හමුදා කඳවුරේ මහ පිපිරුමක් වී ඇත්තේ ගෝටාගේ
ඊයේ දිනයේ කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අති විශාල විනාශයක් සිදුව ඇත්තේ කලින් සිදු කරන ලද ආරක්ෂක වැඩපිලිවෙලක් නවතා දැමීම නිසා යයි වාර්තා වෙයි.
මෙම කඳවුරේ තිබූ අවි ගබඩා පහ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව ගෙන තිබූ තීරණයක් පසුව නවතා දැමීම නිසා මෙම අනතුර මෙතරම් විශාලව ඇත.
රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී මෙහි තිබූ අවි ගබඩා දෙකක් ඉවත් කර ඇති අතර ඔහු එම ධුරයෙන් ඉවත් වූ පසු එම වැඩපිලිවෙල අත්හිටුවා ඉතිරි අවි ගබඩා තුන එලෙසම තිබෙන්නට හැර ඇත. පුපුරා ගොස් ඇත්තේ මෙම අවි ගබඩායි.
මෙවන් තීරණයක් එකල ගත් බව හිටපු ආරක්ෂක ලේකම්වරයාද සනාථ කරන නමුත් නව පාලනය විසින් එම සැලසුම සම්බන්ධයෙන් කුමක් කලේදැයි නොදන්නා බවත් කියා සිටී.
කෙසේ වෙතත් මෙම පිපිරීම සිදුව ඇත්තේ කෙසේ දැයි මේ දක්වා නිල තොරතුරු හෙළි කර නැත.