හමුදාපතිතුමාටත් සීඅයිඩියෙන් නඩු

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හමුදාපතිතුමාටත් සීඅයිඩියෙන් නඩු

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්‍ෂණ සඳහා සහාය නොදීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාපතිවරයාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත.

    මේ සම්බන්ධව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝගයක්‌ කඩකරනු ලැබුවහොත් දණ්‌ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය යටතේ පුද්ගලයකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිය හැකි බවයි.

    එක්‌නැලිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධව කරන පරීක්‍ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහාය වන ලෙස හෝමාගම අධිකරණයෙන් ඉකුත් සැප්තැම්බර් 28 වැනිදා යුද හමුදාපතිවරයාට නියෝගයක්‌ ලබා දෙන ලදී.

    එහෙත් එම නියෝගය කඩ කර ඇති යුද හමුදාපතිවරයා එම ඝාතන සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි වැදගත් ලිපි ලේඛන කිසිවක්‌ භාරදීමටද ක්‍රියා කර නැතැයිද අපරාධ පරිéණ දෙපාර්තමේන්තුව කියයි.

    එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ රඳවා සිටි ගිරිතලේ හමුදා කඳවුරේ රහස්‌ ලිපි ලේඛන කිහිපයක්‌ ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය මාර්ගයෙන් යුදහමුදාපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

    එහෙත් යුද හමුදාවේ නීති අධ්‍යක්‍ෂවරයා විසින් තමන් වෙත ලබාදී තිබූ ගිරිතලේ කඳවුරේ රහස්‍ය ලිපි ලේඛන අසත්‍ය සහ අසම්පූර්ණ ඒවා බවත් ඇතැම් ලිපි ලේඛන ලබාදීම පැහැර හැර ඇති බවත් හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11 දා) දැනුම් දී ඇත.

    ඒ සම්බන්ධව කරුණු දැක්‌වීම සඳහා යුද හමුදාවේ නීති අධ්‍යක්‍ෂවරයා අධිකරණය වෙත කැඳවන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

    එම අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝගය ලබා දෙනු ලැබුවේ යුද හමුදාපතිවරයා වෙත බවත් එය කඩකිරීම පිළිබඳව යුද හමුදාපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකි බවත්ය.

    ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාපතිවරයාට එරෙහිව නඩුවක්‌ පැවරීමට කටයුතු කරමින් සිටී.


    :angry::angry::angry::angry::angry: