගරයේ ද සංචාරය කළේය.[/SIZE] [SIZE=4] එම සෝවියට් සංචාරෙය් ආශ්වාදයත් සමඟින් මාර්ටින් වික්‍රමසිංහයන් “සෝවියට් දේශයෙහි නැඟීම” කෘතිය සම්ප්රදානය කළේය. රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෙරෙහි ඔහුගේ උනන්දුව සහ ළබැඳියාව ඔහු එම කෘතියෙහි ඉතාමත් හෘදයාංගම ලෙස සටහන් කළේය.[/SIZE] [SIZE=4] “ගිහි ජීවිතයත් මනුෂ්‍යාත්ම භාවයත් අරබයා පැරණි රුසියානු නවකථා කියවීමෙන් ලත් අත්දැකීමටත්, ජීවිත පරිඥානයටත් මානව භක්තියටත් සමකළ හැකි අත්දැකීමක් හා නුවණක් ප්රන්ස හා ඉංග්‍රීසි නවකථා කියවීමෙන් ලැබිණැයි මට නොහැඟිණ. රුසියානු නවකතා කියවූ මම අවුරුදු සියයක් ජීවත්වීමෙන් ගිහි ජීවිතය අරභයා ලබන අත්දැකීමත් නුවණත් ලැබූවෙක්මයි සිතුවෙමි. ජාතක කතාවලට මගේ ඇල්ම වැඩි වුයේ රුසියානු නවකථා නිසාය” මාර්ටින් වික්‍රමසිංහයන් රුසියානු නවකතා අරබයා “සෝවියට් දේශයේ නැඟීම” කෘතියෙහි එවැනි සටහනක් තැබීය.[/SIZE] [SIZE=4]එම කරුණු අනුව සෝවියට් දේශයට ගිය ප්‍රථම සිංහල ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහයන්ය. එමෙන්ම සෝවියට් රුසියානුවන්ට, රුසියන් භාෂාවෙන් මුලින්ම කියවීමට ලැබෙන්නේ ද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතීන්ය. එයට පදනම ඇතිවූයේ ද 1958 මාර්තු මාසයේ ලංකාවට පැමිණි සෝවියට් ලේඛක නිකොලායි සිමියෝනවිච් තීහනොව්, සෝවියට් තානාපති ව්ලදිමීර් ගියෝර්ගියේවිච්, මාර්ටින් වික්‍රමසිංහයන් බණ්ඩාරවෙල, බිඳුණුවැව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවසේ දී මුණගැසුන අවස්ථාවේදීය. නාඋකා නැමැති ප්‍රකාශන ආයතනයකින් ප්‍රකාශයට පත් කළ “ලිගෙන්දි ඉ ෂිස්න් ඔස්ත්රවා ලංකා” (ලක්දිව පුරාවත් හා දිවි පෙවෙත) නැමැති කෘතියේ රචකයා සෝවියට් තානාපති ව්ලදිමීර් ගියෝර්ගියේවිච්ය. 1977 දී ප්‍රකාශයට පත් එම ග්‍රන්ථයේ ඔහු එම අනුස්මරණීය මොහොත සටහන් කර ඇත්තේ මෙසේය. “ඔබේ පොත් රුසියානු බසට පෙරළල සෝවියට් සංගමයේ පළ කරන්න ඕන. මේක කොහොමද පටන්ගන්නෙ කියල අපි කතා කරමු. ප්‍රශ්නෙ මේකයි. හොඳට සිංහල භාෂාව දන්න පරිවර්තකයො තාම මොස්කව් නුවර නැහැ” නිකොලායි සිමියෝනවිච් තීහනොෆ් පැවසීය. ඔහු ප්‍රකට සෝවියට් කවියකු හා ලේඛකයකු පමණක් නොව උත්තරීතර සෝවියට් සභාවේ මන්ත්‍රීවරයකු ද නිසා එවැනි රාජ්‍ය සංස්කෘතික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අධිකාරි බලයක් ද සතු අයෙකු විය. “එහෙම නම් ද්විත්ව පරිවර්තනයක් කරන්න වෙනවා. ඉස්සෙල්ලා සිංහලෙන් ඉංග්‍රීසියට ඊට පස්සෙ රුසියානු බසට”. මාර්ටින් වික්‍රමසිංහයන් පිළිතුරු දුන්නේය. පසුව ඔවුහු එසේ කිරීමට ගිවිසගත්හ. ටික කලකින්ම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණවල ඉංග්‍රීසි පරිවර්තන ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලය වෙත ලැබෙන්නට විය. මේ පිළිබඳව සෝවියට් තානාපති ව්ලදිමීර් ගියෝර්ගියේවිච් සටහන් කරන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකථා සහ කෙටිකතා කියවූ ප්‍රථම රුසියානු පාඨකයා තමන් බවය. ඒ අනුව 1958 දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෝරාගත් කෙටිකතා කීපයක්, මොස්කව්හි විදේශ සාහිත්‍ය ප්‍රකාශන මන්දිරය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. “රස්කාසි” (කෙටිකතා) යන හැඳින්වීම යටතේ ප්‍රකාශයට පත්විය. එය පිටු එකසිය පහළොවකින් යුක්ත විය. ඒ, තල්මූද් නැමැති ප්‍රකට රුසියානු සාහිත්‍ය විචාරකවරිය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මෙම කෙටිකතා සංග්‍රහයට ඉතාමත් අගනා පෙරවදනක් ද එකතු කළේය. එයින් වසරකට පසුව එනම් 1959 දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “මඩොල්දූව” රුසියානු භාෂාවට පරිවර්තනය කරන ලදී. ඒ මාර්ටින් වික්‍රමසිංහයන් සැපයූ ඉංග්‍රීසි පරිවර්තනයක ආශ්රයෙනි. යූරි අක්සියානොව් විසින් රුසියානු භාෂාවට පරිවර්තනය කළ මඩොල්දූව “සර්ප දූවේ අබිරහස” යන