හමුදාපතිගෙන් රනිල්ට ප‍්‍රතිචාර….

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    හමුදාපතිගෙන් රනිල්ට ප‍්‍රතිචාර….

    හමුදාපතිගෙන් රනිල්ට ප‍්‍රතිචාර….

    මෙරට සිදුවන කොරෝනා ආසාදිත මරණ සඳහා කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය වගකිව යුතු යයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතිචාර දක්වයි.

    මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ කොරෝනා මර්ධන බලකාය අහෝසි කළ යුතු බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

    කාර්ය සාධක බලකාය තීන්දු තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය අංශ ඇතුළු කොරෝනා මර්දනය සම්බන්ධ සියලු අංශවල සහභාගිත්වයෙන් යුතුව බවද ඔහු පැවසීය.

    දැනට රට පුරා ඉතා සාර්ථකව සිදු කරන එන්නත්කරණ ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින ත්‍රිවිධ හමුදා වෛද්‍ය කණ්ඩායම් පිළිබඳව රටේ ජනතාවගේ ප්‍රසාදය හිමිව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

    එවන් ත්ත්වයක් තුළ දේශපාලකයන් විසින් හමුදා සාමාජිකයන් සහ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ කටයුතු විවේචනය කිරීම සුදුසු නැති බව ද හමුදාපතිවරයාගේ අදහසයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    කාලකන්නි බිස්නස් කාරයො සල්ලි වෙනුවෙන්, මොංගල්සේන ඌගෙ ඊගො එක වෙනුවෙනුත් රට විශාලාවක් කරා.