හමුදා නිලධාරීන්ට තහනම්..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හමුදා නිලධාරීන්ට තහනම්..

අලුත් චක්‍ර ලේකනයක් හමුදාවෙන් නිකුත් කරලා.. කිසිදු ත්‍රිවිද හමුදා නිලදාරියෙකුට නිල ඇදුමින් ෆොටෝ, වීඩියෝ ගහලා සමාජ ජාල වෙබ් අඩවි වලට අප්ලෝඩ් කිරීම තහනම්. විනය ක්‍රියාමාර්ග වගේම සේවයෙන් පහා කිරීම පවා සිදු විය හැක.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සිය නිල ඇඳුම භාවිත කරමින් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට ඡායාරූප මුදාහැරීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
හමුදා නිලධාරීන්ට නිල ඇඳුමෙන් ලබාගත් ඡායාරූප මෙලෙස සමාජ මාධ්‍යවලට මුදාහැරීම තහනම් කරමින් මීට මාස කිහිපයකට පෙර නීතියක් පැනවුණා. එම නීතිය යළිත් බලගන්වමිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ. රටේ ගෞරවයට පාත්‍ර වූ ත්‍රිවිධ හමුදාවේ කීර්තිනාමය සහ ගෞරවය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව මෙම නීතිය කඩකරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසන්නේ.


http://www.itnnews.lk/sinhala/ත්‍රිවිධ-හමුදා-නිලධාරීන්/
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    මේක නම් හොඳයි. ආරක්ෂක අංශ වල සාමාජිකයො තැඹිලි ගෙඩිය බොන ගමනුයි රයිස් එක ගන ගමනුයි සෙල්ෆි ගහලා දානකොට නිළ ඇඳුමෙයි ගරුත්වය යන්නෙ. මම නම් පෞද්ගලිකව කැමතියි අපෙ කොල්ලො ගන් එක අතේ තියන් සීරුවෙන් ඉන්නවා දකින්න. එතනයි අභිමානය තියෙන්නෙ.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේක නම් හොඳයි. ආරක්ෂක අංශ වල සාමාජිකයො තැඹිලි ගෙඩිය බොන ගමනුයි රයිස් එක ගන ගමනුයි සෙල්ෆි ගහලා දානකොට නිළ ඇඳුමෙයි ගරුත්වය යන්නෙ. මම නම් පෞද්ගලිකව කැමතියි අපෙ කොල්ලො ගන් එක අතේ තියන් සීරුවෙන් ඉන්නවා දකින්න. එතනයි අභිමානය තියෙන්නෙ.
    ඔයා කැමති නැද්ද හමුදා ඇදුම් ඇදලා ගන් එක අරන් ගැම්මට ඉන්න.