ස' ගේ බුජ්ජි අංශේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    CID : සර්, ඇත්තටම අවිස්සාවේල්ලෙ කොරෝනා තත්වය ඔච්චරම දරුණුයිද සර්? අපිත් මේවයෙ ජීවත්වෙන මිනිස්සුනෙ.(අවංක මුහුණක්)
    මම පසුගිය මාසය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම හා මරණ වැඩිවූ හැටි, වාට්ටුවේ පහසුකම් දියුණුවී ඇති ආකාරය, පසුගිය සතියේ සිදුවූ ලොකු වෙනස්කම් ආදී සියල්ලම විනාඩි 10 ක් අරගෙන ඔවුන් දෙදෙනාට පැහැදිලි කරදුන්නා.


    :lol: :lol:

    ස' ගේ බුජ්ජි අංශේ

    2015-16 වකවානුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙසද කටයුතු කළ නජිත් ඉන්දික දැන් අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයෙකි.
    ‘මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ‘ නමින් කොරෝනාවේ දරුනු තත්වය විස්තර කරමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ සටහන ලියා තිබුනේ වෛද්‍ය නජිත් ඉන්දිකය.



    ඔහු සිය රෝහලේ සත්‍ය තත්වය මේ ආකාරයට සටහන් තැබූ අතර එම සටහන විවිධ වෙබ් අඩවි වලද ප්‍රචාරය විය.එලෙස ප්‍රචාරය වීමෙන් පසුව වෛද්‍යවරයා හමුවීමට සීඅයිඩී නිලධාරීන් දෙදෛනෙකු පැමිණ ඔහුව ප්‍රශ්න කර ගොස් ඇති බව වෛද්‍යවරයා තවත් සටහනක් තබමින් දන්වා ඇත. කොරෝනාවෙන් පීඩා විඳින අයට ප්‍රතිකාර කරන අතර තමාගේ දහසක් රාජකාරී මධ්‍යයේ සීඅයිඩී නිලධාරීන්ටත් පිළිතුරු සපයන්නට වූ බව කියමින් වෛද්‍යවරයා නැවත සටහනක් තබා ඒ ගැන විස්තර කර ඇත.

    අලුතෙන් ආව ලෙඩ්ඩු පෝලිමේ ප්‍රෙෂර්, ඔක්සිජන් මට්ටම් බල බල ඉද්දි වාට්ටුවෙන් එළියෙ, ටිකක් ඈතට වෙලා තරුණ කොල්ලො දෙන්නෙක් ඉන්නවා.


    එක්කෙනෙක් හිනාවෙලා අත වැනුවා. මම ඔවුන්ට ටිකක් ඉන්න කියල, ලෙඩ්ඩු ටික බලලා ඉවරවෙලා එහෙම, එලියට ගිහින් ඔවුන් දෙන්නට කතා කලා.
    ඒ කතාව ගියේ මෙහෙමයි.

    මම : එන්න. ඔයාල දෙන්නද අර CID එකෙන් කියල කිව්වෙ?
    CID : (සිනාසෙමින්) ඔව් සර්.
    මම : (සිනාසෙමින්) ආ. ඉතින් අර මම ෆේස්බුක් එකේ දාපු එක නිසා වෙන්නැතිනෙ ආවෙ?
    CID : (සිනාසෙමින්) ඔව් සර්.
    මම : කොළඹින්ද ආවෙ නැත්තන් මෙහෙද අවිස්සාවෙල්ලෙද?
    CID : මෙහේ සර්.
    මම : (සිනාසෙමින්) දැන් මෙහෙන්ද කිව්වෙ ඒක බලන්න කියල නැත්තන් කොළඹින්ද ආවෙ ඕඩරේ?
    CID : මෙහෙන් නෙමෙයි සර්.
    මම : හරි. දැන් මොනවද ඔයාලට හොයන්න කිව්වෙ? ඒ ලියපුව බොරුද කියලද?
    CID : අනේ නෑ සර්. DIG මහත්තයා කිව්වෙ, මේක ලිව්ව ඩොක්ටගෙ මානසික තත්වය පොඩ්ඩක් බලන්න කියල, ඒ ඩොක්ට ආතතියෙන්ද ඉන්නෙ කියලා බලන්න කියලා. (අහිංසක ලෙස සිනාසෙයි)
    මම : (හොඳින් සිනාසෙයි)
    හරි. ඒක ඉතින් ඔයාල ලියල යවන්න. මම කියන්න ඕනෙ නෑනෙ නේද. ඕව කෙරෙන හැටි අපි දෙන්නම දන්නවනෙ නේ.
    ඊට අමතරව මොනවත් දැනගන්න තියේද?
    CID : සර්, ඇත්තටම අවිස්සාවේල්ලෙ කොරෝනා තත්වය ඔච්චරම දරුණුයිද සර්? අපිත් මේවයෙ ජීවත්වෙන මිනිස්සුනෙ.(අවංක මුහුණක්)

    මම පසුගිය මාසය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම හා මරණ වැඩිවූ හැටි, වාට්ටුවේ පහසුකම් දියුණුවී ඇති ආකාරය,

    පසුගිය සතියේ සිදුවූ ලොකු වෙනස්කම් ආදී සියල්ලම විනාඩි 10 ක් අරගෙන ඔවුන් දෙදෙනාට පැහැදිලි කරදුන්නා.

    ඊට පස්සෙ ඔවුන් දෙන්න මට ස්තුති කරල යන්න ගියා. මමත් ඔවුන්ට සමුදීලා ඊළඟට ආව ලෙඩ්ඩු පෝළිම බලන්න ගියා. මේ ටික සිද්ධවෙලා ඉවරවෙනකොට හවස 6.40 ට ඇති.

    ඔය දේවල් ඔක්කොම මැද්දෙ, කොහොමහරි අදත් උදේ වෙද්දි හත් දෙනෙක් ඇස් පියාගෙන තිබුණා !


    (වෛද්‍ය නජිත් ඉන්දික)
    -------------

    පෙර ලිපිය
    මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ - රෝහල් වෛද්‍යවරයෙකුගේ සටහන
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස' ගේ බුජ්ජි අංශේ Kiyanne munta da??
    ehenam pasku case ekatath budu saranai
     
    • Haha
    Reactions: shenat

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උගත් මොඩයෙක්
    පබ්ලික් දාන්න ඕනෙ එව තියනව නැති ඒව තියනව
    අරුන් දෙන්න ඕෆ් ඩියුටි කියපු එක මූ පොර වෙන්න එලියෙ කියනව

    ‍රිටන් එක හම්බෙන්නෙ, මුගෙ ඊලග පෝස්ට් එකට නැත්නන් ඊලග ඩොකාට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උගත් මොඩයෙක්
    පබ්ලික් දාන්න ඕනෙ එව තියනව නැති ඒව තියනව
    අරුන් දෙන්න ඕෆ් ඩියුටි කියපු එක මූ පොර වෙන්න එලියෙ කියනව

    ‍රිටන් එක හම්බෙන්නෙ, මුගෙ ඊලග පෝස්ට් එකට නැත්නන් ඊලග ඩොකාට

    anduwa doctolata bayai ban