පුරුදු පාරෙන් අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සෙ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර උඹෙ
කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ
කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයෙ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව
අරන් පලයන් අම්මගේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව
අරන් පලයන්
අම්මගේ
Artist: Ravi Royster
Album: Hamara Banavara
Lyrics: iresha hemamali
Last edited: