හම්බන්තොට වරායේ පීනන සුදු අලි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    හම්බන්තොට වරායේ පීනන සුදු අලි

    [[පහත ලිපිය Ceyline Shipping, Seaspan Ship Management Ltd, Sri Lanka Shipping Company Limited, Ceylon Shipping Corporation Ltd යන ආයතනයන්හි සේවය කර ඇති පළපුරුදු නාවික ඉංජිනේරුවරයෙක් වන විශ්ව චින්තන මහතා විසින් ලියන ලද්දකි.]]


    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ගැන ඔබ නොදුටු පැත්තක්…
    විනාඩි කිහිපයක් ගෙන කියවන්න…


    වෙළඳ නෞකා යනු ලෝක ගෝලයේ මහද්වීප හෝ දූපත් සම්බන්ධ කරන ප්‍රධාන මාධ්‍යයයි.. අනාගත ලෝකයේ වෙළඳ නෞකා ක්ෂේත්‍රය මුහුණ පා සිටින බරපතලම ගැටලුව නම් ඉන්ධන අර්බූධය යි.. ඊට හේතුව ඉන්ධන සංචිත සීග්‍රයෙන් අවසන් වෙමින් පැවතීම… ඊට සමන්තරව තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යෑම… ඉන්ධන සම්බන්ධ පාරිසරික නීතිරීති දැඩිවීම වැනි ගැටලු ය…

    මේ ගැටලුව යම් පමණකට ජය ගන්නට නාවික ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අපූරු සොයා ගැනීමක් කළේ ය… ඊට අනුව කුඩා නෞකා රාශියක් වෙනුවට අති විශාල නෞකා භාවිතා කිරීමෙන් අඩු ඉන්ධන ප්‍රමාණයක් දවමින් නෞකා හසුරවන්නන්ට තම අවශ්‍යතා සපුරා ගත හැක…

    උදාහරණයක් ලෙස… අඩි 20 බහාලුම් (කන්ටේනර්, TEU) 4000ක් රැගෙන නොට්ස් 18ක (Knot) වේගයකින් යාත්‍රා කරන බහාලුම් නෞකාවක් සදහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දිනකට ටොන් 60ක් පමණ වන විට අඩි 20 බහාලුම් 16,000 ක් රැගෙන යා හැකි අති විශාල නෞකාවක් එම වේගයෙන්ම යාත්‍රා කිරීමට වැයවන්නේ ඉන්ධන ටොන් 160ක් පමණි… ඒ අනුව නෞකා 4ක් වෙනුවට එක් නෞකාවක් යොදා ගැනීමෙන් වන ඉතිරිය දිනකට (ඉන්ධන ටොන් එකක මිල ඇඩො 500ක් හෙවත් රු. 69000/= සලකා) රුපියල් 55න් ලක්ෂයකට අධිකය… මේ ඉතිරිය සුළු පටු නොවන බව තේරුම් ගන්නට තවත් වචන නාස්ති කිරීම අවශ්‍ය නොවේ….

    මේ අනුව ලෝකයේ සියලුම ප්‍රධාන බහාලුම් නැව් සමාගම් දැන් දැන් උත්සහ කරන්නේ බහාලුම් 13,000TEU සිට 19,000TEU දක්වා බහාලුම් නෞකා (Mega Container Carriers) තම දිග දුර ප්‍රවාහන මව් නෞකා (Mother Ships) ලෙස යොදා ගැනීමට ය… ඒ අනුව දැනට ලෝකයේ විශාලතම නෞකා පන්තිය 19,200TEU උවද තව වසර දෙකකදී එය 24,000TEUක් දක්වා ඉහළ යෑමට නියමිතය…

    නමුත් මෙම අති විශාල නෞකා සදහා තීරණාත්මක අභියෝගයක් ඇත… එනම් මේ සදහා අවශ්‍ය ගැඹුර සහිත වරායන් සංඛ්‍යාව ඉතා අල්ප වීමයි… උදාහරණයක් ලෙස මලක්කා සමූද්‍ර සන්ධිය හරහා රතු මුහුද දක්වා මෙවැනි ගැඹුරු වරායන් ඇත්තේ 2ක් පමණි… ඒ සිංගප්පූරුව සහ කොළඹ දකුණ වරායන්ය…

    අනෙක් විශේෂත්වය නම්.. මේ අති විශාල නෞකා හැසිරවිය හැකි ගැඹුරු එකඳු වරායක් හෝ ඇමරිකා, අප්‍රිකා හෝ ඕස්ට්‍රේලියානු මහද්වීපවල නොපිහිටීමයි….

