හමුදාව හැදූ හෝටල් කොටි මිලදී ගැනීමේ සූද
හමුදාව හැදූ හෝටල් කොටි මිලදී ගැනීමේ සූදානමක්
GossipClanka.com
අවු 30 අපේ රට විනාශ කල මිනීමරු ඩයස් පෝරා කොටින්ව මල්මාලා දමා පිළිගනී
අපේ රටේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාට සිංහල ජනතාවට වතුර ගසා එලවයි
හෙලයිනි ඇයි නිහඩ ? අපේ රට ආරක්ෂාකරන ත්‍රිවිඩ හමුදාව කෝ ? හමුදාවක් රැකියයුත්තේ රටේ ජනතාවයි
ඩයස් පෝරාවේ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගතයුතුයි නරුම දේශපාලුවන්ගේ බලපෑමට
; ත්‍රස්තවාදී කොටින්ට නැවත අපේ රට පාවා නොදිය යුතුයි
යුරෝපා සංගමය මගින් පසුගිය දිනවල ඉවත් කිරීමට ගිය කොටි තහනම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බල කිරීම අනුව යළි පැනවූවේ යෑයි යන්න මේ දිනවල දේශපාලන පිටියේ ප්‍රකටව තිබෙන කතාවකි. මේ කතාව හමුවේ යහපාලන ආණ්‌ඩුව දැන් අමුතු ආතල් එකක්‌ද ගනිමින් සිටී. ඒ කොටි තහනම ගැන පුන පුනා කියවමිනි. යුරෝපා සංගමය මගින් එල්ටීටීඊයට එරෙහිව මෙකී තහනම මුලින්ම පනවනු ලැබුවේ ප්‍රභාකරන් වැනසූ ඉකුත් මානූෂීය මෙහෙයුම ආරම්භ වී අපේ රණවිරුවන් නැගෙනහිර පළාත ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීමෙනුත් පසුව විය. එතැන් පටන් වසරින් වසර එය දීර්ඝ කිරීමට කටයුතු කෙරුණි. එහෙත් එය සැබෑ තහනමක් වූයේද? ඊට ඇති පැහැදිලි පිළිතුර වන්නේ නැත යන්නය. මන්ද යුරෝපා සංගමයේ රටවල මෙසේ කොටි තහනමක් පැනවී
තිබුණද විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දීගු කලක සිට අද දක්‌වාමත් ක්‍රියාත්මකව සිටින්නේ එම රටවලමය.
ඉකුත් යුද සමයේ එල්ටීටීඊයේ අරමුදල් රැස් කිරීමේ ජාලය මෙන්ම මිනිස් ජාවාරම, යුද අවි ජාවාරම ආදී සියලු දේ යුරෝපා රටවල සක්‍රීයව තිබුණේද යුරෝපා සංගමය මෙකී කොටි තහනම පනවා තිබියදීය. එසේම මානුෂීය මෙහෙයුම අවසන් කාලයේ ප්‍රභාකරන්ගේ පණ බේරා ගන්නට අපට බලකෙරුවේද මෙලෙස කොටි තහනමක් පනවා සිටි යුරෝපා රටවල්මය.
යුද්ධය අවසානයේ ප්‍රභාකරන්ගේ මරණය දැක කිපී, කඳුළු සලමින් ඇමරිකාව ප්‍රධාන යුරෝපා රටවල කේවල ස්‌වාමි ව්‍යාපාරයක් බඳු ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා අපට එරෙහිව යුද අපරාධ චෝදනා නැගුවේද ඔවුන්මය. අද දවසේ රුද්‍රකුමාරන්ලා, එම්මානුවෙල්ලා එක්‌ව ශ්‍රීලංකාවෙන් පිටත ඡායා ඊළම පිහිටුවාගෙන තිබෙන්නේද මෙකී යුරෝපා රටවල් කේන්ද්‍ර කරගෙනය.
මේ අනුව බලන කල යුරෝපා සංගමයේ කොටි තහනම යනු සුපිරි කැරට් අලයක් බව පැහැදිලිවම පෙනී යන කරුණකි. පසුගියදා ඔවුන් කොටි තහනම ඉවත් කිරීමට සැරසෙමින් ඉවත දමන්නට හැදුවේ අපට පෙන්නූ ඒ කැරට් අලය ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරූ බව කියන බල කිරීම හමුවේ දැන් යුරෝපා සංගමය ඉවත නොදමා යළි තබාගෙන ඇත්තේද එකී "කොටි තහනම" නමැති කැරට් අලයම ය.
