යුක්රේනයේ කොරෝනා නව ප්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප්‍රභේදය හදුනාගෙන නෑ..
January 6, 2021 at 12:02 am | lanka C news
අද වන විට යුක්රේනයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක් පැතිරී යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමය කියයි.
එහි සභාපති රවි ුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප්‍රබේද කිසිවක් හදුනා ගැනීමට මෙරට පහසුකම් නැති බවයි.
සංචාරකයන් දිගින් දිගටම මෙරටට රැගෙන වන්නේ නම් කොරෝනා නව ප්රභේදයන් හඳුනාගත හැකි යන්ත්‍ර මෙරටට ගෙන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
යුක්රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ වෛරස ප්‍රභේදය කුමක්දැයි පරීක්ෂණයක් කලේදැයි අදට ද නොදන්නා බවද ඔහු තවදුරටත් පැවසීය