අරුත ඇති “තායිනා ස්ෙත්රායිනෆෝ ඔස්ත්රාව” යනුවෙන් නම් කෙරිණි. එවකට මොස්කව් නුවර ජාත්‍යන්තර සබඳතා අංශයේ සිංහල භාෂාව හදාරමින් සිටි ඔහු පසු කාලයක ශ්‍රී ලංකාවට පැමිණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව සහ සාහිත්‍ය ප්‍රගුණ කළේය. යූරි අක්සියානොව් 1970 - 80 දසකවල කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වශයෙන් ද සේවය කළේය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතීන් රුසියානු භාෂාවට පරිවර්තනය වීම පමණක් නොව අනිකුත් ශ්‍රී ලාංකික ලේඛකයන්ගේ කෘතීන් රුසියන් භාෂාවට පරිවර්තනය වීම සඳහා මූලික පදනම සැකසූ පුද්ගලයකු වශයෙන් සෝවියට් දේශයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාට සුවිශේෂ ස්ථානයක් හිමිවෙයි. සෝවියට් දේශයේ ශ්‍රී ලංකා තානාපති ධූරය ලබා සෝවියට් දේශයට ගොස් ටික කලකින්ම මහාචාර්ය ගුණපාල මලලසේකර එරට ඉහළම ශාස්ත්‍රීය පර්යේෂණ ආයතනය වූ සෝවියට් විද්‍යා ඇකඩමියට අනුබද්ධ ප්‍රාචීන භාෂා ආයතනයේ බෞද්ධ හා පාලි අධ්‍යයනය දියුණු කිරීමට මැදිහත් විය. එපමණක් නොව එතුමා මොස්කව්හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආයතනයේ සිංහල භාෂාව ඉගැන්වීම ආරම්භ කළේය. මෙනිසා එහි ඉගෙනුම ලැබූ ලේඛකයන්ට අපේ ලේඛකයින්ගේ කෘතීන් සිංහල භාෂාවෙන්ම කියවා තේරුම් ගැනීමේ හා රසවිඳීමේ අවස්ථාව හිමිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වී.විහුහොලෙෆ් සහ ඊ.ශෛවලියේවා විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සුවිශේෂ සාහිත්‍ය නිර්මාණ වූ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන තුන් ඇඳුතු නවකථා සිංහල භාෂාවෙන්ම රුසියානු භාෂාවට පරිවර්තනය කරන ලදී. ඒ 1965 දීය. අවසන් යුගය යන අදහස ඇති “පස්ලේද්නි ෙවක්” යන නමින් පළවූ එම කෘතිය පිටු 366 යුක්ත වූ එකක් විය. තනි පොතක් ලෙස මොස්කව්හි ප්‍රගති ප්‍රකාශන මන්දිරය මඟින් ප්‍රකාශයට පත් කළ “පස්ලේද්නි වියෙන්” එම කාලයේම පිටපත් ලක්ෂයකට වඩා අලෙවි වී ඇත. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බේගල් කතාව 1968 දී ඒ බෙල්කොවිච් විසින් සිංහල භාෂාවෙන්ම රුසියානු භාෂාවට පරිවර්තනය කර ඇත. එය හඳුන්වා තිබුණේ කයිවාරුකාරයා යන අරුත ඇති ‘බල්තූන්’ යන රුසියානු වචනයෙනි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතීන් වැඩිපුර ප්‍රමාණයක් සෘජුව සිංහල භාෂාවෙන් රුසියානු භාෂාවට පරිවර්තනය කළ අය අතරින් මහාචාර්ය නීතා ක්රස්නදේම්බිස්කයාට සුවිශේෂ ස්ථානයක් හිමිවෙයි. සතොළොස් හැවිරිදි වියේදී රුසියාවේ ලෙනින් ග්රෑඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයට ඇතුළු වූ ඇය සිංහල භාෂාව සහ ලංකාවේ සංස්කෘතිය පිළිබඳ හදාරමින් අපේ ඉතිහාසය සාහිත්‍ය හා සිරිත් විරිත් පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදුණාය. 1972 දී ඇය ලියූ ‘සිංහල භාෂාවේ අපුද්ගල ක්රියාරූප” යන නිබන්ධනයට ඇයට ආචාර්ය උපාධිය හිමිවිය. “සිංහලයන්ගේ සංස්කෘතිය - සම්ප්රදාය හා නූතනත්වය” යන ඇයගේ නිබන්ධයට 1999 දී සාහිත්‍ය සූරී උපාධිය හිමිවිය. 1968 දී ඇය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හඳ සාක්කි කීම, වහල්ලු, නරක්වූ පිටි බඳුන, මීයාගේ මරණය ආදී නිර්මාණ සිංහල භාෂාවෙන් රුසියානු භාෂාවට පරිවර්තනයට පත්කර ප්‍රකාශයට පත්කළාය. ඇය “ලංකාවේ නූතන ලේඛකයින්ගේ කෙටි නවකථා” සංග්‍රහයට ඒවා ඇතුළත් කළාය. ටී.නෙම්ට්සෝවා 1979 දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විනෝදවීම “රස්ව්ලිවේනියා’ යනුවෙන් රුසියානු භාෂාවට පරිවර්තනය කළාය. එවකට සෝවියට් සංගමයේ විද්‍යා ඇකඩමියේ ප්‍රාචීන භාෂා අංශයේ උපාධි අපේක්ෂිකාවක් වූ වයි.අස්තනෝවා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “පව්කාරියට ගල්ගැසීම” රුසියානු භාෂාවට පරිවර්තනය කළාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom