හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්&#3522

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්&#3522

මොනාද හුට්ටෝ පොයින්ටරේ තියලා බලන්නේ වරෙන් ඇතුලට උකා ගන්නේ නැතුව..............................................................................................
හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත්‍රණය හෙළිවේ! ස්ථාන 14 කින් කොළඹ නගරය වටකිරීමේ සැලැස්ම මෙන්න ...
Gota's planපරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක්ෂ ජනවාරි 9 වැනිදා කෙසේ හෝ බලය ඇල්ලීමේ නින්දිත කුමන්ත්‍රණයක නිරත වන බව අනාවරණය වේ. මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසු කෙසේ හෝ බලය ඇල්ලීමේ අවසන් සැලසුම බවද රටට ආදරය කරන හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හෙළි කළේය. අදාළ සැලසුමට අනුව ස්ථාන 14කින් කොළඹ නගරය හමුදා බලය යොදා වටකොට පොලිස් ඇඳිරි නීතියද ක්‍රියාත්මක කිරීමට කතිකා කරගෙන ඇත. කාරණා පෙළ ගැසෙන ආකාරය අනුව මුළු රටටම හෝ කොළඹ දිස්ත්‍රික්කයට අදාළ වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට නියමිතව ඇත.
කොළඹ නගරය කලාප 5කට (ABCDE) බෙදෙන සේ අදාළ සැලැස්මට ක්‍රියාත්මක කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරු 6 දෙනෙක් පත් කර ඇත. ඊට අමතරව අවසන් සටනේ බලසේනාංකාධිපති වරුන් ලෙස කටයුතු කල එකල කර්නල් මට්ටමේ සිටි දැනට බ්‍රිගේඩියර් මට්ටමේ සිටින නිලධාරීන් කිහිපදෙනෙක්ද කොළඹට කැඳවා ඇත. සැලැස්මට අනුව කොළඹ නගරයට ඇතුළුවන පිවිසුම් මාර්ග සියල්ලම වසා දැමෙනු ඇත. එම මාර්ග යුධ ටැංකි හා බෆල්රථ යොදා අවහිර කෙරෙන අතර මැතිවරණ දෙපාර්තුමේන්තුව අවට කලාපය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කෙරෙනු ඇත. හදිසි තත්වයක් මත පුර්ණ ලෙස හමුදා බලය පාවිච්චි කිරීමට හැකිවන ලෙස සැලසුමේ අණ හා පාලනය සකස් කර ඇත.

A කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 1,2,3,4
විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී එගොඩවෙල / විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ජයසුන්දර
මෝදර පිහිටි රොක් හවුස් සන්නාහ සන්නද්ධ බළකා මුලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපයට මෝදර, සීදුව, කටුනායක, පෑලියගොඩ කොලොන්නාව, කිරිබත්ගොඩ හා කඩවත අයත් වේ. පරණ මිගමු පාර / කටුනායක මිගමු පාර / කොළඹ නුවර පාර / පෑලියගොඩ අධිවේගය පිවිසුම, කොළඹ හංවැල්ල ලෝලෙවල් හා අවිස්සාවේල්ලපාර යන මාර්ගයන් වසා දැමීමේ බලය පවරා ඇත.
සිතියමේ අංක 1 – සන්නාහ සන්නද්ධ බළකා මුලස්ථානය – මෝදර
සිතියමේ අංක 2 – විශේෂ බළකා මුලස්ථානය – සිදුව
සිතියමේ අංක 3 – නාවික හමුදා අනුකණ්ඩය – වැලිසර
සිතියමේ අංක 4 – කොමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානය – ගනේමුල්ල


B කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 5,6 – විශ්‍රාමික මේජර් ජෙනරාල් වසන්ත බණ්ඩාර
පොල්හේන්ගොඩ පිහිටි යුධ හමුදා පොලිස් මුලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපයට කිරුලපන, නාරාහේන්පිට, නාවල, බොරැල්ල, රාජගිරිය හා වැලිකඩ අයත්වේ. නාවල පාර, කනත්ත හන්දිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත, පාර්ලිමේන්තු වටරවුම ඔබේසේකරපුර පාර කොට්ටේපාර හා තලවතුගොඩ පාර යන මාර්ගයන් වසා දැමීමේ බලය පවරා ඇත.
සිතියමේ අංක 5 – යුධ හමුදා පොලිස් මුලස්ථානය – පොල්හේන්ගොඩ
සිතියමේ අංක 6 – යුධ හමුදා ස්වේච්ඡා බළකා මුලස්ථානය – පැලවත්ත


C කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 7,8 – විශ්‍රාමික මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර
පනාගොඩ යුධ හමුදා කඳවුර මුලස්ථානය කර ගනිමින් මෙම කලාපයට හෝමාගම, කොට්ටාව, තලවතුගොඩ , මහරගම, නුගේගොඩ, පිළියන්දල, බොරලැස්ගමුව හා පාමංකඩ දක්වා අයත් වේ. හයිලෙවල් පාර ස්ථාන 4 කින් වසා දැමීමට නියමිත අතර බොරල්ස්ගමුව දෙහිවල පාර , පමුණුව පාර, පරණ කොට්ටාව පාර, පැපිලියාන පාර, පරණ කැස්බෑව පාර හා ස්ටැන්ලි තිලකරත්න මාවත යන මාර්ගයන් වසා දැමීමේ බලය පවරා ඇත.
සිතියමේ අංක 7 – යුධ හමුදා කඳවුර – පනාගොඩ
සිතියමේ අංක 8 – යුධ හමුදා පස්වන ක්ෂේත්‍ර බළකා රෙජිමේන්තුව – පොල්ගස්ඕවිට


D කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 9,10,11 – විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු
කොල්ලුපිටියේ යුධ හමුදා ඉලෙක්ට්‍රික් හා යාන්ත්‍රික බළකා මුලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම කලාපට ගාලුපාර හා කොල්ලුපිටියේ සිට රත්මලාන දක්වා ගාලු පාරට අවතීර්ණ වන සියලුම ප්‍රදේශයන් ආවරණය වනු ඇත. කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මරදාන හා නවම් මාවත අයත් වන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය අවශ්‍ය ඕනෑම විටෙක ස්ථාන ගත කරවීමේ බලයද පවරා දී ඇත.
සිතියමේ අංක 9 – රත්මලාන ගුවන් හමුදා කඳවුර
සිතියමේ අංක 10 – දෙහිවල ගාලු පාරට අනියුක්ත කෙරෙන කටුකුරුන්දේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ඒකකය
සිතියමේ අංක 11 – යුධ හමුදා ඉලෙක්ට්‍රික් හා යාන්ත්‍රික බළකා මුලස්ථානය – කොල්ලුපිටිය

E කලාපය – බල ප්‍රදේශය සිතියමේ අංක 12,13,14 – ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
ඉහත කලාප හතර භාර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන්ට සෘජුවම අණ දෙනු ලබන්නේ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඊට අමතරව අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, ජනාධිපති ආරක්ෂක අංශය, රුපවාහිනී සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යංශය හා ත්‍රිවිධ හමුදාවේ අණ සහ පාලනය මිනීමරු ගෝඨා විසින් භාර ගෙන ඇත.
සිතියමේ අංක 12 – ගුවන් හමුදා මුලස්ථානය – කොළඹ
සිතියමේ අංක 13 – යුධ හමුදා මුලස්ථානය – කොළඹ
සිතියමේ අංක 14 – නාවික හමුදා මුලස්ථානය – කොළඹ
මිනීමරු ගෝඨාභයගේ උපදෙස් මත විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ, කර්නල් සුරේෂ් සැලේ හා ගජබා රෙජිමේන්තුවේ තමාගේ සට්ටඹියන් දෙදෙනෙකුගේ සහාය ඇතිව මෙම සැලසුම සකස් කර තිබේ.


හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මේ පිළිබඳව දැනුවත් කොට මේ විනාශකාරී සැලසුමෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් ගලවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙසද එම රටට ආදරය කරන හමුදා බුද්ධි අංශ සාමාජිකයින් NEWSBIRD වෙතින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියහ.
2010 වසරේ ජනාධිපතිවරණය අවසානයේ විපක්ෂයේ නායකයින් රැඳී සිටි කොළඹ ට්‍රාන්ස් ඒෂියා හෝටලය වැටලීම ඔවුන් සිහිපත් කරන අතර මෙවර හමුදාව හෝ තමන්ගේ කුලීකාර මැර හමුදාව යොදා ලේ සෙලවීමකට රාජපක්ෂලා නොයන බවට සහතිකයක් ලබා දිය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙති. පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා හලාවත ධීවරයෙක් ඝාතනය කිරීමත්,පොලිසියම යොදවා කටුනායක වෙළඳ කලාපයේ සේවකයෙක් ඝාතනය කිරීමත්,රතුපස්වල ජනතා විරෝධය මර්ධනයට හමුදා රෙජිමේන්තුවක්ම කැඳවා හතර අතට වෙඩි තබා මිනිසුන් හා පාසල් දරුවන් ඝාතනය කල බවත් ඔවුන් සිහිපත් කරති.



10422288_1541020646137123_7590817853745800209_n.jpg
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පිස්සුද බන් .එහෙම කොහෙද මේ රටේ කරන්නේ.ආමි එක ඕකුන් එක්ක නෑ.
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
පිස්සුද බන් .එහෙම කොහෙද මේ රටේ කරන්නේ.ආමි එක ඕකුන් එක්ක නෑ.

රාජපකිස්ලට මොනාද බං මේ රටේ බැරි. :growl::growl: