හංසයාට ඡන්දය දුන් සියලු දෙනා නැගිටපල්ලා : &#35

amaz

Banned
Apr 10, 2009
889
94
0
හංසයාට ඡන්දය දුන් සියලු දෙනා නැගිටපල්ලා : &#35

හංසයාට ඡන්දය දුන් සියලු දෙනා නැගිටපල්ලා : මෛත්‍රීපාල සිරිසේනත් ‘ඩබල් ගේමක‘


(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.10, ප.ව. 11.30) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු විකෘති කරමින් 17 වන සංශෝධනයෙන් ලැබූ දේ සහ සොච්චම් වෙනසක් පමණක් ලබා දී ප්‍රධාන විධායක බලතල එසේම තබා ගැනීමට ක්‍රියා කරන්නේ අන් කවරෙක් හෝ නොව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාම බවට සැක කෙරෙන සිදුවීම් දෙකක් අද වන විට හෙළි වී ඇති බව හංසයා ජයග්‍රහණය කරවීමට බෙල්ල දුන් සකල බලවේග සහ ජනතාව වෙත බරපතල ලෙස වාර්තා කර සිටිමු.

ඉන් එකක් නම් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ රැස්වූ ශ්‍රිලනිප කමිටුව විසින් ගන්නා ලද තීන්දුවකි. එම තීන්දුව වන්නේ ජනමත විචාරනයක් අවශ්‍යයයි ශ්‍රේෂ්ඨාධිකරණය කී වගන්ති හැර යෝජිත 19 වන සංශෝධනයට සහාය දෙන්නේ ඒ හා සමගම නව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා ගෙන එන 20 වන සශෝධනයක් ද එක විට ක්‍රියාත්මක කෙරෙන්නේ නම් පමණක් ය යන්නය. මැතිවරණ කොමසාරිස් වරයා විසින් යෝජනා කර ඇති අන්දමට නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මාස 3 ක් අවම වශයෙන් ගත වනු ඇත. එනම් ශ්‍රීලනිප තීන්දුව අනුව 19 වන සංශෝධනය සඳහා ශ්‍රීලනිප සහාය ලබා ගැනීම දින සියය තුල සිදුවිය නොහැක්කකි.

මෙම තීන්දුව ගන්නා ලද කමිටුවට අයත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි කියන, පක්ෂ නායකයෙකුද නොවී පක්ෂ නායක රැස්වීම් වලට පැමිණ එහි කකුලින් අදින ජී.ඇල් පීරිස්, මෛත්‍රීපාල සිරිසේන අනාථ කළ තරුණියක් සිටින බවට මැතිවරණ කාලෙය්දී මඩ නිර්මාණය කළ ඩිලාන් පෙරේරා, මහින්ද රාජපක්ෂගේ ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේම් ජයන්ත් සහ නිමල් සිරිපාලද සිල්වා යන පිරිස ය. එම කමිටුවේ නායකත්වය ගනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ය. ඒ අනුව ජනතා අභිලාෂයන් ඉෂ්ඨ කෙරෙන 19 වන සංශෝධනයක් නොව එය බකල් කෙරෙන යෝජනා ශ්‍රීලනිප මුහුණුවරින් ගෙන එන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුවත් භාවයෙන් සහ ඔහුගේ අනුමැතියෙන් බව සැක කිරිමේ වරදක් නැත.

ජනාධිපතිවරණයට පෙර ජනපතිවීමෙන් පසු නිර්පාක්ෂිකයෙක් වන බවට ජනතාවට පෙරොන්දු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් පසුව ශ්‍රීලනිප නායකත්වය ලබා ගනිමින් එය සාධාරණය කෙළේ ශ්‍රීලනිප නායකත්වය ගත්තේ දින 100 වැඩ පිලිවෙල හෙවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට ශ්‍රීලනිප සහාය ලබා ගැනීමට බව කියමිනි. දැන් ශ්‍රීලනිපය සහාය නොදී විවිධ අවස්ථා වල විවිධ කතා කියමින් එහි කකුලින් අදින්නේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්වය ගත්තේ අහවල් ලබ්බකට දැයි හංසයාට ඡන්දය දුන් ජනතාව විමසති.

