හද රැඳි ගී ♫

Mar 11, 2013
106
18
0


හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී //
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

හිඳීවි කොතැනක හෝ...

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ //
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී

හිඳීවි කොතැනක හෝ...


*******************************************

 
  • Like
Reactions: conzy
Mar 11, 2013
106
18
0


ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසයේ උං
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ලග ...


*******************************************



ඔයාලගේ ඒවත් බෙදා ගන්න............


 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලීනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රියසක දන්නේ...





    රන් මසු නෑ කියා
    මා දිලිදුයි කියා කීවා
    මට තව මතකයි ඒවා

    මැදුරේ දොරගුලු ලූ නියා
    අදුරේ මා තනි වූ නියා
    මට සිහි වෙනවා
    මේ දැන් වාගේ
    නෑ මා හැඩුවේ එදා

    බැලුවේ ඔබ අද මා දිහා
    පට පිලි දවටා ආ නිසා
    ඇයි පෙර වාගේ
    මා තනි නොකලේ
    කිමදෝ හඩනූ ඔයා

     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ





    ගොඩක් ආස කරන සින්දුවක්........ ගැඹුරු කට හඩ වගේම සංගීතය..... රාත්‍රි වෙලාවක අහගෙන ඉන්න කොට ගී තනු වල අවස්තානුකූල බව උපරිමයි......
     
    Last edited: