හම්බ ජනතාවට පමණක් වෙන්වූ සන්නිවේදන ජාලයක්!

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    boru story ekak wage ban .
    network ekak nam wenna ba . e wage deyak horen kranna ba .
    anika network search kraddi ahu wenawa nikan ma
    lokuwata daala atte mokak hari app ekak wage ekak wenna athi .
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    "අන්තර්ජාලය හරහා"
    "අති ප්‍රබල සන්නිවේදන ජාලයක්"

    ලංකාවේ උන්ගේ මාධ්‍ය වාර්තාකරණය ඉතින් පොඩ්ඩක් හිතල බලල තේරුම් ගන්න එපැයි...මොකක්ද බන් මේ කියන්නේ? නිකන් ඔන්ලයින් කෝල් ගන්න පුළුවන් ඇප් එකක් වගේ සීන් එකක් නේද... :lol:

    අනිත් හොදම ආතල් කෑල්ල "කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාට"

    මෙයා සම්බන්ද වෙලා හිටියේ නැද්ද දන්නේ නැහැ මේ අති ප්‍රබල ජාලයට :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය කියනවා ඇත්තේ මොකක් හරි app එකක්
    නෑ බන්. සමහරවිට ඕක ලියපු එකා දැකපු හීනයක් වෙන්න ඇති. ලංකාවෙ එහෙම හම්බ අන්තවාදයක් නෑනෙ. තියනවනම් අර සිය ගානක් මරපු එවුන් මේ වෙද්දි හිරේ ඉන්න එපායෙ
     
    • Like
    Reactions: SDCR and topkollek

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොතෙන් ප්‍රචාරය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාව තුළ මෙතෙක් භාවිත කර නොමැති ඉතා රහසිගත අති ප්‍රබල දුරකතන සන්නිවේදන ජාලයක් නිර්මාණය කර පවත්වාගෙන ගොස් ඇති බවටත්, මෙරට ඇතැම් ප්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලනඥයන් මේ ජාලයට සම්බන්ධ වී සිට ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාට ඊයේ (01) කරුණු වාර්තා කළේය.


    මෙම සන්නිවේදන සේවාව ලබාගත් පුද්ගලයන් අතර, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සිටිත් ද යන්න පිළිබඳව පුළුල් ලෙස විමර්ශනයක් පැවැත්වූ බවත්, ජාලය සමග සම්බන්ධතා පැවැත්වූ ඉහත දේශපාලනඥයන් සම්බන්ධයෙන් එහිදී තොරතුරු අනාවරණය වූ බවත්


    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තතාවක් මගින් අධිකරණයට කරුණු වාර්තතා කර ඇත. නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම අති ප්‍රබල සන්නිවේදන ජාලය ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හෝ හසු නොවූ එකක් බවත්, එය එහි ලියාපදිංචි කර හෝ නොමැති එකක් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තතා කර තිබේ.


    මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා භාරයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකතන හා ලැප්ටොප් පරිගණක දත්ත විශ්ලේෂණය කිරීමේදී මොහු අන්තර්ජාලය තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මෙම අති ප්‍රබල සන්නිවේදන ජාලය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර ඇත. මෙම අති ප්‍රබල දුරකතන ජාලය මගින් මෙරට වෙනත් දුරකතන ජාල පද්ධතියකට ලබා ගනු ලබන දුරකතන ඇමතුම්, කුමන හෝ දුරකතන සේවා සැපයුම් ආයතනයකට හෝ කිසිදු ආකාරයකින් තොරතුරු ලබා ගත නොහැකි ආකාරයේ ජාලයක් බවට ද හෙළිවී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.


    මෙම අති ප්‍රබල දුරකතන ජාලයෙන් යන සහ එන ඇමතුම්, අපරාධ විමර්ශනයකදී දුරකතන විශ්ලේෂණ වාර්තා සාක්ෂි වශයෙන් ලබා ගැනීමට නොහැකි බව මෙකී සේවාව ලබා ගැනීමේ දී කිසිදු අනන්‍යතාවක් අවශ්‍ය නොවන බවටත් හෙළිවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව, මෙම දුරකතන ජාලය මගින් ඉතා රහසිගත සස්නිවේදන පොකුරු පවත්වාගෙන යා හැකි අතර, සැකකරු විසින් මේ අයුරින් පවත්වාගෙන යනු ලැබූ ජාලයේ ග්‍රාහකයන් 450කට අධික පිරිසක් සේවාව ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්ත කළේය.





    මෙහිදී වඩාත් අවදානම් සහගත තත්වයක් ලෙස පෙන්වාදිය හැක්කේ “මුස්ලිම් ප්‍රජාවගේ රහස් සන්නිවේදන ජාලයක් සඳහා මෙම ක්‍රමය වර්ධනය කිරීම" යනුවෙන් සඳහන් උපදෙස් මාලාවක් සහිත කෙටි පණිවිඩයක් මෙමජාලයෙන් ග්‍රාහකයන් වෙත ලැබීම බවද අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුව සිය බී වාර්තාවෙන් දක්වා ඇත. මෙම සැකකරු ඉහත ජාලය ග්‍රාහකයන් වෙත ලබා දී ඇත්තේ ඩොලර් 100 සිට 500 දක්වා වූ මුදල් අය කර ගැනීමෙන් පසුව බවට විවිධ රටවලට සහ ඇමතුම් ලබාගන්නා කාලය අනුව විවිධ ආකාරයෙන් මුදල් අයකර ගැනීම සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.


    මෙම ඇමතුම් ජාලය පදනම් කරගනිමින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සැලසුම් කර ඇතිද යන සම්බන්ධයෙන් මෙන්ම මෙම සැකකරුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7කට ආසන්නෙ මුදලක් සංසරණය වීම පිළිබදව ද විමර්ශන සිදුකරමින් පවතින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. අංක 46, 4/2, පීටර් පටුමග, දෙහිවල ලිපිනයෙහි පදිංචි මොහොමඩි ෆසාල් නිසාර් නමැති මෙම සැකකරු මේ වන විට 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 90ක කාලයක් තම දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ.


    මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 03 (1), ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06 (1) යන පනත්වලින් වරදක් සිදුකර ඇති බැවින් මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 11 වැනිදාය. මෙම සැකකරුට අයත් පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් ඉකුත් 2020 වර්ෂයේදී සංසරණය වී ඇති බවත් අධිකරණ නියෝග මත කැඳවා ඇති ඔහුගේ අනෙක් බැංකු ගිණුම් 6ක විස්තර වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව අධිකරණයට දැනුම් දී ඇත.

    02-02-2021
    --ලංකාදීප--
    මොකක්හරි ඇප් එකක් වෙන්න ඇති
    Block chain use කරන chat app thiyenava block chain use කරන
     
    • Sad
    Reactions: Heshan Daminda