විධායක බලතල අහෝසි කිරීමට කකුලෙන් ඇදීමේ ක්‍රියාවලියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුවත්ව හවුල් බවට සැක කෙරෙන දෙවන කාරණය වන්නේ නීතිපතිවරයා විසින් අද(10) ඉදිරිපත් කර ඇති නව යෝජනාවක් නිසාය. එමගින් දක්වා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනුමැතිය දුන් යෝජනා පවා වෙනස් කරන ලෙසය. ඉන් එකක් නම් ජනාධිපතිවරයා ‘අගමැතිවරයාගේ උපදෙස් මත‘ ක්‍රියා කළ යුතුය යන්න ‘අගමැතිවරයා සමග සාකච්ඡා කර‘ ක්‍රියා කළ යුතුය කියා වෙනස් කරන ලෙසයි. මෙය සම්පූර්ණයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම මත සිදුවූවක් ලෙස පිළිගත හැක්කේ පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා එවැනි දෙයක් ප්‍රකාශ නොකළ නිසාත් ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශයට පත්වීමෙන් පසුව, එහි ඒ ගැන සඳහනක් නොමැතිව තිබියදී පවා අද නීතිපතිවරයා එවැන්නක් ඉදිරිපත් කිරීමත් නිසා ය.

කවුරුන් කෙසේ කීවද ජාතික හෙළ උරුමය විසින් 19 වන සංශෝධනයට ඉදිරිපත් කරන ලද සියළු බාධා පැන නගින්නේද ඔවුනට බලය ලැබී ඇත්තේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය මත බව තේරුම් නොගන්නා අයෙක් වේ නම් හේ දේශපාලන මැට්ටෙකි.

අනෙක් අතට ජනාධිපතිවරණයේදී විධායක බලතල අහෝසි කරන්නේ මේ ජනාධිපතිවරයාගේ කාලය ගත කිරීමෙන් පසුව ඊලඟ ජනාධිපතිවරයාගේ සිට යැයි කිසිදු පොරොන්දුවක් නොදුන්නේ ය. මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ මේ ජනාධිපති බලතල අහෝසි කරන තුරු ජනාධිපති මන්දිරයට පවා නොයන බවයි. එහිදී මගෙන් පසු අනෙකා එනතුරු මා විධායක බලතල භුක්ති විඳිනවා යයි ඔහු කියා නැත. දින 100 වැඩ පිලිවෙලේද නැත.

ජනතාව ලක්ෂ 62 ක් හංසයා ලකුණට ඡන්දය දුන්නේ දින 100 ක් තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මිස බයිලා කියමින් බොරු හේතු මවා පාමින් ඩබල් ගේම් ගසමින් සිටීමට නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳින් මතක තබා ගත යුතුය. ඔහු එය අමතක කළ හොත් ඔහුට තව යා ගත හැක්කේ දේශපාලන හූවක දුර පමණි.

විධායක බලතල අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යය නම් එය ලබා දීමට හංසයාට ඡන්දය දුන් ජනතාව එක පයින් සූදානම් ය. තුනෙන් දෙක ලබා දීම මෛත්‍රී නායකත්වය ගත් ශ්‍රීලනිපයේ වගකීමකි. නැතහොත් මෛත්‍රීගේ වගකීමකි.

හංසයා ලකුණට ඡන්දය දුන් සියලු බලවේග සහ ජනතාව වහ වහා අවදි විය යුතුය. මෛත්‍රීපාල සිරිසේන මහතා ද සූදානම් වන්නේ ජනාධිපති බලතල අහෝසි කරනවා යැයි කියා බලයට පැමිණි පරණ ජනාධිපතිවරුන් වාදනය කළ තැටියම අලුතින් වාදනය කිරීමට නම් එය ලත් තැන ලොප් කළ යුතුය.

