සෞඛ්‍යයේ 'කඩා පනින හමුදාව' ඇමැති චමල් අහෝස#

monson

Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    සෞඛ්‍යයේ 'කඩා පනින හමුදාව' ඇමැති චමල් අහෝස#

    සෞඛ්‍යයේ 'කඩා පනින හමුදාව' ඇමැති චමල් අහෝසි කරයි

    අජිත් අලහකෝන්

    වසර ගණනාවක් තිස්සේ සෞඛ්ය අමාත්යාංශය මගින් ක්රියාත්මක කළ "කඩා පනින හමුදාව" අහෝසි කිරීමට සෞඛ්ය හා පෝෂණ ඇමැති චමල් රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අමාත්යාංශ ප්රකාශකයෙක් ඊයේ (15 දා) "දිවයින"ට පැවැසුවේය.

    කඩා පනින හමුදාව හෙවත් සෞඛ්ය අමාත්යාංශයේ විමර්ශන ඒකකය අහෝසි කරන ලෙසට ඇමැතිවරයා විසින් සෞඛ්ය ලේකම්වරියට උපදෙස් දී ඇතැයිද හෙතෙම කීවේය. ඒ අනුව ඊයේ සිට මෙම විමර්ශන ඒකකයේ ක්රියාකාරකම් නතර වී ඇත. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව "කඩා පනින හමුදාව" අහෝසි කිරීමට චමල් රාජපක්ෂ ඇමැතිවරයා පියවර ගෙන ඇති බවද ඉහත ප්රකාශකයා කීවේය. රාජකාරි අවස්ථාවලදී පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වෛද්යවරුන් සහ සෞඛ්ය සේවකයන්ගේ විනය හා අක්රමිකතා පිළිබඳ සොයා බැලීමේ කටයුතු සිදුකළ මෙම විමර්ශන ඒකකය අහෝසි කිරීම පිළිබඳ සෞඛ්ය ක්ෂේත්රයේ බොහෝ පිරිසක් විරෝධය දක්වන බවද එම ප්රකාශකයා වැඩිදුරටත් පැවැසුවේය.


    - http://divaina.com/daily/index.php/puwath-2/19893-2018-11-15-14-03-59

    GMOA ;)
     
    Last edited:

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    දොස්තර වරු රාජකාරී වෙලාව තුල රෝහලේ නැති හේතුව නිසා තමයි flying squad ගෙනාවේ.

    දොස්තරවරු රාජකාරී වෙලාව තුල තමයි සියලුම පෞද්ගලික දේවල් කර ගන්නේ. රාජකාරී වෙලාව තුල රෝහලේ නෑ. ඔවුන් රාජකාරියට පැමිනීම සහ පිටවීම සලකුනු කරන්නේ නෑ. රජයේ සේවකයන් වන ඔවුන් මොකද රජයේ නීති රීති වලට එකඟ නැත්තේ?