    මේ කතාව කෙටියෙන්ම කීවොත්… 13,000TEU ට වැඩි මේ සියලු නෞකා මෙහෙයවීම් සිදුවන්නේ චීනය සහ (ලංකාව අසලින්) බටහිර යුරෝපය අතර ය…

    එසේම මේ අති විශාල නෞකා වලින් ලාභ ලැබීමට නම් ඒවායේ හැකි තාක් බහාලුම් පිරවිය යුතුය… එනම් චීනය, කොරියාව, ජපානයේ සිට නැගෙනහිර ඇමරිකාව, බටහිර යුරෝපය, මධ්‍යධරණී කලාපය, අප්‍රිකාව, ඉන්දියාව ප්‍රමූඛ දකුණු ආසියාව, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව දක්වා සහ ඒ අතරත් එමෙන්ම ආපසුත් ගමන් කරන බහාලුම් සියල්ලම පාහේ ඉදිරි අනාගතයේ ප්‍රවාහනය වන්නේ මේ නෞකා මගිනි….

    එම කතාව තවත් සරලවම කීවොත්… චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන කන්ටේනරයක් මේ අති විශාල නෞකාවක චීනයේ සිට සිංගප්පූරුව දක්වා රැගෙන එයි… එහිදී සිංගප්පූරුවේ ගොඩබාන කන්ටේනරය ඉහත කී ගමනාන්ත වරායවල් තුළට ඇතුළු විය හැකි කුඩා නෞකාවක් (Feeder Ship) මගින් සිංගප්පූරුවේ සිට අදාළ රටට රැගෙන යයි…

    මෙහි විශාලම නාස්තිය නම්… චීනයේ සිට සිංගප්පූරුව දක්වා අදාළ කන්ටේනරය රැගෙන ආ යුරෝපය දක්වා යන විශාල නැවත් (Mother Ship) අදාළ රටට සිංගප්පූරුවේ සිට යන කුඩා නැවත් (Feeder Ship) දෙකම දින කිහිපයක් අනවශ්‍ය විශාල වියදමක් දරමින් එකවර එකටම සිංගප්පූරුවේ සිට ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශය දක්වා මලක්කා සමූද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කිරීමට සිදු වීමයි…

    එනම්.. මේ අතිවිශාල නෞකාවට ඇතුළු වීමට හැකි විශාල ගැඹුරු වරායක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තිබෙන්නේ නම් චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන අර කන්ටේනරය සිංගප්පූරුවේ ගොඩබෑමට හෝ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව අසලට දක්වා අදාළ බහාලුම ගෙන ඒමට අමතර වියදමක් දරමින් තවත් නෞකාවක් අවශ්‍ය නොවේ… ඊට විකල්පයක් ලෙස මේ සදහා දකුණු කොළඹ නව වරාය යොදා ගත හැකි වුවද එහි ප්‍රමාණය මේ කලාපයේ හුවමාරු වන නෞකා සහ බහාලුම් ප්‍රමාණය සමග සසඳන විට ඉතා අවමය…

    එම දකුණු කොළඹ වරාය බහාලුම් පර්යන්ත තුනම සහිතව සම්පූරණ වීමේදී පවා හැසිරවීමට හැකියාව ඇත්තේ වරකට විශාල නෞකා 5-6ක් පමණි…

    අපේ ‘හම්බන්තොට වරාය’ කරළියට එන්නේ මේ පසුබිම තුළය…

    හම්බන්තොට මාගම්පුර වරාය අවම මීටර්18 ක් ගැඹුරු… එකවර විශාල බහාලුම් නෞකා 18-22 අතර ප්‍රමාණයක් හැසිර විය හැකි… දකුණු ආසියාවේ විශාලතම බහාලුම් පර්යන්තය ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ…

    මේ හැකිතාක් කෙටියෙන් සහ සරලව ලියා ඇති කතාන්දරය ගැන දල අදහසක් හෝ ඔබට ඇත්නම්… ”.. හම්බන්තොට නිසා සිංගප්පුරුවේ බිස්නස්වලට වදිනවා..” ”..ඒක නිසා සිංගප්පූරුකාරයා දන්න ශිල්පයක් දාලා මේ වරාය ඉදිකිරීම කඩාකප්පල් කරනවා..” යන කතාව හිතලුවක් නොවන බව වැටහිය යුතුය…

    මේ අනුව ජාත්‍යන්තර නාවික මාර්ගයේ විශාල නෞකා මගින් රැගෙන එන සහ යන ඉන්දියානු අප්‍රිකානු මැදපෙරදිග බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ බහාලුම් මෙහෙයවීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් දැනට සිංගප්පූරුවට තනිව උරුම වී ඇති එම ව්‍යාපාරයෙන් අවම වශයෙන් 60% ක් හිමි කරගන්නට හම්බන්තොට වරායට හැකියාව ලැබේ… එය මෙරට ආර්ථිකයට අතිවිශාල දායකත්වයක් දා ලබා දෙනු ඇත….

    එමගින් අනාගත නාවික ලෝකයේ ප්‍රධාන මංසන්ධියක් වන හම්බන්තොට ලෝකයේ කාර්යබහුලම වරායන් 10 අතර ට නිසැකවම පැමිණෙනු ඇතැයි ක්ෂේත්‍රයේ විශේෂඥයින් අනාවැකි පළකර ඇත…

    ඒ හම්බන්තොට වරායේ කතාවයි….

    නමුත් වරායක් හාරා උපකරණ සවි කිරීමෙන් පමණක් වරායක් ක්‍රියාකාරී නොවේ… ඒ හා ජාත්‍යන්තරව බැඳෙන සබදතා සදහා පමණක් නොව ගුවන් සහ නාවික භාණ්ඩ හුවමාරුව (Air & Sea Cargo Exchange) සදහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වරාය ආශ්‍රීතව අත්‍යාවශ්‍ය වේ… ඒ ගැන විස්තර කිරීමට අවශ්‍යය නැති තරම් සරල කරුණකි…

    කෙටියෙන්ම කීවොත්… මත්තල ගුවන් තොටුපළ ගොඩ නැගෙන්නේ ඇඹිලිපිටියේ සිරියාවතීලාට පහසුවෙන් ඩුබායි යෑමටම නොවේ…

    ඒ නිසා හම්බන්තොට වරාය සක්‍රීය නැති (තවමත් බහාලුම් පර්යන්ත ඉදි නොවූ) මේ කාලයේ මත්තලින් ඩුබායි යන සිරියාවතීලා ගණන ගණන් කොට ගුවන් තොටුපලේ සාර්ථක බව තක්සේරු කිරීම නොදන්නා කමකි… නැත්නම් මෝඩකමකි… එසේත් නැත්නම් කුහක තක්කඩිකමකි…

    එසේම ගුවන් තොටුපළ වැනිම… වරාය හා ගනුදෙනුවලදී අත්‍යාවශය සුපිරි රෝහල් සංකීරණයක්, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති, සම්මන්ත්‍රණ ශාලා වැනි පහසුකම් ද වරාය සමග එකවර ගොඩ නගන්නට පසුගිය සන්ධාන රජය පියවර ගත්තේ හැකි ඉක්මනින් වරාය සක්‍රීය කරවීම සඳහා ය…

    ඒ වරායේ සහ ගුවන් තොටුපලේ සරල ස්ටෝරිය යි…

    සුජීව සේණසිංහ වැන්නන් මෝඩකමට ද… චම්පික සහ රනිල් වැන්නන් දේශපාලන තක්කඩිකම නිසා ද… මේ හම්බන්තොට ‘ඒකාබද්ධ දැවැන්ත ව්‍යාපෘතියේ..’ වරාය, ගුවන් තොටුපළ, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති වෙන වෙනම ගලවා ගුණ දොස් විචාරමින් මේ රටේ මිනිස්සුන්ට හගවමින් සිටින්නේ කුමක්ද….????

