හන්තානේ_ දැරියන්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    හන්තානේ_ දැරියන්

    නායකත්වය උගන්වන ගුරයි ‘දැන්වීම් ආයතනයේ ලොක්කයි’ දැරියන් 17ක් වික්කේ මෙහෙමයි







    D23.jpg


    මහනුවර හන්තාන ප‍්‍රදේශයේ මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් 17 දෙනෙක් අපයෝජනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

    මේ වනවිට එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලිසියට හෙළිවී තිබෙනවා.

    මෙම දැරියන්ව පසුගිය පොසොන් දින සහ තවත් දිනයක රාත්‍රියේ වාහනයක දමාගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බවට හෙළිවූ තොරතුරු අනුව සොයා බලද්දී මහනුවර ප්‍රදේශයේ ප්‍රභූන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට මෙම දැරියන්ව මුදලට අලෙවි කර ඇති බවට කරුණු වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

    චන්දිමාල් ගමගේ නැමති පුද්ගලයා මීට දෙසතියකට පෙර නායකත්ව පුහුණුව පිළිබද වැඩමුලුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ ද පවත්වා ඇති අතර එම වැඩමුලුවට එක් වූ නේවාසිකව අධ්‍යාපනය ලබන දැරියන් දෙදෙනෙක් ආයතනයෙන් පිටතට ගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව හෙළි වී තිබෙනවා.

    මෙලෙස දැරියන් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය පිටුපස සිටින ප්‍රසිද්ධ දැන්වීම් ආයතන හිමිකරුවෙක් පිළිබඳව ද පොලිසිය සොයා ගැනීමට සමත් වුණා.

    ඔහු අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරිම නිසා එය සළකා බැලූු මහේස්ත‍්‍රාත් වරයා එම සැකකරුට ලබන 09 වන දින අධිිකරණයේ පෙනි සිටින ලෙස නියෝග කරනු ලැබුවා.

    මෑත කාලයේ ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් පත් කළ අවස්ථාවේ දී ඔහු පිළිගැනීම සඳහා බැනර් පෝස්ටර් හා කටවුට් ගසා පිළිගෙන ඇත්තේ ද මෙම පුද්ගලයායි.

    ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ මීට පෙර පැවැත්වූ වැඩමුළුවක වීඩියෝව පහතින් දැක්වෙනවා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    https://www.facebook.com/nimalnishanthapeiris?fref=ts



    නිමල් පීරීස් වන මා සම්බන්ද කොට පළවන අපහසාත්මක ද්වෙිශසහගත ලෙස පුවත් සම්බන්දවයි.


    13892076_1799254843643729_1029964279492918789_n.jpg


    මහනුවර හන්තානේ පෙෘද්ගලික නේවාසික කදවුරක සිදු විමක් සම්බන්දයෙන් මාගේ නම සම්බන්දකර මාගේ ව්‍යාපාරික කීර්තිනාමය හා චරිතය ඉතා සහාසික ලෙස ඝාතනය වන ලෙස නොයෙක් ව්ස්තර අන්තර්ගත පුවත් වෙබ් අඩවි මාර්ගයෙන් පළවේ.එහි සත්‍ය තත්වය පැහැදිලි කරිම මාගේ මෙහි අරමුණයි.

    එම පුවත් වල සදහන් අයුරට දැරියන් අපචාරය හෝ ප්රභුන්ට ලබා දීම හෝ විකිණීම මා විසින් කිසි ලෙසකත් සදු කර නොමැත එවැනි සිද්දියකට මාගේ කිසිදු සම්බන්දයක් නොමැත.

