හමාර බණවර

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder


    පුරුදු පාරෙම අදත් යනවා
    ඒත් වෙන ගමනක් පුතේ
    හුඟක් අය මගෙ පස්සේ එනවා
    තනිව ආ ගිය මගේ
    කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
    හුඟක්බරනම් බිමින් තියපන්
    රිදෙනවා ඇති අත උඹේ

    කන්ද පාමුල සොහෙන හුරු නෑ
    දන්නවා ම්ං මගෙ පුතේ
    මගේ තනියට තවත් අය ඇති
    අඳුරගන්නම් හෙට උදේ
    සොබාදහමට අවනතයි මං
    ඉතින් යන්නම් ගොම්මනේ
    යන ගමන් මේ බේත් තුන්ඩුව
    අරන් පලයන් අම්මගේ