    අවස්ථාවාදී කුමන්ත්‍රණකාරී ඔවුන් බලය ඩැහැ ගත්තොත් සිංගප්පූරු ඩොලර් ප්‍රමාණයකට මේ ජාතික සම්පත සිංගප්පූරු හාම්පුතුන්ගේ හිත සුව පිණිස බිලි දෙන බව නොවේ ද…???? මත්තල පාර වී වේලන්නට ම අතහරින බව නොවේ ද…????

    එලැබෙන අගෝස්තු 17 වෙනිදා ඔබේ සහ ඔබේ දරුවන්ගේ ‘වල’ ඔබ ම විසින් කපා ගන්නවාදැයි තීරණය කර ගැනීමට…. කිරා මැන ගැනීමට මේ කතාවම බොහෝ ප්‍රමාණවත් ය…

    වැඩිදුර ඕනැ අයට ප්‍රයෝජනවත් සබැඳි…


    හම්බන්තොට වරාය ගැන මාධ්‍ය නොකී කතාව සහ තවත් රහස්
    http://www.mahinda.info/2015/07/magampura/

    මත්තල ගැන මාධ්‍ය නොකී කතාව
    http://www.mahinda.info/2015/04/maththala/

    බහාළුම් නෞකා…
    http://www.worldshipping.org/about-the-industry/liner-ships/container-ship-design

    ලෝකයේ ගැඹුරු වරායන්…
    //..When the class (18,000 TEU) was ordered, no port in the Americas could handle ships of their size.[34] Suitable ports include Shanghai, Ningbo, Xiamen, Qingdao, Yantian, Hong Kong, Tanjung Pelepas, Singapore and Colombo in Asia, and Rotterdam, Gothenburg, Wilhelmshaven,[35] Bremerhaven, Southampton, London Gateway, Felixstowe, Gdańsk, Antwerp and Algeciras in Europe. The ships will be too big for the New Panamax sized locks on the Panama Canal,[34] and their main route is expected to be Asia-Europe (through the Suez Canal)..//
    https://en.wikipedia.org/wiki/Maersk_Triple_E_class

    නෞකාවකට අවශ්‍ය ගැඹුර…
    https://people.hofstra.edu/geotrans/eng/ch3en/conc3en/containership_draft_size.html

    නෞකාවක ප්‍රමාණයේ වේගයේ සහ ඉන්දන දහනයේ සබඳතාවය…
    https://people.hofstra.edu/geotrans/eng/ch8en/conc8en/fuel_consumption_containerships.html

    හම්බන්තොට කාර්මික උද්‍යාණය…
    http://www.china-investment.org/en/news_show.php?id=27

     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "Let’s look at the perennial white elephant Mattala Airport. Four-lane highway to bring and take out passengers, but no passengers! Runway strength and length to land the heaviest and the largest modern skybirds, but no planes! Fancy appearance and fancier electronics with instrument landing systems, but some fool forgot to have a taxiway for the jets to enter the runway without doing a 180- turn at the end. That is unbelievably stupid as whoever made that decision sure did not know anything about international aerodromes. I am not even mentioning runway alignment and cross winds, that is trivia relative to the ‘no taxiway’ construction. I read in the papers someone advising COPE that the airport earned a lot of money from over-flying traffic as Airlines flew the route because Mattala was there to land in case of emergency. Tomorrow you set fire to Mattala, the planes will still fly the same route without batting an eye-lid. That I know for sure for I have been in that sky for a very long time flying very heavy aeroplanes all over the world.

    Just for comparison, San Francisco International has many runways and the longest is 3,600 meters in length and 45 meters wide. Mattala is 3,500 meters long and 60 meters wide. Wider than SFO and only short by 100 meters – but brilliantly designed taxi-way – my foot!

    Now let’s get back to a simple argument, kindergarten style.

