හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනකු එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් කෝටි ගණනින් මුදල් බැර වන බව වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

    වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙනත් පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරගෙන යාමේදී මේ ගායක ගායිකාවන් තුන් දෙනාට රුපියල් කෝටි ගණනින් මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබේ.


    ගායක ගායිකාවන් තුන් දෙනාගෙන් එක් අයකු වවුනියාවේද, දෙදෙනකු යාපනයේද නිසා වවුනියාව පොලිසිය මේ සම්බන්ධයෙන් කෝපායි පොලිසිය දැනුවත් කර ඇත.


    පොලිසිය විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී මේ ගායක ගායිකාවන් තිදෙනා ඉතාම කෙටි කාලයකදී කෝටිපතියන් බවට පත්ව ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.


    සැකකාර ගායක ගායිකාවන් තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ගලයින් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ප්‍රකාශ කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.


    මේ හේතුවෙන් යාපනය අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝගයක් මත ඔවුන් තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
     
    • Like
    Reactions: haunte

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,853
    1
    11,195
    113
    st,small,507x507-pad,600x600,f8f8f8.jpg
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Similar threads