අද කොටි තහනම, කොටි තහනම යෑයි කියමින් ආණ්‌ඩුව ගන්නා ආතල් එකේ දෘශ්‍යමාන කතාව ඇත්තේ එතැනය. නමුත් මෙහිදී තිරය පිටුපස දිගහැරුණු අදෘශ්‍යමාන කතාවක්‌ද ඇත. ඒ ඉවත් කිරීමට ගිය ඊනියා කොටි තහනම අගමැතිවරයාගේ ඉල්ලීම හමුවේ යළි පැනවීම තුළින් අද දවසේ අපේකම සමඟ ආණ්‌ඩුව ඉදිරියට පැමිණ තිබෙන අභියෝගයට පිළියමක් ලෙස යහපාලනයට ජාතිකවාදී ලේබලයක් ඇලවීමට යුරෝපා සංගමය බොළඳ උත්සාහයක් දැරීමය.
මේ මොහොතේ "අපි කොටි තහනම යළි ගෙන ආවා" කියමින් ආණ්‌ඩුව ආතල් ගන්නේ යුරෝපයෙන් එසේ යහපාලනයට ජාතිකවාදී ලේබල් ඇලවෙද්දීය. එහෙත් "යුරෝපා කොටි තහනම" නමැති කැරට් අලය අපට පෙන්වා ආණ්‌ඩුව එසේ ආතල් ගනිමින් සිටියදී තවත් පැත්තකින් අද යහපාලනය සමඟ රට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? නොසිදු විය යුතු බොහෝ දේ සිදු වෙමින් ඇත.
කුමකින් කුමක් සිදු කෙරුණත් කවුරුන් සමඟ සන්ධනාගත වුවත් දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් මේ රට බේරා ගත් රණවිරුවන්ගේ ක්‍රියාකාරිත්වයට සහ ජාතික ආරක්‍ෂාවට අත නොතබන ලෙස අප වත්මන් රජයට කියා සිටියේ යහපාලනය පැටියා බිහි වූ මොහොතේ සිටය. ඒද නිකම්ම නොව, 2002 ඊනියා සටන් විරාම ගිවිසුම මෙන්ම "මිලේනියම් සිටි" පාවා දීම වැනි දේ පිළිබඳවද සිහිපත් කරමිනි.
අප එසේ කීවේ අදටත් එල්ටීටීඊ ත්‍රස්‌තවාදය යනු "අළු යට ගිනි" මෙන් තිබෙන සහමුලින්ම විනාශ නොවුණු එකක් බැවිනි. පසෙකින් විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාවය. තවත් පසෙකින් යුරෝපය කේන්ද්‍ර කර ගොඩනැගී තිබෙන ශ්‍රී ලංකාවෙන් පිටත ඡායා ඊළමය. විග්නේශ්වරන්, සම්බන්ධන් ප්‍රධාන දෙමළ ජාතික සන්ධානයේ "මස් රාත්තලම ඉල්ලන" දේශපාලනය තවත් පැත්තකින් ඇත. මේ රටට එරෙහි එන්ජීඕ නඩ සිටින්නේද ඒ අතරය.
මොවුහු සියලු දෙනා යන ගමනේ ගමනාන්තය වන්නේ ප්‍රභාකරන්ගේ සිහිනය වූ ඊළම හෙවත් මේ රට බෙදා වෙන් කෙරෙන බෙදුම්වාදය ය. නමුත් යථාර්ථය එය වෙද්දී වත්මන් යහපාලන ආණ්‌ඩුවද අද රට අභියෝගයට ලක් කරමින් ඒ දෙසට තල්ලු වෙමින් නොසිටින්නේද?
අපට එසේ ප්‍රශ්න කිරීමට සිදු වන්නේ මේ මොහොත වන විට ආණ්‌ඩුවේ ගමන් මඟ බෙදුම්වාදයේ වුවමනාව දෙසට හැරී තිබෙන බව පෙනෙන්නට ඇති බැවිනි. ඒ බව පෙන්නුම් කරන එක් ප්‍රබල ක්‍රියාවක් වූයේ මීට දෙසතියකට ඉහත වත්මන් යහපාලනය මගින් යාපනය පළාලි අධිආරක්‍ෂක කලාපයේ වූ ඉඩම් අක්‌කර හාරසිය පනහක් යළි ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත ලබා දීමය.
