වේලාව ;
රූ මැදියම පසුවී
විනාඩි තිස් පහකි
ස්ථානය ;
කුලියාපිටිය ළමා වාට්ටුවේ
හදිසි ප්‍රතිකාර ඒකකය
නිරෝධායනයට
ලක්වූ පවුලක දරුවෙකු
උණ උත්සන්නව
නතර කෙරින
කොවිඩ් විය හැකිය
කොවිඩි නොවිය හැකිය
අන් වෛරසයක් විය හැකිය
අන් වෛරසයක් නොවිය හැකිය
කොවිඩ්ද අන් වෛරසයක්ද
නොවිය හැකිය
කොවිඩ්ද නොවන අන් වෛරසයක්ද
නොවන්නක් විය හැකිය...!
මැදියම් රැයේ
චතුස්කෝටික
ගැටළුවක මම....!
ආච්චි පොසිට්ව්
වුනේ කෙලෙසද ?
රුකියාවට යන දුව ගෙන්ද
අච්ච නතර කල ඉස්පිරිතාලයෙන්ද
දුව ගෙන්ද ඉස්පිරිතාලෙන්ද නොව
අන් තැනකින්ද
දුවත් ඉස්පිරිතාලයත් අන් තැනකුත්
හැර වෙන ක්‍රමයකින්ද ?
ඇත්තටම
මට පිස්සු හැදීගෙන එනවද
හුස්ම ගන්නත් බැරිතරම්
මාස්ක් එකත් නහයත් අතර
හිරවුනු ඔක්සිජන් දැන් නම් ඉවරය..!
කාබන් ඩයොක්සයිඩ් වැඩිවී
මගේ මොළය විකෘති කරනවාද
කලන්තයත් වගේය
වාට්ටුවම මගේ වටේ භ්‍රමණය වී
සඳ වටේද පරිභ්‍රමණය වනවා සේය...!
ඔය එක් සිද්දියක් පමණය
තවත් සිද්දි එමටය...
දැන් මේවා ගැන කියුවාට
වැඩකුත් නැති ගානය
කොරෝනා දැන්
පවුලේ කෙනෙකු වෙලාය
එංගලන්තේ මොඩිෆයි වුනු
අලුත් කොවිඩ් මාරයාද
ලංකාවේ ඊයේ හමුවුනා යැයි
නිවුස් වල ගියා දැක්කෙමිය
දිනපතා අටසීයත් පැන යන
කොවිඩ් එකමුතුව ඒ හන්දා
වෙන්නත් බැරි නැතිය
ඒ කිසිවක් දැන් මිනිසුන්ට
වගේ වගක් නැතිය
කම්මලේ බල්ලන් වැනිය
හෙන පිපිරුනත් වගක් නැතිය....!
ඉස්සර යුද්ධ කාලේද මෙහෙමය
මුලදී එක බෝම්බයක් පිපිරෙද්දී
අපේ ගෙවල් ඇතුලේ පිපිරුනා වැනිය
නිතර කතාවය මිය ගිය ගණන් එකතු කරන්නේය දුක් වන්නේය බය වන්නේය,
පහු පහු වෙද්දි බෝම්බ පිපිරි
කෝච්චි බස් වැනසෙද්දි
කොළඹ බෝම්බ තැන තැන හමුවෙද්දි
අපි වගේ වගක් නැතිව සිටියෙමු
ඒ අපේ හැටිය
ජාතියේම හැටිය.....!
වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක
http://t.me/srilankans
Copied