අනුරගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන expectations වැඩි.. ඌ දින්නොත් ඌට කවදාකවත් ලැබුනේ නැති position එකක් ලැබෙන්නේ.
දැන් අනුරයට චන්දෙ දෙන ගොඩක් උන් හිතන්නේ ඌ ආවම සහන දෙයි , බඩු මිල අඩු වෙයි , tax අඩු වෙයි, අනිත් පැත්තෙන් රැකියා විරහිත උප්දාදී දැරි උන්ට රස්සා දෙයි, පඩි වැඩි කරයි වගේ සහන පැත්තට බර දේවල්..
මේ වෙලාවේ මූ ජනාදිපති වෙලා චන්දෙ දීපු උන්ගේ expectations චුන් කරන්න ගියොත් නම් හොම්බෙන් යන්න ඉඩ තියනවා කියලා මට හිතෙන්නේ.
ඕකට ටිකක් සමාන එකක් ගෝටට උනා. රටේ උන් චිත්‍ර ඇන්දා , ආගමික් චූන් ආව, පාරවල් වල රාජ්‍ය ලාංචන ගැහුවා, දේශීය දේ ගැන චුන ආව........
ගෝටත් ඌට චන්දෙ දුන්නු උන්ගේ චූන් වලට සෙට් වෙලා එක එක දේවල් ටිකක් කරා හොද මිනිහ කියලා පෙන්නන. පන්සල් වල ගිහින් කතා තිබ්බ, ගම් වලට ගිහින් නාට්ටි කරා, කාබනික පොහොර මගුලක් උස්සන් ආව, ඌ සිංහල බෞද්ධයන්ගේ නායකයා කියලා කිව්වා, තනියම වාහනේ පාර මැද්දේ එලවාගෙන පාරිලිමේන්තු ආව, හාල් කඩවලට පැන්න , බඩ ඉරිගු වල පණුව බලන්න ගියා, ගමේ සමිති තිබ්බ, වැඩ කරන විරුවා කියලා පෙන්නන ආයතන වලට පැනල එක එකාට සද්දේ දැම්ම,

කොටින්ම ඌ උගේ මිනිස්සුන්ට නිදහසක් දෙන එකෙක් කියල පෙන්නන උද්ගෝෂණ කරන ස්ථානයක් ජනාදිපති කාර්යාලය ලග දැම්ම ඌ වාහනෙන් යද්දී එතන ඉන්න මිනිස්සුන්ට කතා කරල නාට්ටි පෙන්නලා . අන්තිමටම එතනට එකතු උන මිනිස්සු ම ඌ ව පන්නල දැම්ම.
තමන්ගේ චන්ද දායකයන්ගේ චූන් , හීන ඒ විදියටම ඉෂ්ට කරන්න ගිහින් කෙලව ගන්න ඉඩ තියනව මොකා උනත්.
හිටන් ආපු ගමන් කරපු දේවල් ගැන පොඩ්ඩක් හිතුවනම් එතනත් ඔය වගේ උදාහරන ගන්න පුලුව්න්..
අනුරය ඇවිත් චන්දෙ දුන්නු උන්ගේ expectations පොඩ්ඩක් පැත්තකින් තියල , ඒවාට , තමන්ට ලැබුණු ජනාදිපති කමට චුන් වෙන්නේ නැතුව මේ වෙලේ ඇත්තටම රටට මොකද්ද වෙන්න ඕනේ කියලා හිතල වැඩ කරොත් අවුලක් නෑ .
හැබැයි මට හිතෙන්නේ උගේ කරේ එකපාරම රත්තරන් බැන්දොත් ඌ චූන් වෙයි කියලා. මොකද උගේ වටේ තමයි වෘතිය සමිති ඉන්නෙත්. උන් ටිකගේ චූන් හොද කරන්න ගියොත් මිනිස්සුන්ට කෙලවෙනවා. ඔය දෙක එකට කරන්න බෑ .