හදිසි උපත් පාලන පෙති නිතර ගැනීම අවදානම්..!
මීට ටික කාලෙකට කලින් දන්න අඳුනන මිතුරියක් මුණගැහුනා ෆාමසි එකක් ලඟදි. මාත් එක්ක කතා කරන අතරෙම ඒ මිතුරිය තමන්ගේ බෑග් එකට බෙහෙත් පෙති අඩංගු පෙට්ටි විශාල ප්‍රමාණයක් දාගන්නවා දකින්න ලැබුණා.
ඒ අතරේ හදිස්සියෙම දකින්න ලැබුණේ ඒ පෙට්ටිවල පිටත මුද්‍රණය කර තිබුණ නම, ඒ නම අපි හොඳට දන්න Postinor නම්වන හදිසි උපත් පාලන පෙති (Emergency Contraceptive Pills) තමයි මෙහෙම බෑග් එකට දාගත්තේ කියලා. සමහර විට මිතුරිය ගෙදර ෆාමසියක් කරනවද කියලා නොදන්න නිසා මම නිකමට අහලා බැලුවා.
එතකොට දැනගන්න ලැබුණ කාරණයෙන් මගේ ඇස්දෙක උඩගියා. ඒ මිතුරිය විවාහපත් වෙලා වැඩි කාලයක් නෑ. ඇයගේ සැමියාගෙත් ඇයගෙත් බලාපොරොත්තුව විවාහයෙන් වසරක් විතර කල්ගියාට පස්සෙ දරුවෙක් හදන්න තමයි. ඒ නිසාම සැමියා එක්ක ලිංගිකව එකතුවෙන හැම වාරයකටම පස්සේ ඇය කරන දේ තමයි හදිසි උපත් පාලන පෙත්තක් ලබාගැනීම.
මේක බොහොම බරපතල වැරැද්දක්. මොකද හදිසි උපත් පාලන පෙති නිර්දේශ කරලා තියෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකට පස්සේ ඩිම්බ සහ ශුකාණු එක්වෙලා සංසේචනය වීම වැලැක්විය හැකි ප්‍රබල ඖෂධ සංයෝග අඩංගු කරලා. මේ හදිසි උපත් පාලන පෙති කියන නමේම තියනවනේ “හදිසි‘ කියන වචනය, ඒ කියන්නේ මේක නිතර ගන්න සුදුසු දෙයක් නොවන නිසා.
ඉතින් මම මිතුරියට පැහැදිලි කරලා දුන්නා හදිසි උපත් පාලන පෙති නිතර ගැනීමේ අවදානම. ඒ වෙනුවට ඇයට “මිතුරි“ කියන සාමාන්‍ය උපත් පාලන ගිලින පෙති වර්ගය පාවිච්චි කරන්න පුළුවන් කියන උපදෙස දුන්නා. ඒ වෙනකොට ඇය හදිසි උපත් පාලන පෙති විශාල ප්‍රමාණයක් භාවිතා කරලා අවසන්.
සාමාන්‍ය උපත් පාලන පෙති දිනපතා ගැනීමෙන් පවුල් සැලසුම් ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. විවාහ වෙලා යම් කිසි සීමාසහිත කාලයකින් දරුවන් හදන්න බලාපොරොත්තුවෙන නව යුවලකටනම් සුදුසුම උපත් පාලන ක්‍රමය වෙන්නේ සාමාන්‍ය උපත් පාලන ගිලින පෙති. මොකද එයින් වෙන්නේ ගර්භාෂය තුල හෝමෝන අසමතුලිත කිරීමක් හරහා දරු උපතක් සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වීම තාවකාලිකව පසු කිරීමයි.
ඒත් හදිසි උපත් පාලන පෙතිවලින් කෙරෙන්නේ ඊට වඩා එහා ගිහින් ශුක්‍රාණු සහ ඩිම්බ මෝචනය වීම සහ සංසේචනය වීම වැලැක්වීමයි. ඒ නිසා දිගින් දිගටම හදිසි උපත් පාලන පෙති භාවිතය කොහෙත්ම සුදුසු වෙන්නේ නෑ. විශේෂයෙන්ම නව යුවලකටනම් සුදුසුම නෑ, මොකද දීර්ඝකාලීනව හදිසි උපත් පාලන පෙති භාවිතය නිසා කාන්තාවගේ සාඵල්‍යතාවය (Fertility) ට බලපෑමක් වෙන්න පුළුවන් නිසා.
විවාහ වෙලා දරුවන් ඉන්න යුවලකට දරුවන් අතර වයස් පරතරය නිසි ලෙස පවත්වාගෙන යාමේදී දිනපතා සාමාන්‍ය උපත් පාලන පෙති පාවිච්චි කිරීම අපහසුනම් ඒ සඳහා වෙනත් ක්‍රම තිබෙනවා. එන්නත්, ලූපයක් පැලඳීම හෝ ශරීරයට ඇතුල් කරන හෝමෝන අසමතුලිත කිරීමේ ද්‍රව්‍යයක් හරහා වැඩි කාලයක් උපත් පාලනය සිදුකරන්න පුළුවන්. ඒවා නිර්දේශ කරන්නේ දැනට දරුවන් සිටින කාන්තාවන්ට.
ඒක නිසා මේ හදිස්සියට ගන්න තියන දේවල් නිතර ගන්න එකෙන් ශරීරයට සිදුවෙන හානිය මොකක්ද කියලා හොඳට මතක තියාගන්න.
උපුටා ගැනීම - www.her.lk

Habai kiyana de aththa 