    එම ආයතනයේ හිමි කරැවන චනිදිමාල් ගමගේ මා හොදින් හදුනන අතර දැනට මාස 2 ට පෙර අදාල ආයතනයේ තරැණියන් දෙදෙනෙක් සහ චන්දිමාල් සමග රාතී‍ු බෝජන සංගූයේදි ඇයගේ නළළ සිපගත්තේ යැයි පැමිණිල්ලක්ද තවත් තරැණියක් මාගේ කාර්්‍යාලයට පැමිණි විට ඇයගේ අතින් ඇල්ලු බවට (Shake Hand හි දි තදින් ඇල්ලු බවට) පැමිණිල්ලක් මාස 3කට පෙර සිමු වීම හන්තාන සිදුවීමට මහනුවර ළමා හා කාන්තා කාර්්‍යංශයේ දි මෙම සිදුවීමට කටඋත්තර ගැනිමේදි සදහන්ව ඇති අතර එම සටහන් වලට අදාලව මාද එම සිද්ධින් වල සැකකරැවකු ලෙස නම්කර ඇත.

    මෙම පැමිණිලි මාස ගණනකට ඉහත සිදුවීම් හා මෙම සිදු වීම සම්බන්දයෙන් කිසිදු ප්රකාශයක් නොකිරීයෙන් මෙහි විශ්වාසනීයත්වය ගැන බරපතල සැකයක් මතුව ඇත කසේ නමුත් එම පැමිණිල්ල පාදක කරගෙන අදාල සිද්ධියට මාගේ නමද සැකකරැවෙකු ලෙස නම් කර ඇත. මෙම කරැණු වලට පරිභාහිරව වෙබ් අඩවි වල පළවන ආකාරයේ පහත් හා නින්දිත දෑ මා විසින් කිසිසේත් කර නොමැති අතර ඒවා අමුලීක බොරැ පුවත් බව ඉතාමත් වගකීමෙන් සදහන් කරමි. මා හට විරැද්ධ මෙවැනි ආකාරයේ පැමිණිල්ලක් නොමැති බව ඉතාමක් වගකීමෙන් සදහන් කරමි.

    මා හට වේබ් අඩවි මගින් සිදුවන පහර ගැසීම් ඉතාමත් අසාධාරණ වන අතර මා හට සිදුව ඇති අසාධාරණය සම්බන්දයෙන් ගරැ අධිකරණය දැනුවත් කර අපේක්ෂිත ඇප අයදුමක් අයදුම් කර ඇත . මා හට විරැද්ධ පැමිණිලි සම්බන්ද පැඹිණිලි වල සත්‍ය තොරතුරැ මහනුවර පොලිස් හා ළමා කාන්තා කාර්්‍යන්ශයේ දැනගත හැක.

    මා ඉතාමත් වැදගත් ලෙස ව්‍යාපාර කටයුතු කරමින් සමාජ සේවා කරමින් සම්මාන දිනු කීර්තිමත් අයෙකුවන අතර . මාගේ කීර්තිනාමයට හානි වන මෙවැනි ව්‍යාජ පුවත් ඉදිරිපත් කිරිමෙන් මා හට අසාධාරන ලෙස අපහස කිරීම් නවත්වන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි.

    මෙයට.
    විශ්වාසි.
    නිමල් පීරීස්.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මේවත් එක්ක බලද්දි
    මුන්ට විරුද්ධව නීතියා ක්‍රියාත්ම වේවිද කියලා පොඩි සැකයක් තියෙනවා
    වයස අඩුවෙන් බැඳපු එවුන් පාවා කුදලගෙන ගිහින් නඩු දාන පොලිසිය
    මේවා ගැන ක්‍රියාත්මක වෙන්නේ ඉබි ගමනේ


    13907122_1799254600310420_7977895573466869271_n.jpg


    13886472_1799255136977033_6163361982190734923_n.jpg


    13880153_1799254623643751_5523640133733424839_n.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    සොකරි පෙන්නන්න ගිය සර් ලැගුම්හලකට ගෙනිච්චා – හන්තානෙන් ඇසෙන දැරියන්ගේ විළාපය


    මහනුවර මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් අපයෝජනය කිරීමේ සිදුවීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් ඇති බව වාර්තා වනවා.

    ඒ එම ගැහැණු ළමුන් ලබා දෙන තොරතුරුවලට අනුවයි.

    මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

    “මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා. අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට ෆේස්ට්‍රි වගයකුයි කිරි තේයි අරන් දුන්නා.

    ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා. එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා.”

    මේ ප්‍රකාශය මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පොතේ සටහන් වී ඇත්තේ නේවාසික අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබු වයස අවුරුදු 16 සහ 17 පසු වූ සිසුවියන් දෙදෙනකුගේ සාක්ෂි අනුවයි.

    දිනය පසුගිය ජුලි 31 වැනිදායි. කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙමින් තිබිණු අතර සිසුවියන් පිරිසට වෙනදා මෙන් නොව මොකක්දෝ අමුත්තක් දැනෙන්නට පටන් ගෙන තිබුණේ නේවාසිකාගාරයේ පාලිකාව එහි මුළුතැන්ගෙට ගොස් මස් බදින්නට වී ඇති නිසායි.

    මේ අතරතුර නේවාසිකාගාරයේ හිමිකරු වන චන්දිමාල් තම අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාරය පිහිටි භූමියේ ඇති ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කරන්නේ රාත්‍රී දහයට පමණයි.

    “එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා. එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිබෙන බෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා . එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළඟ තියෙන ලයිට් කීපයක් දැම්මා.

    අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළඟින් යනකොට එයා අපව දැක්කා. ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තේ.”

    අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා. මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා.

    අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු බෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.”

    සිසුවියන්ගේ පාර්ශවය වෙනුවෙන් අධිකරණ කටයුතුවලට සහාය වන නීතීඥ මහතා මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණේ මෙවන් ප්‍රකාශයක්.

    “සිසුවියන්ගේ ප්‍රකාශ අනුව විවිධ ලිංගික හිංසනයන්ට මේ දරුවන් මුහුණ දී තිබෙන බව අණාවරණය වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු මේ අධ්‍යාපන ආයතනයේ හිමිකරු වන චන්දිමාල් ගමගේයි. ඒ වගේම ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන මහනුවර පේරාදෙනිය පාර කටුකැලේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා.

    චන්දිමාල් පසුගිය පොසොන් දිනයේ සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙන්නේ සොකරි නාට්‍ය බලන්න යමු කියලා. එදින එම ලැගුම් හලේදී සිසුවිය සිප වැළද ගෙන යම් ලිංගික හිංසනයක් සිදු කොට තිබෙන බව සිසුවියගේ ප්‍රකාශයකින් අණාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම චන්දිමාල් ගමගේ නමැත්තාගේ ව්‍යාපාරික මිතුරා පොසොන් දිනයේ තවත් සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙනවා. එම සිසුවිය සිප වැළඳගෙන යම් යම් හිංසනයන් කර තිබෙන බවට කරුණු වාර්තා වෙලා තිබෙනවා.

    මේ සියලුම ලැගුම්හල් මහනුවර පොලීසියේ පොලිස් කණ්ඩායම් සමග ගොස් සිසුවියන් විසින් හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම චෝදනා එල්ලවන ව්‍යාපාරිකයාගේ මහනුවර කටුකැලේ තිබෙන කාර්යාලයට සිසුවියන් දෙදෙනකු ගෙන ගොස් සිප වැළඳ ගෙන තිබෙන බව වාර්තා වෙලා තිබෙනවා. එම් ස්ථානත් සිසුවියන් විසින් පොලීසිය සමග ගොස් හඳුනා ගෙන තිබෙනවා. පසුගිය 31 වෙනිදා සිදුවු සිදුවීමත් සමග තමයි මේ සියල්ල අණාවරණය වුණේ. කෙසේ වෙතත් ළමයි තමන්ට සිදුවු ලිංගික හිංසනයන් මෙතෙක් සඟවා ගෙන සිටීම කනගාටුදායක තත්ත්වයක්.”
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කෙසේ වෙතත් ළමයි තමන්ට සිදුවු ලිංගික හිංසනයන් මෙතෙක් සඟවා ගෙන සිටීම කනගාටුදායක තත්ත්වයක්.:sorry::sorry:
     

    Similar threads