ඊනියා දෙමළ ජාතික සන්ධානය කාලයක සිටම හඬ නැගුවේ මේ ඉඩම් යළි දෙමළ ජනතාවට දිය යුතු යෑයි කියමිනි. යහපාලනය මෙදා කන් දුන්නේ ඒ හඬට දැයි අපි නොදනිමු. නමුත් ඉඩම් බෙදා දී ආණ්‌ඩුව කීවේ "අප දෙමළ ජනතාවට සාධාරණය ඉටු කළා" යෑයි කියාය. දෙමළ නොව මේ රටේ වෙසෙන ඕනෑම ජනකොටසකට සාධාරණය ඉටු කිරීම රජයක වගකීමකි. එහි කතා දෙකක් නැත.
එහෙත් මෙසේ පළාලි අධිආරක්‍ෂක කලාපයේ වූ ඉඩම් අක්‌කර හාරසිය පනහක් යළි ලබා දෙන්නට තරම් ආණ්‌ඩුව සාධාරණ වීමට යැම නම් ප්‍රශ්නගත කරුණක් බව කිව යුතුම වන්නකි. ඒ කරුණු කාරණා ගණනාවක් හමුවේය. දකුණේ අප මෙන්ම උතුරේ දෙමළ ජනතාවද විඳ වූ යුද්ධය අවසන් කර මේ ගෙවී යමින් තිබෙන්නේ හය වන වසරය.
එකී වසර හයක කාලය තුළ සිදු වූ බොහෝ දේ ඇත. යුද සමයේ උතුරේ භූමිය පුරා තැනින් තැන හමුදා ස්‌ථානගත කර තිබිණි. නමුත් සටන අවසානයේ එසේ ස්‌ථානගත කර තිබූ හමුදා ඛණ්‌ඩ ටිකින් ටික ඉවත් කිරීමට පසුගිය රජය කටයුතු කළේය. එසේ ඉවත් කරනු ලැබූ හමුදා කණ්‌ඩායම්වල නවාතැන වූයේ පළාලි හමුදා කඳවුරය.
මේ හේතුවෙන් 2015 ජනවාරි මාසය වන විට පළාලි යනු කොළඹ පනාගොඩ යුද හමුදා කඳවුර හා සමාන විශාල හමුදා භට පිරිසක් රැඳී සිටි ස්‌ථානයක් බවට පත් වූයේ නිරායාසයෙනි. එහිදී පළාලි ආරක්‍ෂක කලාපය යන්න හමුදාවට අත්‍යවශ්‍ය එකක් වූයේ කඳවුරේ ආරක්‍ෂාව හමුවේ විය. ලොව ඕනෑම රටක හමුදා කඳවුරක් ඉදි කිරීමේදී බිත්තියට අල්ලා කඳවුරේ සීමාව හෙවත් වැටමායිම තබා ගැනීම සිදු නොකරන්නකි.
කඳවුරක් පවත්වාගෙන යැමේ ලොව පිළිගත් ක්‍රමවේදයක් තිබේ. පළාලි කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් සීමා සකස් වී තිබුණේ ඒ අනුවය. දෙමළ ජනතාවට සාධාරණය ඉටු කරන්නෙමැයි කියමින් ආණ්‌ඩුව මෙදා යළි බෙදා දුන්නේ එකී පළාලි කඳවුරේ ආරක්‍ෂක සීමාවේ කොටසක් විය. එය දැන් සිදු කර අවසන්ව ඇත. නමුත් ගැටලුව වන්නේ තවමත් අවසන්ව නැති දෙමළ බෙදුම්වාදය හමුවේ රට ඉදිරියේ තිබෙන අභියෝගය පෙනි පෙනීත් තවත් බෙදා දෙන්නට දේ ඇතැයි ආණ්‌ඩුව කියමින් සිටීමය.
යහපාලනය එසේ කියද්දී කාලයක සිටම දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේත් දකුණේත් දෙමළ දේශපාලනය කියවමින් සිටින තවත් කතාවක්‌ද තිබිණ. ඒ උතුරේ දෙමළ භූමියේ රැඳී සිටින හමුදාව ඉවත් විය යුතුයෑයි යන්නය. ඔවුන් කියන්නාක් මෙන්ම උතුරේ හමුදාව සිටින බව සත්‍යයකි. හමුදාව එසේ ක්‍රියාත්මකව සිටිනුයේ කුමක් අරබයාද?
ලොව කිසිදු හමුදාවක් යුද්යක් ජය ගැනීමෙන් පසු සතුරා ප්‍රබලව සිටි මර්මස්‌ථාන අතහැර දැමීම එකවර සිදු නොකරන්නකි. ඒවා රැක ගත යුතුය. මන්ද සතුරාට යළි සංවිධානය වීමට ඉඩක් නොතැබිය යුතු නිසාය.
