සෞදියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සෞදියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට

    සෞදියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට සිය ආගම ඇදහීමටවත් නිදහසක්‌ නෑ
    පා. මන්ත්‍රී රංජන් රාමනායක

    පියසේන දිසානායක

    ranjan.jpg
    සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන්ගේ ආගමවත් ඇදහීමට නිදහසක්‌ නැති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

    පසුගියදා ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක්‌ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවකට වන්දනාමාන කරමින් සිටියදී ඔහුව පොලිසිය විසින් අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැර කර ඇති බව හෙතෙම පවසයි.

    සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ පා ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව සඳහන් කරන රංජන් රාමනායක මහතා තවදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

    සෞදි අරාබියේදී පසුගිය දිනකදි ගෞතම මහා බුදුරජාණන් වහන්සේගේ පිළිරුවකට වන්දනා මාන කිරීමේදී ශරියා නීතියට අනුව (විදේශ ගමන් බලපත් අංකය භ 2353715 යටතේ විදේශ ගතවූ ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නමැති ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු උමුල්හමාමි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වී ඇත. මෙය ඉතා බරපතළ තත්ත්වයක්‌ බවට නිවේදනය කරමි. මේ සම්බන්ධව බත්තරමුල්ලේ පිහිටි විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට පැමිණිලි අංක Cභරැ158රැ1205 යටතේ පැමිණිල්ලක්‌ ද කර ඇති නමුත් ඒ සම්බන්ධව මේ වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බව ඔහුගේ පවුලේ උදවිය මා හට පවසා ඇත. මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය කුමන මොහොතක හෝ විනාශ කර දැමීමට ඉඩ ඇති තත්ත්වයක්‌ තිබෙන බව තවදුරටත් අවධාරණය කරන අතර අපේ අහිංසක ශ්‍රමිකයන් සෞදියේදී තමන්ට අයිති ආගමක්‌ ඇදහීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

    තවද සෞදි අරාබියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදි කුඩා දරුවෙකු දෙස බලා සිටියා යෑයි කියා අතේ කලු නූලක්‌ ගැටගසාගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක්‌ ද ඇය ඒ කුඩා දැරියට සූනියම් කරන බවට සැක සිතා අත්අඩංගුවට ගෙන ඇත.
    ශරියා නීතිය යටතේ සෞදියේදී අත්අඩංගුවට පැමිණිය හැකි කාරණා පිළිඳව විදේශ සේවා කාර්යාංශය ශ්‍රමිකයන් දැනුවත් නොකිරීම නිසා හිරිහැර සිදුවන අපගේ ශ්‍රමිකයන් ගණන අති විශාලය. කුමන මොහොතක හෝ මේ අයුරින් අහිංසක ශ්‍රමිකයා වරදකරු කර ගෙල කපා මරා දැමීමට තීරණය කිරීමට ඉඩ ඇත.

    අප රටින් විදේශගත වන ශ්‍රමිකයන් වැඩි පිරිසක්‌ බෞද්ධයන්ය. ඔවුන් නොයෙක්‌ අවස්‌ථාවලදී සේවය කරන නිවෙස්‌වල හාම්පුතුන් හා කාන්තා ශ්‍රමිකයන්ට කරන ඉල්ලීම්වලට අකමැති වුවහොත් නොයෙක්‌ කරදර විවිධ වධහිංසා පමුණුවන බව මීට ඉහත දී වාර්තා වී තිබෙනවා. එපමණක්‌ නොව සමහර හාම්පුතුන් අපේ බෞද්ධ ශ්‍රමිකයන් බලහත්කාරයෙන් ඉස්‌ලාමීය ආගමට බඳවා ගන්නා බවට වාර්තා විය. මීට ඉහතදී සෞදි අරාබියේ පිරිමි ශ්‍රමිකයන් 4 කු ගෙළ කපා මරණයට පත් කිරීමට තීන්දු කළ අතර එහිදී ඔවුන් හතර දෙනා මුස්‌ලිම් ආගමටද බඳවාගෙන මුස්‌ලිම් නමද යොදා අවාසනයේදී ගෙල කපා මරා දමන ලදී. තවද ගැහැනු ශ්‍රමිකයන්ට ශරියා නීතිය යටතේ මුස්‌ලිම් ඇඳුම්වලින් සැරසීමටත් බලෙන් ඉස්‌ලාම් ධර්මයට හරවා ගැනීමටත් මොට්‌ටැක්‌කිලිය පැළඳීමටත් බල කරන බව තොරතුරු ලැබී ඇත. මෙම තත්ත්වය මත වර්තමාන රජය මෙම අහිංසක ශ්‍රමිකයන් පිළිබඳ කිසිම තැකීමක්‌ නොකිරිම කනගාටුදායක තත්ත්වයකි.

     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    oka ada iye wena deyak newei machan..
    unge rata unage nithi..
    owage yana un denagannath one.oya dewal gena.
    me anduwa ewa gena hariyata balannath one..api kathakalata wedak ne
    anduwa balanne e rate beta kana ahinsaka un gena newe..ewna ewana salli kiyata hari tax1k gahagena anduwe unge madiya thada karaganna...
     
    Mar 29, 2012
    1,343
    89
    0
    * saudiye inna arabi karayo ape gahanunge anga athulata ana bassuwa

    * saudiye inna arabi karayo ape rate punchi gahanu lamayekuta marana danduwama laba dunna


    * saudiye inna arabi karayo ape rate kellonwa rape kara


    * saudiye inna arabi karayo budu pilima kaduwa


    * saudiye inna arabi karayo saudiye pansal hadanna baha kiyala neethi damma.

    me hama deyakma sidda welath api ai thawamath lajja nathuwa saudi arabiyawata ape gahanu yawanne ? salli wenuwen jathiyath vikunana minissu kottashayak lankawe inne
     
    Last edited:
    Mar 29, 2012
    1,343
    89
    0
    rata jaathiya gana kakkumak thiyenawanam saudi arabiyata ape ratey gahanu export karana eka nawaththapalla
     
    Last edited: