හම්බන්තොට නගරාධිපති සහ රොයිස් විජිත….

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හම්බන්තොට නගරාධිපති සහ රොයිස් විජිත….

    2014 පෙබරවාරි 17 වනදා මිගමුවේ ජුවෙල් ලංකා ආයතනයේ සිදුවු මංකොල්ලට සම්බන්ධ යැයි සැක පිට අත්අඩංගුවට ගැනුන මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාව අත්අඩංගුවට ගැනුනේ 2014.02.22 වනදා උදේවරුවේ සිය මෝටර් රථයෙන් මීගමුව නගරයේ ගමන් ගනිමින් සිටියදිය.
    මේ පිලිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ ජුවෙල් ලංකා මංකොල්ලයේ මහමොළකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු සන්තකයේ තිබි මංකොල්ල කන ලද මුදලින් අඩක් සොයා ගත් බවත්ය
    ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා රටට කියන්නට උත්සාහ ගත්තේ කොල්ල කන ලද රුපියල් කෝටියක මුදලින් අඩක් රොයිස් ලඟ තිබි අසුවුණ බවකි.
    එහෙත් රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබි ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා වැය කිරිමට තිබුණ රු එක්ලක්ෂ හැත්තෑදහසක් පමණ මුදලක් යැයි මීගමුවේ එජාප නාගරික මන්ත්‍රිවරුන් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණි.
    මේ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටට හෙළි කර සිටියේ තමන්ගේ පොලිසිය වෙස් මුහුණු බැදගෙන ආවත් නැතත් හොරු අල්ලාගන්නා බවය.
    එහෙත් අදටත් ජුවෙල් ලංකා කොල්ලයේ මුදල්වලට වෙච්ච දෙයක් නැත.ඒ මුදල් ගත්තේ යැයි කියන ඇපල් රුවන් නැමැත්තා දැන් රටෙත් නැති බව කියැවේ.
    ඒ අනුව දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ රොයිස් විජිත මන්ත්‍රිවරයාගේ හිටපු රියදුරු සහ ඔහුගේ පාසැල් මිතුරෙකි.
    රොයිස් විජිත මේසේ අත්අඩංගුවට ගැනිමට හේතුව ලෙස මාධ්‍ය හරයා හෙළිදරව් කර තිබුනේ ඇපල් රුවන් විසින් මේ කොල්ල කෑ මුදලින් රොයිස් අයියාටත් කොටසක් දිය යුතුව ඇතැයි දැනට අත්අඩංගුවේ පසුවන අයට කරන ලද ප්‍රකාශය පමණකි.
    දැන් ඇපල් රුවන් රටෙත් නැත.
    දැන් රොයිස් විජිත මන්ත්‍රිවරයාව රදවා තබාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේය,
    මේ මංකොල්ලය සදහා ගිනි අවි භාවිතා වි ඇති හෙයින් ත්‍රස්තාවාදය වැලැක්විමේ පණත යටතට මේ නඩුව ගෙන මාස 18 ක් වුව රදවා තබාගැනිමට ඇති ඉඩකඩ දැන් පොලිසිය විසින් ලබා ගෙන තිබේ.
    එහෙත් දැනට මාධ්‍ය විසින් වාර්ථා කර ඇති කරුණු විමර්ශනය කරන කල්හි රොයිස් විජිත මහතාව ත්‍රස්තවාදය වැලක්විමේ පණත යටතේ මෙසේ රදවා තබාගැනිමට ඉඩ සලසාලන හේතු කිසිවක් හෙළි ව තිබුනේ නැත.එනම් රොයිස් විජිත ත්‍රස්තවාදි කටයුත්තකට සම්බන්ධ යැයි කිමට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් මෙතෙක් හෙළිකරද ඇතැයි කිසිදු මාධ්‍යයක් වාර්තා කර නැත.
    තතු මෙසේ වන කල්හි 2014 අප්‍රේල් 17 වනදා මත්තලට යන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 5 දෙනෙකු ගිනි අවි අතදරා සිටි පිරිසකගේ මැර ක්‍රියාවලට මුහණ දිමට සිදුවු ආකාරය මාධ්‍ය විසින් ඉතා පැහැදිලි ලෙසින් දැන් රටට හෙළිකර තිබේ.
    පිස්තෝලයක් අත දරා සිටින හම්බන්තොට නගරාධිපතිවරායගේ ඉතා පැහැදිලි දසුන් රැසක් මේ වන විටත් ප්‍රසිද්ධියට පත්වි හමාරය.
    මෙසේ ගිනි අවි දරන්නට සහ පාර්ලිමේන්තු මන්ත්‍රින්ට හිරහැර කරන්න ඇති අයිතිය කුමක්ද?
    එය ත්‍රස්තවාදය නොවේද?
    එසේ නම් හම්බන්තොට නගරාධිපතිවරයාවත් ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ අත්අඩංගුවට ගනු ලබන්නේද ?
    ගිනි අවියක් අත නොදැරු එජාප මීගමුව සංවිධායක 18 මාසයක් රදවා තබාගන්නට පිඹුරු පත් සැකසු ශ්‍රි ලංකා පොලිසිය මත්තලදි අත්බැදගෙන සිනා සිසි අතරැදි ජංගම දුරකථන වලින් ඡායාරූප ගනිමින් සිටිනු අයුරු දැන් ලෝකයාට රහසක් නොවේ.


    meepura news 2014-04-18
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එය ත්‍රස්තවාදය නොවේද?

    Ohoma kiyanna epa ban...

    Yudde Dinnane ban....:lol::lol::lol::lol:

    Erozan ehema ubawa dakkanam....:P:P:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    හම්බන්තොට ප්‍රහාරය - එජාප මන්ත්‍රී වරුන් විසින්ම තමන්ටම ප්‍රහාරයක් එල්ල කරගත් බව cctv කැමරා වල පටිගත වූ වීඩියෝ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී ඇත - පොලිෂ් මාද්‍ය සොන්නය