අදටත් උතුරේ තැන් තැන්වල යුද හමුදාව රැඳී සිටිනුයේ මෙලෙස එල්ටීටීඊයේ යුද මර්මස්‌ථාන ලෙස හඳුනාගනු ලැබූ භූමිය තුළය. එය ද්‍රවිඩ ජනතාවට අයත්ද නැද්ද යන්න වෙනම කරුණකි. හමුදාවට එකී ස්‌ථාන රැක ගැනීමට අදත් සිදුව ඇත්තේ දෙමළ ජනතාව අතරින් නැගී සිටි යක්‍ෂයා වූ ප්‍රභාකරන් නිසාමය.
ඉන් මතුවන එක් යථාර්ථවාදී කතාවක්‌ද ඇත. ඒ උතුරේ දෙමළ ජනතාවට අද තම භූමිය අහිමිව තිබේ නම් එය සිදුව ඇත්තේ වේලුපිල්ලේ ප්‍රභාකරන් නිසාය යන්නය. සත්‍ය එය බැවින් මේ මොහොතේ උතුරේ දෙමළ ජනතාවට තමන් වෙනුවෙන් කරන්නට දෙයක්‌ද ඉතුරුව ඇත. ඒ හමුදාව සිටින තමන්ගේ බිම් කොටස පිsළිබඳ කතා කිරීම පසෙක තබා අදටත් බෙදුම්වාදයේ සිර වී සිටින දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනයට ඉන් ඉවත් වන්නයෑයි කියා සිටීමය.
මන්ද, බෙදුම්වාදය හමුවේ යළි යුද්ධයක් නිර්මාණය වුවහොත් නැවතත් බිම් අඟලක් හෝ අහිමි වන්නේ උතුරේ ජනතාවටම බැවිනි. අද දවසේ පළාලි මෙන්ම කිලිනොච්චියේත් හමුදාවෝ ස්‌ථානගතව සිටිති. මුලිතිව්වලත් එසේම වෙති. මේවා ප්‍රභාකරන්ගේ යුද මර්මස්‌ථාන බව කාටවත් අමුතුවෙන් කියා දිය යුතු නොවේ.
මේ අයුරින් අද උතුරේ හමුදාව රැඳී සිටින සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්‌කර 6000කි. ඉන් උතුරේ ජනතාවට අයත් භූමිය ඇත්තේ අක්‌කර 740 ක් පමණි. එකී අක්‌කර 740 ද හමුදාව විසින් භාවිත කරනු ලබන්නේ හිමිකරුවන්ට මාසිකව කුලී ලබා දෙමිනි. ඒ අක්‌කර 740 යනු කිසිසේත්ම අත්හැරිය නොහැකි අත්‍යවශ්‍ය භූමිය වන බැවින් ඉදිරියේදී එකී ඉඩම් හිමිකරුවන්ට වන්දි ලබා දී ඒවා අත්පත් කර ගැනීමේ ක්‍රමවේදයක්‌ද මේ වන විටත් යුද හමුදාව සකස් කර තිබේ.
මෙහි ඇති තවත් විශේෂත්වක් වන්නේ මෙකී ඉඩම් අක්‌කර 740 හි හිමිකරුවන් දැනට සිටිනුයේ විදේශගතව විමය. අද දෙමළ ජාතික සන්ධානය හමුදාව ඉවත් කර උතුරේ ඉඩම් ජනතාවට ලබා දෙන්නැයි කියමින් හඬ නගන්නේ සත්‍ය තත්ත්වය එසේ වී තිබියදීය.
ඒ හඬට කන් දී වත්මන් යහපාලනය පළාලි හි කළාක් මෙන් මේ ස්‌ථාවලින්ද මුල් පදිංචිකරුවන්ට ඉඩම් දෙන්නට ගියහොත් කෙළවෙන්නේ මේ රටේ ජාතික ආරක්‍ෂාවට නොවේද?. අප පළාලි ඉඩම් බෙදා දීම ප්‍රශ්නගත කරුණක් යෑයි කියනුයේ මේ සියලු කරුණු කාරණා හමුවේය. ආණ්‌ඩුවට දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට ඇවැසි නම් ඔවුන්ට බෙදා දෙන්නට ඕනෑ තරම් රජයේ ඉඩම් උතුරේ ඇත.
රජයේ අවශ්‍යතාව අනුව පුරවැසියකුගේ ඉඩමක් පවරාගෙන වන්දි හෝ වෙනත් රජයේ ඉඩමක් ලබා දීම යනු සාමාන්‍ය දෙයකි. ඒ හැකියාව තිබියදී අද දවසේ වත්මන් යහපාලනය හමුදාව ස්‌ථානගතව සිටින යුද මර්මස්‌ථානවලින්ම ඉඩම් බෙදා දී උතුරේ දෙමළ ජනතාව සනසන්නට යන්නේ මොන කෙංගෙඩියකටදැයි යන්න ප්‍රශ්නයකි. කිසිදු අයුරකින් යළි ත්‍රස්‌තවාදයට හෝ බෙදුම්වාදයට මේ බිම තුළ මතුවීමට ඉඩ නොතැබීම තමන්ගේ පරම වගකීම බව යහපාලකයන් වටහා ගත යුතුය.
එහෙත් වගකීම පසෙක තිබියදී සෙනෙහසේ දැත් දිගුකරන්නට යමින් ආණ්‌ඩුව මේ සිදු කරමින් සිටිනුයේ රට නැවත ආපස්‌සට ඇදගෙන යැමට සැරසීම නොවේද? එක් අතකින් යුරෝපා සංගමයෙන් ජාතිකවාදී ලේබල් අලවා ගන්නා ආණ්‌ඩුවක් මේ අන්දමින් හැසිරීමේ අරුමයක්‌ද නැත. රටේ ජනතාව අවබෝධයෙන් යුතුව වටහා ගත යුත්තේ ඒ ටිකය.
දැනුදු ක්‍රියාත්මක දෙමළ බෙදුම්වාදය සමඟ ආණ්‌ඩුවේ ඉඩම් බෙදීම එසේ වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා උතුරේ කළ සංචාරය සමගින් ඉකුත් සතියේ තවත් විලම්බීත කතාවක්‌ද කරළියට පැමිණියේය.
ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, සංචාරක නවාගැන් පොළවල්, හෝටල් ඇතුළු දේ ප්‍රසිද්ධියේ ටෙන්ඩර් දමා පෞද්ගලික අංශයට ලබා දෙන්නට ආණ්‌ඩුව තීරණය කර තිබෙන බවය.
ත්‍රිවිධ හමුදාවන් ව්‍යාපාර නොකළ යුතු බවට ආණ්‌ඩුව ගෙන ඇති තීරණයකට අනුව එය සිදු කෙරෙන බවක්‌ද ආණ්‌ඩුව ඇතුළෙන්ම කියෑවෙන්නට විය. ඉකුත් යුද්ධය නිමාවේ ත්‍රිවිධ හමුදාව මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක මේ අන්දමින් නිවාඩු නිකේතන, සංචාරක නවාතැන් පොළවල්, හෝටල් ආදිය ඉදි කර මැනවින් පවත්වාගෙන යනු ලැබීය.
ඉන් ඉතා වැදගත් දෙයක් සිදු විය. ඒ එම ප්‍රදේශවල තිබූ යද්ධයේ සටහන් සමඟ වූ ගුප්ත බව සහ පාලු මූසල බව මැකී යමින් ඒවා සොඳුරු තැන් බවට පත්වීමය. එමගින් එකී ප්‍රදේශවල ජීවත් වූ ජනතාවට මෙන්ම එම ප්‍රදේවල සංචාරය කරනු ලැබූ දකුණේ ජනතාවටද ලැබුණේ විශාල මානසික සහනයකි.
ත්‍රිවිධ හමුදාව මෙම ස්‌ථාන පවත්වාගෙන යනු ලැබුවේද අධික ලාභ ලැබීමේ අරමුණින් තොරවය. එම ආයතන පවත්වාගෙන යැමෙන් ලැබුණු ලාභයෙන් සිදු කෙරුණු එකම දෙය වූයේ රට බේරාගත් රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා ඒ මුදල් යෙදවීමය.
මෙසේ අද දවසේ ත්‍රිවිධ හමුදාවන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන හෝටල්, නිවාඩු නිකේතන සහ සංචාරක නවාතැන් පොළවල් ඇතුළු ආයතන ගණන සංඛ්‍යාත්මකව ගත හොත් 40 ට ආසන්න වේ. ඉන් බොහොමයක් ඒවා පවතිනුයේද අධි ආරක්‍ෂක කලාප තුළය. ඇතැම් විට ත්‍රිවිධ හමුදා එසේ විවිධ ආයතන පවත්වාගෙන යනුයේද රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ කල්පනා කරමින් යොදනු ලබන උපක්‍රමයක් වශයෙන්ද විය හැකිය.