    Someone built Mattala and another closed it and the cost was borne by the coffers of the motherland. Well! One of them has to be wrong, either the builder or the ‘shut it down’ man. But looks like no one is at fault? The reason is simple, in politics "though your sins be as scarlet, they shall be white as snow." So the Mattala saga continues, maybe the regimes will change and we get back to square one and Mattala will strive again. But I still like to know who built that stupid taxiway in a modern airport for aeroplanes to do 180- turns to line up for takeoff."

    http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=128362

    full
    article



    කැප්ටන් එල්මෝ ජයවර්ධන කියන්නේ ලංකාවෙන් බිහිඋන කීර්තිමත්ම ගුවන් නියමුවෙක්

    Capt Elmo Jayawardena works for Boeing Co training pilots in simulators. He was a Chief pilot of Air Lanka and flew 747s for SIA as an instructor for 20 years. He is also the Founder/President of CandleAid a Govenrment approved charity and an award winning author.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් මේකේ ඉතුරු ටිකත් කරන්න මහින්ද ගේමු නේ බන්??:lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    avatar498469_2.gif
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තව චූට්ටක් තියනවලු කරන්න :rofl:

    ඕක පටන් ගන්නකොට කොහොමද දුන්න ලොරි ටෝක් ටික. ලංකාව ලඟින් සිංගප්පූරුවට යන නැව් ඔක්කොම මෙහෙට ගෙන්නවා කියලා කිව්වේ. අනේ උකේ. ලඟදි ඕස්ට්‍රේලියාවේ ඉඳලා ගොන් වස්සෝ 1000ක් විතර බෑවා. ඒකත් ලොකු දෙයක්. :lol::lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    ඕක පටන් ගන්නකොට කොහොමද දුන්න ලොරි ටෝක් ටික. ලංකාව ලඟින් සිංගප්පූරුවට යන නැව් ඔක්කොම මෙහෙට ගෙන්නවා කියලා කිව්වේ. අනේ උකේ. ලඟදි ඕස්ට්‍රේලියාවේ ඉඳලා ගොන් වස්සෝ 1000ක් විතර බෑවා. ඒකත් ලොකු දෙයක්. :lol::lol::lol::lol::lol:

    The project is not completed yet, FYI. :).
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේවා කතා කිරීමෙන් පලක් නොමැත කොලබ හා තදාසන්න පෙදෙස් වල වෙසෙන්නන් හම්බන්තොට දකින්නේ කැලයෙන් වැසි යුතු ප්‍රදේශයක් ලෙසයි. ලංකාවේ පිහිටීම අනුව අපිට මොනවා කරොත් වැදගත්ද කියන එක තේරුම් ගන්න පිරිස් අඩුයි. අනික මහින්ද හම්බන්තොට වීම තවත් මේ දේවල් ගණන් නොගැනීමට හේතුවක්. අතීතය යන්තම් හරි මතක මිනිස්සු දන්නවා ඇති එදා මහවැලිය අසාර්ථකයි කියල කියපු හැටි, ගාමිණී දිසානායකට ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු තියෙනවා මහවැලියෙන් ගහපු සල්ලි වලින් ගත්ත කියල මිනිස්සු කියන්න ගත්තා. ඒ මිනිස්සුම අද මහවැලියේ ප්‍රතිපල බුක්ති විදිනවා මහවැලියේ ගැටළු නැත්තේම නෑනේ නමුත් එකෙන් රටට උන සේවය වැඩියි.

    කොහොම උනත් හම්බන්තොට වරාය කියන්නේ මට මතක හැටියට දැනට අවු 40කට වගේ කලින් එන්න තිබ්බ project එකක් විවිද හේතු නිසා පවතී රජයන් පස්සට දාපු වැඩක්, මේ ගැන හොද ලිපියක් ලියල තිබ්බා master divers ආයතනයේ අරියශිල වික්‍රම මහතා පුලුවන්නම් ඒක මෙතන දාන්න.


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    I was not referring to this. I was referring to the comment where you pointed out that Ranil does not know. Any one can write an article like this and say bla bla bla. When it comes to the Practical part things get screwed up and the public is fucked up. :P

    The thing is this: some people want public to believe they are being screwed up by such development projects; they spread lies that would split granite just for their own political gains. Such politicians were exposed during last six months: Rajitha, Mangala, Nalin, etc. People were fooled by such politicians during the last presidential election.

    The purpose of this article is to set the record straight.
    :)