---------------------------
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
කොහොමත් කලින් තියෙන මැතිවරන ක්‍රමය ගේන්න කියලා ඉල්ලීමක් ජනතාවගෙන් තිබුනේ නෑ.තිබුනේ විධායක ක්‍රමය අහෝසි කරන එක.
 
  • Like
Reactions: shanefarcry

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    පෘතජනයකු විසින් තමන් අතට එන අසීමිත බලයක් තමා විසින්ම අහෝසි කරනොගන්නා බව ඡන්ද දායකයා කවදා තේරුම් ගනීද?
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    කොට්ථාස ක්‍රමයට ඡන්දේ තිබ්බම නිමල් සිරිපාලට තමයි කෙළවෙන්නේ.පහුගිය ඡන්ද වල ආසනය පවා මිනිහට රැකගන්න බැරිවුනා
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මේක නිකන්ම ජෝක් එකක් වෙලා.මුලින්ම විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න ඕන වුනේ මෛත්‍රිපාල සහ රනිල් ජේවීපි කියන තුන්කට්‍ටුවට.දැන් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න ඕන වෙලා තියෙන්නේ රනිල් ජේවීපි සහ මහින්ද කියන තුන්කට්‍ටුවට.කොහොම වුනත් මෛත්‍රීට විධායක ජනාදිපති ලෙස වැඩ කරන්න ජන බලයක් ලැබිලා නෑ.වරමකුත් නෑ. මොකද මෛත්‍රීගේ චන්ද වලින් 90%ක්ම අයිති යූන්පි සහ ජේවීපි එකට.අනිත් 10% විධායක ජනාදිපති ක්‍රමයට එරෙහිව චන්දය දුන්න පාවෙන චන්ද.ශ්‍රී ලංකා එකෙන් මෛත්‍රීට චන්ද ආවේ නෑ.එහෙම ආවනම් මහින්ද ලක්ෂ 58ක් ගන්නේ නෑ.:rofl:
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    story.srilankan.minister.jpg

    ලංකා නිව්ස්:P:P:rofl::rofl::P:P

    wimal-and-MR.jpg

    Wimal.jpg

     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මෝඩ මෛත්‍රීපාල ජේවීපි එකටයි යූන්පි එකටයි අරින්න ආවොත් මාස කීයපකින් මෛත්‍රීට ජනාධිපති පු‍ටුවත් නැතිවෙයි.ඔය ආසන කොට්ටාස ක්‍රමය ගේන්න උත්සහ කරන්නේ යූන්පි එකට අරින්න.ඒ වගේම සුලු ජාතින්ටත් අරින්න.ශ්‍රී ලංකා එක අටවපු උගුලක මෛත්‍රීගේ නැට්ට හිරවෙලා.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෝඩ මෛත්‍රීපාල ජේවීපි එකටයි යූන්පි එකටයි අරින්න ආවොත් මාස කීයපකින් මෛත්‍රීට ජනාධිපති පු‍ටුවත් නැතිවෙයි.ඔය ආසන කොට්ටාස ක්‍රමය ගේන්න උත්සහ කරන්නේ යූන්පි එකට අරින්න.ඒ වගේම සුලු ජාතින්ටත් අරින්න.ශ්‍රී ලංකා එක අටවපු උගුලක මෛත්‍රීගේ නැට්ට හිරවෙලා.

    TRUE....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් අටවපු උගුලෙ රනිල්ම වැටිල තියෙන්නෙ. තමන්ට ජනාධිපතිකම ගන්න බැරි බව දැනගෙන එයා තමයි විධායක බලය අහෝසි කරන්න මුලින්ම යෝජනාව ගෙනාවෙ සෝබිත හාමුදුරැවොත් එක්ක එකතු වෙලා. එයා බැලුවෙ විධායක බලතල අගමැතිට ගන්න. දැන් ඉතින් රනිල්ගෙ බලාපොරොත්තු සුන් වීගෙන යන්නෙ. අබ සරණයි..
     

    Similar threads