වත්මත් රජය ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන මෙකී ආයතන ටෙන්ඩර් කිරීමට සැරසෙන බවට වාර්තා වීමත් සමග තවත් කතාවක්‌ද උතුරු ප්‍රදේශයෙන් ඇසෙන්නට විය. ඒ විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්‌පෝරාව එකී ආයතන අධික මිල ගණන් ඉදිරිපත් කර ලබා ගැනීමට සූදානමින් සිටින්නේය යන්නය.
කොටි ඩයස්‌පෝරාව මෙකී ආයතන මිලදී ගනු ලබන්නේ කුමකටද? එසේ මිලදී ගැනීමෙන් පසු එම ස්‌ථානවලින් හමුදාව ඉවත් විය යුතුය. ඉන් පසු ඒවායෙහි සිදු වන්නේ ඩයස්‌පෝරාවට වුවමනා දේය. ඔවුන්ට වුවමනා දේ මොනවාද? විදේශගත කොටි ඩයස්‌පෝරාව මේ මොහොතේත් සිටිනුයේ ප්‍රභාකරන්ගේ ඊළම සහ බෙදුම්වාදය දෙසට හැරී බව නොරහසකි.
මේ අනුව ඔවුනට මෙකී ආයතන ලැබීමෙන් පසු ඒවා තුළ බොහෝ දේ සිදු වනු ඇත. ඒ ඇතැම් දේ රටටම රහසක්‌ද වනු ඇත. මේවායින් වැඩි ආයතන ප්‍රමාණයක් පවතිනුයේ අධිආරක්‍ෂිත කලාප හෙවත් ප්‍රබල යුද මර්මස්‌ථානයන්හි බව අපි මුලින්ද කීවෙමු. එවන් ස්‌ථාන, විදේශගත කොටි ඩයස්‌පෝරාව අතට පත්වුවහොත් කුමකින් කුමක් සිදු වනු ඇතිද?
විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාව මෙම ආයතන මිලදී ගැනීමට සැරසෙන බව තහවුරු කෙරෙන කතාවක්‌ද රජයේ පාර්ශ්වයෙන් මතු වූ මෙම ටෙන්ඩර් කතාවත් සමඟ ඇසෙන්නට විය.
ඒ දිවංගත විදේශ ඇමැති ලක්‍ෂමන් කදීර් ගාමර් මහත්ගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට චෝදනා එල්ල වූ චාල්ස් ඥනකෝන් නමැත්තාගේ සොයුරෙකු වන ඩොනල්ඩ් ඥනකෝන් නමැත්තා විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාවේ තවත් කණ්‌ඩායමක් සමඟ ඉකුත් සතියේ උතුරේ සංචාරයක යෙදෙමින් මේ පිළිබඳ සොයා බැලීමක යෙදුණේය යන්නය.
එහිදී ඩොනල්ඩ් ඥනකෝන් නමැත්තා වත්මන් යහපාලනයේ ප්‍රබලයකු සමග ඒ පිළිබඳ උතුරේදී සාක්‌ච්ඡා පැවත්වූ බවක්‌ද වාර්තා විය. රට බේරාගත් රණවිරුවාගේ සුබසාධනය වෙනුවෙන් රණවිරුවන්ම අති සුන්දර ලෙස ගොඩනැගූ මෙකී හමුදා භාරයේ ඇති උතුරු නැගෙනහිර නිවාඩු නිකේතන ඇතුළු ආයතන ටෙන්ඩර් කිරීමෙන් යහපාලනය මේ කරන්නට සැරසෙන්නේ කුමක්‌ද? බෙදුම්වාදයේ යක්‍ෂයාට විමාන තැනීමක් නොවේද?
මේ සියල්ල හමුවේ යහපාලනයට ගිය සියල්ලන්ගෙන්ම අපට අවසන් වශයෙන් අසන්නට ඇත්තේ අනේ මහත්වරුනි නුඹලාට ලැඡ්ජා නැද්ද කියාය. එසේම සියල්ලන්ටම මතක් කර දෙන්නට තවත් කතාවක්‌ද ඇත. මිනීමරු වේලුපිල්ලේ ප්‍රභාකරන් එදා "සිංහලයාට දවස් තුනෙන් සියල්ල අමතක වන්නේ යෑයි කීවේද මේ නිසාය.
සමන් ගමගේ